ස්වදේශිකයන්ට ආවේනික බස නැසීයාම දුලබ ඔසු වඳවීයාමට මග පාදයි
භාෂාවක කාර්යය හුදෙක් එකිනෙකා හා සංනිවේදනයට යොදාගැනීම පමණක්ම නොවේ. වර්තමානයේ ජනනය වන, ගොඩ නැගෙන දැනුම් අනාගත පරපුර වෙත උරුම කර දීම එහි වැදගත්ම කාර්යභාරයක් වෙයි. මානවයා භාෂා දැනුම අත්පත් කරගත් අවස්ථාවේ මෙය සිදුවූයේ මුඛ පරම්පරාවෙනි — එනම් කට වචනයෙනි. ඊට පසුව ලේඛන කලාව දියුණුවීමත් සමගම මෙය වඩාත් කාර්යක්ෂම විය. දැන් විවිධ මාධ්‍යය සහ තාක්ෂණ ඇති හෙයින් අනාගත පරපුරට, තම භාෂාව නොදත් පිටරැටියනට පමණක් නොව අභ්‍යවකාශ හරහා ද දැනුම පහසුවෙන් සම්ප්‍රේෂණය කිරීමට හැකි වී තිබේ.
කෙසේවෙතත් ලොවපුරා ස්වදේශික ජනතාව අතුරෙන් බහුතරයක් සිය පාරම්පරික දැනුම උරුම කරදීමට පුරුදුව ඇත්තේ මුඛ පරම්පරාවෙනි. ඒ ඔවුන්ගේ භාෂාව උපයෝගී කරගනිමිනි. විශේෂයෙන්ම, ඖශධීය ශාක ගැන ස්වදේශික ජනතාව සතු දැනුම් ගබඩා වී ඇත්තේ ඒ ඒ ස්වදේශිකයා ගේ භාෂාවෙනි.
ස්විට්සර්ලන්තයේ, ශූරිච් විශ්ව්විද්‍යාල අධ්‍යයනයක් පෙන්නුම් කරන්නේ ඖෂධීය ශාක පිළිබඳව දැනට ඇති දැනුම් සම්භාරයෙන් විශාල කොටසක් තර්ජනයට ලක් වූ ස්වදේශික භාෂාවන්ට ඈඳී තිබෙන බවයි.ඇමොසාන්, නිව් ගිනියාව සහ උතුරු ඇමරිකාවේ සිදුකළ ප්‍රාදේශික අධ්‍යනකින් පසුව, පර්යේෂකයන් තීරණය කළේ ඖෂධීය ශාක භාවිතයන් ගෙන් 75ක් ම දැන ගත හැක්කේ එක් හාෂාවකින් පමණක් බවයි.

වයඹදිග ඇමොසානයේ ඖෂධීය ශාක 645ක් සහ ඒවායේ ප්‍රයෝජන, භාෂා 37ක වාචික සම්ප්‍රදායට අනුකූලව ඇගැයීමට ලක් කෙරිණ. මේ දැනුම් සම්භාරයෙන් 91%ක්ම දැනට පවතින්නේ එක් දේශජ භාෂවක් තුළ බව අධ්‍යනයේ දී පෙණී ගියේය. ඒ වාගේම, එම භාෂාව නෂ්ට වුවහොත් ඒ සමගම වෙද දැනුම ද අහෝසී වී යන බව ද ඉන් ගම්‍ය වේ.
වයඹදිග ඇමොසානයේ ඖෂධීය ශාක 645ක් සහ ඒවායේ ප්‍රයෝජන, භාෂා 37ක වාචික සම්ප්‍රදායට අනුකූලව ඇගැයීමට ලක් කෙරිණ. මේ දැනුම් සම්භාරයෙන් 91%ක්ම දැනට පවතින්නේ එක් දේශජ භාෂවක් තුළ බව අධ්‍යනයේ දී පෙණී ගියේය. ඒ වාගේම, එම භාෂාව නෂ්ට වුවහොත් ඒ සමගම වෙද දැනුම ද අහෝසී වී යන බව ද ඉන් ගම්‍ය වේ.
“භාෂාවක් අතුරුදන් වී යන සෑම අවස්ථාවකම කථන හඬක් වසන් වී යයි; යථාර්ථයෙන් අරුතක් මවා ගැනීමේ මගක් වසන් වී යයි; සොබාදහම සමග අන්තර් ක්‍රියා කිරීමේ මාවතක් වසන් වී යයි; සතුන් සහ ශාක නම් කිරීමේ සහ විස්තර කිරීමේ මගක් ඇහිරී යයි” යනුවෙන් ශූරිච් විශ්වවිද්‍යාලයේ පරිණාමීය ජීව විද්‍යා සහ පාරිසාරික අධ්‍යයන දෙපාර්ත්මේන්තුවේ පර්යේෂක Jordi Bascompte පවසයි.

Ethnologue නමින් දැක්වෙන ව්‍යාපෘතිය නිගමනයට එළඹී ඇත්තේ ලොව දැනට ඇති භාෂා 7,000ට වැඩි සංඛ්‍යාවෙන් 42%ක්ම ආපදාපන්න(endangered) බවයි. 1500 දි පෘතුගීසීන්ගේ පැමිණීමට පොරාතුව බ්‍රසීල වාසින් අතරේ භාවිත වූ ස්වදේශික භාෂා අතුරෙන් අද ඉතිරිව ඇත්තේ 160ක් පමණ බව හාෂා පර්යේෂණ සඳහා වන ලාභ නොපතන ආයතනයක් වූ SIL International සංවිධානය දක්වයි. මෑතක අධ්‍යනයක දි කරුණු දක්වමින් ස්පාඤ්ඤ ජාතික ජීව විද්‍යාඥ Jordi Bascompte සහ ජීව විවිධත්ව විශේෂඥයෙකු වන Rodrigo Cámara-Leret අනතුරු හඟවන්නේ ස්වදේශික භාෂා නෂ්ටප්‍රාප්තවීම, ඖෂධීය ශාක පිළිබඳ පාරම්පරික දැනුම අහෝසිවී යාමට සමාන බවයි. එවිට අනාගත ඖෂධ සොයාගැනීමේ අවස්ථා අඩුවනබවයි ඔවුන්ගේ අදහසය.

අද ලොවපුරා අළෙවි කෙරෙන ඖෂධ බොහොමයක් උත්පාදන කරගනු ලබන්නේ ඖෂධීය ශාකවලිනි. මේවා, ඇස්ප්‍රින් ලෙස සුලබව හඳුන්වනු ලබන acetylsalicylic acid වල (මෙහි ක්‍රියාකාරී සංයෝගය නිස්සාරණය කරගනු ලබන්නේ Salix alba ශාකයෙනි) සිට පොපී හෙවත් Papaver somniferum වලින් නිස්සාරණය කර ගනු ලබන මෝපීන් දක්වා පරාසයකට අයත් වේ.
පරම්පරා අතර දැනුම හුවමාරුව සඳහා ස්වදේශික ජනතාව සාම්ප්‍රදායානුකූලව වාචික සංනිවෙදනයට හුරුවී ඇති හෙයින් එම භාෂා අතුරදන්වීමත් සමගම ලෝකයාට තොරතුරු සම්භාරයක් අහිමිව යයි.
ද්විත්ව අභියෝගය
” නෂ්ටප්‍රාප්තවීමේ වැඩි අවදානමට ලක්ව ඇත්තේ සුවිශේෂී දැනුම් ගොන්නක් සහිත භාෂාවන්ම බවට අපට පෙණී ගියා” යයි පවසන Bascompte එම දැනුම අතුරුදන් වී යන ආකාරය ගැන ද්විත්ව-ගැටළුවක් අති බව පෙන්වාදෙයි.
අධ්‍යනයේ දී දේශජ ඥානය කැපී පෙනෙන කලාප හැටියට අමැරිකානු රටවල් ප්‍රධාන වෙයි. එහි දී ඖෂධීය ඥානය බොහොමයක් ඈඳී ඇත්තේ ආපදාපන්න භාෂාවන්ටය. විශේෂයෙන්ම වයඹදිග ඇමොසාන් ප්‍රදේශය Bascompte දක්වන ද්විත්ව ගැටළුවට හොඳ නිදසුන්ය. එහෙයින්, භාෂාවක් නෂ්ටප්‍රාප්ත වුවහොත්, ඖෂධ ගැන දැනුම ද ඒ හා සමග අතුරුදන්වී යයි(ඇමොසාන් කලාපයේ භාෂාවන් කිහිපයක්ම ඉදිරි කාලයේ දි එවැනි ඉරණමකට බඳුන් විය හැකිය).

ඖෂධීය ශාක ගැන කියැවෙන භාෂා විසිරී ඇති අන්දම සිතියමේ තිත් වලින් දැක්වේ. උතුරු අමැරිකාවේ(A), වයඹදිග ඇමොසානය(B) සහ නිව් ගිනියාව(C) කලාපයේ එක් භාවකට පමනක් සීමාවූ ඖෂධ ඥනය රතු තීරු වලින් දැක්වේ.
ඖෂධ ශාක හා සම්බන්ධ භාෂාවන්ගේ ආපදාපන්න ස්වභාවය පිළිබඳව ස්වභාවධර්මය සංරක්ෂණය සඳහා වූ අන්තර්ජාතික සංගමය(IUCN – International Union for the Conservation of Nature) හරියාකාර ඇගැයීම කර නැති බවයි පර්යේෂකයන්ගේ අදහස. එහෙයින් IUCN වතින් ලබාගත් සීමිත දත්ත ඌනපූරණය කිරීමට ඔවුනට සිදුවිය. භාෂාවන් නෂ්ටවීමෙන් වැඩි බලපැම දැනෙනු ඇත්තේ ජෛවී විවිධත්වයට වඩා ඖෂධ ඥානය අහිමිවීම කෙරෙහි බව මේ අනුව පර්යේෂකයෝ දකිති.
කලින් සිදුකරන ලද විද්‍යාත්මක අධ්‍යනවලින් පෙණී ගොස් ඇත්තේ පරිසර පද්ධති සේවා නඩත්තු කිරීම සම්බන්ධයෙන් ගත් කල ඖෂධ ශාකවල පැවැත්ම වාගේම සාංකෘතික උරුමය ද වැදගත් බව්බයි. එහෙත්, එම විදාඥයින්ම 2019 දේ සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල අනුව සාංකෘතික සහ ජීව විද්‍යාත්මක බැඳීම් එකිනෙකෙන් වෙන්කළ නොහැකියි. “අපට දැන් මේ ජාලය අමතක කර දමා හුදෙක් ශාක ගැන පමණක් හෝ සංස්කෘතිය ගැන පමණක් හෝ හිතන්න බැහැ” Bascompte පෙන්වාදෙයි.
මේ අතර ලොව පුරා ස්වදේශික ජනතාවට, සිය බ් හාෂාවන් සුරක්ෂිතකිරීමට, යළි නගා සිටුවීමට සහ ප්‍රවර්ධනය කිරීමට උපකාර කරණු වස් යුනෙස්කෝව(UNESCO) 2022 සිට 2032 දක්වා සිය එහි, ස්වදේශික ජනතාව සඳහා වූ ‘ක්‍රියාකාරී දශකය’ දියත් කරයි. මීට අමතරව බ්‍රසීලය ප්‍රමුඛ රටවල් ගණානාවක් ස්වදේශජ භාෂා සංරක්ෂණයට සහ එමගින් ඖෂධ ශාක පිළිබඳ දැනුම් අනාගත පරපුරට හිමි කරදීම පිණිසත් වැඩසටහන් ආරම්භ කර තිබේ. “ජනතාව තම දරුවන් සමග තම මව් භාෂාවෙන් කතා කිරීම නතර කරවිට එම භාෂාව ආපදාසම්පන්න යයි සලකනවා” යයි ස්වදේශික භාෂා විශේෂඥ වාග්විද්‍යාඥයෙකු වන Luciana Sanchez Mendes කියා සිටියි. “මේ භාෂාවල් තමයි අප අමතකකර දමන්නේ ජාතික මට්ටමේ දී භූමිකාවක් අහිමි දුප්පත් හෝ නන්නාඳුනන මිනිස්සුන්ගේ භාෂාවන්. ඒත් අපි හිතන්න ඕන සත්ව විශේෂයක් හැටියට මේ තරම් පුදුමාකාර විවිධත්වයක් ත්බීමට තරම් අප කොපමණ වාසනාවන්ත දැයි කල්පනා කළ යුතුයි.” Bascompte පෙන්වාදෙයි.
mongabay.com හි පළවූ Extinction of Indigenous languages leads to loss of exclusive knowledge about medicinal plants යන ලිපිය ඇසුරෙනි.