ඔසප් සමයට පරිසර හිතකාමීව මුහුණ දීමට නවතම උපකරණයක්: ඔසප් සරාව
එක්සත් ජනපදය පමණක් ගත්තත් සෑම වසරකම එරට කාන්තාවෝ (පොදු වහරේ සාමාන්‍යයෙන් ‘පෑඩ්’ ලෙස දක්වන) සනීපාරකෂක තුවා(sanitary pads) සහ ටැම්පොන්(යෝනි තුලනිගයන් = ඔසප් රුධිරය අවශෝෂණය කර ගැනීම සඳහා යෝනි මාර්ගයට ඇතුළු කරන මෘදු ද්‍රව්‍ය ප්ලග් එකක්) වෙනුවෙන් ඩොලර් බිලියන 2.8ක් වැයකරති. මෙහි මතුවන ගැටළුව මුදල නොවේ: සනීපාරකෂක තුවා සහ ටැම්පෝන වියෝජනයට වසර සිය ගණනක් ගතවිය හැකිය. ඔසප් සමයේ දී කාන්තාවන්ට මේවා අත්‍යවශ්‍ය වනාමු ඒ සඳහා ආර්ථික වශයෙන් හා පාරිසරික වශයෙන් මීට වඩා හිතකාමී වෙනත් ක්‍රමයක් නැද්ද? ඔසප් දිනවල කාන්තා පකෂය පළඳින අංගවල පාරිසරික බලපෑම ගැන පර්යේෂණ සිදුකළ, ක්ලාක්සන් විශවවිද්‍යාලයේ තිරසාර පාරිසරික පද්ධති මහාචාර්යවරියක වන සුසාන් පවර්ස් නව ක්‍රමයක් නිර්දේශ කරයි: ඒ ඔසප් සරාවන්ය(menstrual cups).

ඔසප් සරාවක් (menstrual cup) කියන්නේ මොනවාද?
ඔසප් සරාවක් යනු නැවත පාවිච්චි කළ හැකි වර්ගයේ කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදනයකි. එය රබර් හෝ සිලිකොන් වලින් හැනූ, සීනුවක ආකාර, සුනම්‍ය, ඔසප් වෙද්දී පිටවන ද්‍රව්‍ය ඒකරාශී කර ගැනීම පිණිස කාන්තා යෝනිය තුළට ඇතුළු කරන කුඩා කෝප්පයක් හෙවත් සරාවකි. එය එක දිගට පැය 12ක් තිස්සේ භාවිත කළ හැක්කක් වන අතර (පැය 12ට) පසුව එය එළියට ගෙන ඔසප් ද්‍රව්‍ය ඉවත් කර පිරිසිදු කළ හැකිය. මේ ඔසප් සරාව ඇතුල් කරන සෑම වාරයක්ම අතර තුර උණු වතුර සහ සබන් යොදා හොඳින් සේදිය යුතු අතර අඩුම තරමින්, සෑම ඔසප් කාලඡේදයක්ට වරක් වත් නටන වතුරේ බහා ජීවාණුහරණය කළ යුතු වේ. එක ඔසප් කෝප්පයක් වසර 10 පමණ හාවිත කළ හැක.
ඔසප් සරාවන් දැනට දශක කිහිපයක් මුලුල්ලේ පැවතුන ද ඒවා සනීපාරකෂක තුවා හෝ ටැම්පොන් තරම් කාන්තාවන් අතර ජනප්‍රිය නැත.

ඔසප් සරාවන් ජනප්රියතාවයෙන් ඉහළ යමින් පවතින්නේ ද?
ඔව් කියලා තමයි කියන්න තියෙන්නෙ. ආර්තවය (ඔසප්වීම) කෝල බවින් තොරව කතා බහ කිරීමට මෙන්ම ක්‍රියා කිරීමට කාන්තාවන් පමණක් නොව පිරිමින් ද වැඩි වැඩියෙන් හුරුවෙද්දී ඔසප් සරාවන්ගේ ජනප්‍රියතාව වර්ධනය වෙමින් පවතී. විව්ධ ධාරාවන්ගේ මාධ්‍යවල ඒවා ගැන වාර්තා පල වීමද ඉහල ගොස් ඇත. ඒවායේ ජනප්‍රියතාවට මග පෑදූ තවත් කාරණාවක් වේ: සනීපාරක්ෂක පෑඩ් සහ ටොම්පොන් වැනි භාවිත කර ඉවතලන ඕනෑම නිෂ්පාදනයකට අදාල වන ඝන අපද්‍රව්‍ය පිළිබඳ පොදු මහජනතාවගේ උනන්දුව ද සාධකයකි.
විවිධ කාන්තා සනිපාරක්ෂක නිෂ්පාදනවල ජීවන චක්රය තක්සේරුවක් සම්බන්ධයෙන් පරීක්ෂණ හෙළිකරන දේ
නිස්සාරණය, නිෂ්පාදනය, භාවිතය සහ ඉවතළෑම් ද ඇතුළත්ව යම් නිෂ්පාදනයක අමුද්‍රව්‍යවලට අදාල සියලුම ද්‍රවය සැකසීම්, බලශක්තිය සහ ක්‍රියාදාමයන් ගැන පුළුල් ගණනයක් සහ ඇගැයීමක් ජීවන චක්රය තක්සේරුවක් මගින් සැපයේ. මෙහිදී සැලකිල්ලට ලක්කෙරෙන බලපෑම් අතරට දේශගුණ විපර්යාස, ස්වභාවික සම්පත් හායනය(natural resource depletion), මානව ධූලකතාව සහ පාරිසරික ධූලකතාව ඇතුළු අනෙක් සාධක ද අයත්වේ.

ඉතින්, මෙම පර්යේෂනය සඳහා විවිධ කාන්තා සනිපාරක්ෂක නිෂ්පාදන සැලකිල්ලට ගනිද්දී පර්යේෂකයෝ නිෂ්පාදන තුනක් ගැන අවධානය යොමු කළහ: යෝජකයක් හෙවත් ආලේප කරණ උපකරණයක් සහිත රේයෝන් පාදක ටැම්පූනයක්, සෙලියුලෝස් සහ පොලි එතිලීන් අවශෝෂක හරයකින්(absorbent core) සමන්විත පෑඩයක් සහ සිලිකෝන්වලින් තැනූ ඔසප් සරාවක් සංසන්දනය කර බලන ලදී.
මෙකී තක්සේරුවට නිෂ්පාදන ඇසුරුම් මෙන්ම එම ද්‍රව්‍ය සෑදීමට හා ප්‍රවාහනයට අදාළ ක්‍රියාදාමයන් ද ඇතුලත් විය. විවිධ කාන්තා සනිපාරක්ෂක නිෂ්පාදන අතර සාධාරණ සංසන්දනයක් කිරීමේ අර්මුණින් පර්යේෂකයෝ, සාමාන්‍ය කාන්තාවක් වසරක දී භාවිත කරන නිෂ්පාදන සංඛ්‍යාව ගැන සොයා බැලූහ. පළ කරනු ලැබ ඇති සාමන්‍ය(average) අගයන් පදනම්ව බැලූ කල, එය වසරකට ටැම්පොන් හෝ මැක්සිපෑඩ් 240 කි. ඔසප් සරාවක ආයු කාලය වසර දහයකි. ඉතින් ඔසප් සරාවක් වසරක් තිස්සේ භාවිත කරද්දී ඇතිවන්නේ සමස්ත නිෂ්පාදන සහ ඉවතළෑමේ බලපෑමෙන් දහයෙන් එකකි. පර්යේෂණ තක්සේරුවේ දී සමස්ත පාරිසරික බලපෑම ඇගැයීම පිණිස විවිධ ප්‍රවර්ග අටක් අතුළත් කරගනු ලැබීය. ජීවන චක්‍ර බලපෑම් තක්සේරුව මේ එක් එක් තනි ප්‍රවර්ගය සඳහා සංඛ්‍යාත්මක ලකුණු සපයයි. ඉහළ ලකුණු සංඛ්‍යා, වඩාත් විශාලතර සමස්ත බලපෑම් දක්වයි.
ඔසප් සරාවක් භාවිත කිරීම පාරිසරික වශයෙන් වඩාත් ධරණීයතාවකින් යුක්තද?
ජීවන චක්‍රය තක්සේරුවේ ප්‍රතිඵල පැහැදිලිව පෙන්නුම් කරන්නේ සියලු පාරිසාරික මිතික මත පදනම්ව බලන විට නැවත භවිතයට ගතහැකි ඔසප් සරාවන් බෙහෙවින් ඉදිරියෙන් සිටින බවයි. මුළු බලපෑම් ලකුණු පාදක කරගත් විට වැඩිම ලකුණු හිමිකරගත්තේ අධ්‍යනයේ දී සැලකිල්ලට ගත් මක්සිපෑඩ යයි. (ඉහත ද දක්වා ඇති පරිදි, ඉහළ ලකුණු සංඛ්‍යා, වඩාත් විශාලතර සමස්ත බලපෑම් දක්වයි). ටැම්පෝනය 40% අඩු ලකුණු සංඛ්‍යාවක් හිමිකර ගත්තේය. ඔසප් සරාව 99.6ක අඩුවක් දැක්වීය. මැක්සිපෑඩයේ ලකුණු සංඛ්‍යාව ඉහළ යාම කෙරෙහි බලපෑ ප්‍රධාන සාධකයක් වූයේ එය බරින් වැඩිවීම සහ එය නිපදවීමේ දී යොදා ගත් අමු ද්‍රවයයි.

බොහෝ දෙනෙක් නැවත භාවිත කළ හැකි නිෂ්පාදනයක් තෝරාගන්නේ ඉඩම් ගොඩ කිරීමේ දී අපද්‍රව්‍ය වශයෙන් ඒවා යොදා ගැනීම අනවශ්‍ය යයි විශ්වාසකරන හෙයිනි. එහෙත් මේ අධ්‍යයනය පෙන්නුම් කරන්නේ පාරිසරික වශයෙන් වැඩිම වාසිය එන්නේ අමු ද්‍රව්‍ය සියල්ල සූදානම් කිරීමේ සහ නිපදවීමේ අවශ්‍යතාව අඩුවීමෙන් බවයි. මීට අමතරව, නිෂ්පාදනයේ දී ඇතිවන හානිකර විමෝචන සහ දූෂණ කාරක හේතුවෙන් ඇතිවන පාරිසරික සහ සෞඛ්‍යමය බලපෑම් ද හඳුනා ගන්නා ලදී.

වඩාත් ධරණීය කාන්තා සනිපාරක්ෂක නිෂ්පාදන භාවිතය දිරිමත් කිරීම පිණිස කළ යුත්තේ කුමක් ද?
ආර්තවය(ඔසප්වීම) සහ ඊට අදාල කාරනා ගැන (එළිපිට) කතා බහ කිරීමට පෙලඹීම අඩුවීමේ ස්වභාවයම, මේ කාරණය ගැන ඇති ආකල්පය තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය. ඔසප් සමයේ කාන්තා සනිපාරක්ෂක නිෂ්පාදන භාවිතය හා සම්බන්ධ ගැටලු සමාජගත නොවීමට එය ප්‍රධාන හේතුවකි. කෙසේවෙතත්, අඩුතරමින් අමෙරිකා එක්සත් ජනපදයේවත් තරුණ කාන්තාවන් අතර මේ තත්ත්වය වෙනස් වෙමින් පවතින බව පර්යේෂක කණ්ඩායම පවසති. මෙය දශක කිහිපයකට පෙර තිබූ තත්ත්වයට වඩා වෙනස් බව ඔවුන්ගේ අදහසයි. ඔසප් සරාවන් නිසියාකාරව භාවිත කිරීම සහ අරපරෙස්සම් කිරීම අරභයා (WebMD) සහ (Healthline) වනි ඇතම් වෙබ් අඩවි විශ්වාසදායක තොරතුරු සපයයි. මේ පියවර වැඩි වැඩියෙන් කාන්තාවන් ඒවා භාවිතයට යොමු කිරීමට බලපානු ඇත.
The Conversation හී පල වූ Menstrual cups are a cheaper, more sustainable way for women to cope with periods than tampons or pads යන ලිපිය අසුරෙනි