කුරුල්ලෙක් පත්තෑයෙකු කනවා මිස පත්තෑයෝ කුරුල්ලන්ව කනවා අසා තිබේ ද?
මාංස අනුභව කරන ශතපාදිකයන්, මුහුදු පක්ෂීන්ව ආහාරයට ගන්නා ආකාරය පළමු වරට පර්යේෂකයන්ගේ නිරීක්ෂණයට ලක්වේ. මේ ශතපාදිකයන්ගේ හෙවත් පත්තෑයන්ගේ ආහාරයෙන් 48% ක් පමණ පෘෂ්ඨවංශීක සතුන්ගෙන් සමන්විත බව කණ්ඩායමට පෙණි ගියහ.
දකුණු පැසිෆික් දූපතක සිටින මෙකී යෝධ, මාංශ භක්ෂක ශතපාදිකයන් සෑම වසරකම මුහුදු පක්ෂි පැටවුන් 3,700 ක් පමණ මරා ආහාරයට ගත හැකි බව නවතම අධ්යයනයකින් හෙළි වී තිබේ. ඕස්ට්‍රේලියාවෙන් සැතැපුම් 870ක්(කිලෝමීටර 1,400ක්) නැගෙනහිරින් පිහිටි පිලිප් දූපතෙහි(Phillip Island) වසන මෙම ශතපාදිකයන් වර්ගය හඳුවනු ලබන්නේ Cormocephalus coynei යන විද්‍යාත්මක නාමයෙනි. මොවුන් අඩි 1 කටත් වඩා (සෙන්ටිමීටර 30) පමණ දිගට වැඩෙන අතර සිරුර දිගේ ඇති කොටස් සැමකක්ම සන්නද්ධ තහඩු ආකාර පොතුවලින් වැසීතිබේ. මේ ප්‍රචණ්ඩ මෘගයන්ට නොදැනුවත්වම හසුවන වින්දිතයන් අඩපණ කිරීම පිණිස ඔවුහු ඩැහි අඬු වැනි ෆ්ෆ්ෆ්ෆ් වලින් දරුණු විෂ ගොදුරට ගන්නා සතුනට විදිති.

කෙසේනමුත් පර්යේෂකයන් වඩාත් උනන්දුවක් දැක්වූයේ මෙම සියක් පාද සහිත රාක්ෂයන්ගේ දරුණු ආහාර රටාව ගැන සොයා බැලීමටය. Pterodroma nigripennis යන විද්‍යාත්මක නමින් දැක්වෙන කාල වර්ණ පියාපත් සහිත රැළියන්(Petrel) හෙවත් මුහුදු පරෙවියන් නම් වූ මේ කුඩා මුහුදු පක්ෂී විශේෂයේ පැටවුන් දහස් ගණනින් වසරක් පාසා දඩයම් කර කා දමන මේ යෝධ පත්තෑයෝ පිලිප් දූපතේ අවිවාදිත අග්ර විලෝපියෝවෙති. තවද, මොවුන් දූපතේ පරිසර පද්ධතියෙනහි ඉතා වැදගත් අංගයකි. “එක අර්ථයකින් ගත් කල, ඔවුන් දිවයිනේ නොසිටින විලෝපීය ක්ෂීරපායින්ගේ ස්ථානය (හෙවත් පාරිසරික අවකාශයය) හිමි කරගෙන තියෙනවා” පර්යේෂකයෝ කියා සිටිති.

දුර බැහැරක පිහිට් මෙම දූපත වෙත රාත්‍රිය එළඹෙත්ම, සිය තිත්පොළවලින් මතු වන් පත්තෑ විලෝපියෝ, සිය වින්දිතයින් ගොදුරු සෙවීම අරඹති. සංවේදී අන්තිනාවන් හෙවත් ස්පර්ශක(antennas) දෙකක් උපයෝගී කරගනිමින් ඔවුහු සිය දඩබිම වන වනබිම හරහා ගමන් කරති. කළු පියාපත් ඇති රැළියන් සිය වාසභූමි වන ගුල් නැතිනම් බෙන තනන්නේ වන බිමෙහිය. එබැවින් ඔවුන්ගේ පැටවුන් පත්තෑ විලෝපියන්ගේ ප්‍රධාන ඉලක්කය වේ. කුරුළු පැටවුන් බෙන තුළට වී විවේකීව සිටිනා විට පත්තෑයන් පහර දෙන්නේ කුඩා කුරුලු පැටවුන්ගේ බෙල්ල පිටුපස මස් ඉරා දමමිණි. ඉන් නොනවතින ඔවුහු, (වින්දිතයන්ට) මාරාන්තික විෂ එන්නත් කර, අඩපන කිරීමෙන් පසුව පණපිටින්ම කුරුළු පැටව් ආහාරයට ගනිති. මෙසේ දඩයමේ යෙදී සිටිනා විටම නිරීක්ෂණය කිරීමෙන් සහ ඔවුන්ගේ ආහාර බොක්කෙන් මෙන්ම වින්දිතයන්ගේ අවශේෂවලින් ලබා ගත් පටක සාම්පල විශ්ලේෂණය කිරීමෙන් පර්යේෂකයන් ගණන් බලා තිබුනේ සෑම වසරකම මේ පත්තෑයන් මෙම මුහුද් පරෙයි පැටව් දළ වශයෙන් 2,109 සිට 3,724 ක් පරිභෝජනය කරන බවයි.
පර්යේෂකයන් දක්වන අන්දමට, පත්තෑයන් මුහුදු පක්ෂීන් ගොදුරු කරගන්නා ආකාරය වාර්තා වන ප්‍රථම අවස්ථාව මෙම අධ්‍යයනය බව සැලකේ. මේ විලොපියන් දඩයම් කරන්නේ මුහුදු කුරුළු පැටවුන් පමණක්ම නොවේ: හූනන්, හිකනලුන්, රැහැයියන් සහ කසළගත මාළු පවා ඔවුන් ආහාරයට ගන්නා ආකාරය නිරීක්ෂණය වී ඇත..
පත්තෑයන් රාත්‍රී කාලයේ දඩයමේ යෙදී සිටිය දී පර්යේෂක කණ්ඩායම පැය 132 ක කාලයක් තිස්සේ නිරීක්ෂණය කළහ. පත්තෑයන්ගේ ආහාර වේල ගැන පුරෝකථනයක් කිරීම සඳහා ඔවුන් රැස්කර ගත් දත්ත ආදර්ශ මොඩලයකට ඇතුළු කිරීමෙන් පසුව, පර්යේෂකයන් සොයා ගත් පරිදි, විලෝපිකයින්ගේ ආහාර ගැනීමෙන් 48% ක් ලැබෙන්නේ පෘෂ්ඨවංශික සතුන්ගෙන් වන අතර එයිනුත්, දළ වශයෙන් 8% ක් තනිකර මුහුදු කුරුළු පැටවුන්ගෙනි.
බඩගාමින් යන්නන් වුවත්, මේ පත්තෑයන් දැඩි ආහාර රුචිය ඇත්තන්ය. මොවුන්ගේ මේ ‘මහා බඩගින්න’ දිවයිනේ පරිසර පද්ධතියට අත්‍යවශ්‍ය වන, හිතකර වන කාරණාවක්ම වෙයි. දිවයින් වාසී සතුනට පෝෂ්‍ය පදාර්ථ ගෙන එන්නේ මහ මුහුදයි. රැළියන් හෙවත් මුහුදු පරෙවියන් ද යැපෙන්නේ එයිනි. ඉතින් දිවයිනේ වෘක්ෂලතාදිය නැවත වැඩීමට මේ පත්තෑයන්ගේ දායකත්වය බෙහෙවින් වැදගත් වේ. 1788 දී දූපත දඩුවම් විඳින්නන් සඳහා වෙන් කළ යටත් විජිතයක් බවට පත් කිරීමෙන් පසු ඌරන්, එළුවන් සහ හාවන් හඳුන්වා දීමෙන් දූපතෙහි ගහ කොළ විශාල ලෙස විනාශ විය.
විසිවන සියවසේ මුල වන විට ඌරන් සහ එළුවන් ඉවත් කරන ලද අතර 1980 ගණන් වල සිට අසල්වැසි නොර්ෆොක් දූපත් ජාතික වනෝද්‍යානය මඟින් සංරක්‍ෂා කිරීමේ ප්‍රයත්නයන් ආරම්භ කිරීමත් සමග ඉතිරි වූ හාවන් ද ඉවත් කර ගැනිණ. එය, මුහුදු කුරුළු සහ පත්තෑ ජනගහන නැවත ගොඩ නැගීමට දායක විය. එහි ප්රතිඵලයක් ලෙස පිලිප් දිවයිනේ පරිසර පද්ධතිය යළි පණ ගැන්වී දැන් වර්‍ධනය වෙමින් පවතී.

“දූපත් වල පෝෂණ ව්‍යුහයන් අවබෝධ කර ගැනීමට සහ සමහර විට පෘෂ්ඨවංශී ප්‍රජාවන් හැඩ ගැස්වීමෙහි ලා මෙය ඉතා වැදගත් ප්‍රතිවිපාක ගෙන එන්නන්ක් විය හැකිය. දූපත් සම්බන්ධයෙන් ගත් කල සමහර විට මෙයවිශේෂයෙන් වැදගත්ය. දූපහ්වල සන්දිපාදක(arthropod) වංශිකයන්ගේ අධ්බහුලත්වය සුලබ දෙයකි. තවද, පරිණාමීය ක්‍රියාවලීන් විසින් අපෘෂ්ඨවංශීන්ට නව ස්ථාන හිමි කර ගැනීමට ඉඩ සලසා දී ඇත” යනුවෙන් පර්යේෂකයෝ සිය අධ්‍යයන වාර්තාවේ සඳහන් කරන්නේ ජීවියෙකුට — උදාහරණයක් ලෙස මාංශ භක්‍ෂකයින් හෝ ශාක භක්‍ෂකයින්ට — ගැලපෙන පරිසර පද්ධතියක විවිධ මට්ටම් වල පෝෂණ ව්‍යුහයන් ගැන අවධානය යොමුකරමිනි.
Live Science හී පළවන These flesh-eating centipedes hunt and eat baby birds alive. Here’s why. යන ලිපිය අසුරෙනි