COVID-19 අනුපූරක එන්නත් මාත්රා
කොවිඩ් සම්බන්ධ කතා බහේ මේ දිනවල මුල් තැනක් ගන්නේ තුන්වැනි මාත්‍රාව නැතිනම් අනුපූරක මාත්‍රායි(Booster Shots). අනුපූරක එන්නත් මාත්‍රා කෙතරම් දුරට ආරක්ෂා සහිත ද? එමෙන්ම, කෙතරම් ඵලදායී ද? යම් කොවිඩ් එන්නතක තුන්වැනි මාත්‍රාව ගැන අප දන්නේ මොනවා ද? ඒවා ලබාදිය යුත්තේ කුමණ කන්ඩායමකට නැතිනම් පිරිසකට ද? ගෝලීය වසංගතයේ මේ ගතවන මොහොතේ ලෝකය අනුපූරක මාත්‍රා ගැන සැලකිල්ල යොමු කළ යුතු ද? ලෝක සෞඛ්‍ය සංවිධානයේ(WHO) Science in 5 වැඩ සටහනේ දී විස්මිතා ගුප්තා-ස්මිත්, වෛරස විද්‍යා විශේෂඥ සහ බෝවෙන රෝග විශේෂඥ වෛද්‍ය කැතරීන් ඕබ්‍රයන් සමග මේ සම්බන්ධව කෙරෙන කතා බහක සිංහල අනුවාදය අද thathu.com ඉදිරිපත් කරයි.
ප්‍රශ්නය(විස්මිතා ගුප්තා-ස්මිත්): මුලින්ම අපි කතා කරමු අනුපූරක එන්නත් මාත්‍රා ගැන අප දන්නේ මොනවා ද කියලා.
පිලිතුර(වෛද්‍ය කැතරීන් ඕබ්‍රයන්): මම හිතන්නේ අනුපූරක මාත්‍රා කිව්වහම අපි අදහස් කරන්නේ මොකක්ද කියලා මුලින්ම අපි තෝරා බේරා ගන්න ඕන. මේ මොහොතේ අපි කතා කරන්නේ පුද්ගලයෙකුට එන්නතක මුල් මාත්‍රා දෙක දැනටමත් ලබාගෙන ඇත්නම් ඒ පුද්ගලයා එන්නතෙහි තුන්වැනි මාත්‍රාවක් ලබාගැනීමේ අවශ්‍යතාවක් තිබෙනවා ද යන්නයි. ඉතින්, ඇත්තවශයෙන්ම අතිරේක මාත්‍රාවක් අපට ලබා ගන්නට හේතු තුනක් තියෙනවා කියලා කියන්න පුළුවන්.
පළමුවැන්න තමයි, ලබාගන්නා COVID-19 එන්නතක මුල් මාත්‍රා දෙකට ප්‍රමාණවත්ව ප්‍රතිචාර නොදැක්වූ කණ්ඩායමට අයත් පුද්ගලයෙකු නම් දැන ගත යුතු කාරණාව වන්නේ, ප්‍රතිශක්තිය යම් අවදානමකට ලක් වූ ජනතාව සඳහා තුන්වැනි මාත්‍රාවක් අවශ්‍ය විය හැකිය යන්නයි. මන්ද, එම මුල් මාත්‍රා දෙක සමාන්‍ය, සෞඛ්‍යසම්පන්න පුද්ගලයන් අතරේ ඉටු කරන කාර්යම ඒ අයුරින් ඉටු නොකරන නිසාවෙනි.
දෙවැනි කාරනාව වශයෙන් දැක්විය හැක්කේ, කොවිඩ් එන්නත ලබාගැනිමේ ප්‍රථිඵලයක් ලෙස ලැබුණු සහ අත්පත් කරගත් ප්‍රතිශක්තිය කාලයත් සමග පිරිහෙන්නට හෝ හීන වන්නට පටන් ගන්නේ නම් තුන්වැනි මාත්‍රාවක් දීමට පුළුවන් බවයි. ඇත්තටම, දැනට ඇති සාක්ෂි පෙන්නුම් කරන්නේ දක්වන්නේ එන්නත්, පුද්ගලයන් දරුණු රෝග තත්ත්වයන්, රෝගල් ගතවීම් හෝ මරණය සිදුවීමට පවා එරෙහිව අතිශය හොඳින් ආරක්ෂාව සපයමින් තිබෙන බවයි. ඉතින් එහෙම බැලුවහම, දැනටමත් එන්නත්කරනයට ලක්වූ ජනතවට තුන්වැනි මාත්‍රාවක් ලබාදීමේ අවශ්‍යතාවට මග පාදන ප්‍රබල සාක්ෂි අපට නම් පෙනෙන්නට නැත.
COVID-19 ඇතිකරවන වෛරසයේ නව ප්‍රභේද හෝ මාදිලි ඉස්මතුවීම සැලකිල්ල යොමුවන කාරණාවකි. දැනට ඇති එන්නත් මේ නව ප්‍රභේද වලට එරෙහිව ක්‍රියාකාරීවීම අඩු බවක් හෝ ප්‍රමාණවත් නොවන බවක් පෙණී යන්නේ නම් තුන්වැනි මාත්‍රාවක් දීම අපට අවශ්‍ය වන්න පුළුවන්. ඒක තමයි තුන්වෙනි කාරණාව. තවත් කිවයුත්තකි: නව ප්‍රභේදයන්ට එරෙහිව දැනට ඇති එන්නත්වල කාර්ය සාධනය ගැන අප නිරතුරුව ඉතා සුපරික්ෂාකාරීව තමයි පසුවෙන්නේ. ඉතින් පොදුවේ ගතහොත් ඒ එන්නත් ඉතා හොඳින් ක්‍රියාකාරී වෙන බව කිව යුතුයි.

ප්රශ්නය: ඒත් ඇතැම් පුද්ගල කණ්ඩායම්වලට මේ අනුපූරක එන්නත් මාත්‍රාවක් ලබා දීමේ අවස්ථා ඉස්මතු වෙන්න පුළුවන් ද කියා ඔබට කියන්න පුළුවන්ද?
පිලිතුර: මේ අවස්ථාවේ අපට ඇති තොරතුරු විමසන විට පෙණී යන්නේ, එවැනි අවශයතාවක් සහිත සුළු පිරිසක් ඉන්නා බවට සක්ෂි ඇතයි යන්නයි. ඒ අය තමයි, ප්‍රතිශක්තිය යම් අවදානමකට ලක් නොවූ ජනතාව මුල් මාත්‍රා දෙකට දක්වන ප්‍රතිචාරයන් තරම් ප්‍රතිචාර නොදක්වන බවක් දිස්වෙන ප්‍රතිශක්තිය බරපතල අවදානමට ලක් වූ තත්ත්වයන් සහිත කුඩ ජන කොට්ඨාශයක්. ඒ අයට තුන්වැනි මාත්‍රාවක් අවශ්‍ය වනවා තමයි. ඒත් ඒ ඇත්තටම ඒ අයගේ මුල් ප්‍රතිචාරය සැලකීල්ලට ගැනීමෙනුයි. ඇත්තටම ඒ ඔවුන් මුල් මාත්‍රා දෙකට ප්‍රතිචාර නොදැක්වූ නිසයි. කෙසේවෙතත්, අනුපූරක එන්නත් මාත්‍රා පුද්ගලයින්ට සපයන ආරාක්ෂාවට අමතරව අවධානය, සැලකිල්ල යොමුවිය යුතු, අප දැන ගත යුතු කාරණා තවත් සමහරක් තියන බව සඳහන් කළ යුතුයි.
තුන්වැනි මාත්‍රාවක් ලබාදීමෙන් ඇත්තටම ප්‍රතිශක්ති ප්‍රතිචාරය වැඩිවෙනවා ද? එය සත්‍යයක් බවට සාක්ෂි අපට දැක ගත හැකියි. අපි ඒක සත්‍යයක් බව දැන ගන්නේ එන්නත් ක්‍රියා කරන ආකාරය පිළිබඳව අප දන්නා කාරණා පදනම් කරගෙනයි. ඒත් ඒක එහෙම වුනාට අනික් කාරනාව, එනම් තුන්වැනි මාත්‍රාවක් ලබා දිය යුතුය ද? යන්න ගෑන සලකතොත් මම කලින් කීවා සේ මේ තර්කය ගොඩ නගන්න තරම් තිබෙන සාක්ෂි ප්‍රමාණවත් නැහැ. දැනටමත් එන්නත්කරණය කරණු ලැබූ ජනතාව අතුරෙන් බහුතරයක් අතරේ අනුපූරක එන්නත් මාත්‍රාවක් ලබාදීම අවශ්‍ය වන බවට ඒකාන්ත සාක්ෂි නම් අපට පැහැදිලිවම දැක ගන්නට නැහැ.
තුන්වැනි ප්‍රශ්නය ආරක්ෂාවට අදාලයි. තුන්වැනි මාත්‍රාවක් ලබා දෙන විට ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති ප්‍රශ්න ගැන විමසිලිමත්ව සිටීම වැදගත්ය. ඒ වගේම, අප මේ ගැන ඒ ආකාර නිර්දේශයක් නිකුත්කිරීමට පෙර දත්ත qqq ගොඩනැගිය යුතු අතර ඒ ආකාර සාක්ෂි ගොඩනැගෙමින් පැවතුණත් තවම අපට අවසානයක් දකින්න නැහැ.

ප්රශ්නය: කොහොම වුණත් ප්‍රශ්නය එහෙමමයි. ගෝලීය වසංගතය දැන් ඇති පවතින අදියර සලකන විට ලෝකය අනුපූරක එන්නත් මාත්‍රාවක් ගැන උනනදු විය යුතු ද?
පිලිතුර: මම කලින් කීවා වාගේ දරුණු රෝග තත්ත්වයන්, රෝහල් ගතවීම් සහ මරණයට පත්වීමට එරෙහිව වත්මන් එන්නත් හොඳින් ක්‍රියා කරමින් ජනතාවන්ට ආරක්ෂාව සපයනවා. ඉතින් ඒක තමයි එන්නත්වල මූලික අභිප්‍රාය. ඒ වුණාට එන්නත් තුන්වැනි මාත්‍රාව නොව ප්‍රථම හා දෙවන මාත්‍රා ලාබාදීමේ ගැටළු වලට අඩු අදායම් සහ අඩු-මධ්‍යම ආදායම් රටවල් ඇද දමමින් එන්නත් සැපයීම පවතින්නේ අයුක්ති සහගත තත්ත්වයකයි. දැනටත් එන්නත් ලබාදීම ඒ රටවල ඇත්තේ සියයට 1 සිට 5ක් අතර පරාසයක. මේක ඉහළ සහ ඉහළ-මධ්‍යම ආදායම් රටවල් සමග සසඳන විට ඉතාමත් අයහපත් තත්ත්වයක්.

ඉතින් දැන් ඇත්තටම අවධානය යොමු විය යුත්තේ එන්නත් මගින් මෙතෙක් ආරක්ෂාවක් ලැබී නැති බහුතරයකට පලමු හා දෙවන් මාත්‍රා මගින් ආරක්ෂාව සපයාදීමටයි. එය ආසදන සම්ප්‍රේෂණය හීන කරවයි. සම්ප්‍රේෂණය හීන වූවිට, තවත් ප්‍රභේද ඇතිවීමේ ඉඩකඩ අඩුවෙයි. එපමණක් නොව අනුපූරක එන්නත් මාත්‍රා අවසානයේ දී අවශ්‍යවේද නැද්ද යන්න ගැන තවත් සාක්ෂි විමසා බැලීමට ද අපට කාලය සහ අවස්ථාව හිමිවෙයි. අප සියලුදෙනාටම එන්නත් ලබා ගැනීමට නොලැබෙන තුරු කිසිවෙකුත් ආරක්ෂිතයයි කිව නොහැකියි. ඒ වගේම අප සියලු දෙනා එන්නත්කරණයට ලක්වනවා සේම, අනෙකුත් සෞඛ්‍ය පුරුදු වෙනදා ආකාරයටම නොපිරිහෙළා අනුගමනය කිරීම ද අනිවාර්යයෙන්ම වැදගත්. එලෙස, සියල්ල ඉටුකිරීමෙන් තමයි අපට COVID-19 රෝගයෙන් මෙන්ම වෛරසය සම්ප්‍රේෂණය වීමෙන් ආරක්ෂා විය හක්කේ.
(මෙම සම්මුඛ සාකච්ඡාව පළ කරන ලද්දේ සප්තම්බර් 11 දා බව සලකන්න. ඉන් අනතුරුව WHO තුන්වනි මාත්‍රාව සඳහා හදිසි අනුමතිය ලබා දී ඇත)
WHO Science in 5 Episode #53 – COVID-19: Booster Shots ඇසුරෙනි