බහු-විශ්ව(multiverse) න්‍යාය කියන්නේ කුමකට ද?
අප ජීවත්වන්නේ බහු–විශ්වයක ද? වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්! බහු–විශ්වය සැබෑවක් නම් හරියටම ඔබ වැන්නෙක්, දැන් ඔබ මේ කරනා දෙයම කරමින් තවත් වෙන විශ්වයක සිටින්නට පුළුවන්. මොනවා?? ලිපිය තවදුරටත් කියවා බලන්න.
අසංඛ්‍යය වු තාරකා සහ ග්‍රහ ලෝක පිරි මන්දාකිණි(galaxies) බිලියන සිය ගණනින් සමන්විත ආලෝක වර්ෂ බිලියන සිය ගණන් පුළුල් අපේ මේ විශ්වය හරුණු කොට තවත් විශ්වයන් තිබිය හැකි යයි බහු-විශ්ව(multiverse) න්‍යායයෙන් හැඟවෙයි. අපේ මේ විශ්වයෙන් බොහෝ දුර ඈත තවත් විශ්වයක්, සහ තවත් එකක් සහ තව තවත් යනාදී වශයෙන් විශ්ව අනන්ත ප්‍රමාණයක් තිබිය හැකියි. ඔව්, ඒවාටම ආවේනික භෞතික විද්‍යා නියමයන් මෙන්ම (ඒවායේ තාරකා සහ මන්දාකිණි පැවතිය හැකි නම් ) ඒවාටම ආවේනික තාරකා සහ තාරකා මණ්ඩල හා මන්දාකිණි සහිත තව තවත් විශ්වයන්! ඒවාටම ආවේනික බුද්ධිමත් ජීවීන්ගෙන් සමන්විත ශිෂ්ඨාචාරයන් පවා සහිත විශ්වයන්. බාගදා අපේ මේ විශ්වය, ඊට වඩා මහා දැවැන්ත, උදාර වූ විශ්වයන් එකතුවක, එනම් බහු-විශ්වයක එක් සාමාජික විශ්වයක් පමණක් විය හැකියි.

බහු–විශ්වය පිළිබඳ සෛදාන්තික සාක්ෂි
බහු-විශ්වය පිළිබඳ සංකල්පය භෞතික විද්‍යාවේ(සහ දර්ශන්යේphilosophy) ක්ෂේත්‍ර නැතිනම් අංශ කිහිපයක පැන නගින්නකි.එසේවුව ද, වඩාත්ම කැපීපෙණෙන උදාහරණ මතුවන්නේ පිම්බීමේ න්‍යාය(inflation theory) ලෙස හැඳින්වන දෙයිනි. මේ න්‍යාය මගින් විස්තර කරනු ලබන්නේ අපේ විශ්වය ඉතාමත් ළදරු අවස්ථාවේ –එනම් බිහිව තත්පරයකටත් වඩා අඩු අවස්ථාවේ සිදු වූ උපකල්පිත සිද්ධියක් පිළිබඳවය. විශ්වාසයට නගා ගන්නටවත් නොහැකි තරම් ඉතා සුළු කාලයක්තුළ දී විශ්වය සීඝ්‍ර ප්‍රසාරණයකට ලක්ව ‘පිම්බීමෙන්'(inflating), එහි මුල් ප්‍රමාණය මෙන් බොහෝ ගුණයකින් විශාල වූයේ යයි නාසා ආයතනය පෙන්වා දෙයි.
අපේ විශ්වය පිම්බීම වසර බිලියන 14කට පමන පෙර නිමා වූ බව ඇරිසෝනා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ විශ්ව න්‍යාය විද්‍යාඥයෙකු සහ බහුවිශ්ව න්‍යාය පිළිබඳ විශෙෂඥයෙකුවන හෙලින්ග් ඩෙන්ග් පවසයි. “කෙසේවෙතත්, පිම්බීම සැම තැනකම එකවර අහවර වෙන්නේ නැහැ”, ඩෙන්ග් පෙන්වාදෙයි, “එක කලාපයකදි පිම්බීම නිමාවෙද්දී අනෙකුත් ඒවායේ එය අඛණ්ඩව සිදුවෙනවා විය හැකියි”.
මෙලෙස අපේ විශ්වයේ පිම්බීම අහවර වූ නමුත්, පිම්බීම් නොකඩවා සිදුවන, ඔව් අදටත් පවා සිදුවන අනෙකුත්, බොහෝ දුර ඈත කලාප තිබෙන්නට පුළුවන. විශාල ලෙස පිම්බෙන, ප්‍රසාරණයවන විශ්වයන්ගෙන් තනි තනි විශ්වයන් හට ගත හැකි නිසා අනන්ත විශ්ව ගංගාවක් බිහිවිය හැක. මෙකී නොනවතින පිම්බීමේ අවස්ථා යටතේ, තමන්ගේම භෞතික විද්‍යා නියමයන් සහිත, තමන්ගේ අංශු(particles) එකතුවක් සහිත, තමන්ගේම බල පිළිවෙලක් සහිත එමෙන්ම තමන්ගේම මූලික නිතයන්ගේ අගයන් සහිත එක් එක් විශ්වයන් හට ගනු ඇත. අපේ විශ්වයට දැනට එය සතු ගුණාංග විශේෂයෙන්ම අඥාත ද්‍රව්‍ය(dark matter) වැනි, මූලික භෞතික විද්‍යාවෙන් පැහැදිලි කළ නොහැකි ගුණාංග හෝ විශ්ව න්‍යායික නියතයන් ඇත්තේ මන්දැයි මෙමගින් පැහැදිලි කරනු ලැබීමට හැකිවන බව ඩෙන්ග් පවසයි.
බහුවිශ්වයක් පවතින්නේ නම්, එවිට විවිධ විශ්වයන් හී අහඹු විශ්ව න්‍යායික නියතයන් ඇතිවෙයි. තවද, “අපේ විශවයේ ඇති නියතයන් අප නිරීක්ෂණය කරන අගය ගැනීම හුදු සම්පාතයකි” යයි ඩෙන්ග් වැඩි දුරටත් සඳහන් කරයි.
ජීවයේ පැවැත්ම, විශේෂයෙන්ම විශ්ව න්‍යායික නිරීක්ෂණ සිදු කිරීමේ හැකියාව සහිත බුද්ධිමත් ජීවීන්ගේ පැවැත්ම, බහුවිශ්වය පිළිබඳ වඩාත් වැදගත් සාක්ෂිය ලෙස දැක්විය හැකිවේ. අපගේ විශ්වයේ ඇතැම් අංග ජීවය නඩත්තු කිරීම සඳහා සුවිශේෂී මෙන්ම වැදගත් ද වේ. තාරක්වල දිගු කල් පැවැත්ම(දීර්ඝායුෂ), කාබන් බහුලත්වය, ප්‍රභාසංස්ලේෂණය සඳහා ආලෝකය තිබීම සහ සංකීර්ණ නුච්ලේ හී ස්ථාවරත්වය මෙම අංග අතරවෙතැයි” හී (Blue Marble Space Institute of Science) අනුයුක්ත පර්යේෂණ විද්‍යාඥයෙකු වන මැකලන් සැන්ඩෝරා කියා සිටී.
එහෙත්, ‘අහඹු විශ්වයන් හී මේ ගුණාංග සියල්ලම දැකගන්නට නොහැකි වන්නට පුලුවන්’ බව ඔහු පෙන්වා දෙයි, “ අපේ විශ්වයේ දී මේ ගුණාංග සියල්ල වාසිදායක වන්නේ මන්දැයි යන්නට බහුවිශ්ව සංකල්පයෙන් එක් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කෙරෙනවා. එනම් අනෙකුත් විශ්වයන් ද පැවතුනත් අප මෙය නිරීක්ෂණය කරන්නේ ඊට සංකීර්ණ ජීවය නඩත්තු කිරීමේ හැකියාව ඇති නිසයි යන්නය.”
වෙනත් වචනවලින් කියනවා නම් අප දන්නා අපේ මේ විශ්වයෙහි ජීවය පැවතීම පිණිස අපමණ දේවල් නිසියාකාරව පෙළ ගැසෙන්න අවශ්‍ය බව අපට නිරීක්ෂණය වේ. හැබැයි ඉතින් ඇත්තේ එකම එක විශ්වය නම් (ඔය සියල්ල එකට නිසියාකාරව පෙළ ගැසී) එහි ජීවය නොතිබෙන්නට පුළුවන. එහෙත්, විශ්වයන් බොහොමයක් ඇති කල, ඉන් එකකවත් ජීවය හට ගැනීමට අදාල සාධක එලෙස පෙළ ගැසීමේ හැකියාව තිබේ. කෙසේවෙතත්, මේ තර්කය නැතිනම් න්‍යාය අමුතුවෙන් බලගතු එකක් නොවන නිසා බහුවිශ්ව සංකල්පය ගැන බොහෝ විද්‍යාඥයෝ සැකයෙන් සළකති.

බහුවිශ්වය පිළිබඳ භෞතික සාක්ෂි
බහුවිශ්වයන් පවතින බවට වඩාත් පිළිගත හැකි භෞතික සාක්ෂි සොයා ගැනීමට විද්‍යාඥයන් බොහොම දෙනෙකු උත්සාහ දරා ඇත. නිදසුනක් ගමු. බොහෝ ඈත කාලයක අසල් වැසි විශ්වයක් අපේ විශ්වයට ආසන්න වූයේ නම් පහසුවෙන් සොයා ගත හැකි ලාඤ්ඡනයක් නිර්මාණය කරමින් එය අපේ විශ්වයය හා ගැටෙන්නට ප්‍රස්ථාව තිබුණි. එම ලාඤ්ඡනයක් (විශ්වය බිහිවූ අවස්ථාවි ඉතිරි වූ අව්ශේෂ ආලෝකය වන) අන්තරීක්ෂ ක්ෂුද්‍රතරංඟ පසුබිමෙහි(cosmic microwave background) කුරූප ස්වරූපයක් හෝ (පෙර කී) ඝට්ටනය දෙසට ඇති අමුතු හෙවත් අපූර්ව ගැලැක්සි ගුණාංඟ ස්වරූපයක් ගැනීමට ඉඩ තිබුණු බව ලන්ඩන් යුනිවර්සිටි කොලීජියේ බ්ලොගයක සඳහන් වේ. එහෙත් (බහුවිශ්වයන් සෙවීමේ) මේ ආකාර ගවේෂණ සියල්ලම මෙතෙක් ප්‍රතිඵල රහිත හෙයින් බහුවිශ්වය යන්න (තවම) හුදෙක් උපකල්පනයක් වශයෙන් පමණක් පවති.
කෙසේවෙතත්, ඩෙන්ග් වෙනස් ආකාරයක සාක්ෂි සොයමින් සිටියි. ඒ විශේෂ වර්ගයක කළු කුහරය. පෙර කී ආකාරයට ක්වොන්ටම් උමං තරණ(quantum tunneling) ක්‍රියාදාමය තුළින් අපේ විශ්වයෙන් යම්කොටසක් වෙන්වී ගියේ නම් එම හිඩැස අපේ විශ්වයේ ‘බුබුළු’ හැටියට ශේෂ වී පසුව මෙකි විශේෂ කළු කුහර ආකාර බවට පෙරළී අදටත් පවතිනවා වන්නට ඉඩ ඇතැයි ඩෙන්ග් පෙන්වා දෙයි. “ඉතිං මේ ආකාර කළු කුහර සොයා ගතහොත් බහුවිශ්වයන් පවතින බවට ඒවා භෞතික සාක්ෂි බවට පත්වේවි” හෙතෙම වැඩිදුරටත් දක්වයි.

බහුවිශ්වයක ජීවය
බහුවිශ්වයක් පිළිබඳව වඩාත්ම මනස අවුල් කරණ කාරණාව වන්නේ (ජීවත්වන පුද්ගලයෙකුගේ) ද්විත්ව-කාය අවතාර තිබීමයි. ඇත්තටම අපරිමිත නැතිනම් අසංඛෙය්‍ය විශ්වයන් තිබුණත් යම් එක් විශ්වයක අංශු(particles) පිළිවෙලකට සැකසීමේ විධි ඇත්තේ පරිමිත සංඛ්‍යාවක් නම් අවසානයේ නැවත නැවතත් එකම රටාව හට ගැනීම සිදුවේ. එයින් අදහස්වෙන්නේ, සිතින් සිතා ගන්නවත් බැරි(එහෙත් පරිමිත) යම් දුරක දී, මෙම ලිපියේ තථ්‍යම(සම්පූර්ණයෙන්ම සමාන) පිටපතක් කියවමින් ඔබේම තථ්‍යම අනුරුවක් තිබිය(සිටිය) හැකිය යන්නය.. ඉතින්, අසංඛෙය්‍ය විශ්වයන් තිබිය හැකි නිසා සියල්ල සමගාමීව සිදුවන මේ හා සාමාන අවස්ථා අපරිමිත සංඛ්‍යාවක් තිබිය හැකි යයි භෞතික විද්‍යා ආයතනය ( Institute of Physics) සඳහන් කරයි.
ඉතින් මේ කාරණාව යම් ආකාරයකින් ඔබේ සිත් සසල කිරීමට හේතු වූවා නම් සැනසිල්ලට කාරණාවක් වන්නේ බහුවිශ්වයන් පවතින බව ඔප්පුවි නැත යන්නය — ඒ කියන්නේ තවම ඔප්පුවි නැත යන්නය.
Live Science හී පළවන What is multiverse theory? යන ලිපිය ඇසුරෙනි