කොවිඩ් මර්දනයේ දි ලොව පුදුම කරවන ජපානයේ සාර්ථකත්වය

Posted by

රටේ අගමැතිවරයාට අස්වීමට පවා මගපාදන තරමට සති කිහිපයකට පෙර ගෝලිය වසංගතය දරුණු ලෙස ව්යාප්තවූ රටක් හැටියට අසීරු තත්ත්වයකට මුහුණ පෑ ජපානය ඉන් සාර්ථකව ගොඩ  ඒමේ කතාන්දරය අද  thathu.com  ලිපියට පාදකවේ.

අද ජපානයේ කොවිඩ් ආසාදන සංඛ්‍යාව, වසරකට වැඩි කාලයක් තුළ අඩුම මට්ටමකට පැමිණ ඇතත් ටෝකියෝ ඔලිම්පික් උළෙල නිමවී දින කිහිපයක් ඉකුත්වෙද්දී ජපානය කොරෝනා වෛරස ව්‍යසනයක් කරා යොමුවෙමින් ඇති බවක් පෙනෙන්නට තිබුණි. පසුගිය අගෝස්තු 13 දා ඔලිම්පික් සත්කාරක පුරවරයෙන් වාර්තාගත නව Covid-19 ආතුරයන් 5,773 වාර්තා වු අතර ඒ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වීමෙනි. රටපුරා සමස්ත කොවිඩ් ආතුරයන් සංඛ්‍යාව 25,000 ඉක්මවීය.

කොවිඩ් ව්‍යසනය අස්සේ ඔලිම්පික් තරඟාවලිය තම රටේ පැවැත්වීම ගැන විරුද්ධවූ ජනතාවගේ අමනාපයට ආසාදිත සංඛ්‍යාව සීඩ්ග්‍රයෙන් ඉහළ යාම ද එක්වෙද්දී  අසන්නට ලැබුනේ ගෝලීය වසංගතය හේතුවෙන් ඔවුනට පැමින තරංග නැරඹීමේ අවස්ථාව අහිමිවන බවයි.  රෝගීන් ගෙන් රෝහල් පිරී ඉතිරී යද්දී කොවිඩ් බෝවී ඇති බවට පරීක්ෂනවලින් ඔප්පු වූ දහස් ගණනකට සිදුවූයේ  නිවෙස් බලා ගොස් සුවපත් වීමටය. නැතිනම්, සමහර අයට පරලොව බලායාමටය.

Back from the brink: how Japan became a surprise Covid success story | Japan  | The Guardian

ඔලිම්පික් තරඟ  ඵැවැත්වීමේ අදහස ඉදිරියට ගෙනයාමට විරුද්ධව තම ප්‍රධාන සෞඛ්‍ය උපදේශක දුන් නිර්දේශ නොතැකූ එවකට අගමැතිව සිටි, යොෂිහිඩේ සුගා ජනප්‍රියතාවයෙන් පිරිහෙත්ම ඉල්ල අස්වීමට ද සිදුවිය.  හයමාසයකට ආසන්න කාලයක් තිස්සේ (ජපානයේ) අගනුවර සහ අනෙකුත් ප්‍රදේශවල ක්‍රියාත්මක හදිසි අවස්ථාව නැවතත් දීර්ග කිරීමට ඉඩ ඇත. එහෙත්, නරුහි‍තෝ අධිරාජයා ඔලිම්පික් ක්‍රිඩා උළෙල නිමා වූ බව ප්‍රකාශයට පත් කොට ගතවු මාස දෙක තුළ  ජපානයේ අපූරු යමක් සිදු වී ඇත.

මේ සතියේ, ඒ කියන්නේ හදිසි අවස්ථා පියවර ඉවත් කොට යාම්තම් සති දෙකක් ගතවූ තැන ටෝකියෝ නුවර පමණක් නොව රට පුරාම ආසාදන සංඛ්‍යාවන් තවදුරටත් වේගයෙන් පහළ වැටෙමින් පවතී. අගෝස්තුවේ සිට ගෝලීය වශයෙන් ආතුරයන් සංක්‍යාවෙහි මද අඩුවක් පෙන්නුම් කළේ වී නමුත්  බ්‍රිතාඥය ද අතුළු යුරෝපයේ විවිධ ප්‍රදේශවල ආතුර සංඛ්‍යාව පාලනය කර ගැනීමට අරගලයක යෙදී සිටිය දී ජපානයේ ආසාදිත සංඛ්‍යා වසරකට වැඩි කලක් ඇතුළත පහළම මට්ටම දක්වා අඩුවී ඇත. ඒ අනුව, ලෝකයේ තුන් වැනියට විශාලතම  ආර්ථිකය සහිත රටෙහි අපල කාලය නිමා වන බවට සුබවාදී අපේක්ෂා පලවේ.

COVID-19 cases plummeting in Japan; doctors puzzled why - Japan Today

කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් ජපානයේ මේ ‘වෙස් මාරුව’ පැහැදිලි කිරීම සඳහා එක් තනි සාධකයක් ඉදිරිපත් කිරීම අපහසු බව විශේෂඥයෝ පවසති. එසේ වුවත්, එක් සාධකයක් ගැන නම් පුළුල් එකඟතාවක් පළවී තිබේ: එතරම් සාර්ථක ආරම්භයක් නොතිබුණත් ජපානයේ එන්නත්කරන වැඩපිළිවෙල මේ වනවිට ප්‍රබල මහජන සෞඛය වැඩසටහනක් බවට පරිවර්තනය වී තිබේ. එන්නත් ගැන ඇති ජපානයේ ඓතිහාසික සංකීර්න සම්බන්ධතාව නොතකා එක්සත් ජනපදයේ ආකාර ප්‍රතිරෝධයකින් තොරව එන්නත්කරන වැඩපිළිවෙල සාර්ථක ලෙස ඉදිරියට යාම අදාල එක් සාධකයක් ලෙස දැක්විය හැක. ජපානයේ මිලියන 126ක් වන ජනගහනයෙන්  70%ක් තරම පිරිසකට මේ වන විට කොවිඩ් එන්නත් ලබා දීමට හැකිවී තිබේ. එන්නත් ලබා ගැනීමට කැමැති සියල්ලන්ටම නොවැම්බරය වන විට ඒවා ලබා දීමට රජය බලාපොරොත්තුවේ. නව අගමැති ෆුමොයෝ කිෂිඩා කියා සිට්න්නේ අනුපූරක එන්නත් මාත්‍රා ද(booster shots) දෙසැම්බර් මාසය වනවිට සැපයිය හැකි බවයි. සෞඛය සේවකයින් සහ වයස්ගත පුද්ගලයන් ගෙන් එය ආරම්භ වනු ඇත.

තවත් සාධකයක් ලෙස විශේෂඥයන් සඳහන් කරන්නේ මුහුණු ආවරන පැලඳීම ඉතා පුළුල් ලෙස ව්‍යාප්ත වීමයි. මේ පුරුද්ද ජනතාව තහවුරු වූයේ කොවිඩ් වසංගතයට පෙර පැමිණි ප්‍රතිශ්‍යා රෝග වාරවලදීය. කෙසේවෙතත් ඔලිම්පික් උළෙල පැවති අවධියේ, තරඟ නැරඹීමට අවස්ථාව නොලැබුණත් කාණ්ඩ  වශයෙන් එක් රොක් වි උණුසුම් කාලගුණය භුක්ති විඳි ජනතාව අතර තිබූ සැහල්ලු මානසිකත්වය ගිම්හාන ‍රැල්ල ඉහළ යාමට බලපාන්නට ඇත. ” කලාතුරකින් මුන ගැසෙන අය හම්බවෙන්න, ඊටත් වඩා මුහුණට මුහුණලා එකට වාඩිවී ආහාර පාන ගන්න අපට නිවාඩු සමයේ අවස්ථා හිමිවුනා” යයි බෝවෙන රෝග පිලිබඳ රජයේ උපදේශක, ක්යෝටෝ විශ්වවිද්‍යාලයේ හිරෝෂී නිෂියුරා පවසයි. එහෙත් ‘ජනත ප්‍රවාහය අගෝස්තුවේ ආසාදන ඉහළ නැංවීමට හේතු වීය’ යන්න ගැන ලන්ඩනයේ කින්ග්ස් කොලීජියේ ජන සෞඛ්‍ය ආයතනයේ හිටපු අධ්‍යක්ෂ කෙන්ජි ෂිබුයා සැක පහළ කරයි. “ඒක මූලිකවම  සෘතු හේතුවෙන් වූවක්. ඒවගේම වෛරසයේ ගති ලක්ෂණ බලපෑවාද කියන්න අපි දන්නේ නැහැ” යනුවෙන් හෙතෙම කියා සිටී.

කෙසේවෙතත්, දැනට නම් ජපානයේ පවතින්නේ සුබවාදී වාතාවරණයක්. රට ‘සාමන්‍ය තත්ත්වයට එනවා’ වගේ හැඟීමක්. හදිසි තත්ත්වය යටතේ ආදායම් අහිමිව තිබූ සුරා සල් සහ ආපණ ශාලා යම් සීමාවන් සහිතව යළි විවෘත කර ඇති අතර බොහෝ සමාගම් තම සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට අවසර නොදෙන හෙයින් දුම්රිය පොළවල් ජනයාගෙන් පිරි ඉතිරී ගිහින්. ප්‍රාන්ත අතර ගමනාගමනය තවදුරටත් සෞඛ්‍ය අවදානමක් ලෙස සැලකෙන්නේ නැහැ.

කොවිඩ් වෛරස උවදුරට දක්වන ප්‍රතිචාරයට වඩා ආර්ථිකයට ප්‍රමුඛත්වය දීම ගැන හිටපු අගමැතිවරයා විවේචනයට ලක්විය. මෑතක ජනමත සමීක්ෂණ පෙන්නුම් කරන්නේ, ඉක්මණින් ප්‍රතිවෛරස ඖෂධ අනුමත කිරීම සහ අනාගතයේ නැවත් වරක් ආසාදන උත්සන්න වුවහොත් ඊට ප්‍රතිචාර දක්වනු වස් සෞඛය සේවාවන්ගේ හැකියාව ඉහළ දැමීම අතුළුව මහජන සෞඛ්‍ය පියවර වලට අගමැති කිෂිඩා මුල් තැනැක් දෙතැයි ජනතාව අපේක්ෂා කරන බවයි. එහෙත් අනතුර පහව ගොස් ඇතැයි උපකල්පනය කිරීම අඥාන ක්‍රියාවක් බව කියා සිටින විශේෂඥයෝ, ශීතල කාලගුණස ළඟා වෙත්ම ජනයා හොඳින් වාතාශ්‍රය නොසැලසුණු බීම හල් සහ ආපන ශාලාවෙත ‍රැස්වෙද්දී ආසාදිත සංඛයාවන් නැවත් වරක් ඉහළ යා හැකි බවට අනතුරු හඟවති. “අපට ලිහිලක්  ලැබිය හැක්කේ  ක්‍රම ක්‍රමයෙන් පමණක්ය යනුවෙන් පැහැදිලි  පණිවුඩයක් ජනතාව වෙත යැවීමට රජය ක්‍රියා කල යුතුය” යි රජයේ ප්‍රධාන සෞඛ්‍ය උපදේශක ෂිගෙරු ඔමි දනුම් දෙයි.

The Guardian(13th Otober, 2021) හී පළවූ Back from the brink: how Japan became a surprise Covid success story යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.