විද්‍යාවේ ඔස්කා සම්මානයක් සුපිරි නිසියුම් ඔර්ලෝසුවට හිමිවෙයි
මින් පෙර කිසිදා සිදු කිරීමට නොහැකි වූ ආකාරයකට විශ්වය ගැන හැදෑරීමට සහ ගවේෂණය කිරිමට ඉඩකඩ සලසන සුපිරි නිසියුම් ක්වොන්ටොම් ඝටිකාවකට(super-precise quantum clocks) 2022 නවෝත්පාදන පදනම(Breakthrough Prize Foundation) පිරිනමන මූලික භෞතිකවිද්‍යා සම්මානය හිමිවෙයි. පසුගිය 9 වෙනිදා (9/9) සැන්ෆ්‍රැන්සිස්කෝහී දී ප්‍රකශයට පත්කෙරුණු ප්‍රතිඵල අනුව මෙම ගෞරවය හිමිකරගෙන හිමිකරගෙන ඇත්තේ හිදෙටොෂි කටෝරි(Hidetoshi Katori ) සහ ජුන් යේ(Jun Ye) යන විද්‍යාඥයන්ය. ත්‍යාගයෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන තුනකි. විවිධ අංශවල ඉතිහාසය වෙනස් කරවන සුළු ප්‍රධාන පෙළේ සොයා ගැනීම් සඳහා පදනම වාර් ෂිකව පිරිනමන මේ ත්‍යාග විද්‍යාවේ ‘ඔස්කා සම්මාන’ ලෙස සැලකේ.. Katori ටෝකියෝ විශ්වවිද්‍යාලයේ සහ ජපානයේ රයිකෙන් පර්යේෂණ ආයතනයේ(Riken research institute) සේවය කරන අතර Ye, කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ(University of Colorado) සහ ජාතික ප්‍රමිති හා තාක්ෂණ ආයතනයේ(National Institute of Standards and Technology ) සේවයේ නියතුය. දෙදෙනා එකිනෙකාගෙන් ස්වාධීනව පර්යේෂණ කටයුතු සිදු කළහ.


මූලික භෞතික විද්‍යාවෙන් සැපයෙන අන්තර්දෘෂ්ටීන් අප අවට ලෝකය පිලිබඳ අපේ උපකල්පන උඩියටිකුරු කිරීමට සමත්ව ඇත. පසුගිය ශතවර්ෂයේ දී සාධාරණ සාපේක්ෂතා න්‍යාය කාලය හා අවකාශය පිළිබඳ පිළිබඳව ඇති අපේ චිත්‍රය යළි හැඩගැස් වූ වාක් මෙන්ම විභවයන් ගණනාවක්ම එක් කරමින් හේතුඵලවාදයේ ගමන් මග ක්වොන්ටොම් යාන්ත්‍රණය මගින් ආදේශ කෙරිණ. විශ්වය සමන්විත දෙයින් වැඩි හරිය අඥාත ද්‍රව්‍ය සහ අඥාත ශක්තිය(dark matter and dark energy) බව මෑතක දී විද්‍යාඥයෝ සොයා ගත්හ.

මෙම ශතවර්ෂය අපව වඩ වඩාත් පුදුම කිරීමට බෙහෙවින් ඉඩතිබේ. අන්තරීක්ෂ පරිමාණයට(cosmic scale) ප්ලෑන්ක් දිගක සිට යථාර්ථයෙහි ගැඹුරු ව්‍යුහය වෙත කවුළුවක් භෞතික විද්‍යාඥයෝ විවෘත කරමින් සිටිති. මානව දනුම් සම්භාරයට අතිශ විශාල දායකත්වයක් සලසන පුද්ගලයන්ගේ හැකියාවන් ඇගැයීමට ලක් කරනු වස් යූරි මිලර් විසින් 2012 දී නවෝත්පාදන ත්‍යාග සම්මාන ප්‍රදානය ඇරඹිණ. විශ්වයේ ගැඹුරුතම අභිරහස් නිරවුල් කිරීමට ක්‍රියා කරන සියළුම භෞතික විද්‍යාඥයින්ට එය විවෘතයි.

හිදෙටොෂි කටෝරි සහ ජුන් යේ යන දෙදෙනාට මෙවර සම්මානය පිදුණේ, ස්වභාව ධර්මයේ නීති යථාතථ්‍යව පරීක්ෂාවට ලක් කිරීමට මග පාදන ප්‍රකාශ දැලිස් ඔරලෝසුව(optical lattice clock) උත්පාදනය සහ සංවර්ධනය වෙනුවෙන් දක්වන ලද කැපීපෙණෙන දයකත්වය වෙනුවෙනි.
විද්‍යාවේ උදාවෙන් පසුව නිසියුම් මිනුම් අරභයා හටගත් වැඩිදියුණු කිරීම් නොයෙකුත් සොයාගැනීම්වලට මග පෑදීය. වෙන වෙනම ස්වාධීනව වැඩ කරමින් සහ යන දෙදෙනා කාලය මැනීම විශාලත්ව ගණ 3කින් වැඩි දියුණු කිරීමට සමත් වූහ. පරමාණු හසුකොට ගෙන, සිසිල් කොට සහ ඒෂණය කිරීමේ ඔවුන්ගේ ශිල්පක්‍රමය කොපමණ නම් නිරවද්‍ය ද යත් වසර බිලියන 15ක් කියාකාරී වුවොත් (නිරවද්‍යතාව අතින්) ඇති වන වෙනස තත්පරයකට අඩුය. මෙකී ප්‍රකාශ දැලිස් ඔරලෝසුවලට ක්වොන්ටම් පරිගණනයේ (quantum computing) සිට භූකම්පන විද්‍යාව සඳහා අයින්සටයින්ගේ සාපේක්ෂතාවයේ ප්‍රතිවිපාක යොදා ගැනීම දක්වා තාක්ෂණික විභවයක් ඇත; එමෙන්ම, මූලික පර්යේෂණවල දී මේවා(ඔරලෝසු) සාපේක්ෂතාව වැනි සිද්ධාන්ත පරීක්ෂාවට ලක් කිරීමට මෙන්ම ගුරුත්වාකර්ෂණ තරංග (gravitational waves) හා අඥාත ද්‍රව්‍ය ආදී නව භෞතික විද්‍යා කාරනා හඹා යාම පිණිස යොදා ගැනීමට පුළුවන්ය.
ප්‍රකාශ දැලිස් ඔරලෝසු යොදා ගන්නේ මෘදු රජත-ධවල මූල ද්‍රව්‍යක් වන සීසියම්වලට වඩා ලෝහමය මූලද්‍රව්‍යයක් වන ස්ට්‍රොන්ටියම් ය(strontium). මිනුම් සිදු කරන තුරු නිශ්චලව ‘අල්වාගෙන සිටීමෙන්’ ස්ට්‍රොන්ටියම් ‘මෙල්ල කරගන්නා’ ආකාරය, කටෝරි සහ යේ දෙදෙනා දැන සොයා ගත්හ. බිත්තර දමන බඳුනක් බඳු හැඩයක් නිර්මාණය කරණු වස්, පර්යේෂකයෝ ලේසර් කදම්භයක පවතින තරංගයක් වන ‘ප්‍රකාශ දැලිසක්’ භාවිත කළහ. පරමාණු හසු කර ගන්නා ලද්දේ (බිත්තර බඳුනේ ඇතුවාක් වැනි) සිදුරු වලය. මේ අකාරයට් පරමාණු මෑනීම නිවැරදිව වේලාව සටහන් කිරීමෙහි ලා බෙහෙවින් වැදගත් වන මිනුම් කෙරේ බලපෑම ඇතිකිරීම පිණිස ප්‍රමාණවත්ය. මේ ගැටළුව නිරාකරණය කිරීමේ දි, ‘ඝර්ෂණ කදම්භය'(“tractor beam” ) සඳහා නිවැරදි හෙවත් යෝග්‍යතම තරංග ආයාමය තෝර ගැනීමෙන් සිදු කළ හැකි බව පර්යේෂකයන් දෙදෙනා ප්‍රත්‍යක්ෂ කරගත්හ. “පරමාණු හසු කර තබා ගැනීමේ මේ ක්‍රියාව මෙකී ක්වොන්ටොම් ස්වභාවය අතර ශක්ති පරතර ලෑම මැනීමේ දී කැළඹීමක් නොවන ආකාරයට කදම්භය අප සකස් කළා” යනුවෙන් ඔවුහු සඳහන් කරති. මේ ප්‍රගමනය ඔවුනට සම්මානය දිනා ගැනීමට මගපැදීය.
:format(jpeg)/cdn.vox-cdn.com/assets/3896403/clock.jpg)
පරමාණුක ඔරලෝසු(Atomic clocks ) යනු ලෝකයේ ඇති ඉතාමත් නිවැරදි හෙවත් යථාතථ්‍ය කාල සටහන් යන්ත්‍ර ලෙස කලෙක දී සැලකිණ. ප්‍රකාශ දැලිස් ඔරලෝසු යනු සම්ප්‍රදායානු කූල පරමාණු ඔරලෝසුවලට එහා ගිය පරිණාමීය පියවරකි. පරමාණු ඔරලෝසු පදනම් වූයේ ශක්ත්‍යායනය කළ පරමාණු(energized atoms)වල ඉලෙක්ට්‍රෝන මගින් සිදු කරනු ලබන ක්වොන්ටොම් පිමි මතය.
Space.com සහ Breakthrough Prize.org/ යන වෙබ් අඩවි ආශ්‍රයෙන් සැකසිණ