ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා දෙගුණයක් වන බව  එරටෙහි ප්‍රමුඛ විද්යාඥයා හෙළි කරයි

Posted by

ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා දෙගුණයක් වන බව  එරටෙහි ප්‍රමුඛ විද්යාඥයා හෙළි කරයි

ඩෙල්ටා ප්‍රභේදයෙහි වඩාත් භයානක ස්වරූප ඉස්මතු විය හැකි බැවින් වෛරස් කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව දෙගුණයක් විය හැකි බව ඇ.එ.ජ. අසාත්මිකතා සහ බෝවෙන රෝග ජාතික ආයතනයේ(National Institute of Allergy and Infectious Diseases ) අධ්‍යක්ෂ, සහ  ජනාධිපති ප්‍රධාන වෛද්‍ය උපදේශක, වෛද්‍ය ඇන්තනි ෆෞචි පවසයි.

U.S.A. scientist reveals that corona will double in the U.S., knocking out  more dangerous forms than Delta

“එක්සත් ජනපදයේ වර්තමාන කොවිඩ් -19  ව්‍යාප්තවීම මේ ශරත් සෘතුවේ සහ ශීත සෘතුවේදීත් අඛණ්ඩව පැවතුනහොත්, දැනට පවතින කොරෝනා වයිරස් එන්නත් මගින් වළක්වා ගත නොහැකි අන්දමේ වඩාත් දරුණු ආකාරයේ වෛරස ස්වරූපවලට රට මුහුණ දීමට සිදු වනු ඇත” යි ෆෞචි පෙන්වාදෙයි.

ඔහුගේ අදහස් දැක්වීම තවමත් වෛරසයට එරෙහිව එන්නත ලබා නොගත් මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන් සඳහා ය. රට පුරාම, කොරෝනා වයිරස් රෝගීන් හසුරුවනු ලබන්නේ දැනට පවතින ගුවේ ඩෙල්ටා ප්‍රභේදය මගිනි. එය වෛරසයේ මුල් ස්වරූපයට වඩා සීග්‍රයෙන් බෝවෙන් සුළු බව දැනටමත් ඔප්පුවී ඇත.

මෑත දත්ත වලට අනුව පෙනීයන්නේ, එන්නත් ලබාගත් නමුත් ඩෙල්ටා ප්‍රභේදයෙන් ආසාදනයට ලක්ව අධික වෛරස් බාරයක්(virus load) සහිත  පුද්ගලයින් රෝග ලක්‍ෂණ නොපෙන්වන විට හෝ සුළු අසනීප තත්ත්වයක් ඇති වූ විට පවා එය අනෙක් අයට බෝ විය හැකි බවයි. “දැන් අපි ඇත්ත වශයෙන්ම වෙනස් වෛරසයක් සමඟ කටයුතු කරනවා වාගෙයි,” ෆෞචි කියා සිටියි.

ඔහු අවධාරණය කරන්නේ  එන්නත් ප්‍රමාණවත්ව සිදු නොකිරීම හේතුවෙන් වෛරසය අඛණ්ඩව ව්‍යාප්ත වන අතර එමඟින් සරත් සෘතුවේ සහ ශීත සෘතුවේ දී වඩාත් භයානක නව හටියට සංක්‍රමණය වීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන බවයි.  වාසනාවකට මෙන් දැන් තිබෙන ප්‍රභේදයට එරෙහිව අප සතුව ඇති එන්නත්  හොඳින් ක්‍රියාත්මකයි. එහෙත්, නව ස්වරූප සම්බන්ධයෙන් අප එතරම් වාසනාවන්ත නොවන්නට ඉඩ ඇතැයි ෆෞචි තරයේ කියා සිටියි..

Map: Tracking the Delta variant | Coronavirus pandemic News | Al Jazeera

“ආසාදනය වීඑමට එක හා සමානව ඉහළ සම්භාවිතාවක් ඇති එනමුත් උග්‍රබැන් ඉහළ වෙනත් විකෘතියක් හෙවත් ප්‍රභේදයක් අට ගතහොත් අපට ඇත්ත වශයෙන්ම බරඵතල ගැටලු ඇති විය හැකිය. ඒ අනුව එන්නත ලබා නොගත් අය සිතන්නපුළුවන් එහි ඵලවිපාක ඒ අයට පමණක් කියලා. නැහැ  එය එසේ නොවේයි. එය සෑම කෙනෙකුම අමාරුවේ දැමීමක්. “ හෙතෙම පෙන්වා දෙයි.

මේකරුණු කාරණාවලට  අමතරව, වෛරසයේ වෙනත් ස්වරූප දැනටමත් ඉස්මතු වෙමින් පවතී. දකුණු කොරියාව ඉතා බෝවන ඩෙල්ටා ප්ලස්(Delta Plus) වෛරස් රෝගීන් දෙදෙනෙකු ගැන වාර්තා කර තිබේ.

ඩෙල්ටා ප්‍රභේදයේ උප පංතියක් ලෙස සැලකෙන ඩෙල්ටා ප්ලස් විකෘතියක් එ රට වාර්තා කළ පළමු අවස්ථාව මෙය බව යෝන්හාප් ප්‍රවෘත්ති ඒජන්සිය අඟහරුවාදා වාර්තා කළේ කොරියාවේ රෝග පාලනඅ හා වැළැක්වීමේ ඒජන්සිය (ඛ්ඪ්ඡ්A) උපුටා දක්වමිනි.

සමහර ප්‍රවීණයන් විශ්වාස කරන්නේ ඩෙල්ටා ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට වඩා තදින් බෝ විය හැකි බවයි. පසුගිය වසරේ පේරු රාජ්‍යයෙන් ආරම්භ වූ ලැම්ඩා ප්‍රභේදය දැනටමත් ඇමරිකා එක්සත් ජනපදයෙන් සොයා ගනු ලැබ ඇත.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉල්ලීම නොතකා තුන්වැනි මාත්‍රාවක් තම රට වැසියනට ලබාදීමට ඇතැම් රටවල් පෙළඹීමෙන් එන්නත් ලබාගැනීම අසීරු වීමෙන් දුප්පත් රටවලට අවාසියක් සිදුවෙතැයි අ ස්ංවිධානයේ  අධ්‍යක්‍ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් බදාදා(4 දා) කියා සිටියේය. සිය රටවැසියන් ආරක්ෂා කිරීම සඳහා එවන්නක් අවශ්‍ය බවට පොහොසත් ජාතීන් දක්වන අවධානය තමන් හට අවබෝධ වී ඇති නමුත් ලොව පුරා “ලොව පුරා එන්නත් වලින් දැනටමත් වැඩි ප්‍රමාණයක් භාවිතා කර ඇති රටවල් තව තවත් ඒවා භාවිත කිරීමට පෙළඹීම පිළිගත නොහැකි” බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.

ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් බ්‍රහස්පතින්දා ඉන්ස්ටග්‍රෑම් වීඩියෝවකට අදහස් දක්වමින් කියා සිටියේ “බොහෝ දුරට තුන්වන මාත්‍රාව අවශ්‍ය වනු ඇත” යනුවෙනි. “ක්ෂණිකව සෑම දෙනාටම නොවන්න පුළුවන්. කොහොම වුණත් වඩාත්ම අවදානමට ලක්විය හැකි සහ වඩාත්ම වයස්ගතම පුද්ගලයින් සඳහා සැප්තැම්බර් මාසයේ සිට එම තුන්වැනි මාත්‍රාව ලබා දීමට තම රජය සූදානම් වන බව”  ඔහු කියා සිටියි..

මේ උපාය මාර්ගයට පිවිස අත්තේ තම ජනගහනයේ ප්‍රතිදේහ මට්ටම වේගයෙන් පහත වැටෙන බවට දැක්වෙන විද්‍යාත්මක සොයා ගැනීම් අනුව යමින් බව මක්‍රොන් වැඩි දුරටත් සඳහන් කරයි.

බටහිර රටවල් ආසාදන පාලනය කර ගැනීම සහ ඔක්ඩවුන් කිරීමේ  පියවර වෙත නැවත යොමුවීම වැළැක්වීම සඳහා එන්නත් කිරීමේ ව්‍යාපාර වේගවත් කිරීමට උත්සාහ කරන බැවින් ජර්මනිය ද,  මේ සතිය මුලදී  එවැනිම නිවේදනයක් නිකුත් කර තිබුණි.

කෙසේනමුත් එලෙස ‘බූස්ටර්” මාත්‍රා ලබාදීමේ  අවශ්‍යතාවය පිළිබඳව විද්‍යාඥයින් අතර එකඟතාවක් නොමැති අතර සමහර නිලධාරීන් පවසා ඇත්තේ ධනවත් රටවල් තව මාත්‍රා වටයක් ලබාදීමට සැලසුම් කිරීමෙන් දුප්පත් රටවල් සමඟ ඇති පරතරය තවත් වැඩි වන බවයි.

(අවධාරනය අපෙනි – පරිවර්තක)

Nation World News හා Nature Briefing වෙබ් අඩවි අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.