ප්‍රථම මාත්‍රාවෙන් ආසාත්මිකතා ඇතිවූ අයටත් දෙවන මාත්‍රාව ලබාගැනීම ආරක්ෂිතයි

Posted by

ප්‍රථම මාත්‍රාවෙන් ආසාත්මිකතා ඇතිවූ අයටත් දෙවන මාත්‍රාව ලබාගැනීම  ආරක්ෂිතයි

එන්නත් කරණු ලැබුවත්, මුහුණු ආවරණ පැළඳිය යුතු බව ඇමරිකාවේ ප්‍රමුඛ සෞක්හ්‍ය නියොජිතායතනය කියා සිටී

ප්‍රාථමික සහ පශ්චාත් ප්‍රාථමික පන්තිවල සහ එක්සත් ජනපදයේ SARS-CoV-2 ඉහළ හෝ සැලකිය යුතු මට්ටමක(මට්ටම් පිළිබඳ පැහැදිලි කිරීමක් මතු දැක්වේ.) සම්ප්‍රේෂණයක් පවතින ප්‍රදේශ වල  මුහුණු ආවරණ ලබා දෙන ලෙස එම ආයතනය පසුගිය සතියේ මුල SAර්‍Sඡ්OVIඪ්-19 ට එරෙහිව පූර්ණ එන්නත මාත්‍රාව ලබා ගත්තවුන්ට වුවද   ඉල්ලා සිටියේය. මෙම පියවර,  සම්පූර්ණයෙන්ම එන්නත් ලබා ගත් ඇමරිකානුවන්ට බොහෝ ස්ථානවලදී මුහුණු ආවරණ පැළඳීම මඟ හැරිය  හැකිය යනුවෙන් 2021 මැයි මාසයේදී නියෝජිතායතනය විසින් ඉදිරිපත් කළ මතභේදාත්මක නිවේදනය ආපසු හැරවීමකි.

FILE PHOTO: Nurse Nicole McCurrach, 48, draws up coronavirus disease (COVID-19) vaccinations at Richmond raceway in Richmond, Virginia, U.S., March 4, 2021. REUTERS/Julia Rendleman/File Photo

මැයි මාසයේදී වාර්තා වූ එන්නත් අනුපාතය වැඩිවීම සහ අඩු වන ආතුර සංඛ්‍යාව මෙන් නොව, එක්සත් ජනපදයේ සමහර ප්‍රදේශවලින් දැන් COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාවේ විශාල වර්ධනයක් වාර්තා වෙමින්පවතී.  එපමණක් ද නොව  ඩෙල්ටා ප්රභේද්ය මෙන්ම ඉදිරි පිම්මක් තැබූ ආතුරයන්ගෙන් සම්ෙපේෂණය සිදුවන බවට නව සාක්ෂි, බොහෝ දුරට මෙම වෙනස්කම් මෙහයවනු ලබන්නේය.

“ඩෙල්ටා ප්‍රභේදය හා සම්බන්ධ නව විද්‍යාත්මක කරුණු අද අප සතුව ඇති අතර  ඔබට පූර්ණ එන්නත ලබා දුන් විට ඔබට කළ හැකි දේ පිළිබඳ උපදෙස් යාවත්කාලීන කළ යුතු බව” ඇ.එ.ජ. රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයෙහි  හෙවත් CDCයෙහි අධ්‍යක්ෂ රොෂෙල් වැලෙන්ස්කි, පසුගිය සතියේ  අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. නිදසුනක් ලෙස, ඉදිරි පිම්මක් තැබූ ආතුරයන්ගෙන්  රෝගය සම්ප්‍රේෂණයවීමේ අවදානම පිළිබඳ අළුතෙන් සාක්ෂි මතු වී තිබේ.

“ජනපද කිහිපයකින් සහ වෙනත් රටවලින් ලැබෙන ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ තොරතුරුවලින් පෙනී යන්නේ කලාතුරකින් එන්නත් ලබා දීමෙන් පසු සමහරක් පුද්ගලයින් ඩෙල්ටා ප්‍රභේදයෙන් ආසාදනය වී අනෙක් අයට වෛරසය බෝ කළ හැකි බව” යැයි වැලෙන්ස්කි පවසන්නේ වෛරස් හාරය ඒ හා සමාන බව පෙනේ එන්නත් නොකළ සහ එන්නත් නොකළ පුද්ගලයින් සඳහා ද එය එසේම වේ.

“විද්‍යාවෙන් හෙළිවන මෙම නව කාරණාකනස්සල්ලට කරුණක්,” ඇය පැවසුවාය. සම්ප්‍රේෂණ අවස්ථා බොහෝමයක් එන්නත් නොකළ පුද්ගලයින්  මාර්ගයෙන් සිදුවුණත් “එන්නත්කර්ණය වූ පුද්ගලයින්ට වෛරසය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ඇති බව අවබෝධ කර ගැනීම වැදගත් යැයි අපි සිතුවෙමු” යනුවෙන් වැලෙන්ස්කි පැවසීය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් වැලෙන්ස්කි කියාසිටින්නේ සෑම කෙනෙකුම එන්නත ලබා ගැනීම සඳහා බෙහෙවින් දිරිමත් කිරීමට අමතරව,  සැලකිය යුතු හා ඉහළ  සම්ප්‍රේෂණ සහිත ප්‍රදේශවල ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා සම්පුර්ණයෙන්ම එන්නත් කරන ලද පුද්ගලයින් ද ප්‍රසිද්ධ ස්ථානවල දී මෙන්ම ගෘහස්ථ පරිසර වල දී මුහුණු ආවරන උපකාරී වන බවත්  CDCය නිර්දේශ කරයි. “එකී ස්ථාන අතරට පාසල් ද ඇතුළත් වේ,” වැලෙන්ස්කි පවසයි

එන්නත් ලබාගැනීමේ තත්ත්වය නොසලකා සියලුම ගුරුවරුන්, කාර්ය මණ්ඩලය, සිසුන් මෙන්ම පාසල් වෙත පැමිණෙන අමුත්තන් සඳහා ද පොදුවේ ගෘහස්ථව මුහුණු ආවරණ පැළඳීම  දැන් CDCය මගින් නිර්දේශ කෙරේ. ඔවුන්ගේ පරමාර්ථය නම් ආරක්‍ෂාව උපරිම කිරීම සහ සරත් සෘතුවේ දී ළමයින්ට  පූර්ණකාලීන ඉගෙනීමට ආපසු  පාසලට පැමිණීමට ඉඩ සැලසීමයි.

සැලකිය යුතු හා ඉහළ ආසාදන සම්ප්‍රේෂණ අනුපාතයක් CDCය් සිය පහසුකම්යොදා ගනිමින්නිරීක්ෂණය කරනු ලබේ. සැලකිය යුතු ලෙස සම්ප්‍රේෂණ අනුපාතයක් යනු දින 7 ක් තුළ  පුද්ගලයින් 100,000 කට රෝගීන් 50 ත් 100 ත් අතර සංඛ්‍යාවක් වාර්තාවන තත්ත්වයයි.  ඉහළ සම්ප්‍රේෂණ අනුපාතයක් යනු පුද්ගලයන් 100,000 කට රෝගීන් 100 කට වැඩියෙන් වාර්තාවන තත්ත්වයයි. උදාහරණයක් ලෙස 2021 ජුනි 19 සිට ජූලි 23 දක්වා කොවිඩ් -19 රෝගීන් 300% කට වඩා වැඩි වීම සඳහා B .1617.2 හෙවත් ඩෙල්ටා ප්‍රභේදය වගකිව යුතු යැයි විශ්වාස කෙරේ.

“ඉහළම ව්‍යාප්තිය සහ දැඩි ප්‍රතිඵල සිදුවන්නේ අඩු එන්නත් අනුපාතයක් ඇති ස්ථාන වල සහ එන්නත් නොකළ පුද්ගලයින් අතරය. ඩෙල්ටා ප්‍රභේදය ඉස්මතුවීමත් සමඟ, (ඇමරිකානුවන්ට) එන්නත් කිරීම වෙන කවරදාටත් වඩා අත්‍යවශ්‍ය කටයුත්තක්බවට පත්ව තිබේ” යනුවෙන් වැලෙන්ස්කි පෙන්වා දෙයි, ” මේ රටේ ඉහළ එන්නත් ආවරණයක් තිබුණේ නම  ආශ්‍රිත දුක් වේදනා, අසනීප හා මරණ සහිත මේ  මොහොත  වළක්වා ගත හැකිව තිබුණි. “

එන්නත් පලමු මාත්‍රාව ගැනීමෙන් පසු අසාත්මිකතා ප්‍රතිචාර ඇතිවීම හේතුවෙන් දෙවැනි මාත්‍රාව ගැනීමෙන් සමහරු දෙවැනි මාත්‍රාව ගැනීමෙන් වැළකී සිටින්නට ඇතැයි සැක කළ හැකි බව පෙන්වාදෙන මෙම අධ්‍යනයේ සම කතුවර මෙන්ම හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ සහාය මහාචාර්ය අලීනා බැනජී, මාත්‍රා දෙකම ගනිමින් එන්නත්කරණ සම්පූර්ණ කර ගැනීමේ වැදගත්කම ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ”වඩාත් වැඩි වැඩි වී ඇතැයි ” කියා සිටියි.

WebMD හී පළ වූ   CDC Calls for Masks Again, Even If Vaccinated යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.