COVID-19 එන්නතක් අපේ සිරුර තුළ ක්‍රියා කරන්නේ කෙසේද?

Posted by

COVID-19 එන්නතක් අපේ සිරුර තුළ ක්රියා කරන්නේ කෙසේද?

SARS-CoV-2  මගින් හට ගන්නා COVID-19  ගෝලිය වසංගතය ලොව පුරා ජනතාව ජීවත්වන ආකාරය විපර්යාසයට ලක්කර ඇත. පසු ගිය  13 දා වන විට ඉන්   810,200ට වැඩි පිරිසක් මිය ගිය ගොස් ඇති අතර ආසාදිතයන් සංඛ්‍යාව 48,726, 900ය ඉක්මවයි. මේ වසංගතය නිමාවකට පත් කිරීමෙහි ලා උපකාරී වන එක් වැදගත් ක්‍රමයක් වන්නේ COVID-19 වැක්සීන බවට සෞඛ්‍ය විශේෂඥයෝ එකඟත්වය පළ කරති. කෙසේවෙතත්, වැක්සීන හෙවත් එන්නත් ලබා ගැනීමෙ දී ඇතැම්මු බිය සැක පළ කරති. එමෙන්ම, COVID-19 වැක්සීනය ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න ගැන තොරතුරු එමට ඇතැත් සමහරුනට ඒවා ඒ ආකාරයෙන්ම වටහා ගැනීම පහසු නොවන්නට පුළුවන. බැක්ටීරිය හා වෛරස වැනි විෂබීජ ගැන හදාරන, බෝවෙන රෝග(nfectious diseases) වෛද්‍යවරයෙකු සහ විද්‍යාඥවරයෙකු වන Glenn J Rapsinski මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේ COVID-19  එන්නත් වැඩිදියුණු කිරීම සහ ඒවා ක්‍රියාකාරී වන අන්දම ගැන සලකා බැලීමටය.

Everything you need to know about the world's first DNA Covid-19 vaccine

එන්නත් තනනු ලබන්නේ ආක්රමණිකයන් සිහිපත් වන ආකාරයටය

(එන්නත් සම්බන්ධයෙන්) වටහා ගත යුතු වැදගත්ම කාරණාව වන්නේ, ආසාදනයම පිළිබඳව ක්‍රියා කිරීමට ඉදිරිපත් වන්නේ  නැතුව ආසාදනයකට එරෙහිව ශරීරය සූදානම් කරන්නේ කෙසේද යන්න එන්නත් මගින් ශරීරයට උගන්වනු ලබන බවයි. කෙනෙකුව රෝගී තත්වයට පත් කිරීමට හැකියාව ඇති විෂබීජවලට ඒ සඳහා ඉඩ ලබා නොදී ඒවා(විෂබීජ) මගින් අපගේ ශරීරය  ආක්‍රමණය කරනු ලැබීමට එරෙහිව සූදානම් කිරීම පිණිස  එන්නත් මෙලෙස උපකාරී වේ.

එක්සත් ජනපදයේ ලබාගත හැකි COVID-19 එන්නත් තුනම අවධානය යොමු කරන්නේ කොරෝනා වෛරසය ලෙස වඩාත් ප්‍රකට SARS-CoV-2  වෛරසයේ කූරු ආකාර හෙවත් ශූල(spike)  ප්‍රෝටීන වෙතය. SARS-CoV-2  යනු ගෝලාකර නැතිනම් රවුම් වෛරසයකි. එය  ගැටිති ආකාරයේ නෙරා ඇති කොටස් වලින් එය සපුරා වැසී ඇත. මෙම නෙරුම් තමයි ශූල(spike)  ප්‍රෝටීන.

ප්‍රායෝගික වශයෙන් ගත් කල, කොරෝන වෛරසක ශූල ප්‍රෝටීන, COVID-19 වෛරසයට එහි අනුපිටපත්(copies) තව තවත් තැනීමට මග පාදමින්  සෛල තුළට වැදීමට  ඉඩ සලසයි. මෙය සිදු කරනු ලබන්නේ මිනිසුන්ගේ සෛලවල — විශේෂයෙන්ම පෙනහළු සෛලවල ඇති ප්‍රතිග්‍රාහක(receptors) නම් ඇතැම් ප්‍රෝටීන වර්ගයන්ට ඇලීමෙනි. මේ අන්දමට වෛරසයට, සෞඛ්‍ය සම්පන්න සෛලවලට ඇතුල් වී ඒවා ආසාදනයට ලක් කිරීමට හැකිවේ.

ශරීරයේ සෛලවලට ශූල ප්‍රෝටීන තැනීම පිණිස උපදෙස් සපයමින් Pfizer-BioNTech, Moderna සහ Johnson & Johnson යන එන්නත් සියල්ල ක්‍රියා කරන්නේ මේ ආකාරයටය.  Pfizer-BioNTech සහ Moderna යන වැක්සීන්වල මෙම උපදෙස් අඩංගුවන්නේ mRNA යනුවෙන් දැක්වෙන අණුවකය. මේ තනි දාම(single-stranded) අණුව පෙනුමෙන්, එක් පැත්තක කේතගත  ප්‍රෝටීනයක් තනනු වස් උපදෙස් සහිත දිගු පටියක හැඩය ගනී.

අනෙක් අතට, Johnson & Johnson වැක්සීනය සෛලවලට උපදෙස් ලබා දෙන්නේ DNA අණු හරහායි.    එය (මේ සඳහා) යොදාගන්නේ අඩෙනො වෛරසයක් හෙවත් ග්‍රන්ථි වෛරසයක්(adenovirus) යනුවෙන් දැක්වෙන වෛරසයකි. ශූල ප්‍රෝටීනයේ DNA මානව සෛල වෙත ගෙන යා හැකි  පරිදි අඩෙනො වෛරසයකයට  එහිම පිටපත් තැනීමට හැකියාවක් නොමැත.  මෙකී DNA, mRNA තුළ පිටපත් වී අනතුරුව  උපදෙස් ප්‍රෝටීන වලට පරිවර්තනය කරයි — අපේ උදාහරනයෙහි නම් කොරෝනා වෛරසයේ ශූල ප්‍රෝටීන වලටය.

මෙ අන්දමට බලන විට, පෙරකි වැක්සීන තුන අතරේ ප්‍රධානතම වෙනස වන්නේ Pfizer-BioNTech සහ Moderna එන්නත් ශූල ප්‍රෝටීන සඳහ උපදෙස් mRNA හරහා අපේ සිරුරට සැපයෙන අතර Johnson & Johnson එන්නත එය යොමුකරන්නේ DNA හරහායි. අනතුරුව සියළු එන්නත් එක ආකාරයටම ක්‍රියා කරයි.

The safety of Covid-19 mRNA vaccines: a review | Patient Safety in Surgery  | Full Text
DNA vaccines against COVID-19: Perspectives and challenges - ScienceDirect

එන්නත ශරීරයට අතුල් වීමෙන් පසුව සිදුවන්නේ කුමක් ?

COVID-19 එන්නතක් සිරුරට විද්ද විට, mRNA සහ DNA, පටක සෛල සහ සුශාඛ හෙවත් ශාඛීය සෛල(dendritic cells) නම් වූ, මාංශ පේශී වල, සමෙහි සහ අවයවවල පවතින විශේෂ ප්‍රතිශක්ති සෛල මගින් ගිලගනු ලැබේ. ශාඛීය සෛල මුරභටයන් සේ කොරෝනා වෛරස් වැනි ආක්‍රමණකාරී විෂබීජ සොයමින් සිරුරේ සෑමකොටසක් කෙරෙහීම ඇස් යොමු කරගෙන සිටියි.  mRNA හෝ DNA ශාඛීය සෛල හෝ පටක සෛල තුළට ගියවිට,  ශූල ප්‍රෝටීන නිපදවීම පිණිස සෛල උපදෙස් භාවිත කරයි. සාමන්‍යයෙන් මේ ක්‍රියාදාමයට වැයවන්නේ පැය 12කට අඩු කාලයකි. ශූල ප්‍රෝටීන තනා ඒවා ප්‍රතිශක්ති පද්ධතියට”පෙන්වීමට” සූදානම් කිරීමෙන් පසුව mRNA හෝ DNA සෛලය මගින් බිඳ දමා  විනාශ කර දමනු ලැබේ.

ඔබේ සෛල ඒවායේම ශූල ප්‍රෝටීන තැනුවේ වී නමුත් පූර්ණ වෛරසයේ පිටපත් තැනීමට  ප්‍රමාණවත්  තොරතුරු ඒවා සතුව නොමැති බව දැන ගැනීම වැදගත්ය. සම්පූර්ණ කොරෝනා වෛරස  ආක්‍රමණය කළහොත් ඊට සූදානමින් ශරිරයේ ප්‍රතිශක්ති පද්ධතියෙන් සැපයෙන ආරක්ෂාව බලගැන්වීමට මුලපිරීමට  ශූල ප්‍රෝටීනවලට හැකිය.  පටක සෛල සහ ශාඛීය සෛල මගින්  ශූල ප්‍රෝටීන අනාරාධිත අමුත්තන් හැටියට හඳුනාගත් විට  සෛල ඒවායේ පිටත ශූල ප්‍රෝටීනයේ කොටස් තබන්නේ අනෙකුත් සෛල වලට පෙනෙන පරිදිය.  මේ සමගම ශාඛීය සෛල ‘අනතුරු’  සංඥා ද මුදාහරින්නේ ශූල ප්‍රෝටීන තර්ජනයක් ගෙන එන බව අනෙකුත් සෛල වලට  දැන ගනු පිණිසය. අනතුරු ඇඟැවීමේ එම සංඥා ඊළඟට ඔබේ සිරුරේ ප්‍රතිශක්ති ප්‍රතිචාරය බලගන්වයි.

Next-generation vaccine platforms for COVID-19 | Nature Materials

ප්රතිශක්ති පද්ධතිය බලගැන් වූ විට සිදුවන්නේ කුමක්ද?

එම කාර්යාවලියට පින්සිදුවන්නට ඔබේ සිරුර දැන් පසුවන්නේ දැඩි විමසිල්ලෙන්ය; එමෙන්ම ආක්‍රමණිකයන්ට එරෙහිව සටන්වැදීම ඉගෙනීමට සූදානමින්ය  — මේ අවස්ථාවේ නම් ආක්‍රමණිකයා වන්නේ COVID-19ට එරෙහි එන්නත විදීමෙන් අනතුරුව සෑදුණු ශූල ප්‍රෝටීනය. B සෛල සහ T සෛල වශයෙන් දැක්වෙන ශරීරයේ ප්‍රතිශක්ති සෛල, පිටතින් පැමිණෙන ආක්‍රමණිකයෙකු පිළිබඳ අනතුරු හැගවීම් හඳුනා ගනියි. මෙම සෛල දහස් ගණනින් (සිරුරේ) අදාල ප්‍රදේශය වෙත වහා පැමිණෙන්නේ ආරක්ෂාව සැපයීමේ දී  උපකාරයක් කිරීමේ අටියෙනි.

ප්‍රතිදේහ(antibodies) නමින් හඳුන්වනු ලබන ‘හබක’ ඇටවීමෙහි ලා B සෛල විශේෂඥයන් ලෙස සැලකෙයි. මේ ප්‍රතිදේහ, ඕනෑම ආක්‍රමණික ශූල ප්‍රෝටීන අඩපණ කරනු ඇත. විවිධ B සෛල,  වෛරසයක හෝ බැක්ටීරියාවක විවිධ කොටස් හඳුනා ගනු ලබන විශේෂිත ප්‍රතිදේහ විශාල ප්‍රමානයක් තනයි. එපමණක් නොව, ප්‍රත්‍යක්ෂ කරගත් තර්ජනය පහව ගිය පසුව ද B සෛල ප්‍රතිදේහ කම්හලක් ලෙස ක්‍රියා කරමින් දිගටම ප්‍රතිදේහ තනන්නේ අනාගතයේ දිගු කාලයක් මුළුල්ලේ ද සිරුරට ආරක්ෂාව සැපයීම පිණිසය. අනතුරු හැඟවීමේ සංඥා පවතින කල, උපකාරක T සෛල(helper T-cells) නම් T සෛල වර්ගය ප්‍රතිදේහ තැනීමට B සෛල වලට සහාය ලබා දෙයි.  තවත්  T සෛල වර්ගයක භූමිකාව වන්නේ වෛරසයෙන් ශරීරයේ වෙනත් සෛල ද ආසාදනය වී ඇත්දැයි සෙවීමය. ඒ ආකාරයේ T සෛල, ආසාදිත සෛලයක් සොයා ගතහොත් එය ඉවත් කර දමන්නේ එම සෛලය අනුපිටපත් තනමින් ආසාදනය අනෙකුත් සෛල වලට ද පැවරීමට නොහැකිවෙන අන්දමටය.

ඉහත සඳහන් කළ වැදගත් කාර්යාවලීන් සියල්ල ඔබේ සිරුර තුළ සිද්ධ වෙද්දී ඔබේ සම ඇතුළත යම් අරගලයක් සිදුවෙමින් පවතින බවට ඇතැම් කායික සංඥා ඔබට දැක ගත හැකිය. එන්නත විද්දායින් පසුව ඔබේ අතෙහි වේදනාවක් හටගන්නේ නම් ඊට හේතුව තර්ජනය කුමක් දැයි සෙවීම පිණිස, ශාඛීය සෛල, B සෛල, T සෛල වැනි ප්‍රතිශක්ති සෛල ඔබේ අත වෙත වහ වහා පැමිණීමයි.  ඔබට උණ සහ වෙනත් රෝගී ලක්ෂණ දැනෙන්නට ද පුළුවන.  මේ සියල්ලෙන් තේරුම් ගත යුත්තේ ඔබේ සිරුර ට පැවරී ඇති කාර්ය භාරය ඒ ආකාරයෙන්ම නොවලහා ඉ‍ටුකරන බවයි. මෙය, ශූල ප්‍රෝටීනවලට එරෙහිව සටන් කරන ආකාරය ශරීරය උගෙන ගන්නා විට ඇතිවන්නා වූ ආරක්ෂිත එමෙන්ම ස්වභාවික ක්‍රියාදාමයකි. ඉතින් මෙහෙම බලන විට, ඔබ යම් හෙයකින් සැබවින්ම කොරෝනා වෛරසයට නිරාවරණය වුවහොත්, ඒ වන විට ඔබේ ශරීරය ඉන් ඔබව ආරක්ෂා කරන අන්දම ඉගෙන ගෙන හමාරය.

එන්නත විද්ද මගේ අතේ මේ වේදනාව ඇයි?

ඉහත සඳහන් කළ වැදගත් කාර්යාවලීන් සියල්ල ඔබේ සිරුර තුළ සිද්ධ වෙද්දී ඔබේ සම ඇතුළත යම් අරගලයක් සිදුවෙමින් පවතින බවට ඇතැම් කායික සංඥා ඔබට දැක ගත හැකිය. එන්නත විද්දායින් පසුව ඔබේ අතෙහි වේදනාවක් හටගන්නේ නම් ඊට හේතුව තර්ජනය කුමක් දැයි සෙවීම පිණිස, ශාඛීය සෛල, B සෛල, T සෛල වැනි ප්‍රතිශක්ති සෛල ඔබේ අත වෙත වහ වහා පැමිණීමයි.  ඔබට උණ සහ වෙනත් රෝගී ලක්ෂණ දැනෙන්නට ද පුළුවන.  මේ සියල්ලෙන් තේරුම් ගත යුත්තේ ඔබේ සිරුර ට පැවරී ඇති කාර්ය භාරය ඒ ආකාරයෙන්ම නොවලහා ඉ‍ටුකරන බවයි. මෙය, ශූල ප්‍රෝටීනවලට එරෙහිව සටන් කරන ආකාරය ශරීරය උගෙන ගන්නා විට ඇතිවන්නා වූ ආරක්ෂිත එමෙන්ම ස්වභාවික ක්‍රියාදාමයකි. ඉතින් මෙහෙම බලන විට, ඔබ යම් හෙයකින් සැබවින්ම කොරෝනා වෛරසයට නිරාවරණය වුවහොත්, ඒ වන විට ඔබේ ශරීරය ඉන් ඔබව ආරක්ෂා කරන අන්දම ඉගෙන ගෙන හමාරය.

(මෙම ලිපිය ..ජනපදයට අදාලව සකස් කළ එකක් බැවින් එහි සඳහන් වන්නේ එන්නත් තුනක් ගැන පමනකි. COVID-19 මර්ධනයට ලොව භාවිතවන අනෙකුත් එන්නත් ගැනද මේ ආකාර සොයා බැලීමක් කිරීම වටී– සංස්කාරක)

The Converstion හී පළවී ඇති What happens when the COVID-19 vaccines enter the body – a road map for kids and grown-ups යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.