සීබ්‍රා මත්සයයන්ගේ විස්ඵෝට(සැරව ගෙඩි) හට ගන්වන ආසාදන වලට ප්‍රතීකාර කිරීමදි ‘මඩොල්'(‘muddy’) යනුවෙන් නම් කළ වෛරසයක් උපකාරීවෙයි.
1928 දී ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං පෙන්සිලින් සොයාගත් තැන් පටන් ප්‍රතිජීවකවල බලපෑම් වලට ප්‍රතිරෝධය දැක්වීම පිණිසවන නව මාර්ග නිරතුරුව සකසාගැනීමට බැක්ටීරියා සමත්වෙයි. සාම්ප්‍රදායානුකුල ප්‍රතිජීවක ප්‍රතිකාරයන්ට ප්‍රතිචාර නොදක්වන ආසාදන වලින් වර්තමානයේ සෑම වසරකම යුරෝපයේ සහ එක්සත් ජනපදයේ 50,000කට වැඩි පිරිසක් මිය යති. දැන් පවත්නා ප්‍රවණතාව දිගටම පැවතිය හොත්, ඉදිරි දශක කිහිපය තුළ අපගේ ප්‍රතිජීවක ඖෂධ සියල්ල ප්‍රතිඵලදායී නොවන්නට පුළුවන.

මෙම ප්‍රවනතාව පිටු දැකීමට හැකියාවක් ඇති ක්‍රමයක් වන්නේ බැක්ටීරියා භක්ෂකයන් (bacteriophage) යොදා ගැනීමයි — බැක්ටීරියා භක්ෂකයන් යනු බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව තිබෙන, ස්වභාවිකව හටගන්නා වෛරසයන්ය.
මෙම ප්‍රවනතාව පිටු දැකීමට හැකියාවක් ඇති ක්‍රමයක් වන්නේ බැක්ටීරියා භක්ෂකයන් යොදා ගැනීමයි — බැක්ටීරියා භක්ෂකයන් යනු බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව තිබෙන, ස්වභාවිකව හටගන්නා වෛරසයන්ය.
කෙසේවෙතත්, ප්‍රංශයේ de Montpellie විශ්වවිද්‍යාලයේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ Pittsburgh විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සොයා ගනු ලැබ ඇත්තේ සාම්ප්‍රදායානුකූල ප්‍රතිජීවක ප්‍රතිකාර සමග බැක්ටීරියා භක්ෂකයන් එක්කාසු කිරීමෙන් ඒවාට වඩාත් ඵලදායී ලෙස බැක්ටීරියා විනාශකිරීමේ හැකියාව ඇතිවන බවයි.
ක්ෂය රෝගය සහ ලාදුරු රෝගය හටගන්වන්නා වූ බැක්ටීරියාවේ නෑයෙකු වන, එමෙන්ම, බොහෝ සම්මත ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධය දක්වන්නාවූ Mycobacterium abscessus බැක්ටීරියාව වෙත පර්යේෂකයෝ සිය ප්‍රයත්න යොමු කළහ. M. abscessus බැක්ටීරියාව විශේෂයෙන්ම කෝෂ්ඨක ෆයිබ්‍රෝසියාව(cystic fibrosis) වැළඳුනු රෝගීන්ට අන්තරයාකරය. පර්යේෂකයන් සිය අධ්‍යනය සඳහා කෝෂ්ඨක ෆයිබ්‍රෝසියාව් හටගන්වන ප්‍රධාන ජානමය විකෘතිය දැරීම පිණිස අභිජනනය කෙරුණු සීබ්‍රා මත්ස්‍යයා තෝරා ගත්හ. එම මසුන් අනතුරුව, M. abscessus වෙන් ආසාදනය කරනු ලැබීය.පර්යේෂකයෝ ඉන් පසුව එම අසාදනයට එරෙහිව සටන් වැදීමට බැක්ටීරියා භක්ෂකයන්ට ඇති හැකියාව පරීක්ෂා කර බැලූහ.

ප්‍රථමයෙන්ම, කාර්යෝචිත බැක්ටීරියා භක්ෂකයෙකු සොයා ගනු වස් බැක්ටීරියා භක්ෂකයන් 10,000ක් විශ්ලේෂණයට ලක් කළහ. එසේ සොයා ගනු ලැබූ බැක්ටීරියා භක්ෂකය ‘muddy'(මඩොල්) ලෙස නම් කරණු ලැබීය. මඩොල් වෛරසයට පෙට්‍රි දීසියක ඇති M. abscessus බැක්ටීරියා සාර්ථකව විනාශ කළ හැකි බව පෙනී ගියේය. ඉන් අනතුරුව පර්යේෂණයේම කොටසක් ලෙස ඔවුහු සීබ්‍රා මත්ස්‍යයන් M. abscessus යොදා ගනිමින් ආසාදනය කර දින 12ක් තිස්සේ නිරීක්ෂණය කළහ. මඩොල් පිරියම් කරන ලද මසුන්ට උග්‍ර ආසාදන බෙහෙවින් අඩු වූ අතර ජීවිතය රැකගනීමේ ඉඩකඩ පිරියම් නොකරන ලද මසුන් අතරේ දිවි රැකගැනීමේ අනුපාතය වූ 20% ට වඩා දෙගුණයක් එනම් 40%ක අනුපාතයක් විය.
මින් පසුව පර්යේශකයෝ මත්ස්‍යයන් මඩොල් සහ rifabutin සම්මිශ්‍රනයකින් පිරියම් කළහ. rifabutin යනු M. abscessus ආසාදනයට ප්‍රතිකාර කරන පලදායිත්වය අතින් මඩොල් ප්‍රතිකාර කිරීමට සමාන ප්‍රතිජීවක වර්ගයකි. එවර පර්යේෂකයන්ට පෙණී ගියේ නොනැසී පැවතීමේ අනුපාතය 70%ක් තරම් ඉහල ගිය බවයි. මත්ස්‍යන් අතර විස්ඵෝට(සැරව ගෙඩි) හටගැනීමද අඩු විය.
‘අප සායනික පරික්ෂාවන්ට යොමුවෙන්න ඕන. ඒත් ඊට කලින් විසඳා ගත යුතු ප්‍රශ්න ගණනාවක්ම තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න විසඳා ගැනීමේ දී සීබ්‍රා මත්ස්‍යයන් ඉතා වැදගත් සේවයක් ඉටු කරනවා” යයි Pittsburgh විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ග්‍රැහැම් හැට්ෆුල් කියා සිටියි.
BBC Scienc Focus(October 1st, 2021) හී පළවන Viruses could help us win the fight against antibiotic-resistant infections යන ලිපිය අසුරෙනි