පැරිස් පරිසර සම්මුතියේ ඉලක්ක රැකගැනීම තවමත් කළ හැකියි

Posted by

පැරිස් පරිසර සමුළුවේ දී ප්‍රතිඥා දුන් සෙල්සියස් පරිදි ගෝලීය උණුසුම ඉහළයාම පූර්ව කාර්මික යුගයේ පැවැති උෂ්ණත්වයට වඩා අංශක 1.5 නොඉක්මවීමේ ඉලක්කය ‍රැකගනීමට තවමත් හැකි බව, අගෝස්තු මුල නිකුත් වූ IPCC වාර්තාවේ ප්‍රධාන කතුවරියක් ධනාත්මක ස්වරයෙන් දන්වා සිටියි. “දේශගුණය සම්බන්ධයෙන් ක්‍රියා කිරීම දැන්ම නතර කරන්න නම් එපා” යැයි ටැම්සින් එඩ්වර්ඩ්ස් (Tamsin Edwards) ඉල්ලා සිටියි.

දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්රාජ්‍ය පැනලයේ(Intergovernmental Panel on Climate Change (IPCC) නව මං සලකුණු කරණ මේ වාර්තාව  අපේ මේ ග්‍රහ ලෝකයේ වර්තමාන සහ අනාගත තත්ත්වය පිළිබඳව බොහෝ දෙනෙකු කම්පනයට පත් කිරීමට සමත්ව ඇත. එහෙත් එඩ්වර්ඩ්ස් කියා සිටින්නේ අවස්ථාවේ බැරෑරුම්කම හරිහැටි වටහා ගන්නට යම් කාලයක් අවශ්‍ය වෙන බවයි. “අප දැනටමත් ආපසු හැරවිය නොහැකි විපර්යාසයන් වෙනුවෙන් ඇප කැප වී අවසන් බව බොහෝ දෙනෙකු නොදන්නා පාටයි මට නම් හිතෙන්නේ” ඇය කියා සිටින්නීය, “එය හිතකට දරාගන්න අසීරු කාරනාවක් තමයි.”

WMO: New climate report is a clarion call for urgent action | World  Meteorological Organization

සාගර උෂ්ණත්වය වැඩිවීම, සාගර අම්ලීකරණය සහ අපේ මුහුදුවල ඔක්සිජන් මට්ටම් හීන වී යාම ඇතිවී තිබෙන එකී විපර්යාසයන් අතරවේ. මිනිසුන් ෆොසිල් ඉන්ධන දැවීම සහ අනෙකුත් ක්‍රියා කාරකම් හේතුවෙන් ඇති වී තිබෙන සියල්ල දැන් ශතවර්ෂ ගණනක් දක්වා කාල පරිමාණයෙන් වෙනස් කළ නොහැකි ඒවාය. “අපි අපේ මේ ග්‍රහ ලෝකය වෙනස් කරමින් සිටින්නෙමු. අපේ හරිතාගාරවායු විමෝචන සම්බන්දයෙන් අප කුමක් කළත්,  ඉදිරියට අවුරුදු සිය ගණනේ සිට දහස් ගණනක් තුළ පෘථිවිය විපර්යාසයට ලක්වීම දිගටම සිදු වෙනු ඇති. බොහෝ ආකාර වලින් බලද්දී එය අපේ යථා අවබෝධය ඉක්මවා යන්නකි” යයි එඩ්වඩ්ස් පෙන්වා දෙයි.

ගෝලීය පරිසර අර්බුදය සමාලෝචනයට ලක් කිරීමෙහි ලා ඇගේ සම්බන්ධය ඇගේම පෞද්ගලික සෞඛ්‍ය අර්බූදයට සමීපව සම්බන්දය. ලන්ඩනයේ කින්ග්ස් කොලීජියේ සේවය කරන එඩ්වඩ්ස්,  IPCC වාර්තාවේ ප්‍රධාන කතුවරියක් ලෙස 2018 දෙ පත්කෙරිණ. ඇයට අන්ත්‍රයේ පිළිකා කැයි නිර්ණය වූයේ ඔය අවධියේම දීය. වාර්තාවේ තවත් කතුවරුන් 234 දෙනෙකුගේ සහභාගිත්වයෙන් චීනයේ පැවති වැදගත් ‍රැස්වීමකට් සහභාගී වනු වස් වසර තුනකට පෙර ඇය සිය රසායනික චිකිත්සාව(chemotherapy) කල්දැම්මාය.(දැන් ඈ පිළිකාවෙන් නිදහස්ය).

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් ‍රැස්වීම් මාර්ගස්තව පැවැත්වීමට සිදුවිය. එම ‍රැස්වීම් කූටප්‍රාප්ත වූයේ වාර්තාවේ අවසන් පෙල ලොව ආණ්ඩු 195ක් මගින් අනුමත කරනු ලැබීමයි.  එය වාර්තාවට අගය එක්කිරීමට මග පෑදූ ක්‍රියාදාමයකි.

මෙවර නිකුත් වූ IPCC වාර්තාවේ ප්‍රමුඛතම ‘පණිවුඩය’ ලෙස ටැම්සින් එඩ්වර්ඩ්ස් සලකන්නේ මෙයයි: ගෝලීය උණුසුම් වීම කෙරෙහි මානවයන්ගේ බලපෑම ‘පැහැදිලියි'(‘clear’) යනුවෙන් 2013 IPCC වාර්තාවේ සඳහන් වුවත් මෙවර එය දක්වා ඇත්තේ ‘කිසිම සැකයකින් තොරයි'(‘unequivocal’) යනුවෙනි.  මේ අන්දමට,  “මානවයන්ගේ බලපෑම බොහොම, බොහොම දැඩි ලෙස ප්‍රකශ කර සිටීම කැපී පෙණෙන්නක්”,යැයි ඇය පෙන්වා දෙයි, “වාතයේ උෂ්ණත්වය, සාගර උෂ්ණත්වය ඉහළ දමන, ආන්තික උෂ්ණත්වයන්ට තුඩුදෙන, ආක්ටික් ප්‍රදේශවල හිම අහිමිව යාම, ග්ලැසියර හානිය, මුහුදු මට්ටම් ඉහළ යාම සහ තවත් බොහෝ අංශ සම්බන්ධයෙන් වග කිව යුතු බලවේගය මනුෂ්‍ය ක්‍රියාකාරකම් ලෙස දැකීම පුදුම සහගත ලෙස බලවත් පණිවුඩයක්”.

IPCC යේ සොයාගැනිම් මගින් අඳුරු චිත්‍රයක් මැවෙන බව සත්‍යයකි. එහෙත්, ඒ එක්කම  තවමත් බලාපොරොත්තු තබා ගත හැකි බව ද ඒවායින් පෙන්නුම්කරන්නේ යයි එඩ්වඩ්ස් කියාසිටී.  IPCC  වාර්තාව දක්වන අන්දමට, අනාගත කාබන් ඩයොක්සයිඩ් විමෝචන සම්බන්ධ අවථා පහ අතුරෙන් වඩාත්ම අඩු අවස්ථාවේ ඉදිරි වසර 20 තුළ පැරිස් සම්මුතියේ එකඟ වූ සෙල්සියස් අංශක 1.5 ඉලක්කය ළඟා කොට ගෙන ඉන් අනතුරුව මේ සියවස අග වන විට සෙල්සියස් අංශක 1.4 මට්ටම දක්වා සිසිල් විය හැකියි. 

සීඝ්‍රයෙන් සහ විශාල පරිමාණයෙන් විමෝචන අඩුකිරීමට ක්ෂණික පියවර ගන්නේ නම් වෙනත් අතිරේක ප්‍රයත්නයන් කර ඇදී නොයා ගෝලීය උණුසුම්වීමේ1.5°C ට සීමා කිරීමට තවමත් හැකියාව තිබෙනවා. පැහැදිලිවම, සුබවාදී බව හෝ අසුබවාදී බව අපේ වාර්තාවට පැවැරුනු කාර්ය භාරයක් නොවෙයි. අපට කරන්න පුළුවන් වෙන්නේ සාක්ෂි එළිපිට දැක්වීම තමයි” එඩ්වඩ්ස් වැඩිදුරටත් කියා සිටී.

(මුල් ලිපිය, New Scientist සඟරාව Tamsin Edwards සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවක් අසුරෙන් සකස් කරන ලද්දකි)

New Scientists (August 21, 2021)  සඟරාවෙහි පළවන 1.5°C is possible  යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.