ඊශ්‍රාලයේ කොවිඩ්-19 බූස්ටර් එන්නත් ආසාදන වළක්වන බව නව අධ්‍යන හෙළිකරයි

Posted by

ඊශ්‍රාලයේ කොවිඩ්-19 බූස්ටර් එන්නත් ආසාදන වළක්වන බව නව අධ්‍යන හෙළිකරයි

තුන්වැනි මාත්‍රාව ගැනිමෙන් පසු  ගතවන සති වලදී ආරක්ෂාව ඉහල යතත්, (එන්නතෙහි) බලපෑම කොතෙක් කල්පවතින්නේ ද යන්න අවිනිශ්චිතය. මේ ආදී හේතු නිසා SARS-CoV-2ට එරෙහි එන්නතක තුන්වැනි මත්‍රාව ලබා දීම සාර්ථක ක්‍රමවේදයක්ද යන්න  මතභේදාත්මක මතෘකාවක් බවටපත්වතිබේ. අද(thathu.com) ලිපියෙන් දැක්වෙන්නේ ඒ පිළිබඳ විද්‍යාත්මක විග්‍රහයකි.

ඊශ්‍රාලය සිය වැසියනට COVID-19 අනුපූරක එන්නත්(vaccine boosters) ලබාදීම උදෙසා එම රට පුරාවට අරඹා ඇති එන්නත් ව්‍යාපාරයෙන් එන්නත් ලාභීන්ට  වාසි සැලසෙන බවක් පෙණියයි. නව අධ්‍යයන දෙකකින් පෙන්නුම් කරන්නේ (Pfzer-BioNTech) එන්නතින් තුන්වැනි මාත්‍රාවක් ලබා දුන් විට (වෛරසයෙන්) අසාදනය වීමේ අවදානම සෑහෙන ලෙස අඩුවන බවයි.

එන්නතෙහි තුන්වැනි මාත්‍රාව ලැබූවන් ඊට සති දෙකකට පසු SARS-CoV-2 ආසාදිය යයි නිර්ණය වීමේ අවස්ථාව 10 ගුණයකට වැඩියෙන් පහළ යන බව ඒ රට සෞඛ්‍ය අමාත්‍යාංශය අගෝස්තු අග එළි දැක්වූ වාර්තාවක දැක්වේ. පසුගිය අඟහරුවාදා එළි දු‍ටු පූර්ව-මුද්‍රණ (මුද්‍රණයට පෙර එළිදක්වන) පෝස්‍ටුවක දැක්වෙන අන්දමට (තුන්වැනි) මාත්‍රාව ලබා 1 සතියකින් ආසාදිතයයි තීරණය වීමේ අවස්ථාව හරි අඩකින් පහල යන බවත්, 2 වැනි සතියෙන් පසුව එය තවත් අඩු වන බවත් සෞඛය පරිපෝෂණ සංවිධානයක(health maintenance organization (HMO)) දත්ත භාවිත කරමින් පර්යේෂකයෝ ගණනය කළහ.

ඊශ්‍රාලය තුළ (SARS-CoV-2)යේ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වෙද්දී ආතුර සංඛ්‍යාව සහ රෝහල් ගතකිරීම් දිගටම ඉහළ යමින් පවතී. අගෝස්තු 30 සඳුදා එරටෙහි අළුතෙන් ආතුරයන් 10,947ක් වාර්තා වූ අතර එම සංඛ්‍යාව  කොවිඩ් ගෝලීය වසංගතය හට ගත්තාට පසු එරට දිනක වාර්තා වූ වැඩිම සංඛ්‍යාවයි. එහෙත්, වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින්ට මෙම mRNA වැක්සීනය ලබා දීමෙන්, වයස්ගත ජනතාව අතර රෝගී සංඛ්‍යා (ඉහළ යාම) ජූලි 31දායින් පසු සති තුළ මන්දගාමී වෙන්නට පටන් ගත්තේය. එය සැලකෙන්නේ අනුපූරක එන්නත් ක්‍රියාකාරී විය හැකි බවට සළකුණක් ලෙසය. වයස අවුරුදු 12ට වැඩි, එමෙන්ම සිය දෙවැනි මාත්‍රාව අඩුතරමින් මාස 5කට පෙර ලබාගත් සියළුදෙනා ආවරණය වන පරිදි ඊශ්‍රාලය සිය බූස්ටර් වැඩ සටහන් ව්‍යාප්ත කරන බව අගෝස්තු 29 දා ප්‍රකාශයට පත් කළේය. රජය  31 දා ප්‍රකාශ කර සිටියේ මිලියන 2.1ට වැඩි ජනතාවක්  දැනටමත් තුන්වැනි මාත්‍රාව ලබා ගෙන අවසන් බවයි.

AHA endorses third dose of COVID-19 vaccine for patients with heart  transplants, others

අනුපූරක එන්නත් හෙවත් බූස්ටර් එන්නත් වලට ආසාදන අඩු කළ හැකිය යන්න පුදුම සහගත දෙයක් නොවේ යයි  Johns Hopkins සරසවියේ වසංගතවේ දී ඩේවිඩ් ඩව්ඩි(David Dowdy) කියා සිටියි. ” අපේ අරමුණ වන්නේ කෙනෙකුට ඉහළ මට්ටමේ කෙටි කාලීන ප්‍රතිශක්තියක් ලබාදීම නම්, ප්‍රශ්නයක් නැහැ අනුපූරක මාත්‍රාවක් හරහා ඒක ඉ‍ටු කර ගන්න එක තමයි හොඳම ක්‍රමය” ඔහු කියයි. වර්තමානයේ ඇති එන්නත් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව තවමත් ඵලදායි බවට සාක්ෂි ද නව සොයාගැනිම් මගින් එක්කෙරේ. කෙසේවෙතත්, ඩව්ඩි පෙන්වා දෙන්නේ, අධ්‍යනවලින් ආවරණය වන්නේ අනුපූරක එන්නත් ලබාදීමෙන් පසුව සුළු කාල පරාසයක් පමණක් නිසා (බූස්ටරයෙන් සැලසෙන)  වැඩි ආරක්ෂාව කොපමන කල් පවතීත ද යන්න  අවිනිශ්චිත විය හැකි බවයි.

ඊශ්‍රාලයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ විශ්වවිද්‍යාල කිහිපයක පර්යේෂකයෝ වයස 60ට වැඩි මිලියන 1.1කට අධික ඊශ්‍රායල ජාතිකයන්ට අදාලව ‍රැස් කර ඇති  අමාත්‍යංශයේ පරිගණක දත්ත ගබඩාවේ තොරතුරු විශ්ලේෂණය කර බැලූවේ, ජූලි 30 සහ අගෝස්තු  22 අතර COVID-19 ආසාදන නිර්ණයන් සහ පුද්ගලයින් අනුපූරක මාත්‍රාවක් ලබා ගත්තේද සහ ( එසේනම්) කවදා ද යන්න අතර සහසම්බන්න්ධ(correlate) කරමිනි. පුද්ගලයින් තුන්වැනි මාත්‍රාව ලබාගෙන දින 12ක් යද්දී ආසාදනය වීමේ අවදානම 10ගුණයකින්  අඩු වූ බව පර්යේෂකයන්ට පෙණී ගියේය. ඒ අනුව, එය දෙවැනි මාත්‍රාව ලත් විගසම වාගේ ඇතිවූ  95% පරාසයේ ආරක්ෂාව කරා යළිපැමිණීමකි. අවදානම 15 ගුණයකින් අඩු කරමින් දරුනු රෝග තත්ත්වයකට එරෙහිව (තුන්වැනි මාත්‍රාවේ) බලපෑම තවත් අධික විය. එසේවුව ද, කතුවරුන් අවවාද වශයෙන් දැනුම් දෙන්නේ අධ්‍යනයට සම්බන්ධවූ දරුණු  තත්ත්වයේ රෝගීන් ස්වල්ප සංඛ්‍යාව සහ අධ්‍යනයේ කෙටි කාල රාමුව සැලකිල්ලට ගන්නා විට එහි ප්‍රතිඵල බෙහෙවින් අවිනිශ්චිත විය හැකි බවයි.

අනෙක් අධ්‍යනය  සිදු කෙරුණේ  ඊශ්‍රාලයේ දෙවැනියට විශාල සෞඛය පරිපෝෂණ සංවිධානය(HMO) වන (Maccabi Healthcare Services (MHS)) හි KSM පර්යේෂණ සහ නවෝත්පාදන ආයතනයේ පර්යේෂකයන් විසිනි. ඔවුන් යේල්() මහජන සෞඛ්‍ය පාසලේ පර්යේෂකයන් හා සම්බන්ධ වූයේ,  MHS හි මිලියන 2.5ක් වූ සාමාජික වාර්තා විමසිල්ලට ගෙන බූස්ටර් මාත්‍රාවක වේලපහ බලපෑම මතු කර ගැනීමටය. මෙම සාමාජික සංඛ්‍යාව ඊශ්‍රායල ජනගනයෙන් හතරෙන් එකකට වැඩිය.

තවද, වයස අවුරුදු 40ට වැඩි MHS සාමාජිකයන් 153,753 අතරේ අගෝස්තු මාසයේ මුල් සති තුන ඇතුලත සිදුකෙරුණු පීසීආර්(polymerase chain reaction) පරීක්ෂණ 182,076ක ප්‍රතිඵල  මෙම ඒකාබද්ධ පර්යේෂක කණ්ඩායම විශ්ලේෂණය කර බැලූහ. මෙහිදී ඔවුහු, සෘණ ප්‍රතිඵල(අසාදිත නොවන) ලත් අය සහ ධන ප්‍රතිඵල(ආසාදිත) ලාභීන් සංසන්දනය කර බැලූහ. මාත්‍රා දෙකක් පමණක් ලත් පුද්ගලයෙකු හා සමග සැසඳීමේ දී අනුපූරක මාත්‍රාව ගෙන දින 7ත් 13ත් අතර පුද්ගලයෙකු ධන ප්‍රතිඵල අත් කර ගැනීමේ අවස්ථාව 48%කින් පහළ වැටිණ; (අනුපූරක මාත්‍රාව ගෙන) දින 14 සිට 21 දක්වා කාලයක් ගතවු තැන මෙම අවස්ථාව 70%කින් පහළ වැටිණ. නව ආසාදන ගැන මිස  දරුණු රෝග තත්ත්වය ගැන අධ්‍යනයේ දි සොයා නොබැලිණ.

මෙම ප්‍රතිඵල සතු‍ටුදායක ආරංචියක්ලෙස සැලකිය හැකි වුවත් ඩව්ඩි කියා සිටින්නේ බූස්ටර් එන්නත් පුළුල්ව ලබාගැනිමට සැලස්වීම ප්‍රඥාගෝචර බව ඉන් ඔප්පු නොවන්නේය යනුවෙනි.”වැදගත් වන්නේ බූස්ටර් මාත්‍රාවක් කෙටි කාලීනව ප්‍රතිශක්තිය ඉහල දමන්නේ ද යන්න නොව ඉන් මාස ගණනක් තිබෙන දිගු කල් පවතින අර්ථවත් වර්ධනයක් ඇතිකරන්නේ ද ඒ වගේම එසේ නම් ඊට යෝග්‍යවන  පරතරය කුමක්ද යන්නය” යි ඩව්ඩි කියා සිටියි, ” ඒත් මේ වගේ තීරණාත්මක ප්‍රශ්න වලට පිළිතුරු තවමත් අවිනිශ්චිතය.”

අධ්‍යනය මෙහෙයවීමේ දි සහයෝගීතාව දැක් වූ යෙල් හී ඩැනියෙල් වේන්බර්ගර්(Daniel Weinberger) ද ඊට අනුකූලතාව දක්වමින් “කෙටිකාලීන ආරක්ෂව කියන්නේ ප්‍රහේලිකාවේ එක් කොටසක් පමණයි” යනුවෙන් පවසයි.

අනුපූරක මාත්‍රාවේ අතිරේක ප්‍රතිශක්තිය කඩිනමින් පහව යන්නේ නම්, නැතහොත් බූස්ටර් වැඩසටහන් ආවේක්ෂණය වෑයම් අවුල් කරන්නේ නම් හෝ කිසිම එන්නතක් නොලත් අයට එන්නත් ලබාදීම අවහිර කරන්නේ නම් (අනුපූරක මාත්‍රා ලබාදීමේ)  වෑයම් වලින් දිගු කාලීන බලපෑමක් ඇති නොවේ:” කිසියම් නිශ්චිත විරාමයක් තුළ  ජනතාවට අනුපූරක මාත්‍රා ලබාදීම නිවැරදි ක්‍රමවේදය දැයි ප්‍රකාශ කිරීමට මත්තෙන් අපට වඩාත් දිගු කාලීන දත්ත අවශ්‍යයි” ඩව්ඩි පෙන්වා දෙයි.

AAAS Science හී පළවන Israel’s COVID-19 boosters are preventing infections, new studies suggest යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.