පොහොසත් රටවල වැටුප් සීඝ්රයෙන් ඉහළ යමින් පවතී. එය ආර්ථික ප්රතිසාධනයට කෙබඳු ආකාරයකින් බලපායිද?
සාමාන්‍ය ජනතාව පමනක් නොව ආර්ථික දැනමුත්තන් පවා Covid – 19 ආතුරයන් පිළිබඳ සංඛ්‍යාලේඛන දැඩි උනන්දුවකින් සොයා බලමින් සිටි කාලය වැඩි ඈතක නොවේ. දැන් ඒ උනන්දුවෙන්ම සොය බලමින් සිටින්නේ උද්දමනය පිළිබඳ ගණන් හිලව්ය. සැප්ප්තම්බරය දක්වා වසර තුල ඇමරිකානු පාරිභෝගික මිල ගණන් 5.4%කින් ඉහළ නැංගේය. උද්දමනය සඳහා තිබෙන ඉඩකඩ “බෙහෙවින් අවිනිශ්චිතය” යි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) අනතුරු හඟවයි. වේගයෙන් ඉහල යන බලශක්ති වියදම් කෙටි කාලයේ දී පාරිභෝගික මිල ගණන් ඉහළ දමනු ඇත. සේවක හිඟය හමුවේ මේ අතරේ පඩි ද සීඝ්‍රයෙන් ඉහළ යයි. මේ සියල්ල තවදුරටත් මිල ගණන් ඉහළ නැංවීමට හේතුභූත වේද?

කොවිඩ් වසංගතය ආරම්භ වූ සමයේ පුරෝකථන කරන්නන් අදහස් කලේ, 2007-09 ගෝලීය මූල්‍ය අර්බුදයේ දී කලාක් මෙන් හාම්පුතුන් වැටුප් ඇතුළුව සේවක පහසුකම් කප්පාදු කරාවිය යනුවෙනි. ගෝලීය වසංගතයේ මුල් අවධියේ වැටුප් වර්ධනය මන්දගාමී වූ නමුත් එම අවහිර දැන් අත්හැර දමා ඇත. Oxford Economics නම් උපදේශක සේවාවට ගොස් ඇති පරිදි, පොහොසත් රටවල වැටුප්, පූර්ව වසංගත සමයේ සමාන්‍යයට වඩා බෙහෙවින් ඉහල අනුපාතයකින් වැඩි වන බවයි. කෙසේවෙතත් වසංගතය හමුවේ ඇතිවූ ආර්ථික පරිමාණයේ පසුබෑම මගින් දැක්වූ අන්දමට වඩා වැටුප් වර්ධනය බලවත් බවක් දිස්විණ. මේ අනුව ව්‍යාපාරික ලෝකයේ උණුසුම්ම මාතෘකාව බවට වැටුප් පත්වීම අරුමයක් යයි කිව නොහේ.
ඇමරිකාවේ ඇතැම් ප්‍රධාන පෙලේ ව්‍යාපාරික ආයතන සිය සේවක වටුප් වැඩි කර ඇති අතර ඇතැම් අවස්ථාවල වැඩි කර ඇති ප්ර්මාණය සමහරක් වෘත්තීය සමිති ඉල්ලා සිටි ගණන් ඉක්මවීය. නිදසුනකට, ඇමසන් සමාගම සිය ප්‍රවාහණ සහ අසුරුම් අංශයේ සේවකයින්ට පැයකට ඩොලර් 22.50 ගෙවන්නට තීරණය කළේ වාමවාදී වෘත්තීය සමිති ඉල්ලීම වූ ඩොලර් 15 ඉක්මව්මිනි. ලෝකයේ වෙනත් පොහොසත් රටවල ද වටුප් වැඩිකිරීමේ ඉල්ලීම් බහුලය. මේ වැටුප් වැඩිවීම් වලදී සමහර සේවක කොටස්වලට සෙස්සන්ට වඩා වැඩි වාසි සලසිණ. බ්‍රිතාඥයේ කර්මාන්ත ක්ෂේත්‍රයේ වැටුප් දත්ත විශ්ලේෂණයක යෙදෙන The Economist දක්වන්නේ, වාර්ෂික වැටුප් වර්ධන කොවිඩ් වසංගතයට පෙර විසිරී තිබුණාට වඩා දෙගුණයක් වී ඇතිබවයි.
යුරෝපා මහද්වීපයේ තිබෙන්නාක් මෙන් තුන් ගුණයකින් ඇන්ග්ලෝ-සැක්සන් රටවල පාදක වැටුප් ඉහළ යමින් පවතී. ඊට හේතුව ඇමරිකාව සහ කැනඩාව වැනි රටවල පාරිභෝගික අභිමුඛ කර්මාන්තයනි පවතින උග්‍රතම සේවක හිඟයයි. යුරෝපා සංගමයෙන් ඉවත් වූ බ්‍රිතාඥය හෝ කොවිඩ් වසංගතයෙන් ගැලවෙනු වස් සිය දේශ සීමා වසාගෙන සිටි ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය හෝ මුහුණපාන්නාක් මෙන් නොව (වාර්ෂික වැටුප් වර්ධන අනුපාතය සියට 1ට අඩු) ප්‍රංශය සහ ඉතාලිය උග්‍ර සංක්‍රමණික හිඟයකට මුහුණ පාන්නේ නැත.
මෙයට වසර කිහිපයකට පෙර ආර්ථික විද්‍යාඥයෝ ළතැවෙමින් සිටියේ දුර්වල වැටුප් වර්ධනය සම්බන්ධයෙනි. ඉතින් දැන් එහි අනික් පැත්ත සිදුවෙද්දී ජය පැන් පානයට ඉදිරිපත් නොවීම අශිෂ්ට ගතියක් මෙන් පෙණී යා හැකිය. එහෙත් වැටුප් වැඩිවීම හේතු ගණනාවක් නිසා සිදු විය හැකිය. ඉන් සමහරක් අනෙක් ඒවාට වඩා බරපතලකමින් අඩුය. (නිෂ්පාදන) එලදායිතාවයෙහි යම් නිශ්චිත මට්ටමක් සඳහා සලකන විට ඉහළ වැටුප් දෙයාකාරයකින් එක් ආකාරයකට ඉස්මතු විය හැක: උද්දමනය වඩාත් ඉහල යාමක් හෝ එසේ නැතිනම් දළ දේශීය නිෂ්පාදනයේ වඩාත් ඉහළ “ශ්‍රම පංගුව” ලෙසිනි.
උද්දමනය මුලින් සලකා බලමු. සේවක වැටුප් වැඩිවන විට හාම්පුතුන් ඔවුන් අලෙවි කරන ඕනෑම දෙයක මිල ඉහළ දමීමට පුළුවන. නරකම තත්වය සලකතොත් ඉහල උද්දමන අනුපාත (භාණ්ඩ හා සේවා මිල ගනන් ඉහළයාම) මුදල් වැටුප් වැඩිවීමේ වාසිය අවලංගු කිරීමට හේතු විමෙන් සේවකයන්ට හිටියාට වඩා යහපතක් ඇති නොවේ. එවිට බාගදා සේවකයින් තව තවත් වැටුප් වැඩිවීම් ඉල්ලා සිටීමට පෙළඹේ. ඇමරිකාවේ මූර්ත වැටුප් මාසික පදනමක් මත ඉහළ යමින් පවතින නමුත් මෙයට වසරකට පෙර තිබුණාට වඩා පහළ මට්ටමක පවතී.
වැඩිවන වැටුප් වියදම පාරිභෝගිකයා මත පැටවීමට ඇතැම් වානිජ ආයතන පෙළඹෙන බවක් පෙණේ. නිදසුනකට s&p සමාගම් 500න් බහුතරය සිය ලාභ සීමාව රැකගන්නේ “පිරිවැය වැඩිවීම පාරිභෝගිකයන් මත පටවීමෙනි” යි ගෝල්ඩ්මාන් පවසයි. කෙසේවෙතත්, අනෙකුත් සමාගම් වටුප් වැඩිවීම දරාගන්නේ ලාභ මට්ටම් අඩුව භාරගනිමිනි. ශ්‍රම පංගුව හෙවත් දළ දේශීය නිෂ්පාදනයේ සේවක වැටුප් අනුපාතය ඉහල දමමින් මෙය ආර්ථික කේක් ගෙඩියේ බෙදී යාම වෙනස් කිරීමට බලපායි. අපේ (The Economist ) විශ්ලේෂණ පෙන්නුම් කරන්නේ මහා වසංගතය ආරම්භවීමෙන් පසුව G7 රටවල ශ්‍රම පංගුව සියයට එක ලක්ෂ්‍යයකින් ඉහල ගොස් ඇති බවයි. එනම් කුටුම්භයන් සඳහා සෑම වසරකම ඩොලර් බිලියන 400ක් පමන සමාන අතිරේකමූර්ති අදායමකි.


මෙය වඩාත් පුළුල් ආකරයකින් ආර්ථිකයට බලපාන්නේ කෙසේද? Covid – 19 ට පෙර ශ්‍රමික පංගුව හීනවෙමින් පැවතියේ ද නැද්ද යන්න ආර්ථික විශේෂඥයන් අතර උණුසුම් විවාදයට තුඩු දුන්නකි. ශ්‍රමික පංගුව ඇමරිකාවේ දි පහළට වැටෙන්නට ඇති හෙයින් ඉන් ගොඩ ඒම කළ යුත්ත සේ පෙණෙනවා විය හැකියි. එහෙත්, දිගින් දිගටම ශ්‍රම පංගුව ඉහළයාම සිත් කරදරයට පත් කරන්නකි: එය සමාගම්වල ලාභ හීන කරවන්නක් අතර එහි ප්‍රතිඵලයක් ලෙස දිගු කාලීන ආර්ථික වර්ධනය පණ ගැන්වීමට අතිශය වැදගත්වන අයෝජනයන්ට මගපාදයි.
වෙනත් ප්‍රීතිදායක විකල්පයක් ද ඇත. ඵලදායිත්වය ඉහල යා නම් එවිට වැටුප් වර්ධනය දිගට පවතින් උද්දමනයට හේතු නොවේ. එපමනක් ද නොව ශ්‍රමික පංගුව ද අවශ්‍යයෙන්ම ඉහළ යා යුතු නැත. ඒ වෙනුවට ආර්ථික කේක් ගෙඩිය විශාලවෙමින් කට කාටත් විශාල කොටස් හිමි කර ගත හැකිවේ.
ඇතැම් සාක්ෂිවලින් දැක්වෙන්නේ සේවකයින් වැටුප් අඩුවෙන් ගෙන වැඩි වැඩ කොටසක් ඉටු කරන බවයි. අළුතෙන් ඇතිවන ඉල්ලුමට, විශේෂයෙන් මාර්ග ගත වානිජ්‍යයෙන් ඇති ඉල්ලුමට ගැලපෙන නව තාක්ෂණයන් මත සමාගම් ආයෝජණයට පෙළඹෙයි. සියලුදෙනාම සැමවිටම කාර්යාලයේ සිටිනවාට වඩා”දෙමුහුන් සේවා ක්‍රමයක්” වඩාත් ඵලදායී විය හැකිය. ඩත්ත ඇති පොහොසත් රටවල් 29න් 20කම 2020 තුන්වැනි කාර්තුවේ පටන් සෑම රැකියා ලාභියෙකුගේම ඵලදායීතාව ඉහළ ගොස් තිබේ.
වටුප් වැඩිවීම අනිවාර්‍යයෙන්ම උද්දමනයට් තුදු දිය යුතු නොවේ. එහෙත් මිළගණන් ගැන පුරෝකථන කිරීම කොවිඩ් ආතුරයන් ගණින් තරම්ම අසීරුය. එකක් පැහැදිලිය: වැටුප් වැඩිවීම දිගටම පැවතියහොත් ප්‍රතිඵල අතිශය බහුලය.
The Economist (Asia Edition OCTOBER 16TH-22ND 2021) හි පලවන The pandemic pay rise ලිපියෙහි සංක්ෂිප්ත අනුවාදයකි.