කොවිඩ් අවදානම මැද නිවසින් පිටතට ගොස් එන ඔබට වැදගත් වන කරුණු කිහිපයක්

Posted by

දීර්ග ලොක් ඩවුන් එක්කකින් පසුව රට නැවතත් විවෘතවෙලා. ලබන 21 දා සිට තවත් සීමා කිරීම් සමහරක් ඉවත් කෙරෙතැයි අපේක්ෂිතයි. මෙලෙස ලිහිල් කිරීම් කෙරෙන්නේ ජන ජීවිතය යම් පමණකට ‘නව සාමාන්‍ය” තත්වයෙන් පවත්වාගෙන යාමටයි. නැතුව ‘හිතූ මනාපේ’ කටයුතු කරන්න නොවේ’ යයි සෞඛ්‍ය අංශ නිරතුරුව අනතුරු හඟවයි. ඒ අනතුරු හැඟවීම ඔබෙත්, ඔබේ සමීපතයන්ගේත් වගේම පොදුවේ ඔබ සරන සමාජයේම සුව සෙත පිණිසයි.  ඒ බවත් හිතේ තියාගනම ගෙදරින් එළියට බහින ඔබ අනිවාර්‍යයෙන්ම දැනගතු යුතු කරුණු කිහිපයක් අද අපි thathu.com තුළින් ඉදිරිපත් කරන්නෙමු.

Most Americans say they regularly wore a mask in stores in past month | Pew  Research Center

වෙළඳ පොල, සුපිරි වෙළඳ සල වැනි ජනතාවරැස්වෙන ස්ථානවල් දී ආරක්ෂාව සඳහා අත්වැසුම් භාවිතය නිර්දේශ කරනවාද?

නැත. පොදු ස්ථානවල් දී  අත්වැසුම් භාවිතය නිර්දේශ කරන්නේ නැත. තවද එය ආසාදනය වැලැක්වීමට දායක වන පියවරක් යයි සනාථවී නැත. පොදු ස්ථානවල අත්වැසුම් පැලඳීමෙන් හස්ත ස්වස්ථතාව පිළිබඳ අවශයතාව නැතුව නොයන අතර එය ඊට අදේශකයක් ද නොවේ. එපමණක් ද නොව, COVID-19 ආරක්ෂාව සපයාගැනීමේ දී හස්ත ස්වස්ථතාවට වඩා කිසිම වැඩිපුර ආරක්ෂක පියවරක් නැතිනම් වාසියක් ඉන් නොසැලසේ. අත්වැසුම් අත් අපවිත්‍රනයට එරෙහිව පූර්න ආරක්ෂාවක් සපයන්නේ නැත. ඊට හේතුව, අත්වැසුම්වල ඇති සුළු දෝෂ හරහා අත්වලට ව්‍යාධිජනක් ඇතුළුවීම හෝ අත්වැසුම් ගලවන අවස්ථාවේ අත් අපවිත්‍රනයට පත්වීම හෝ සිදුවිය හැකි වීමයි. තවද, අත්වැසුම් දැමූ අත්වලින් ඇල්ලීම තුළින් පුද්ගලයන්ට එක් මතුපිටකින් තවත් මතුපිටකට ව්‍යාධිජනක ගෙන යා හැක. නැතිනම්  (අත්වැසුම් දැමූ) අතින් ඇල්ලුවොත් මුඛය, නාසය හෝ ඇස් වෙත ව්‍යාධිජනක එක් කිරීමට පුළුවන.

7 tips to improve hand hygiene in the office | Initial

බැහරට ගොස් ආපසු නිවසට පැමිණි විට අනුගමනය කිරීමට නිර්දේශිත භාවිතයන් මොනවා ?

හස්ත ස්වස්ථතාව තමයි නිදේශය: එනම් සබන් සහ ජලය යොදාගනිමින් අත් සේදීම හෝ මද්‍යසාරය පදනම් අත් ජෙල් යොදාගනිමින් අත් පිරිසිදු කිරීමයි. මෙය, ගේ දොර හෙවත් ගෘහස්ත පරිසරයේ දී මතුපිටවල්, බඩුබාහිරාදිය, සුරතල් සතුන්, සහ පුදගලයින් අල්ලන  විට ඉ‍ටුකල යුත්තකි. මීට අදාලව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කර ඇති විස්තරාත්මක තොරතුරු  විමසීම වටී — https://www.who.int/gpsc/clean_hands_protection/en/

නිවසින් බැහරව සිටිනා විට, කායිකව දුරස්ථව සිටීමේ  — එකිනෙකා අතර අඩුම තරමින් මීටරයක්වත් ඈත්ව සිටීම — උපදෙස් සැමවිටම පිළිපැදිය යුතුය; සබන් හා ජලය සමගින් හෝ මද්‍යසාර පාදක අත් පිරිසිදුකරනයක් යොදාගනිමින් හස්ත ස්වස්ථතාව  පවත්වා ගැනීම; කහින විට සහ/හෝ කිවිසුම් යවන විට තම වැලමිට නවා මුව වෙත තබා ගැනීමෙන් හෝ ටිෂූ කඩදහියක් තබා මුව ආවරණය කිරීමෙන් යහපත්  ශ්වසන ස්වස්ථතාව සුරක්ෂිතකිරීම; තම්න්ගේ දෑස්, නාසය සහ මුඛය ඇල්ලීමෙන් වැලකී සිටීම; සහ ජනී ජනයා වැඩියෙන් ගැවසෙන ස්ථන මගහැරීම් යන ක්‍රියා මාර්ග පිළිපදිය යුතුය.(මේවා ගෝලීය වසංගතය ආරම්භයේදීම ලබදුන් කල්ගතවූ උපදෙස් මෙන් කෙනෙකුට පෙණී යා හැකි නමුත් එන්නත්කරණය, සමූහ ප්‍රතිශක්තීකරණය(herd immunity), ලොක්ඩවුන්, ආදී ක්‍රමෝපායන් හමුවේ වුව ඒවා හා සමගාමීව අඛණ්ඩව, නොපිරිහෙලා පිළිපැදිය යුතුම උපදෙස්ය –සංස්කාරක)

Coronavirus: Do I Need to Disinfect My Groceries? | Houston Methodist On  Health

වෙළඳ පොලෙන් ගෙන එන ආහාර ද්රව්නිදසුනකට, එලවළු, පළතුරු හෝ අසූරූ ආහාර ද්රව්පිරිසිදු කර ගත යුත්තේ කෙසේ ?

ආහාර හෝ ආහාර ඇසුරුම් මාර්ගයෙන් ශ්වසන රෝග හට ගන්වන වෛරස සම්ප්‍රේෂණය වන බවට අද වන තුරුත් සාක්ෂි ලබී නැත. Covid-19 ද හට ගන්වන කොරෝනා වෛරස ආහාර අතරේ ගුණනය වීමට නොහැකි අතර ඒ සඳහා එම වෛරසවලට  සත්ව හෝ මිනිස් ධාරකයෙකු අවශ්‍යවේ.  Covid-19 හටගන්වන වෛරසය ශ්වසන බිඳිති මාර්ගයෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය වන්නේ යයි පොදුවේ අදහස් කෙරේ. Covid-19  වෛරසය සම්ප්‍රේෂණය හා ආහාර අතර සම්බ්න්ධයක් දක්වන සාක්ෂි වර්තමානයේ නම් නොමැත.

ආහාර පිසීමට හෝ කෑමට ගැනිමට පළමුව සැමවිටම සබන් සහ ජලය යොදා ගනිමින් අඩුතරමින් තත්ත්පර 40-60ක් වත් හොඳින් අත් පිරිසිදු කර ගැනීම වැදගත්ය. ආහාරවල ආරක්ෂාව සහ ඒවා පරිහරණය කිරීමේ දී ඊට අදාළව ඇති මාර්ගෝපදේශ පිළිපැදීම නිරතුරුව සිදු කල යුතුය. මෙම අඩවියට පිවිස වැඩිමනත් දැනගන්න: https://www.who.int/activities/promoting-safe-food-handling

ආහාර සැපයීමේ සේවා ව්‍යාපාර සඳහා සඳහා මතු දැක්වෙන වෙබ් අඩවියේ සඳහන් COVID-19  සහ ආහාර ආරක්ෂාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කියවන්න: https://www.who.int/teams/risk-communication/food-and-agriculture-sectors

The role of disinfectants and sanitizers during COVID-19 pandemic:  advantages and deleterious effects on humans and the environment |  SpringerLink

සෞඛ් සත්කාරක සේවා නොවන වටපිටාවන් හී දී (non-health care settings)  එරෙහිව වඩාත් ඵලදායීවන  මතුපිට (වසංගත රෝග බීජ නැති කිරීම සඳහා බෙභෙත්) විෂබීජ නාශක මොනවාද?

සෞඛ්‍ය සත්කාරක සේවා නොවන වටපිටාවන් හී දී සෝඩියම් ක්ලෝරයිට් (විරංජක/ක්ලෝරයින්), 0.1% හෝ මිලියනයකට කොටස්(ppm)1,000ක(5% ප්‍රබලතාවක් සහිත ගෙදරදොරේ භාවිතකරන විරංජක 1 කොටසක් ජලය කොටස් 49කට) නිර්දේශිත සාන්ද්‍රණයක් හැටියට භාවිතයට ගත හැකිය. 70-90% සැර මද්‍යසාරය ද මතුපිට විෂබීජහරණයට යොදා ගත හැකිය. විෂබීජහරණයට පෙර, මතුපිටවල් සබන් සහ ජලය සමගින් හෝ ක්ෂාලකයක්(detergent=කුණු පහකරන ද්‍රව්‍යයක්) භාවිත කරමින් කුණු ඉවත් කර ගත යුතුය. ශුද්ධ පවිත්‍ර කිරීම හැමවිටම කුණු අඩුම කොටසේ සිට පටන්ගෙන වැඩිම කොටස දක්වා යායුතුය. එසේ කළ යුත්තේ කුණු වැඩි කොටස්වල සිට ඒවා අඩුම කොටස්වලට  ඒම වැළැක්වීමටය.

සියලු විෂබීජ නාශක, ගබඩා කළ යුත්තේ පාරාන්ධ(opaque) බඳුන්වල බහා හොඳින් වාතශ්‍රය ඇති, හිරු එළියට කෙළින්ම ලක් නොවන, හොඳින් වැසූ ස්ථනයකය.

Help Stop the Spread of Coronavirus and Protect Your Family | FDA

ලෝක සෞඛ්‍ය සංවිධානයේ(WHO) වෙබ් අඩවිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.