කොවිඩ්-19ට මගපාදන වෛරසය මුලින්ම හටගත්තේ කොයිබද?

Posted by

කොවිඩ්-19ට මගපාදන වෛරසය මුලින්ම හටගත්තේ කොයිබද?

කොවිඩ්-19ට අදාළ වෙනත් ප්‍රශ්න සේම මේ ප්‍රශ්නය ද මතභේදාත්මකය. මේ මුළු ලොවම මහත් කැළඹීමට ලක් කල කොවිඩ් ගෝලීය වසංගතය හට ගෙන දැන් වසර දෙකකට ආසන්න වෙමින් පවතින කාලයකි. කොවිඩ්-19ට මගපාදන වෛරසය ලොවටම පැතිරුණේ චීනයේ වූහාන් නගරයේ සිට බව ඒ අවදියේම ප්‍රකාශයට පත් විය. සත්ව ආහාර වෙළඳපාළකින් මිනිසුන්ට බෝවී පසුව ලෝකයේම පැතිරුණු බවයි පොදු විශ්වාය වුණේ. එම වෛරසය SARS COV-2 ලෙස නම් කෙරුණි. වෛරසය වට කොට තිබෙන ඔ‍ටුණු ආකාර ශූල ප්‍රෝටීන නිසාවෙන් මෙම කාණ්ඩයේ වෙනත් වෛර්ස මෙන්ම එයද ජනතාව අතර වැඩිවශයෙන් ප්‍රකට වූයේ කොරෝනා(Corona) වෛරසයක් ලෙසය. SARS COV-2 චීන රජයට අයත් පරීක්ෂණාගාරයක උපත ලද්දක් යන්න මුල් අවදියේ පිළිගැනීමට ලක්වූ අදහසක් නොවීය. ඇත්ත, සුලු පිරිසක් මේ මතයේ දැඩිව එල්බ ගෙන සිටියහ. එවකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරමුණේ සිටි අයෙකි. ඔහු SARS COV-2  හැඳින්වූයේමත් “චීන වෛරසය” ලෙසටය.

Coronavirus origins. Coronavirus is the most prominent example of an... |  Download Scientific Diagram

කෙසේ වුවත් ලොව විද්‍යාඥයන් එම මතයට නැඹුරු නොවූයේ (වෙනත් කාරණා වලදී ඔවුනට අවශ්‍යවන්නා සේම) අදහස සනාථ කිරීම්ට අවශ්‍ය පිළිගත හැකි සාක්ෂි නොවීම නිසයි.  

මුල්කාලයේදීම, ප්‍රමුඛ පෙළේ පර්යේෂකයන් කණ්ඩායමක් ප්‍රකට The Lancet  සඟරාවට ලිපියක් සපයමින් විද්‍යාගාර සම්භවය පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කළේ ඒවා “කුමන්ත්‍රණ් න්‍යායන්” බව සළකමිණි. චීන ජාතික සගයන් හා එක්ව වෛරසයේ මූලාරම්භය සෙවීමට ජනවාරියේ චීනයට විද්‍යාඥ කණ්ඩායමක් යැවූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ‘ඒකාබද්ධ මෙහෙයුමේ’ වාර්තාවෙන් කියැවුණේ පරීක්ෂණාගරයක අත්වැරද්දකින් වෛරසය බිහිවූ වේ යන්න “අතිසය සිදු නොවිය හැකි” දෙයක් ලෙසටය.

(SARS-CoV-2) වෛරසය පර්යේෂණාගාරයක උපත ලැබුවේය යන අදහස, මුලදී පටන්ම මෙහෙයවනු ලැබුවේ විද්‍යාවෙන් නොව මතවාදයෙනි(ideology). එයට විද්‍යාවේ වාංමාලාව යොදාගෙන තිබුණි: එහෙත් එය මහජනයා මුලා කිරීම සඳහා යොදා ගන්නා සුලබ උපක්‍රමයක් පමණකි.

Here's how scientists know the coronavirus wasn't made in a lab - CGTN

එහෙත් මේ වසන්ත සමයයේ උදාව සමග අදහස් යළි වෙනස් වන්නට විය. එකවරම වාගේ බොහෝදෙනාට පෙණීයන්නට පටන් ගත්තේ විද්‍යාගාර සම්භවය පිළිබඳ න්‍යාය නිසි අවධානයෙන් තොරව සැහැල්ලුවෙන්ම ඉවත දමන ලද්දක් බවයි. නොබෙල් සම්මන ලාභියෙකුගේ ප්‍රකාශයකින් ප්‍රබෝධයට පත්ව ප්‍රවීණ විද්‍යා ලේඛකයෙකු ලිවූ,  බොහෝදෙනා කියැවීමට ලක් කළ ලිපියකින් චෝදනා එල්ල කර තිබුණේ විද්‍යාඥයන් මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍යය ද “සැලකියයුතු මට්ටමේ” සාක්ෂි අමතක කර දමා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා එළිපිටම ‘ඒකාබද්ධ මෙහෙයුමේ’ නිගමනවලට ප්‍රතිවිරුද්ධ අදහස් කියා පෑවේය. එමෙන්ම, අලුතෙන් පත්වූ ඇ.එ.ජ. ජනාධිපති ජෝ බයිඩන් ද මේ පිළිබඳව අලුතෙන් අගැයීමක් කරන ලෙස සිය බුද්ධි අංශවලට  උපදෙස් දුනි.  වෛරස අධ්‍යන විද්‍යාවෙ සහ පරිණාමීය ජීව විද්‍යාවේ පෙරමුණගෙන සිටින්නන් ඇතුළු විද්‍යාඥයන් 18 දෙනෙකුගේ අත්සනින් යුතුව අමරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ(AAAS) Science සඟරාවේ මැයිමස පළවූ ලිපියකින් ඉල්වා තිබුණේ “ප්‍රේක්ෂණාගාර සිද්ධිය” ගැන වඩාත් තුලනාත්මක ඇගැයීමක් කළ යුතු බවයි.

ඒත් මේ ‘උද්ඝෝෂණ’ කෙසේ වෙතත් තත්ත්වයෙහි ලොකු වෙනසක් සිදු වී නැත. බොහෝ අපේක්ෂා ‍රැඳවූ එක්සත් ජනපද බුද්ධි සමාලෝචනය අගෝස්තු 24ද ජනාධිපති බයිඩන්ට බාර දුන්නද, එමගින් ස්ථිර නිගමන වලට පැමිණ නොමැති අතර වැඩි නැඹුරුවක් ඇත්තේ වෛරස සම්භවය ‘ස්වභාවික’ සිදු වූවක්  යන්න කෙරෙහිය.

මෑතක විද්‍යාත්මක ලේඛන වැඩි බරක් එක්කකරන්නේ වෛරසයේ ‘සත්ව’ සම්භවයටය. එයින් අදහස් කෙරෙන්නේ, (පරීක්ෂණාගාරයක වැනි තැනකින්) කෘතිමව හට ගැනීමට වඩා සත්ව ධාරකයන්ගෙන් මනුෂ්‍යයන්ට වෛරසය වැළඳීමයි. SARS-CoV-2 වෛරසයේ සත්ව සම්භවය ගැන ගවේෂණය කරමින් චීනයේ සහ  ග්ලැස්ගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින්  අගෝස්තු 21දා (Science) සඟරාවේ පළ කල  පර්යේෂණ ලිපියක සඳහන් වන්නේ “සලකිය යුතු මට්ටමක වැඩි සාක්ෂි ඇත්තේ පරීක්ෂණාගාර සම්භවයකට වඩා සත්ව සම්භවයකටයි” යනුවෙනි.

Animal market

එක්සත් ජනපදය, කැනඩාව, බ්‍රිතාඥයචීනය, ඔස්ට්‍රේලියාව, සහ ඔස්ට්‍රියාව යන රටවල වෛරස විද්‍යාඥයන් 21 දෙනෙකුගේ සමකතෲත්වයෙන් යුතුව, විදුලොව පිළිගැනීමට ලක්වූ Cell සඟරාවේ පලවීමට නියමිතව තිබූ වෙනම ම ලිපියකින් කෙළින්ම නිගමනය කර තිබුණේ “SARS-CoV-2 වෛරසයට පරීක්ෂණාගාර සම්භවයක් ඇත යන්නට වර්තමානයේ නම් කිසිම සාක්ෂියක් නැහැ,” යනුවෙනි.

වෛරසය පරීක්ෂණාගාරයක උපත ලබන්නට ඇත යන සැකයට  ‘චීනයේ ප්‍රධානතම වෛරස විද්‍යා පරීක්ෂණාගාරයක්(Wuhan Institute of Virology)  පිහිටි නගරයකින්(වූහාන්) එය මුලින්ම සොයාගැනීමේ සම්පාතය හේතු වන්නට ඇත යන්න ඔවුන්ගේ අදහසයි. එහෙත්, ‘වූහාන් කියන්නේ මධ්‍යම චීනයේ ඇති සත්ව මස් අළෙවිකරන වෙළඳ පොළ ගණනාවක් පිහිටි, බොහෝදෙනෙකු යන එන ප්‍රධාන වානිජ මධ්‍යස්ථානයකි’. ඒ නිසා නිශාචර මාංශ භක්ෂක ක්ෂීරපායියෙක් වන ‍රැකුනා(raccoon dogs ), සහ උරුලෑවා වැනි සත්ව ධාරකයෙකුගෙන් මිනිසුන් වෙතට වෛරසය ‘පැනීමට’ ඇති ඉඩකඩ බොහෝයි.

මේ පර්යේෂණ ලිපිය පළවීමට යොමු වෙද්දීම වාගේම තමයි, SARS-CoV-2 සම්භවය පිළිබඳ සිය විමර්ශන පැහැදිලි නිගමනයකින් තොරව අවසන්ව ඇති බව ඇ.එ. ජ.  බුද්ධි අංශ වාර්තාව දක්වා සිටියේ. වෛරසයේ සම්භවය පිළිබඳව වසරකට වැඩි කලක් තොරතුරු සෙවීමෙහි නිරතව සිටි විද්‍යාඥයින්ට නම් මෙය පුදුමයට හේතුවක් නොවන්නට ඇත.

(වෛරසයේ සම්භවය පිළිබඳව) “එක උපකල්පනයක් පරයා අනෙක් එකක් සනාථ කිරීමට හෝ අනාථ කිරීමට තරම් සමත් සාක්ෂි කිසිවෙකුත් ළඟ නැහැ” යයි Saskatchewan සරසවියේ ඇන්ජෙලා රස්මුසෙන් කියා සිටියි(ඇය පෙර කී Cell සඟරා ලිපියේ සම-කතුවරියක ද වේ). “එහෙමවුණත්, සාක්ෂි සියල්ල ගැන සොයා බැලීමෙන් අනතුරුව මමත්, මගේ සම කතුවරයිනුත් තීරණය කළේ පරීක්ෂණාගාරයකින් පිටතට පැමිණියා යයි කීමට වඩා සැලකිය යුතු මට්ටමක සාක්ෂි තියෙන්නේ ස්වභාවික සම්භවයක පාර්ශවයට බරවයි” යනුවෙන් ඈ වැඩිදුරටත් සඳහන් කරන්නීය.

වූහාන් වේවා හෝ පරීක්ෂණ පහසුකම් සපයන වෙනත් අනෙකුත් රජයේ ආයාතනයක් වේවා චීනය පර්යේෂණ වාර්තා සැපයීමේ දී එතරම් උනන්දුවක් නොදක්වන බව ඇත්තකි. එහෙත් ඇතැම් ජීවවිද්‍යාත්මක පර්යේෂණ රහසේ තබාගන්නා එකම රට චීනය පමණක් යයි කීම අසීරුය. එක්සත් ජනපදය පවා, අඩු තරමින් අතීතයේ වත්(දැන් එවැන්නක් සිදු නොවන බව එක්සත් ජනපදය කියයි), එලෙස කර ඇත.

වෛරසයේ පරීක්ෂණාගාර උත්පත්තිය ගැන විවිධ අයගේ අවධානය යොමු වූයේ වී නමුත්, SARS-CoV-2  වෛරසය චීනයේ හෝ වෙනත් වෙනත් රටක පර්යේෂණාගාරයක මූලාරම්භය ලැබූ බවට කිසිම සාක්ෂියක් ඉතිරිව නොමැත. එනිසා පරීක්ෂණාගාර උත්පත්ති න්‍යාය දියවී යන බව පැවසීම හරියටම හරි නැත; මන්ද, එය මනසේ මවා ගත්තක්පමණක් නිසාවෙනි: එවැනි න්‍යායක් සනාථ කිරීම සඳහා සාක්ෂි මුල පටන් කිසිකලෙක  තිබී ඇත්තේම නැත. ඉතින්  මනසේ මවාගත් එහෙත් ඇත්තටම නොතිබූ දෙයක් දියවී යන්නේ කෙසේද?

COVID-19 infection: Emergence, transmission, and characteristics of human  coronaviruses - ScienceDirect

කෙසේවුවත්, වෛරසයේ සම්භවය සෙවීම වැදගත් කාර්යයකි: අනාගත ගෝලීය වසංගත වළක්වා ගැනීම පිණිස ජ්‍යාත්‍යනතර ප්‍රජාව විසින් ගනු ලැබිය යුතු පියවර නිර්ණය කිරීමට එය මග පාදන හෙයිනි. එහි මූලය, පරීක්ෂණාගාරයක සිදුවී නම් ලොව පුරා (පර්යේෂන සඳහා වෙන්වූ) පහසුකමවල(facilities)  ජීවවිද්‍යාත්මක සුරක්ෂිතතාව යාවත්කාලීන කල යුතු බව ඉන් පෙන්නුම් කෙරේ. එය සතුන්ගෙන් මිනිසුන්ට බෝ වී නම්, ඊනියා ‘අමු මස් වෙළඳපොල”  හා වනසතුන් සමග මිනිසුන්ගේ අන්තර් ක්‍රියාකාරකම් වඩාත් තදින් නියාමනය කිරීමේ අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කළ යුතුවේ.

මේ සමගම කිවයුත්තක් ද ඇත: වෛරසයක මූලාරම්භය ගැන වැරදි මතයක පිහිටා සිටිමින් ඒ සඳහා වෙහෙසීම ගෝලීය සම්පත් ඵලදායි නොවන කටයුත්තක් උදෙසා නිකරුණේ නාස්ති කිරිමක් විය හැකිය. අනික, (නිසි තොරතුරු නොමැතිව) චීනය වෙත චෝදනාත්මකව අඟිලි දිගු කිරීමෙන්, අනාගත ගෝලීය වසංගත වළක්වා ගනු වස් දරන අන්තර්ජාතික ප්‍රයත්න වලින්  චීනය ඈත් කර තැබීමට ද එය හේතු විය හැකිය.

මේ අතර වෛරසයේ සත්ව සම්භවය සඳහා විද්‍යාඥයන් අතර පිළිගැනීම වර්ධනය වෙමින් පවතී. දැනට ඊට ඇති සාක්ෂි බොහොමයක්ම පරිවේෂණීය(circumstantial) බව ඇත්තකි; ඒත් ඉන් කියවෙන්නේ එම න්‍යාය දියාරු හෝ සැක සහිත බව නොවේ.

කවදත් විද්‍යාවේ කාර්යවන්නේ සත්‍යය මතු කර ගැනීමට ක්‍රියාකිරීමයි.  

Science (Why many scientists say it’s unlikely that SARS-CoV-2 originated from a “lab leak”) සහ  Los Angeles Times (The lab leak theory for the origin of COVID-19 is fading)  අතුළු වෙබ් අඩවි ඇසුරෙන් මාණ්ඩලිකයෙකු විසින් සකසන ලද්දකි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.