තරු පෙනීම සහ තරු ගැනීම
අහසේ තරු කොච්චර තියනවාද? මුහුදේ වැලි කොච්චර තියනවාද? ලෝකේ හරි මැද කොතැනද? පුංචි කාලේ අප කවුරුත් අහන ප්‍රශ්න. ඕවාට අතීත කාලේ ලැබුණු උත්තරත් හරිම අපූරුයි. සමහරක් අභූතයි. උත්තර ඔක්කෝම වගේ දැන උගෙන කියන ඒවාට වඩා බොහෝ විට පරම්පරාවෙන් පරම්පරාවට ආ කතා; හුදු මනස්කල්පිත පිළිතුරු. ඒත් වර්තමානයේ දරුවන්ට ඊට වඩා නිවැරදි, නිශ්චිත පිළිතුරු ලබාදීමට විද්‍යාඥයෝ සමත්වෙලා. අහසේ තරු කොපමණ නම් තිබේ ද? කියන ප්‍රශ්නයට වර්තමානයේ තාරාකා විද්‍යාඥයන් දෙන පිළිතුරයි ඊයේ ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය සැමරූ පොඩිහිටි, වැඩිහිටි සැමට thathu.com ගෙන එන්නේ.

අහසේ තරු කොපමණ නම් තිබේ ද?
වළාකුලින් තොර පැහැදිලි අහසක් ඇති රැයක නුබ කුස දෙස ඇස යොමුකරන්න. දහසක් තරු ඔබ නෙත හැටේවි. ඔව් ඇත්තටම, 6,000ක් පමන ඔබට දැකගන්න පුළුවන්. ඒත් ඉතින් පියවි ඇහැට දැක බලාගන්න පුළුවන් වන්නේ එපමණ වුණාට අභයවකාශයේ ඇති තරු සංඛයාව හිතා ගන්න බැරි තරම්! හැබයි ඒවා පියවි ඇහින් බලාගන්න බැහැ. මන්ද, ඒවා ඇත්තේ බොහොම, බොහොම දුර ඈත. දැන් ඔන්න අපේ සූර්යයා — අපි සූර්යයා කියන්නෙ තරකාවකට බව දන්නවානේ? — අපට ආසන්නම තරුව වන සූර්යයා පිහිටා ඇත්තේ සැතපුම් මිලියන 93ක් ඈතින්.
අපි මොනවා හිතුවත් මේ විශ්වයේ ඇති තාරක සියල්ලෙහි මුලු එකතුව තක්සේරු කර බලන්න ක්‍රමයක් තාරකා විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ තියෙනවා. දැනට පවතින තාර්කා සියල්ල. විශ්වය පුරා මන්දාකිණි හෙවත් ගැලෙක්සි නමින් දැක්වෙන දැක්වෙන තරු, ග්‍රහ ලෝක, වායු සහ ධූලි එකට එකතුවී සෑදුනු තරු පොකුරු තියෙනවා. ඒවා මිනිස් අපි වගේම් විවිධයි, විෂමයි. මන්දාකිණි විවිධ ප්‍රමනයන්ගෙන් සහ හැඩයන්ගෙන් යුක්තයි. අප මේ වාසය කරන පෘථිවිය තියෙන්නේ ක්ෂීර පථය(Milky Way) කියන සර්පිලාකාර(spiral) ගැලක්සියේ. අනෙක් ඒවා බිත්තරයක් මෙන් ඉලිප්සීයයි(elliptical). තවත් සමහරක් මන්දාකිණි විවිධ හැඩවලින් යුක්තව අක්ර්මවත්(irregular).

මුලින්ම, අපි මන්දාකිණි ගණන් කරමු
විශවයේ ඇති තරු සංඛ්‍යාව ගණන් කිරීමට පොරාතුව තාරකා විද්‍යාඥයන්ට මුලින්ම මන්දාකිණි ගණන් කොපමනදැයි සොයා ගන්න වෙනවා. විශ්වය සිතින් මවා ගැනීමට නොහැකි තරම් විශාල නිසා මේ කාර්යයත් ලෙහෙසි නැහැ. මන්දාකිණි ගණන් කිරීමට මුලින්ම, අහස කුඩා කොටස් වලට බෙදා ඒවායේ ඉතා විස්තරාත්මක ඡායා රූප සටහන් සකසාගනිමින් එම රූ සටහන්වල තමන් දකින සියලූම් මන්දාකිණි ගණන් කිරීමට තාරකා විද්‍යාඥයන්ට සිදුවෙනවා. එසේ ලැබෙන සංඛ්‍යාව අනතුරුව මුළු අහසම ඡායාරූප ගත කිරීම සඳහා අවශ්‍යවන එවැනි කුඩා කොටස්වල ඡායාරූප සංඛ්‍යාවෙන් වැඩි කරනවා. එවිට ලැබෙන පිළිතුර ඔබට හිතාගන්න පුළුවන් ද? විශ්වයේ දළ වශයෙන් මන්දාකිණි 2,000,000,000,000ක් — ඒ කියන්නේ ට්‍රිලියන 2ක් තියෙනවා යන්න තමයි පිළිතුර හැටියට ලැබෙන්නේ. ඔව් මන්දාකිණිම ට්‍රිලියන 2ක්.
දැන් අපි තරු ගණින්න පටන් ගමු
ඉහතින් සඳන කළ මන්දාකිණි ට්‍රිලියන 2 තුළ කොපමන නම් තාරකා ඇත්දැයි තාරකා විද්‍යාඥයින් හරිහැටි දන්නේ නැතිවෙන්න පුළුවන්. ඔය ට්‍රිලියන 2න් බොහොමයක්ම කොපමණ නම් ඈතින් පිහිටා ඇත් ද කීවොත් යථාතථ්‍යව සංඛ්‍යාව කියන්න ක්‍රමයක් නැහැ. ඒවුනත් අප අයත්වන අපේ මන්දාකිණිය වන ක්ෂීර පථයේ ඇතී තරු ගනන ගැන සාධාරන අනුමානයක් කරන්න පුළුවන්. අපෙ මන්දාකිණියෙත් ප්‍රමානයෙන් සහ වර්නයෙන් ඉත පුළුල් පරාසයක් සහිතව විවිධාකාර තාරක තියෙනවා නේ.
ධවල තාරකාවක් වන අපේ සූර්යයා මධ්‍යම ප්‍රමානයේ මධ්‍යම බරින් සහ මධ්‍යම උෂ්ණත්වයෙන් හෙබි තාරකාවක්: එහි මධ්‍යයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 15ක්! මීට වඩා විශාල, බරෙන් වැඩි සහ උෂ්ණත්වයෙන් වඩා වැඩි තාරකා නිල් පැහැ ගැනීමට බලනවා. වීණා(Lyra) රාශියේ(තාරකා මණ්ඩලයේ) පිහිටා ඇති අහසේ දීප්තියෙන් පස්වැනි තැන ගන්නා වේගා(Vega) තරුව නිදසුන්. සාපේක්ෂව වඩාත් කුඩ බරෙන් සහ දීප්තියෙන් අඩු ප්‍රොක්සිමා සෙන්ටොරි වැනි තාරකා සාමන්‍යයෙන් රතුයි. සූර්යයා හැරුණු කොට අපට වඩාත්ම් ආසන්න තාරකාව ප්‍රොක්සිමා සෙන්ටොරි යි(Proxima Centauri).

අදහා ගත නොහැකි තරම් විශාල ගණනක්
රතු, සුදු සහ නිල් තාරකා එකිනෙකට වෙනස් ආලෝක ප්‍රමාණයක් පිට කරනවා. ඒ තරු එළිය මැනීමෙන්, විශේෂයෙන්ම ඒවායේ වර්නය සහ දීප්තිය මැනීමෙන් තාරකා විද්‍යාඥයන්ට, අපේ මන්දාකිණියේ හෙවත් ගැලැක්සියේ කොපමණ නම් තාරක ඇත්දයි තක්සේරු කරන්න පුළුවන්. එම් ක්‍රමවේදය උපයෝගී කරගෙන ඔවුනට හැකි වුණා සොයාගන්න අපේ ක්ෂීර පථය මන්දාකිණියේ තරු බිලියන 100යක් — 100,000,000,000 තිබෙන බව.
දැන් ඊළඟ පියවර: අපේ ක්ෂීර පථය මන්දාකිණිය ආකෘතියක් ලෙස යොදා ගනිමින් අපට පුළුවනි ප්‍රරූපී(සමාන්‍ය) මන්දාකිණියක ඇති තාරකා ගණන(බිලියන 100) විශ්වයේ ඇති මන්දාකිණි සංඛ්‍යවෙන්(ට්‍රිලියන 2) වැඩි කරන්න. එවිට ලැබෙන පිළිතුර සහතිකවම පුදුම එළවන සුළුයි. විශ්වයේ දළ වශයෙන් තාරක ට්‍රිලියන බිලියන 200ක් තිබෙනවා. ඔව්, දස නින්නහුත(sextillion) 200ක් — ඒ කියන්නේ, 200,000,000,000,000,000,000,000!
මේ සංඛ්‍යාව කොපමණ නම් විශාල ද කීවොත් අපට ග්‍රහනය කරගැනීට පවා අපහසුයි. ඒත් අපි උත්සාහයක් දරමු: පෘථිවිය මත සියලු සාගරවල ඇති ජලයෙහි කෝප්ප සංක්‍යාව මෙන් 10 ගුණයක්.(ඒත් සාගරවල ජල කෝප්ප කොපමණ තිබේ දැයි සිතා ගැනීමත් ලෙහෙසි කාරනාවකැයි?). ඉතින් ආයෙත් දවසක් රෑ අහස දෙස බලන විට කල්පනාවට ගතයුතු කාරනවක් තියනවා: අපේ තාරකාව වන සූර්යයා වටා නම් ග්‍රහ ලෝක අටක් තියෙනවා. විශවයේ ඇති තාරකා 200,000,000,000,000,000,000,000 වටා අපේ මේ පෘථිවිය වැනි ග්‍රහ ලෝක කොපමන නම් ඇති ද? ඉන් එකක හෝ කිහිපයකම අපි වාගේ ප්‍රාණීන් සිටීමට නොහැකි ද? විද්‍යාඥයන් ඇත්තටම ඒ ගැනත් හොයා බලනවා.
Curious Kids(The Conversation) හී පලවන How many stars are there in space? යන ලිපිය ඇසුරෙනි