අඟහරු ග්‍රහයා මත පෞරාණික විලක සහ ගං ඩෙල්ටාවක පැවැත්ම Perseverance රොවර් යානාව සනාථ කරයි

Posted by

මෙහෙයුම් කණ්ඩායමේ සාමාජිකයන්ට  රෝවර යානයේ  ඉදිරි පියවර සැලසුම් කර ගැනීමට මේ නව ප්‍රතිඵල උපකාරී වෙතැයි අපේක්ෂිතයි. අඟහරු ග්‍රහයා මත ජීවය පැවතියේ දැයි සෙවීමට නාසා ආයතනය යැවූ  Perseverance රෝවර් යානය එම ග්‍රහයා මත ගොඩ බැස් විය යුතු තැන් නාසා බුද්ධිමත්ව ‍තෝරාගෙන ඇති බව පැහැදිලිය.

NASA's Perseverance rover launches on mission to find life on Mars

අඟහරු  මත Perseverance  බැස්සවූයේ කිලෝ මීටර 45ක පළලකින් යුතු ආවාටයෙහි පතුළෙහිය. එම් ස්ථානය මූලික වශයෙන් ‍තෝරා ගනු ලැබුවේ  අඟහරු වටා කක්ෂ ගතකළ  නිරීක්ෂන යානා මගින් ආදී කාලීන අතීතයේ දී එම ඉසාව්වේ විශාල විලක් සහ ගං ඩෙල්ටාවක් පවතින බවට ඉඟි කෙරුණු නිසාවෙනි. Perseverance රොවර් යානාවේ මෙහෙයුම ආරම්භක අවස්ථාවේ එනම් එය ග්‍රහයා මත සරන්නට පටන් ගැනීමටත් කලින් යානාව මගින් ගනු ලැබූ ඡායාරූප මෙම අර්ථ දැක්වීම සනාථ කරන බව නව අධ්‍යනයක් දක්වයි.

“මෙතෙක් විශාල අභිරහස් වශයෙන් පැවති දේවල් අතුරෙන් එකක් විසඳීඑමට, එනම් යානය ගොඩබැස්ස වූ ආවාටය කලක් විලක්ව පැවති බව  රෝවර් යානයට කොයිබවත් නොගොසින් හෙළි කරගැනීමට  සමත් වුණා” යයි අධ්‍යනයේ සම කර්තෲ, මැස්චුසෙට්ස් තාකෂණ ආයතනයේ(Massachusetts Institute of Technology) ග්‍රහලෝක විද්‍යා මහාචාර්ය බෙන්ජමින් වෙයිස් පවසයි. “යානය එහි ගොඩබස්වා එය විලක් බව තහවුරු කරගන්නා තුරුම එය ගැටළුවක් හැටියට තිබුණා”.

Perseverance rover confirms existence of ancient Mars lake and river delta  | Space

එඩිතර මෙහෙයුමකට කදිම තැනක්

අමරිකානු ඩොලර් බිලියන2.7ක් වැයවන Perseverance මෙහෙයුම සතුව ප්‍රධාන කාර්යයන් දෙකකි: අඟහරු ග්‍රහයා මත අතීත ජීවය ගැන හඹා යාම සහ පසුව ආපසු යද්දී පෘථිවිය වෙත ගෙන ඒම සඳහා සාම්පල එක් ‍රැස් කොට ගබඩා කිරීමයි. මේ කාර්යයන් ඉ‍ටු කිරීම සඳහා Jezero ආවාටය යෝග්‍ය තැනක් යයි සැලකෙන්නේ නාසා ආයාතනයේ අඟහරු ඕබිටර(Mars Reconnaissance Orbiter) වැනි අභ්‍යවකාශ යානා මගින් එක් ‍රැස් කරගත් දත්ත පදනම් කර ගෙනය. එවායින් ලබාගත් රූප සංඥා ආවාටයෙහි අවානක හැඩය ගත් ලක්ෂණයක් පෙන්නුම් කළේය. මෙහෙයුමේ සාමාජිකයන් එය අර්ථ දැක්වූයේ ඩෙල්ටාවක් ලෙසිනි — එනම් අඟහරු ග්‍රහයා මත කිසිදාක හෝ ජීවය පැවතියේ නම් ඒ පෞරාණික ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ සාක්ෂි  සඟවාගෙන සිටින අවසාදිත හෙවත් රොන් මඩ තැන්පත් කරමින් ගංගාවක් මෙයට වසර බිලියන 3.7කට පමණ පෙර විලකට වැ‍ටුණු මෝයක් ලෙසටය.

Now you can look for fossils on Mars": Perseverance confirms that Jezero  crater was a lake, encouraging scientists to look for signs of life on the  planet - Memesita
Perseverance Rover confirms the existence of lakes on Mars in the past

Perseverance රොවර් යානව මගින් කලින් ලබා ගත් ඡායාරූප විශ්ලේෂණයේ දි පර්යේෂකයන්ට  සුවිසල් ඩෙල්ටාව අද්දර උද්ගත(outcrop) පාෂාණ නිමවුමක් සහ අවට පැතැලි බිමෙන් හිටිඅඩියේ වාගේ ඉහළ නැගි  ආකාරයේ කන්දක් දැකගත හැකි විය. කොඩියැක්(“Kodiak” ) ලෙස නම් කෙරුණු කඳු ගැටය එකම භූමි සැකැස්මක අවශිෂ්ටවූ හෙවත් ඉතිරිවූ කොටසක් ලෙස සැලකිය හැකිය. කොඩියැක් සේයා රූ විශේෂයෙන්ම තියුණු වූයෙන්  කැපී පෙනෙන අවසාදිත තට්‍ටුවෙන් පැහැදිලිවූයේ එය විල වෙත ගලන ගඟකින් සෑදුණු  බවයි. ” මේ රූප රාමු ඩෙල්ටාවේ සැකැස්ම සහ විලෙහි ක්‍රියාකරිතවය අවබෝධ කර ගැනීමට මෙන්ම,  විශ්ලේෂණයට යෝග්‍ය ස්තර හඳුනාගැනිමටත් අපට උපකාරී වෙනවා” යයි අධ්‍යනයේ ප්‍රධාන කර්තෘ, විද්‍යාත්මක පර්යේෂණ සඳහා වූ ප්‍රංශ ජාතික මධ්‍යස්ථයේ නිකලස් මෑන්ගෝල්ඩ් පවසයි.

“කොඩියැක් වල ද්‍රව්‍ය තැන්පත්වීමට පෙර Jezero පරිණාමයේ ආරම්භයෙහි බිහිතැන් සෙවීම අපට කළ නොහැකි වුනත් Perseverance රොවර් යානාව ඩෙල්ටාව හරහා ගිය පසු අපට තවත් ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවනි” යි හෙතෙම වැඩි දුරටත් කියා සිටී.

විපර්යාසයට ලක්වෙන Jezero

 Jezeroව, අඟහරු ග්‍රහයාගේ සෙසු ප්‍රදේශ සේම  අද වන විට මුළුමනින්ම වියළී ගොසින්ය. වියළී යාම ආරම්භ වූයේ වසර බිලියන 3.5කට පෙර එහි ගෝලීය චුම්භක ක්ෂේත්‍රය නිරුද්ධව කලක් ඝනව පැවති එහි වායුගෝලය ගිලිහී යාමේ තර්ජනයක් මතුවීමෙන් පසුව යයි විද්‍යාඥයෝ අදහස් කරති. මේ විශාල විපර්යාසය පිළිබඳ යම් ඉඟියක් අලුතින් විශ්ලේෂණයට ලක්වූ ඡායා රූප සපයන්නට පුලුවන. නිදසුනකට, රොවර් යානාවේ සේයා රූ, Jezero ප්‍රධාන ඩෙල්ටා උද්ගතයේ ඉහලම ස්තරයේ විශාල ගල් පව්ව, එනම් ලොකු ගල්කුට්ටි, සමහරක් මීටර 1.5ක් තරම් පළල් ඒවා පෙන්නුම් කරයි. එවැනි විශල ගල් තැනකින් තැනකට ගෙන යාමට සමත් අන්දමේ මහා ගංවතුරක් හේතු වන්නට ඇතැයි අධ්‍යනයේ සාමජිකයෝ පළකරති.  එවැනි ප්‍රවාහයන් ‘ග්ලසියර් මහ‍රැලි’ හෝ පෘථිවියේ  ඇතැම් කාන්තාර කලාපවල හටගන්නා වැස්සෙන් පෝෂිත ක්ෂණික ගංවතුරෙහි ප්‍රතිඵලයක් ලෙස හටගත හැකි යයි මැනිගෝල්ඩ් කියයි.  හේතුව කුමක් වුවත්, ගල් කුට්ටි සහිත නිධි පෙන්නුම් කරන්නේ අතීත විල් අවසාදිත නිපදවූ Jezeroවට වඩා බෙහෙවින් වෙනස් Jezeroවකි.

සියල්ල සැලසුම් කළ ආකාරයටම සිදුවුවහොත්, ඩෙල්ටාවේ සැකසුම ගැන Perseverance රොවර් යානාව මගින් තියුණු ලෙස සොයා බලනු ඇත. යෝජිත සාම්පල එකතුවෙන් Perseverance  දැනටමත් දෙකක් ‍රැස් කරගෙන ඇත. මේ සාම්පල එකතුව 2031 තරම් ආසන්න කාලයක දී නාසා සහ යුරෝපීය අභ්‍යවකාශ එජන්සි ඒකාබද්ධ වැඩසටහනක් මගින් පෘථිවියට ගෙන ඒමට නියමිතයි.

කෙසේවෙතත්, Perseverance සහ නාසා ආයතනයේ අනික් රොබෝ  යානය තවාකාලිකව නිහඬ කර ඇත. ඊට හේතුව අඟහරු ග්‍රහයා මේ දිනවල පෘථිවිය හා සසඳද්දී සූර්යයාගෙන් අනික් පැත්තේ පිහිටා ඇති හෙයිනි. මේ වර්තමාන ග්‍රහ වින්‍යාසය තුල සූර්යාය  අඟහරු වෙත බලා යවන  විධාන දෝෂයන්ට ලක් කළ හැකිය. මේ සති දෙකේ ‘තහනම’ ඔක්තොබර් 16 දා අවසන් වීමට නියමිතව තිබුණි.

Space.com හී පල වූ Perseverance rover confirms existence of ancient Mars lake and river delta යන ලිපිය අසුරෙනි 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.