කල්ගත ආසාදනයන් අන්තරාදායක නව ප්‍රභේද බිහි කරයි ද?
COVID-19 බෝකරන වෛරසයන් හී ප්‍රභේද සහ ඒවායේ භයංකර හැසිරීම ගැන ලංකාවේ පමණක් නොව ලොව ලොකු කුඩා රටවල දැඩි අවධානය යොමුව ඇති අවධියක් ලෙස අප ගෙවන මේ කාලසීමාව දක්වන්න පුළුවන්. විද්‍යා සංනිවේදකයෙකු හැටියට අද thathu.com ලිපියෙන් අප අදහස් කරන්නේ වෛරස විකෘතිවීම හා නව ප්‍රභේද, විචල්‍යයන් හටගැනීම සම්බන්ධයෙන් විද්‍යාත්මක පදනමක සිට සාකච්ඡා කිරීමටයි.
SARS-CoV-2 වෛරසයේ නව විචල්‍යයන් COVID-19 රෝගීන් සංඛ්‍යාව සහ ඉන් ආසාදනය වීමෙන් සිදුවන මරණ සංඛ්‍යාව ද ඉහළ නංවමින් ලොව පුරා ඉතා දැඩි බලපෑමක් එල්ල කරයි. එහෙත්, එම එක් එක් වෛරසය, ආසාදිත මනුෂ්‍ය ප්‍රාණියෙකුගේ සෛල තුළ දී විභාජනය වෙද්දී ඒවායේ වැදගත් විපර්යාසයන් හට ගනී. එකී ආසාදනයන්ගේ ස්වභාවය — කෙතරම් වේගයෙන් ප්‍රතිවලින වන්නේද සහ කොපමණ කාලයකටද?– යන්න ඒවා නව සහ වඩාත් කරදරකාරී විකෘතීන් මතුවීමට ඇති හව්මාව තීරණය කරනු ඇතැයි පර්යේෂකයෝ පවසති.

යම් පුද්ගලයෙකු (වෛරසයකින්) ආසාදනය වූ විට, අපට සිතා ගන්නවත් බැරී වේගයකින් හෙවත් අනුපාතයකින් වෛරසය ගුණනය වෙන්න(බෝ වෙන්න) පටන් ගන්නේ, දින කිහිපයක් ඇතුළත වෛරස අංශු බිලියන ගණනින් නිපදවමිනුයි. සෑම ප්‍රතිවලින චක්‍රයක්(replication cycle) ඇතුළත මෙසේ අනුපිටපත් සෑදීමේ දී සුළු දෝෂ හට ගනියි. ඉතින්, ඉතාමත් ඉක්මණින් එකිනෙකින් ඉතා මද වශයෙන්වෙනස් වූ (සෛලයක හෝ ප්‍රාණියෙකු තුළ ඇති ජාන හෝ ප්‍රවේණි ද්‍රව්‍ය සම්පූර්ණ ගොල්ලක් ලෙස දැක් විය හැකි)ජෙනෝම(genomes) ඉතා විශාල ප්‍රභේද සංඛ්‍යාවක් ඉස්මතුවෙයි. (DNA වැනි නියුක්ලෙයික් අම්ල වල මූලික ව්‍යුහාත්මක ඒකක තනන) නියුක්ලියොටයිඩ හුදු 30,000 පමණක් පරායනය කරන සහ එමෙන්ම, ඕනෑම එක් තනි පිහිටීමක් වෙනස් කිරීමේ ක්‍රම තුනක් පමණක් ඇති SARS-CoV-2 ජෙනෝමය ආසාදිත පුද්ගලයෙකු තුළ සිදුවිය හැකි සෑම විකෘතියක්ම ඇති කිරීමේ හැකියාව ඇත.
මෙම විපර්යාසයන්ගෙන් විශාල බහුතරයක් වෛරසයට වාසියක් සලසන්නේ නැති අතර එසේ පැවරිය හැකි (වාසියක් සැලසෙන) සුළු කොටසට පවා ඊළඟ පුද්ගලයාට ඒවා පැවරීම පිණිස ඇත්තේ ඉතා සුළු ඉඩකි. 2020 දි පළකෙරුණු පර්යේෂණ වාර්තාවක් ඇස්තමේන්තු කරන අන්දමට එක් අයෙකු තවත් පුද්ගලයෙකු ආසාදනය කරන විට සම්ප්‍රේෂණය වන්නේ වෛරස අංශු 1000ක් පමණය. එහෙත්, එමරි විශ්වවිද්‍යාලයේ Katia Kölle විසින් පසුව සිදු කරන ලදුව, නැවත විශ්ලේෂණයක් හැටියට එළිදැක් වූ, පෙබරවාරියේ පූර්ව-ප්‍රකාශ(මුද්‍රණයෙන් පළකිරීමට පෙර) වාර්තාවක් මගින් නිගමනය කරන ලද්දේ සාර්ථක(වෛරස) සම්ප්‍රේෂණ සියල්ල අතුරෙන් 99%ක්ම පැමිණියේ වෛරස අංශු තුනක් හෝ අඩු ප්‍රමාණයකින් බවයි. මීට සමීප මතයක් ඉදිරිපත් කරමින් ඔක්ස්ෆර්ඩ් සරසවියේ පරිණාමීය ජීවවිද්‍යාඥ Katrina Lythgoe විසින් අප්‍රියෙල් මස Science හි පළකෙරුණු අධ්‍යනයකින් දැක් වූයේ ආසාදනයේ දී සම්ප්‍රේෂණයවන වෛරස අංශු එකේ සිට අට අතරතුර සංඛ්‍යාවක් ලෙසය.

මෙයින් අදහස් කෙරෙන්නේ, කලින්ම විකෘතියක් හටගෙන ධාරකයා තුළ ඉක්මණින් ප්‍රමුඛ බවට පත්වන තරමටම වෛරසයට විශාල වාසියක් ගෙන නොඑන්නේ නම් ඊට සම්ප්‍රේෂණය වීමට ඇති හැකියාව මදය. මෙය පැහැදිලිවම වෛරසයේ පරිණාමයට බාධාවකි. ” සම්ප්‍රේෂණයෙ දී මෙවැනි හිර කපොලු ඇති විට ජනගහන මට්ටමේ දී උපයෝජ්‍ය පරිණාමය මන්දගාමී වන්නේ යයි පොදුවේ කල්පනා කරන බව” Kölle පැහැදිලි කර දෙයි.
මෙය නම් මානව වර්ගායා හට සුබ ආරංචියක් ලෙස පෙණි යා හැකියි: ඒත් ගෝලීය වශයෙන් SARS-CoV-2 ආසාදන අතිදැවැන්ත ප්‍රමාණයක් තිබීම හේතුවෙන් ඒ වාසිය හිලව් වී යන්නේ යයි Fred Hutchinson පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානයේ පරිණාමීය ජීවවිද්‍යාඥවරයෙකු වන Jesse Bloom කියා සිටී. එපමණක් ද නොව වෛරසය සතුව කෙටි මගක් තියනවා විය හැකියි. බොහෝ පුද්ගලයන් අතරේ (ශරීර) ප්‍රතිශක්ත පද්ධතිය මගින් දින කිහිපයක් ඇතුළත ආසාදනය මැඩලනු ලැබේ. එසේ වුවද සුළු පිරිසක් තුළ, මාස ගණන් කල් ගතවෙන දුස්සාධ්‍ය ආසාදන වර්ධනය වෙයි. එය, (වෛරසයේ) විකෘතීන් ඒකරාශී වී ප්‍රමුඛ බවට පත්වන්නේ ඒවා සම්ප්‍රේෂණවීමේ අවස්ථා ඉහළ දමමිනි. කෙටිකල් පවතින තීව්‍ර(දරුණු) ආසාදනයක දී (වෛරස) පරිණාමය වඩත් ළංවන්නේ “රූලට් ක්‍රිඩාවකට” යයි Kölle පෙන්වා දෙයි, එහෙත් කල්ගත් රෝගී තත්ත්වයක් දී “එම වාතාවරණයට හැඩ ගැසීමට(අනුහුරුවීමට) අවශ්‍ය කාලය තිබෙනවා”.
එකවරම විකෘතීන් විශාල ප්‍රමාණයක් සහිතව 2020 වසර අවසානයේ ප්‍රථම වතාවට එක්සත් රාජධානියේ ඇල්ෆා ප්‍රභේදය ඉස්මතු වූ බව පෙණී යාම කල්ගත ආසාදන මගින් පැහැදිලි කර ගනු ලැබීමට හැකිවේ. සෛදාන්තිකව ගතහොත්, රට තුළට පැමිණීමට පෙරම ඇල්ෆා ප්‍රභේදයට එකී වෙනස්කම් එකින් එක අත්පත් කර ගැනීමට හැකියාව තිබුණ බව එඩින්ගර්ග් විශ්වවිද්‍යාලයේ Andrew Rambaut කියා සිටියි. එහෙත්, එහි ජෙනෝමයේ බොහෝ කොටසක් එම කාල වකවානුවේ එක්සත් රාජධානියේ පැවති අනෙකුත් වෛරසවලට සමාන කමක් දැක්වීමෙන් හැඟවෙන්නේ දේශීය නැතිනම් ස්ථානීය වෛරසයක් එක් තනි රෝගියෙකු තුළ විස්තීරණ පරිණාමයට බඳුන් වන්නට ඇත යන්නය. “මම නම් තාමත් විශ්වාස කරන්නේ වඩාත් හොඳ පැහැදිලිකිරීම කළ හැක්කේ කල්ගත ආසාදන වලට තමයි කියලයි” යනුවෙන් Rambaut සඳහන් කරයි.

COVID-19 ප්‍රතිකාර කල්ගත රෝගීන් තුළ (වෛරස) පරිණාමය වේගවත් කිරීමට පුළුවන. SARS-CoV-2 ඉලක්ක කරගත් නුමුහුන් ප්‍රතිදේහයකින්(monoclonal antibody) ප්‍රතිකාර කෙරුණු ප්‍රතිශක්තිය හීනව පැවති රෝගීන් හයදෙනෙකු ගැන දත්ත ජර්මනියේ පර්යේෂකය්යන් පිරිසක් විසින් ජූලි මසයේ දී ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඉන් රෝගීන් පස්දෙනෙකු තුළ වෛරසයට ප්‍රතිශක්ති පද්ධතිය මග හැරීමට උපකාරවන බව සැලකෙන විකෘතියක් වන E484K එය (වෛරසය) මගින් අත්පත් කරගනු ලැබීය. රෝගීන් පස්දෙනාම තුළ වෛරසය පොළාපැන්නේය.
කරුණු කාරනා එසේවුවත්, නව ප්‍රභේදයන්ගේ ප්‍රභවය කල්ගත් රෝගීන් බවට ඇත්තේ පරිවේෂණ සාක්ෂි බව Bloom අවවාදාත්මකව පෙන්වාදෙයි. දුස්සාධ්‍ය ආසාදන වර්ධනය නොවන එහෙත් SARS-CoV-2 වෛරසය පහකර ගැනීමට සාමාන්‍යයට වඩා කාලයක් ගන්නා පුද්ගලයන්ට වුව විකෘතීන් ජනනය කොට පතුරුවා හැරීමට පුළුවනැයිද එවැන්නන් බොහෝ සේ ඇතැයි ද Lythgoe පවසයි: “SARS-CoV-2 වැනි උග්‍ර වෛරසවල පරිණාමය ඇත්තටම ප්‍රේරණය කරන ආසාදන මේවා ද? සැබවින්ම ඇසිය යුතු ප්‍රශ්නයක්ම තමයි!”
AAAS Science (20 AUGUST 2021) සඟරාවෙහි පළ වූ Do chronic infections breed dangerous new variants? යන ලිපිය ඇසුරෙනි