එන්නත ලබා ගෙනත් — ඇතැම් අය එන්නත් මාත්‍රා දෙකම අරගෙනත් කොවිඩ් -19 ආසාදනය වෙලාද? සමහරුන් අසාධ්‍ය තත්ත්වයට පත් වුණා කියලත් අහන්නට ලැබෙනවා. එහෙම් නම් එන්නත් ඵලදයී නැද්ද? මේකට දිය හැකි පැහැදිලි පිළිතුර තමයි. කොවිඩ්-19 එරෙහි හොඳම ආරක්ෂාව දැනට සැපයිය හැක්කේ එන්නත්වලින් කියන එකයි. අපි එහෙම කියන්නේ ඇයි කියලා මේ ලිපිය කියවා අවසන් වෙද්දි දැන ගත හැකිවේවි.
අමෙරිකා එක්සත් ජනපදයේ භාවිත කරන COVID-19 එන්නත්, ඵලදායීතාව අතින් ඉතා ඉහළයි. එසේවුවත්, එම එන්නත් ලබාගත් පිරිස් ද කොරෝන වෛරසයෙන් සමහර අවස්ථාවල ආසාදනයවේ. මේ තත්ත්වය හැඳින්වෙන්නේ ‘අභිබවන ආසාදනය'(‘breakthrough infections’) ලෙසිනුයි. ඉතින්, මේ එන්නත් අභිබවන ආසාදනය කියන්නේ කුමක් ද? එම ආසාදනයේ රෝග ලක්ෂණ මොනවාද? එමෙන්ම ඒවා කෙතරම් සුලබද? අපි සකච්ඡා කරමු.

එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පරිපාලනය(Food and Drug Administration(FDA)) මගින් අනුමත කරන ලද එන්නත් වල නිර්දේශිත මාත්‍රා සියල්ල ලැබීමෙන් අඩුතරමින් සති දෙකකට පසුව COVID-19 ඇති බවට නිශ්චිත යයි(අපි සමාන්‍ය ව්‍යවහාරයේ ‘පොසිටිව්’ යනුවෙන් කියන ලෙසට) පරීක්ෂාවකින් පෙණී ගියවිට, රෝග පාලනය කිරීමේ සහ වැලැක්වීමේ මධයස්ථාන(Centers for Disease Control and Prevention (CDC)) එම අය ‘අභිබවන ආසාදනය’කට ලක්ව ඇතැයි සලකයි.
/cloudfront-us-east-1.images.arcpublishing.com/gray/QJLMYNB4J5EQHEKZ2RNSAJLWQM.jpg)
ඉන් අදහස් කෙරෙන්නේ, Pfizer-BioNTech වැක්සීනයේ හෝ Moderna වැක්සීනයේ දෙවැනි මාත්‍රාව ලැබීමෙන් අඩු තරමින් සති දෙකකට පසුව සහ Johnson & Johnson වැක්සීනයේ තනි මාත්‍රවක් ලැබීමෙන් අඩු තරමින් සති දෙකකට පසුව පරීක්ෂාවෙන් ආසාදිත බව නිශ්චිත යයි තීරණය වන ඕනෑම අයෙකු ‘අභිබවන ආසාදනය’ වූවෙක් ලෙස සැලකෙන බවයි. CDCයට අනුව අභිබවන ආසාදනය “බලාපොරොත්තු විය” හැක්කකි; මන්ද කිසිම එන්නතක් 100%ක් ඵලදායී නොවන හෙයිනි.
රෝග ලක්ෂණ මොනවාද?
එන්නත ලැබූ සහ නොලැබූ අය අතර COVID-19 රෝග ලක්ෂණ එක සමාන වුව ද, ඇතැම් සියුම් වෙනස් කම් ද දැකිය හැකිය.
“COVID-19 රෝග ආසාදිත, එන්නත ලැබූ සහ නොලැබූ අය අතර වඩාත් සුලබ ලක්ෂණ පිළිබඳව ද සියුම් වෙනස් කම් ඇත. “
මෙහිදී වඩාත්ම වැදගත්වන්නේ එන්නත් කරනු ලැබීම නිසාවෙන් COVID-19 හි දරුණුකම නැතිනම් උග්‍ර බව හීන වීමයි. එයින් තේරුම් ගත යුත්තේ අභිබවන ආසාදිතයන් ගෙන් බහුතරය ‘මද'(mild) බලපෑම් සහිත බවයි. එපමනක් ද නොව, CDCයෙහි මූල්‍ය අනුග්‍රහයෙන් දැනටත් සිදුකෙරෙණ අධ්‍යයන දෙකකින් හැඟවෙන්නේ එන්නත ලැබූ පුද්ගලයන්ට ඒවා ලබා නොගත් අයට වඩා අඩු රෝග තත්ත්වයක් සහ කෙටි රෝගකාලයක් ඇති බවයි.
වෙනත් කුඩා අධ්‍යයනයකින් ද මීට සමීප ප්‍රතිඵල ලද නමුත් එම අධ්‍යයනයේ කාලය නිමවීමත් සමග වඩාත් සම්ප්‍රේෂණීය ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙන්නට පටන් ගත් හෙයින් එහි දත්ත වල වලංගුතාව දැන් අඩු විය හැකිය.
COVID-19 රෝග ආසාදිත, එන්නත ලැබූ සහ නොලැබූ අය අතර වඩාත් සුලබ ලක්ෂණ පිළිබඳව ද සියුම් වෙනස් කම් ඇත. අභිබවන ආසාදිතයන් අතරේ උණහෙම්බිරිස්සාවට සමාන ලක්ෂණ ඇතැයි කලින් ද සැළකිණ. ZOE කොවිඩ් අධ්‍යනයට අනුව අභිබවන ආසාදනයක් අත්දකින පුද්ගලයෙකු තුළ දැකිය හැකි COVID-19 ප්‍රධාන රෝග ලක්ෂණ පහකි: හිස කැක්කුම, සොටු ගැලීම, කිවිසුම්යාම, උගුර වණවීම(sore throat) සහ ගඳ සුවඳ නොතේරීමයි. මේ අයට එන්නත් ලබා නොගත් පුද්ගලයන් අතර සුලබව දැකිය හැකි අන්දමේ උණ, දිගට පවතින කැස්ස හෝ හුස්ම ගැනීමේ අපහසුතා නොමැත.
“මට නම් දැනුනේ උනහෙම්බිරිස්සාව තදින්ම හැදුනා වගෙයි කියලයි” අභිබවන ආසාදිතයෙකු වන 32-හැවිරිදි JR මිලර් මේ ගැන San Francisco Chronicle වෙත අදහස් දක්වමින් කියා සිටියේය. තවත් එවැනිම ආසාදිතයෙකු වන 40-හැවිරිදි ජස්ටින් රොබින්සන්ට හැඟී ගියේ, වෙනත් අභිබවන ආසාදිතයන් බොහෝ දෙනෙකුට දැනී ගිය අන්දමටම, උනහෙම්බිරිස්සාවක් සෑදුනාක් මෙන්ය. රට පුරා වෙනත් අභිබවන ආසාදිතයන්ට ද සමාන අත්දැකීම් ඇත.
කෙසේවෙතත්, ඉඳහිට අභිබවන ආසාදිතයන්ට ද සාමාන්‍ය සෙම්ප්‍රතිෂ්‍යාවට වැඩි යමක් දැනෙන්නට පුළුවන. ” මට රෝග ලක්ෂණ ඔක්කෝම ආවා. බඩගින්න නැතිකම, හිසේ කැක්කුම, නාසය හිරවීම, උණ, උගුර වණවීම ඔය ඔක්කෝම ඇතිවුණා” 40-හැවිරිදි ජෙෆ් ඩේවිස් The Boston Globe වෙත අදහස් දක්වමින් පැවසීය, ” මට කොච්චර තදින් මේක දනුනා ද කිව්වොත් හරියට එන්නතක් ගත්තේ නැහැ වගෙයි”.
සුලබ නම් නෑහැ ඒත් දුර්ලබ නොවෙන්නත් පුළුවන්
අභිබවන ආසාදනය කොපමණ සුලබද, කොපමණ මෘදු ද(mild) හෝ අලාක්ෂණික(ලක්ෂණ රහිත) ද යන්න තවම පැහැදිලි නොමැත. එහෙත්, වඩාත් සම්ප්‍රේෂණීය ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ඉස්මතුවෙද්දී, ඒවා (අභිබවන ආසාදන) වසරේ මුලදීට වඩා සුලබ වන අතර ඒවා ‘දුර්ලභ’ නොවේ. රහසේ එළියට ආ CDC අභ්‍යන්තර ඉදිරිපත් කිරීමකට අනුව ජූලි 24 දා වන විට එක්සත් ජනපදයේ පූර්ණ එන්නත්ලාභී මිලියන 162ක් අතරේ සතියක් පාසා 35,000ක් පමණ අභිබවන ආසාදිතයන්වෙතැයි ගණන් බලා තිබිණ. ජූලි 24 දා දක්වා වන සතියේ දී, පුද්ගලයින් 384,000ක් පමණ COVID-19 අසාදියයි පරික්ෂණයෙන් නිශ්චිත වූ අතර ඉන් හැඟී යන්නේ නව රෝගීන්ගෙන් සියයට 10ක් පමණ අභිබවන ආසාදිතයන් බවයි.
“පුද්ගලයෙකුට කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම පිණිස ඇති හොඳම මග එන්නත් ලබාගැනීම බව දත්ත කිසිම සැකයකින් තොරව පෙන්වා දෙයි. “
අභිබවන ආසාදිතයන් සැබෑ සංඛ්‍යාව ගණනය කිරීම පහසු නැත. මද මට්ටමේ(mild) අභිබවන ආසාදිතයන් හඹායාම CDCය මැයි මාසයේ දි නතර කළේය. ආසාදියෙකුට නිරාවරණය වී රෝග ලක්ෂණ අත්විඳින්නේ නැතිනම්, එන්නත් ලැබූ අය වෛරසය ඇත්දැයි පරීක්ෂා කිරීම CDCය මෑතක් වන තුරුම නිර්දේශ කළේ නැත. තවද, නිවසේදීම COVID-19 පරීක්ෂාව කරගන්නා අය අදාළ අංශවලට ප්‍රතිඵල වර්තාකිරීම හැම විටමත් නොකරන්නට ඉඩ තිබේ. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ අභිබවන ආසාදිතයන් සංඛ්‍යාව අඩුවෙන් ගණනය වනවා විය හැකි බවයි.
අභිබවන ආසාදනයට කෙනෙකු භාජනය වීමේ ඉහළ අවදානමක් වෙනුවෙන් බලපාන සාධක මොනවාදයි පැහැදිලි නැත. මිනිසුන් ගැවසෙන් වටපිටාවක සහ එන්නත් වඩා බලවත්ව ක්‍රියා නොකරණ අයවළුන් අතරේ මෙය සිදුවීමට වැඩි ඉඩක් ඇතැයි CDC අභ්‍යන්තර කදාවන් හෙවත් ස්ලයිඩ දක්වයි.

එකක් නම් හැබැයි පැහැදිලිය: දරුණු අභිබවන ආසාදන දුලබයි! අගෝස්තු 2 දා වනතෙක් සංඛ්‍යාලේඛන ගතහොත්, එක්සත් ජනපදයේ පූර්ණ එන්නත් ආරක්ෂාව සලසා ගත් පිරිස් අතුරෙන් සියයට 0.005කට අඩු සංඛ්‍යාවක් එනම් 20,000කට එක් අයෙකු පමනක් රෝහල් ගත කිරීමට හෝ මරණයට මග පාදන තරමට දැඩි ආකාරයෙන් අභිබවන ආසාදනයට පත්ව ඇත. එපමණක් ද නොව CDC ය, ජනපද මෙන්ම ප්‍රාදේශිය ඒජන්සි වලින් රැස් කරගත් දත්ත අනුව COVID-19 ප්‍රතිඵලයක් හැටියට මිය ගොස් ඇත්තේ පූර්ණ එන්නත් ආරක්ෂාව සලසා ගත් මිලියන එකක(1) පිරිසක් අතුරෙන් 7කු පමණයි. පුද්ගලයෙකුට කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම පිණිස ඇති හොඳම මග එන්නත් ලබාගැනීම බව මෙම දත්ත කිසිම සැකයකින් තොරව පෙන්වා දෙයි.
එපමණක් ද නොව, එන්නත්කරණය නොකළ ජනගහණය, ඉදිරියේ දි පරිණාමය විය හැකි නව විචල්යන්ට සහ ප්රභේදයන්ට තෝතැන්නක්(incubator) ලෙස ක්රියා කළ හැකිය. එසේ අනාගතයේ ඇතිවන ප්රභේදයන් ඩෙල්ටා ප්රභේදයටත් වඩා බෙහෙවින් අනතරාදයක විය හැකිය. “එන්නත් ලබානොගන්නා අය වැරදි කල්පනාවක ඉන්නවා ඒකේ වාසිය හෝ අවාසිය ඒගොල්ලන්ට විතරයි කියලා. නැහැ. ඓඑක අනෙක් හැමෝටමත් අදාලයි” යනුවෙන් එක්සත් ජනපද අසාත්මිකතා සහ බෝවෙන රෝග ජාතික ආයතනයේ(National Institute of Allergy and Infectious Diseases) ප්‍රධානී වෛද්‍ය අන්තනි ෆවුචි කියා සිටියි.
Live Science හී පළවන Here’s what you need to know about COVID-19 breakthrough infections යන ලිපිය ඇසුරෙනි