COVID-19 මඟින් පිරිමි වඳභාවය සහ ලිංගික දුර්වලතා ඇති කළ හැකි නමුත් කොවිඩ් එන්නතින් එසේ නොවේ
සමාජ මාධ්‍ය හරහා සංසරණය වන මිථ්‍යාවන්ට පටහැනිව, COVID-19 එන්නත් මඟින් සාමාන්‍ය වහරේ ශිෂේණය ප්‍රාණවත්නොවීම ලෙස දැක්වෙන උද්ගාමක දුෂ්කෘත්‍ය(erectile dysfunction ) සහ පිරිමි වඳ භාවය ඇති නොවේ. නව පර්යේෂණයකින් සොයාගෙන ඇත්තේ COVID-19 ඇති සමහර පිරිමින්ට අනවශ්‍ය ලිංගික අතුරු ආබාධ ඇති විය හැකි බවයි. සත්‍ය කුමක්ද: COVID-19 ඇති කරවන වෛරසය වන SARS-CoV-2 ඉහත දැක්වූ ආබාධ දෙකම සඳහා අවදානමක් ඇති කරයි. SARS-CoV-2 වෛරසය හෝ ඊට එරෙහි එන්නත පුරුෂ ප්‍රජනන පද්ධතියට කෙසේ බලපායිද යන්න ගැන මේ වන තෙක් සිදු කර ඇත්තේ සුළු පර්යේෂණ ප්‍රමාණයකි. එසේවුව ද, මෑතදී මියාමි විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරුන් සහ පර්යේෂකයින් විසින් සිදු කරන ලද පරීක්ෂණ මගින් මෙම ප්‍රශ්න වලට නව ආලෝකයක් ලබා දී ඇත.


දරුවන් ලැබීමට කැමති තරුණ හා මැදිවියේ පිරිමින් ඇතුළු සෑම වයස් කාණ්ඩයකම පිරිමින් සඳහා දිගුකාලීනව ඇති විය හැකි බලපෑම් පර්යේෂක කණ්ඩායම විසින් සොයාගනු ලැබ ඇත. COVID-19 වෛරසය වැළඳුණු සමහර පිරිමින්ගේ ශුක්‍රාණු නිපදවීම හා සාරවත් බව අඩුවීමට ඉඩ ඇති බව පෙණී ගොස් තිබේ..
පර්යේෂක කණ්ඩායමේ සොයා ගැනීම්
COVID-19 ආසාදනය වීමෙන් මියගිය පිරිමින් හය දෙනෙකුගේ වෘෂණ කෝෂවල ස්වනෛත්‍රය පටක, මියාමි විශ්ව විද්‍යාලයේ මිලර් වෛද්‍ය විද්‍යාලයේ මෙම ප්‍රජනන මුත්‍රා වෛද්‍ය වැඩසටහනෙහි අධ්‍යක්ෂ, qqqq ඔහුගේ සගයන් හා එක්ව විශ්ලේෂණය කළහ. එහි ප්‍රතිඵලය: එක් අයෙකුගේ පටක වල COVID-19 වෛරසය දිස්විය; තුන්දෙනෙකුගේ ශුක්‍රාණු ප්‍රමාණයෙහි අඩු වීම දක්නට ලැබුණි.
COVID-19 වලින් දිවි ගලවා ගත් තවත් රෝගියෙකුගේ COVID-19 මූලික ආසාදනය ඉවත් වී මාස තුනකට පමණ පසු සිදු කරන ලද වෘෂණ බයොප්සි පරීක්‍ෂණයක් පෙන්නුම් කළේ කොරෝනා වයිරසය තවමත් ඔහුගේ වෘෂණ කෝෂ වල රැඳී පවතින බව පෙනෙන්නට තිබුණි.
COVID-19 ශිෂේණයට ද බලපාන බව කණ්ඩායම ද සොයා ගත්හ. ශෛශ්න අධිරෝපිත (penile implants )ලබාදෙන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ පටක විශ්ලේෂණය කිරීමෙන් පෙන්නුම් කළේ ඔවුන්ගේ COVID-19 රෝග විනිශ්චයෙන් මාස හතකට හෝ නවයකට පසු වෛරසය ඉතිරිව ඇති බවයි. පුරුෂයින් දෙදෙනාටම ශිෂේණය ප්‍රානවත්වී මේ දී දැඩි අපහසුතාවක් ඇති වී තිබුනේ ආසාදනය හේතුවෙන් ශිෂේණයට රුධිර සැපයුම අඩුවීම නිසා විය හැකිය.
සැලකිය යුතු කරුණක් නම්, එක් පිරිමි පුද්ගලයෙකුට තිබී ඇත්තේ මද COVID-19 රෝග ලක්‍ෂණ පමණි. අනෙක් තැනැත්තා රෝහල් ගත කර තිබුණි. මෙයින් ඇඟවෙන්නේ වෛරසය සාපේක්ෂව අඩු ආසාදනය ඇතිවන අයට පවා සුවය ලැබීමෙන් පසු දැඩි ශිෂේණය එංපෙරීන්චෙණතාවයක් අත්විඳිමට සිදු විය හැකි බවයි.
මෙම සොයා ගැනීම් සම්පූර්ණයෙන්ම පුදුමයට කරුණක් නොවේ. අනෙකුත් වෛරස් ද වෘෂණ ආක්‍රමණය කර ශුක්‍රාණු නිපදවීමට සහ සරුබවට(sperm production and fertility) බලපාන බව ඇත්ත වශයෙන්ම විද්‍යාඥයන් දැන සිටි කාරණාය..
එක් උදාහරණයක් දක්වමු: 2006 SARS-CoV වෛරසයෙන් මියගිය රෝගීන් හය දෙනෙකුගේ වෘෂණ පටක අධ්‍යයනය කේඉඑමෙන් පෙණී ගියේ ඒ සියල්ලන් අතර සෛල විනාශ වීම් බහුලව ඇති බවයි. ස්වල්ප දෙනෙකුට් ශුක්‍රාණු තිබුණේම නැත.
අඩප්පර හෙවත් කම්මුල්ගාය සහ සිකා වෛරස්වලට වෘෂණ කෝෂවලට ඇතුළු වී ප්‍රදාහය ඇති කළ හැකිය. මෙම වෛරස් ආසාදනය වූ පිරිමින්ගෙන් 20% දක්වා ශුක්‍රාණු නිපදවීමේ දුර්වලතා ඇති වේ.
කලින් කරන ලද සොයා ගැනීම් වලින් ඇඟවෙන්නේ ෆයිසර් හෝ මොඩර්නා mRNA එන්නත පිරිමි සරුබවට බලපාන්නේ නැති බවයි.
එන්නත් ආරක්‍ෂාව පිළිබඳ නව අධ්‍යයනයක්,
පර්යේෂක කණ්ඩායම විසින් කරන ලද අතිරේක පර්යේෂණ සිත් දිරි ගන්වන් සුළුය. පිරිමින් 45 දෙනෙකු යොදාගෙන සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ පිරිමි ප්‍රජනන පද්ධතියට හානියක නොවන ලෙස ෆයිසර් සහ මොඩර්නා mRNA එන්නත් ආරක්ෂිත බව ය.
පිරිමි සරු බව සහ ලිංගික ක්‍රියාකාරකම් රැක ගැනීම සඳහා එන්නත් ලබා ගැනීම පිණිස මෙය තවත් හොඳ හේතුවක් වේ. ඇත්ත වශයෙන්ම, පර්යේෂණය COVID-19 පුරුෂ ලිංගික සෞඛ්‍යයට කෙසේ බලපායිද යන්න පිළිබඳ පළමු පියවරක් පමණි; සාම්පලය කුඩා එකක බව පර්යේෂකයෝ පිළිගනිති. එහෙයින් අධ්යයන දිගටම කරගෙන යා යුතුය.
කෙසේ වෙතත්, COVID-19 වැළඳී සහ පසුව වෘෂණ කෝෂ වේදනාව අත්විඳින පිරිමින් සඳහා, වෛරසය වෘෂණ පටක ආක්‍රමණය කර ඇති බව සැලකීම සාධාරණ ය. එහි ප්‍රතිඵලය විය හැක්කේ ශිෂේණය ප්‍රානවත්නොවීමයි. එවැනි පිරිමින් මුත්‍රා වෛද්‍ය විද්‍යාඥයෙකු හමුවිය යුතුයි.

COVID-19 එන්නත් සම්බන්ධයෙන් මෙම පර්යේෂණ මඟින් (එක්සත් ජනපදයට) හදිසි මහජන සෞඛ්‍ය පණිවිඩයක් ලබා දෙනු ඇතැයි පර්යේෂකයෝ විශ්වාස කරති. ඒ පණිවුඩය එන්නත් නොකළ මිලියන ගණනක් (ඇමරිකානු) පිරිමි පුද්ගලයින් වෙතටයි. මෙම ඉතා ආක්‍රමණශීලී වෛරසය ඔබව සොයා ආවිට ඉන් ඇතිවන දරුණු ප්‍රතිවිපාක ගැන නැවත නැවතත් ඔබ මෙනෙහි කල යුතුය. එන්නත ලබා ග්Aඑනීමට ඇති අකමැත්තට එක් හේතුවක් වන්නේ COVID-19 එන්නතින් පිරිමි සශ්‍රීකත්වයට බලපානු ඇතැයි යනුවෙන් පදනමකින් තොරව බොහෝ දෙනා අතර තිබෙන මතයයි . මෙම පර්යේෂණයන් පෙන්නුම් කරන්නේ එහි ප්‍රතිවිරුද්ධ දෙයයි: එනම්, මෙම එන්නත පිරිමින්ගේ ප්‍රජනන පද්ධතියට හානි කරන බවට සාධක නොමැති නමුත් එන්නත්කරනය නොසලකා හැරීම සහ COVID-19 වැළඳීම පිරිමි ප්‍රජනන පද්ධතියට පැහැදිලිවම හානි ගෙන ආ හැකි බවයි.
The Conversation හි පළවන COVID-19 could cause male infertility and sexual dysfunction – but vaccines do not යන ලිපිය ඇසුරෙනි