අපට කිවිසුම් යන්නේ ඇයි ? මිනිසුන් ඇස් වසාගෙන කිවිසුම් යවන්නේ ඇයි? කිවිසුම් යන විට මහ හඬක් නැගෙන්නේ ඇයි?
ආආආ-චූ! කුඩා දරුවෙකුට කිවිසුමක් ගියවිට ‘ආයිබෝං’ යයි ඒ හා සමගම කීම අපෙ රටේ සමහරුන්ගේ පුරුද්දක්. මේ හා සමාන චාරිත්‍ර වෙනත් රටවලත් තියෙනවා. “Gesundheit!” එසේ භාවිත කරන වදනක්. කොහොම වුණත් ලොකු කුඩා කාටත් කිවිසුම් යාම සාමාන්‍ය දෙයක්. සතුන්ට පවා කිවිසුම් යනවා ඔබ දැක ඇති. වෙනත් බොහෝ සංසිද්ධි ගැන මෙන්ම කිවිසුම් ගැනත් අපට ඇසීමට ඇති ප්‍රශ්න එමටය. කුඩා ළමයි එලෙස ප්‍රශ්න ඇසීම ස්වභාවිකයි. ඒ ආකාරයෙන් අප අවට ලෝකය ගැන විමසිලිමත්වීම දිරිමත් කළ යුතු ගුණාංගයක්. අද thathu.com ලිපියෙන් කිවිසුම් ගැන ලොකු කුඩා අප කවුරුත් නොදන්නා කරුණු කාරණා ගනනාවක් සොයා බලමු.

කිවිසුම් එන්නේ කොයිබ සිට ද?
කිවිසුම් යාම යනු මිනිසුන් සහ සතුන් යන දෙකොට්ඨාසයම අතරේ සිදුවන සංසිද්ධියකි . එය සිදු වන්නේ ඔබේ ශරීරය එකවිටම වාතය බලහත්කාරයෙන් ඔබේ නාසය සහ මුඛය හරහා පිට කරන විටයි. බොහෝ විට, කිවිසුම් යාම සිදුවන්නේ වෛරසයක් හෝ බැක්ටීරියාවක් වැනි බෝවෙන සුළු යමක් නැතිනම් අසාත්මිකතාවයක් හෝ රසායනික ද්‍රව්‍යයක් හෝ අසාත්මී කාරකයක් වැනි උත්කෝපකයක්(irritant) ඔබේ නාස්පුඩුවලට ඇතුළු වූ විටය. සොටු(snot) ලෙසද හැඳින්වෙන ඔබේ ශ්ලේෂ්මල නාසයෙන් ඉවත් කිරීම සඳහාත් බාහිර යමක් නැතිනම් වස්තූන් සහ අංශු ඔබේ ශ්වසන මාර්ගයට ඇතුළු වීම වැළැක්වීම සඳහාත් ඔබේ ශරීරය කිවිසුම් යාම ආරක්ෂක යාන්ත්‍රණයක් ලෙස භාවිතා කරයි.
එසේනමුත් කිවිසුම් යාම වඩාත් අසාමාන්‍ය උත්තේජකවලට ප්‍රතික්‍රියාවක් ලෙසද සිදුවිය හැකිය. කළු ගම්මිරිස් සහ මිරිස් වැනි ආහාර ද්‍රව්‍යවල දක්නට ලැබෙන piperine හෝ capsaicin වැනි රසායනික ද්‍රව්‍ය ඔබේ නාසයේ ශ්ලේෂ්මල පටල තුළ ඇති ස්නායු තුඩු උත්කෝපනය කර කිවිසුම් යාමට හේතු වේ.
කිවිසුම් යාමේ තවත් වර්ගයක් ලෙස මනෝජ හෙවත් මනෝ ජනතික (psychogenic) කිවිසුම් දක්වන්න පුළුවන්. එයින් අදහස් වන්නේ එය ශාරීරිකවට වඩා මානසික දෙයක් නිසා ඇති වූවක් බවයි. මේ පිළිබඳව තවමත් සම්පූර්ණයෙන් වටහාගෙන නොතිබුණද, පර්යේෂකයන් විශ්වාස කරන්නේ දැඩි චිත්තවේගයක් මගින් ඔබේ මොළය පොළඹවනු ලැබූ විට, (මොළය) ඔබේ නාසයට රසායනික සංඥාවක් යැවීමෙන් නාසය කිවිසුම් යවන බවයි.
අවසාන වශයෙන්, පුද්ගලයන් හතර දෙනෙකු ගතහොත් ඉන් එක් අයෙකු පමණ අත්විඳින photosneezia (ප්‍රභා කිඹිහුම්කාරක) හෙවත් ප්‍රභා කිවිසුම් ප්‍රතීකයක්(photic sneeze reflex) කිවිසුම් වර්ගය දක්වන්න පුළුවන් මෙහිදී සිදුවන්නේ ආලෝකය, විශේෂයෙන් හිරු එළිය මගින් කිවිසුමක් අවුලුවනු ලැබීමයි.

ඔබේ ඇස් වසා නොගෙන කිවිසුම් යැවිය හැකිද?
කිවිසුම් යන විට ඔබේ ඇස් ඇරීම නිසා ඒවා පිටතට එනු ඇත යන ජනප්‍රිය මිථ්‍යා කතාව නොතකා ඔබට කිවිසුම් යන විට ඔබේ ඇස් විවෘතව තබා ගත හැකිය.
කිවිසුම් යාමේදී ඔබේ ඇස් වසා ගැනීම ස්වයංක්‍රීය ප්‍රතීකයක්. මෙයින් අදහස් කරන්නේ ඔබ දැනුවත්ව, ඔව් ඒ ගැන සිතා බැලීමකින් තොරව ඔබේ ශරීරය එය කරන බවයි. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ ඔබ කිවිසුම් යන විට ඔබේ ඇස්වලට විෂබීජ ඇතුල් වීමේ සම්භාවිතාව අඩු කරන්න ඔබේ ශරීරය, ඔබේ ඇස් පියවීමට සලස්වන බවයි .
ඇස් වසා ගැනීම ස්වයංක්‍රීය ප්‍රතීකයක් වුණාට එම ප්රත්යාවර්තයට ඕනෑ නම් එරෙහිවෙමින් හිතාමතාම ඔබේ දෑස් විවෘතව තබා ගත හැකිය. නමුත් කිවිසුම් යද්දී නොදැනුවත්ම ඇස්වලට ඇතුල්වන විෂබීජ ඔබේ ඇස්වලට නොපැමිණීම සඳහා ඒවා වසා තබා ගැනීම හොඳය.
කිවිසුම් යාම බලවත් ය! ඔබේ වාතය ආරක්ෂා කර ගැනීම සඳහා ඔබේ නාසයෙන් අනවශ්‍ය අංශු ඉවත් කිරීමට බලය උපකාරී වේ. ගෙටි ඉමේජස් හරහා ලෙස්ටර් වී. බර්ග්මන් / කෝබිස් වාර්තා චිත්‍රපටය
කිවිසුම් යන විට ශබ්ද නගන්නේ ඇයි?
සමහර අයට ඉතා හයියෙන් කිවිසුම් ඇති අතර අනෙක් අයට වඩාත් සියුම් කිවිසුම් පිටවේ.
ඔබ කිවිසුම් යන විට ඇතිවන ශබ්දය ඇත්තටම ඔබේ මුඛයෙන් හෝ නාසයෙන් වාතය පිටවී යාමේ ප්රතිඵලයකි. සාමාන්‍යයෙන් ගතහොත්, ඔබ හුස්ම ගන්නා විට වාතය වැඩියෙන් ඇතුල් වේ නම් ඔබේ කිවිසුම් යාම වඩාත් හයියෙන් සිදුවනු ඇත. කිවිසුම් යාමේදී ඔබේ ඇස් වසා ගැනීම ස්වයංක්‍රීය ප්‍රතීකයක් වන්නා සේම, කිවිසුම් යාමට පෙර ආශ්වාස කිරීම බොහෝ දුරට ප්‍රතීකයක් වන නමුත් එය ද දැනුවත්ව පාලනය කළ හැකිය. සමහර අය ඔවුන්ගේ කිවිසුම් යා නොදී හිරකරගෙන සිටීම හෝ යාමට ආ කිවිසුම ගිල දැමීමට ක්‍රියා කරති. නමුත් තුවාලවීමට ඇති අවදානම සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය විශේෂඥයන් මෙය නිර්දේශ නොකරති .
සමහර කිවිසුම් ඉතා බලවත් විය හැකි අතර ඒවා ශ්ලේෂ්මල බිඳිති පැයට සැතපුම් 100 ක් තරම් බලයකින් පිටකර දමයි!(කොරෝනා මහා වසංගතය හමුවේ මෙහි ඇති සම්බන්ධය සැලකිල්ලට ගන්න — සංස්කාරක)

නිසි කිවිසුම් ආචාර විධි යනු කුමක්ද?
කිවිසුම් යාම සමහර විට හුදෙක් ප්‍රතීකයක් හෝ ආසාත්මිකතාවයක් හෝ රසායනික උත්කෝපයක් ඇතිවීමේ ප්‍රතිඵලයක් වුවද, කිවිසුම් යාම බෝවන රෝගයක හෝ ඉහළ ශ්වසන පද්ධ්තියේ ආසාදනවල ලක්ෂණයක් විය හැකිය.
කිවිසුම් යාමේ උවමනාව ඔබට දැනෙන විට, යහපත් භාවිතය වන්නේ ඔබ පිටකර දමන වාතය සමඟ පිටවිය හැකි විෂබීජ හසු කර ගැනීම සඳහා ටිෂූ එකකට හෝ ඔබේ කමිස අතට කිවිසුම් යැවීමයි. ඔබ ඔබේ කිවිසුම එසේ හසු කර ගත්ත නම් ගත්තා නම් හෝ කිවිසුම යැවීමත් සමග නාසය සහ මුඛය ස්පර්ශ කළහොත්, විෂබීජ පැතිරීම වැළැක්වීමට සබන් හා ජලය සමග සේදීම හෝ අත් සැනිටයිසරයක් භාවිතා කිරීම වැනි යහපත් අත් සනීපාරක්ෂක භාවිතයන් යොදා ගැනීම විශේෂයෙන් වැදගත් වේ.
ඔබේ දෑස් විවෘතව හෝ වසාගෙන හෝ, හයියෙන් හෝ නිහඩව හෝ කිවිසුම් ගියත්, කිවිසුම් යන විට ඔබේ මුඛය සහ නාසය ආවරණය කර ඉන් අනතුරුව තත්පර 20 ක්තිස්සේ ඔබේ දෑත් සේදීම අන් අය අසනීප වීමෙන් ආරක්ෂා කිරීමට උපකාරී වේ.(කොරෝනා මහා වසංගතය හමුවේ මෙහි ඇති සම්බන්ධය සැලකිල්ලට ගන්න — සංස්කාරක)
Curious Kids (The Conversation) හී පළවන A pediatric nurse explains the science of sneezing යන ලිපිය අසුරෙනි