වසර බිලියන 10ක් තිස්සේ ක්ෂීර පථයේ සැරිසරන අද්භූත වස්තුව

Posted by

වසර බිලියන 10ක් තිස්සේ ක්ෂීර පථයේ සැරිසරන අද්භූත වස්තුව: “අහම්බය”

එය නියම ආකාරයෙන් ගත් විට තරුවකුත් නොවේ; ඒ වගේම ග්‍රහයෙකුත් නොවේ. එහෙත් එය අප හිතනවාට වඩා සමීපයෙන් ක්ෂීරපථය ඔස්සේ පිය හඹා යයි.

Mysterious object called 'The Accident' has been careening through the Milky  Way for 10 billion years - The Hack Posts

ඉහත දැක්වෙන චිත්‍ර ශිල්පියෙකුගේ රූ සටහනෙහි අභයවකාශයෙහි ඇති අඳුරු, ශීතල දුඹුරු වාමනයෙක්(Brown dwarf) පෙන්නුම්කරයි. දුඹුරු වාමනයන් තරු මෙන් සෑදුනත් ඒවායේ හරයන්හී(cores) න්‍යෂ්ටික විලයනය හෙවත් හාවීම(nuclear fusion )  (තාරකා දැවෙන්නේ න්‍යෂ්ටික විලයනය යන ක්‍රියාදාමය හේතුවෙනි) ජ්වලනය කරණු වස් ප්‍රමාණවත් ස්කන්ධයක් ඒවාට නොමැත. මෙහි ප්‍රතිඵලයක් ලෙස, බෘහස්පති වැනි දැවැන්ත ග්‍රහලෝක සමග දුඹුරු වාමනයන් යම් ගුණාංග හවුලේ භුක්තිවිඳියි. මේ පූර්විකාව අප ගෙන ආවේ ක්ෂීර පථයේ සරන ගුප්ත වස්තුවක් ගැන කතා කිරීමට පසුබිම් වශයෙනි. “අහම්බය”(The Accident) හඳුන්වනු ලබන මේ අභිරහස් වස්තුව ගැන වඩාත් විස්තරාත්මක සොයා බැලීමක්  කිරීමට තාරකා විද්‍යාඥයෝ සමත් වී සිටිති. එහිදී ඔවුනට පෙණි ගොස් ඇත්තේ කලින් අධ්‍යනවලින් පෙණී ගොස් තිබුණාටත් වඩා “අහම්බය” සිත් වික්ෂිප්ත කරවන සුළු බවයි.

අහම්බය තාරකවක්ම නොවන්නා සේම(මේ ගුප්ත වස්තුව බලගන්වන න්‍යෂ්ටික විලයනයක් නොමැති බව එහි අඳුරු දිලියුමෙන් විද්‍යාඥයන්ට කිව හැකිය) එය හරියාකාර ග්‍රහ ලෝකයක් ද නොවේ.  සඟරාවෙහි පසුගිය ජූනි 30 දා The Astrophysical Journal Letters හී පළවූ අධ්‍යන වාර්තාවක් අනුව අහම්බය මේ දෙක අතරතුර පිහිටි වස්තුවකි —  එය දුඹුරු වාමනයන් හෝ අසාර්ථක තරුවක් ලෙස දැක්වන දුර්ලබ වර්ගයේ වස්තුවකි.

Mysterious object cruising at 8,00,000 kmph detected in Milky Way - SCIENCE  News

දුඹුරු වාමනයන් බෘහස්පතිට වඩා 80 ගුණයක් දක්වා විශාල විය හැකි වුවත් සාමාන්‍යයෙන් ඒවා සමන්විත වන්නේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ තාරකාව වන සූර්යයාගේ ස්කන්ධයෙන් ඉතා සුළු පංගුවකි. මේ වස්තූන්  තාරකා මෙන් දිවිය අරඹන නමුත් ඒවායේ හරයන් හී(cores) න්‍යෂ්ටික වියලනය පවත්වා ගෙන යමට ප්ර්මාණවත් ස්කන්ධයක් එකතුකර ගැනීමට අපොහොසත්වෙයි; ඒවෙනුවට, අන්තිමේ දී රත් හෝ දම් පැහැ ගිනි අඟුරුවලට වැඩි යමක් නොවෙනා සේ වසර මිලියන හෝ බිලියන ගණනාවක් සෙමින් සිසිල් හා අඳුරු වී යයි.

දුඹුරු වාමනයන්  අපේ පියවි ඇසින් දැක ගැනීමට නොහැකි තරමට අඳුරුය.  එහෙත්, පෘථිවි අසාන්න පුළුල් ක්ෂේත්‍ර අධෝරක්ත සමීක්ෂා ගවේෂකය (Near-Earth Object Wide-Field Infrared Survey Explorer (NEOWISE) වැනි  අධෝරක්ත ටෙලස්කෝප යොදා ගනිමින් ක්ෂීර පථය මන්දාකිණිය තුළ එවැනි වස්තූන් 2000ක් පමණ සොයා ගැනීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති. අහම්බය් හමු වූයේ එවැනි NEOWISE සමීක්ෂණයක දීය.  ඒ, දුඹුරු වාමනයන් වීමේ හැකියාව සහිත සෙසු වස්තූන් යටපත් කරමින් තිරය හරහා ඇදී යන මෙම වස්තුව  පුරවැසි විද්‍යාඥයෙකුගේ ඇහැ ගැසුණු විටය.(මේ අහඹු සිදුවීම හේතුවෙන් එම වස්තුවට අහම්බය නම යෙදිණ).

බලාපොරොත්තු නැති අවස්ථාවක සිදු වූ මේ සොයා ගැනීමෙන් පසුව වුව ද අහම්බය තවදුරටත් විද්‍යාඥයන් පුදුමයට පත් කිරිමට සමත්වෙයි: එය සාමාන්‍ය දුඹුරු වාමනයෙක් ලෙස නොපෙනිණ; සමහරක් අධෝරක්ත තරංගාඅයාම වලදී මෙකී වස්තුව දීප්තියෙන් හීනව දක්නට ලැබින.  ඉන් ගම්‍යවූයේ එය බෙහෙවින් සිසිල් හා පැරණි දුඹුරු වාමනයෙක් බවයි; නමුත් සමහරක් තරංග ආයාමයන්හී දී එය දීප්තිමත්ව දර්ශනය විය. ඒ අනුව උපකල්පනය කිරීමට හැකි වූයේ එය උණුසුම්, තරුණ දුඹුරු වාමනයෙක් ලෙසිනි. “මේ වස්තුව අපේ සියලු  අපේක්ෂාවන් අභිබවා ගිය එකක්” යයි අධ්‍යනයෙහි ප්ර්ධාන කතෘ කලිෆෝනියාවේ පසදෙන හී චැල්ටෙක් හී තාරකා භෞතික විද්‍යාඥයෙකු වන ඩේවි කක්පැට්‍රික් කියා සිටී.

මේ පරස්පරතාව විදාඥයින්ට ප්‍රහේලිකාවක් වූ හෙයින් ඔවුහු නාසා ආයතනයේ Hubble and Spitzer අභ්‍යවකාශ ටෙලස්කෝපයේ සහ හවායි හී W. M. Keck නිරීක්ෂණාගාරයේ ටෙලස්කෝපයේ  පිහිට පැතූහ. මේ අතිරේක දත්ත අතට පත්වීමෙන් පසුව වුවද පර්යේෂකයන්ට පෙණී ගියේ ඔවුන් කලින් විශ්වාස කළාටත් වඩා අහම්බය අරුම පුදුම බවයි.

ඊට හේතු කාරණා අතුරෙන් එකක් වන්නේ එහි වේගයයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 50ක් ඈතින් ස්ථානගතව තිබෙන අහම්බය අපේ මන්දාකිණිය හරහා පැයට කිලෝමීටර් 800,000ක(පැයට සැතපුම් 500,000ක) අධික වේගයෙන්ගමන් කරයි. එය සාමාන්‍ය දුඹුරු වාමනයෙකුගේ ගමන් වේගයට වඩා බෙහෙවින් වැඩිය. තාරකවිද්‍යාඥයන් පෙන්වාදෙන අන්දමට මෙයින් අදහස් වෙන්නේ අහම්බය බෙහෙවින් වයස්ගත වස්තුවක් පමණක් නොව වඩා විශාල වස්තූන්ගේ ගුරුත්වය හේතුවෙන් වසර බිලියන ගණනක් තිස්සේ හැලහැප්පිලිවලට ලක්ව එහි චලනය වේගවත් වී ඇත යන්නය.

The Accident' In The Galaxy: All About The Strange Cosmic Object Discovered  By Sheer Luck

මෙම වස්තුවේ වායුගෝලයෙහි ඇති මූලද්‍රව්‍ය ද යම් ආකාරයක   ප්‍රහේලිකාවකි. අහම්බය මගින් විමෝචනය කරනු ලබන අධෝරක්ත තරංග ආයාමයන් පාදක කරගෙන පර්යේෂකයන් ගණන් බලා ඇත්තේ  මේ අභූත වස්තුවෙහි මීතේන් පහළ මට්ටමක තිබෙන බවයි. අහම්බයෙහි උෂ්ණත්වයන්ට සමාන උෂ්ණත්වයන් සහිත දුඹුරු වාමන අතර, මීතේන් බහුල වායුවකි. මීතේන් හයිඩ්‍රජන් සහ කාබන් වලින් සමන්විතවන හෙයින් මීතේන් හිඟ බවින් හැඟී යන්නේ ක්ෂීරපථය සම්පූර්ණයෙන්ම වාගේ හයිඩ්‍රජන් සහ හීලියම් වලින් (කාබන් සුළු ප්‍රමානයක් පමනක් සහිතව) පිරී තිබූ අවධියේ වසර බිලියන 10 සිට 13 දක්වා කාලයක දී අහම්බය මුලින් සෑදෙන්නට ඇත යනුවෙනි.(කාබන් ආවේ පසු කලෙක ආදිතම  තරු පුපුරා ගොස් මේ මූල ද්‍රව්‍යය මෙම මන්දාකිණිය පුරා ව්‍යාප්ත වීමෙන් පසුවය).

මේ සියල්ලෙන් පැහැදිලිවන්නේ අහම්බය අතිශය පැරණි, සිතා ගැනීමට නොහැකි අන්දමට සීතල, මන්දාකිණියෙහි මීතේන් හිඟ කාලේ සෑදුණ්  දුඹුරු වාමනයෙකු බවයි. එහි වයස අනෙකුත් දුඹුරු වාමනයන්ගේ මධ්‍යක්ෂ වයස මෙන් දෙගුණයකටත් වඩා වැඩියි. ” මේ තරම් වයස්ගත දුඹුරු වාමනයන් ඇතැයි අපි බලාපොරොත්තු වුණා. ඒත් ඒවා අතිශය දුර්ලබ කියලා තමයි හිතුවේ. අපේ සෞරග්‍රහ මණ්ඩලය ආසන්නයේම සොයාගැනීමට හැකිවීම එක්කෝ වාසනවන්ත අහඹුවක් නැතිනම් අප හිතුවාට වඩා ඒවා සුලබය” යනුවෙන් අධ්‍යයනයේ සම කතෘ, කැල්ටෙක් හි තාරකා භෞතිකවිද්‍යාඥ ෆෙඩරීකෝමොරොක්කෝ පවසයි.

Live Science හී පළවූ  Mysterious object called ‘The Accident’ has been careening through the Milky Way for 10 billion years යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.