කොවිඩ් 19 රෝගයට එරෙහි එන්නත් ලබාගැනීමට සම්බ්න්ධ මිථ්‍යා අදහස්
අද ලොව වෙලාගෙන ඇති කොවිඩ් වසංගතය මර්ධනය හා පාලනයට ලෝකයේ සෑම රටකම පාහේ විශ්වාසය තබා ඇති උපාය මාර්ගයක් වන්නේ රටේ ජනතාවෙන් වැඩිපිරිසකට එන්නත් මාත්‍රා ලබා දීමයි. ඒත් එන්නත් ලබාගැනීමේ දී සෑම දෙනා අතරම එක සමාන උනන්දුවක්, පෙළඹීමක් නොපවතින බව නොරහසකි. මෙයට හේතු ගණනාවකි. මෙම එන්නත් ගැන විවිධ කටකතා, අසත්‍ය ප්‍රචාර මෙන්ම මිථ්‍යා මතද එම හේතු අතර දැක්වීමට පුළුවන්. අපි අද ඉන් කීපයක් ගැන කතාකරමු.
1 මිථ්‍යාව: කොවිඩ් 19 එන්නත් ස්ත්‍රීන්ගේ දරුඵල සරුබවට බලපායි
මේ මතය හට ගත්තේ 2020 දෙසැම්බරයේ සමාජ මාධ්‍යවල සංසරණය වූ පෝස්‍ටුවක් තුළිනි. ඒ, Pfizer සමාගමේ අසාත්මිකතා සහ ශ්වසන චිකිත්සා සඳහා වූ හිටපු ප්‍රධාන විද්‍යාඥ, වෛද්‍ය Wolfgang Wodarg සහ පෙනහළු විශේෂඥ වෛද්‍ය Michael Yeadon විසින් බෙදා හදා ගන්නා ලද්දකි. කොරෝනා වෛරසයේ ශූල ප්‍රෝටීනය(spike protein) ගර්භනී අවස්ථාවේ අපරාව හෙවත් වැදෑමහ වර්ධනයට හා යාවී සිටීමට වගකිව යුතු ශූල ප්‍රෝටීනය හා එක සමාන බව ඔවුන් දෙදෙනා කියා සිටිති. එහෙයින් සැකයක් මතුවූයේ එන්නතෙහි ප්‍රතිඵලයක් ලෙස සිරුරේ ප්‍රතිශක්ති පද්ධතියට මේ ශූල ප්‍රෝටීන දෙක එකකින් අනෙක වෙන්කොට හඳුනා ගැනීමට නොහැකිව අපරා ප්‍රෝටීනයට(placental protein) ප්‍රහාර එල්ල කරණු ඇත යන්නය.
එහෙත් මෙස සත්‍යයක් නොවේ. සමස්ත සැකැස්ම ගතහොත්, අපරා ප්‍රෝටීනය කොරෝනා වෛරස ශූල ප්‍රෝටීනයට වඩා බෙහෙවින් වෙනස්ය. මීටත් අමතතරව Pfizer එන්නත පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ ස්වේච්ඡාදායක ස්ත්‍රීන් 23ක් වැක්සීනය ගත්තායින් පසුව ගැබ් ගත්හ. තවද, එන්නත් ලබාගැනීමේ වාසිය, ගර්භනී කතක් අසාදනය වෙනවාට වඩා බෙහෙවින් වැඩිය.

2 මිථ්‍යාව: මට කොවිඩ් 19 හැදිලානේ, ඒ නිසා මට එන්නතක් අවශ්‍ය නැහැ
කොවිඩ් 19 හට ගන්වන SARS-CoV-2 වෛරසය මීට කලින් ආසාදනය වූ පුදගලයෙකු පවා යළි එම වෛරසයෙන් ආසාදනය විය හැකිය. එසේ වුවද, කොවිඩ් 19 දැඩි සංකුලතාවන්ට එරෙහිව ආරක්ෂාවක් එන්නත ලබාගැනීම නිසාවෙන් සැලසේ. SARS-CoV-2 වෛරසය ආසාදනයවීමෙන් පසුව ස්වභාවිකව හටගන්වන ප්‍රතිශක්තිය හේතුවෙන් ඇතිවන ආරක්ෂක මට්ටම ගැන අවබෝධයක් දැනගන්නට නොමැත. එසේ වුව ද, ස්වභාවික ආසාදනයෙන් සැපයෙන ආරක්ෂාවට වඩා හොඳ ආරක්ෂාවක් වැක්සීනයෙන් ලැබෙන බව විද්‍යාඥයෝ විශ්වාස කරති.
3 මිථ්‍යාව: කොවිඩ් 19 එරෙහි එන්නතෙහි අතුරු ආබාධ අන්තරාදායකය
ජොහැනස්බර්ග් විශ්වවිද්‍යාලය සහ දකුණු අප්‍රිකාවේ මානව විද්‍යාවන් පර්යේෂණ කවුන්සිලය(Human Sciences Research Council) විසින් මෑතක සිදු කරන ලද අධ්‍යනයකට අනුව පෙනී ගිය පරිදි (අධ්‍යනයට) සහභාගීවූවන් අතුරෙන් එන්නත් කිරීම පිළිකෙව් කළ අයගෙන් සියයට 25ක් විමතිය දැක්වූයේ එන්නතෙහි අතුරු ආබාධ සම්බන්ධයෙන්ය.
කොවිඩ් 19 එන්නතෙහි අතුරු ආබාධ එතරම් දැඩි නැත.. එහි අතුරු ආබාධ අතර, පහළ මට්ටමේ උණ, වේදනා සහගත අත් සහ තෙහෙට්‍ටුව ඇතුළත් වේ. මේවා සාමාන්‍යයෙන් දිනක සිට දින තුනක් පමණ පවතී.
ලේකැටි ගැසීම් වැනි දුර්ලභ අතුරු ආබාධ Johnson and Johnson එන්නත් සම්බන්ධයෙන් වාර්තාවිය. මේ අතුරු ආබාධය අත්දැකීමේ අවස්ථා අඩුය. කොවිඩ් 19 රෝගය වැළඳීම හේතුවෙන් ලේ කැටිගැසීම හට ගැනීමේ අවදානම එන්නත හා සම්බන්ධ යයි සැලකෙන අවදානම මෙන් 8 – 10 ගුණයකින් වැඩිය. එන්නතට අදාළ මේ ගැටළුව ගැන වෛද්‍යවරු දැනුවත්ව සිටිනා අතරම තත්වය වහා හඳුනාගෙන පිළියම් යෙදීමට පුහුණුව ලැබ සිටිති.
එන්නත් ලබාගැනීමේ සහ කොවිඩ් 19 වැළඳීමේ වාසි සහ අවාසි, (පිළිගත් වෙබ් අඩවියක් වන) Healthline හි මෑතක පළවූ ලිපියකින් සංසන්දනය කර තිබුණි. පෙනහළු හානිය කොවිඩ් 19 නිසාවෙන් හටගන්නා සංකූලතාවක් වන අතර මාංශපේශී විඩාව එන්නතෙහි අතුරු ආබාධයක් විය හැකියි. අවදානම-වාසිය පිළිබඳ තීන්දුව ඒ ඒ පුද්ගලයා විසින් ගත යුතු නමුත් එන්නත් වල ආරක්ෂාව නම් සානාථවී ඇති කාරණාවකි.

4 මිථ්යාව: පුද්ගලයෙකු හඹායාමේ සහ පාලනය කිරීමේ හැකියාව ඇති මයික්රොචිපයක්(microchip) වැක්සීන තුළ ඇත.
මෙය සමාජ මාධ්‍ය තුළින් පුළුල්ව ප්‍රචාරය කරන ලදුව බෙහෙවින් ප්‍රචලිත වූ මතයකි. මෙම ‘කුමන්ත්‍රණ න්‍යාය’ පතුරුවා හරින ලද්දේ වැක්සීන විරෝධීන් විසිනි. ඇමරිකානු ප්‍රමුඛ ව්‍යාපාරික, ආයෝජක සහ ප්‍රකට පරිත්‍යාගශීලියෙකු වන බිල් ගේට්ස් විසින් බෙදා හරීමේ මාධ්‍යයක් ලෙස වැක්සීනය යොදාගනිමින් ජනතාවගේ සංචලනයන් අන්වේශ්‍යනයට, මයික්‍රො චිපයක් අධිරෝපනය කරනු ලබන්නේ යයි ඔවුහු විශ්වාස කරති. මෙය අසත්‍යයක් වන අතර මේ ගැන බිල් ගේට්ස් මාධ්‍ය හරහා දැනුවත් කිරීම්කර ඇත.
මේ මිථ්‍යාව වැපිරීමට නැතිනම් ඉදිරියට ගෙන යාමට දායක වූයේ Facebookහී සංසරණය වූ වීඩියෝවකි. COVID-19 වැක්සීන සිරින්ජරයේ ලේබලයෙහි විකල්ප මයික්‍රොචිපයක් ගැන ව්‍යාජ කියාපැම් එහි අඩංගුවිය. ලේබලයෙහි ඒ මයික්‍රොචිපය යෙදීමේ අරමුණ වූයේ විදින ද්‍රව්‍යය හෝ වැක්සීනය කූටානුකරණයක් නොවන බවත් කල් ඉකුත්වී නොමැති බව හා කලින් භාවිතයට ගත් එකක් නොවන බවත් දැක්වීමය. වීඩියෝව නැරඹූ සමහරු චිපය විදින ද්‍රව්‍යය තුළ ඇතැයි වැරදියට අර්ථ නිරූපනය කර ගෙන ඇත.
5 මිථ්‍යාව: COVID-19 වැක්සීන කඩිමුඩියේ වැඩි දියුණු කරන ලද ඒවාය; එහෙයින් ඒවා ඵලදායී නොවන්නට පුළුවනි.
වේගයෙන් ව්‍යාප්තවෙන ගෝලීය වසංගතය හමුවේ, COVID-19 එරෙහි වැක්සීන ඉක්මණින් වැඩි දියුණු කිරීම අවශ්‍යවිය. එහෙත් ඊට මගපෑදූ කරුණක් වූයේ වැක්සීන වැඩි දියුණු කිරීමේ තාකෂණය වසර බොහෝ ගණනාවක් තිස්සේ පවතින්නක්වීමයි. SARS-CoV-2 හි ජානමය තොරතුරු අනාවරණය කර ගත් පසු (එන්නත් වැඩි දියුණු කිරීමේ) ක්‍රියා දාමය කඩිනමින් ඇරඹීමට පුළුවන් විය. පර්යේෂණ කටයුතු සඳහා ප්‍රමාණවත් සම්පත් තිබූ අතර සායනික පරීක්ෂණ සඳහා ස්වේච්ඡාදයකයින් බඳවා ගැනිම සමාජ මාධ්‍යය මගින් පහසු කෙරිණ. SARS-CoV-2 පහසුවෙන්බෝවෙන සුළු නිසා වැක්සීනය ක්‍රිය කරන්නේදැයි පැවසීම පහසු විය.
6 මිථ්යාව: මගේ DNA වෙනස් කිරීමට COVID-19 වැක්සීනයට හැක
Pfizer වැක්සීනය(messenger RNA vaccine) සහ Johnson and Johnson වැක්සීනය(viral vector vaccine ) ආරක්ෂාව වර්ධනය කරගැනීමට සිරුරට මග පාදයි. SARS-CoV-2 ආසාදනය වූ විට මේ හේතුව නිසා සිරුර වෛරසයට එරෙහිව සටන් කිරීමට සූදනම්ව සිටියි. DNA ඇත්තේ අපේ සෛලවල න්‍යෂ්ටියෙහිය(nucleus). හැබැයි, එන්නත් ද්‍රව්‍ය න්‍යෂ්ටිය තුළට ඇතුල්වන්නේ නැත. එහෙයින් එය DNA වෙනස් කරන්නේ නැත.
මිථ්යා සහ කුමන්ත්රණ න්යායන් ප්රචලිත කිරීමේ දී සමාජ මාධ්යය විශාල කාර්යභාරයක් ඉටු කරයි. එහෙයින්, තොරතුරු අන් අය සමග බෙදා හදා ගැනීමේ දී විද්යානුකූලව කරුණු දක්වන, විශ්වාසවන්ත මූලයක් තෝරාගන්න.
The Conversation හී පළ වූ Reluctant to be vaccinated for COVID-19? Here are six myths you can put to rest යන ලිපිය අසුරෙනි