ගොඩබිම ඇවිදින, දිය යට පියාඹන පෙන්ගුයින්!

Posted by

ගොඩබිම ඇවිදින දිය යට පියාඹන පෙන්ගුයින්!

පෙන්ගුයින් කියන්නේ කළු කබායක් පොරවලා වගේ කළු පැහැ පිටත කොටසක් සහ සුදු ඇතුළත කොටසක් සහිත දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයේ විශේෂ දෙකක්ද සහ සෙසු විශේෂ අර්ධ ඇන්ටාක්ටිකාවේ හෝ දකුණු ඇමරිකාවි, දකුණු අප්‍රිකාවේ, ඕස්ට්‍රේලියාවේ,  නව්සීලනතයේ හා බොහෝ ශාන්තිකර දූපත් ආදියේ ද වසන පක්ෂී විශේෂයක්. 

පක්ෂී  කියල කියන නිසයි අහන්නේ, ඇත්තටම පෙන්ගුයින්ලාට පියාඹන්න පුළුවන් ?

මොකද බැරි, ඇත්තටම පියාඹන්න පුළුවන්. හැබැයි වෙනත් කුරුල්ලන්ට වගේ අහසේ පියඹා යන්න බැහැ තමයි. ඒත් දියයට පියඹා යන්න දක්ෂයි.

සාමාන් කුරුල්ලෙකුට වගේ අහසේ පියාසර කරන්න බැරි කෙනෙක් කොහොමද සාමාන් කෙනෙකුට බැරි  වැඩක් වන දිය යට පියාඹන්නේ?

අපි හොයලා බලමු. අපි කලින් සඳහන් කළේ පෙන්ගුයින් දිය යට පිහිනනවා කියල නොවෙයි පියාසර කරනවා කියලා. අපි කවුරුත් දන්නවා පෙන්ගුයින්ලාට අත් වගේ නැතිනම් අත් ත‍ටු දෙකක් වගේ පියා පත් දෙකක් තියෙනවා. මේවාට කියන්නේ අවල්පත්(flippers) කියලයි. මේ අවල්පත් කියන විශේෂ ත‍ටු පහල පැත්තට හෙලන්න පෙන්ගුයින් පාවිච්චි කරන්නේ එයාගේ පපුවේ මාංශ පේශී යි. ඒත්, අවල්පත් උඩට ගන්න යොදා ගන්නේ උරබාහුව  අතර මාංශ පේශී යි.

මේ ආකාරයට අත් ත‍ටු සලන්න පපුවේ මාංශ පේශී යි, උරබාහුව  අතර මාංශ පේශී යි යන දෙවර්ගයම භාවිත කරන අනෙකුත් එකම කුරුළු වර්ගය ගුවනේ පියාසර කරන ගුමන කුරුල්ලන්  (Hummingbirds)  පමණමයි.

පක්ෂීන් බොහොමයක්ම භාවිත කරන්නේ සිය පපුවේ හෙවත් ළයෙහි මාංශ පේශීය. මේක වඩාත් විදු හුරු බසින් කීවොත් මෙය හඳුන්වනු ලබන්නේ ‘බලගැන්වූ යටි පහර'(“powered downstroke”) ලෙසයි. පෙන්ගුයින් සහ ගුමන කුරුල්ලන් හට බලගැන්වූ උඩු පහරක් ද ඇතත් අනෙකුත් කුරුල්ලන්ට ඇත්තේ නිෂ්ක්‍රිය උඩු පහරකි.

පියෑඹිමට නොහැකි පක්ෂි විශේෂයක් වන පෙන්ගුයින් (දිය යට වුවත්) පියාසර කිරීමට අනෙක් කුරුල්ලන්ට වඩා දැඩි වෙහෙසක් ගන්න ඕන. එසේ දැඩි වෙහෙසක් ගත්තද, දියයට දී පෙන්ගුයින්ලා බොහොම වේගයෙන් යනවා. විශේෂයෙන්ම, මත්ස්‍යයන් වැනි  සිය අහර හඹා යද්දී වේගයෙන් යනවා. ඒවගේම, ඔවුන් (ජල ප්‍රවාහයට) ප්‍රතිරෝධය අඩුකර ගන්නේ ඔවුන්ගේ පාද සිරුර ආසන්නයේම, ඔවුන්ගේ ‘වලිග’ යට තබා ගැනීමෙනුයි. එසේවුවත්, පෙන්ගුයින්ලාට ගමන් මග වෙනස් කිරීමට අවශ්‍ය වූ විට ඔවුන් සිය පාද හිස පමනක් නොව ඇතෑම් විට වලිගය පවා භාවිත කරනවා.

ඒ අනුව, පෙන්ගුයින්ට දකුණට හැරීමට වුවමණා වු විට උන්ගේ දකුණු කකුල පහතට දමන අතර ඔවුන්ගේ හිස මදක් දකුණට හරවනවා. අනෙක් අතට, පෙන්ගුයින්ට වමට හැරීමට වුවමණා වු විට උන්ගේ වම් කකුල පහතට හෙළන අතර ඔවුන්ගේ හිස මදක් වමට හරවනවා. දෙපැත්තෙන් කොයි පැත්තට හැරීමේ දී වුණත් පෙන්ගුයින් වලිගය උඩට එසවීමට පුළුවන. ගමන නතර කිරීමට අවශ්‍ය වු විට ඔවුන් කරන්නේ පාද පහතට හෙළා, වලිගය උඩට ගෙන සිය අවල්පත් ගැසීම නතර කිරීමයි.

පෙන්ගුයින්ලාගේ ශරීර,  ගුවනේ පියාසර කරන වෙනත් පක්ෂීන්ට වඩා අනෙකුත් ආකාර වලින් ද වෙනස් වෙයි. ගුවනේ සරන  කුරුල්ලන්ගේ සිරුරු බරින් අඩු විය යුතුයි. ඒ නිසාවෙන්, එවැනි පක්ෂීන්ගේ අස්ථි නැතිනම් ඇට විශේෂ කුහර සහිතයි. හරියට ස්විස් චීස්වල ඇති හිල් වගේ. ඒත් ඉතින්  ගුවනේ පියාසර නොකරන පෙන්ගුයින්ලාට දියයට පියාසර කරන්න එතරම් සැහැල්ලු සිරුරක් අවශ්‍ය නැති නිසා ඔවුන්ගේ අස්ථි සියල්ල ඝනයි.

එපමණක් ද නොවෙයි, ගුවනේ පියාසර කරන පක්ෂීන්ගේ පියාපත් නැමිය හැකියි. එහෙත් මෙතැන ද වෙනසක් තිබෙනවා. පෙන්ගුයින්ගේ අවල්පත් නැමිය නොහැකියි. ඒ කියන්නේ, ඔවුනට සිය අවල්පත් බිඳ දමාගන්නේ නැතුව ශක්තිමත් ආකාරයෙන් (දිය යට) පියාසර කරන්න පුළුවන් කියන එකයි.

පෙන්ගුයින්ලා දිය ගොඩ දෙකේම ජීවිතයට අනුගත වුණු පක්ෂීන්. ඔවුන් සයුරෙන් සිය අහර සොයා ගැනීමට් පුරුදුව සිටිනා අතර ගොඩ බිම ජීවත් වෙමින් කැදැළි තැනීම, බිජු ලෑම සහ පැටවුන් ඇති දැඩි කිරීම සිදුකරනවා.

ඇත්තටම ඔවුන් පුදුමාකාර පක්ෂි විශේෂයක් – සත්ව විශේෂයක්!

CURIOUS KIDS (the Conversation) හී  පළවන Do penguins fly underwater?   යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.