ලෝකයේ ප්‍රථම වතාවට විද්‍යාඥයෝ සූකර වකුගඩුවක් මිනිසෙකුට බද්ධකරති

Posted by

මිනිස් ජීවිත බේරා ගැනීමේ අටියෙන් මතු යම් දවසක සත්ව අවයව බද්ධකිරීමට දශක ගනනාවක් තිස්සේ දරන ප්‍රයත්නයේ තවත් ඉදිරි පියවරක් තබමින් විද්‍යාඥයෝ ඌරෙකුගේ වකුගඩුවක් සාර්ථකව  මිනිස් සිරුරකට බද්ධ කිරීමට සමත්වෙති. මේ ඓතිහාසික ශල්‍ය කරමය සිදුකරන ලද්දේ නිව් යෝක් විශවවිද්‍යාල ලැන්ගෝන් සෞඛ්‍ය මධ්‍යස්ථානයේ දීය(N.Y.U. Langone Health Centre).

Egyptian clerics denounce the first pig kidney transplant in the human body  - The Bharat Express News

අවයව බද්ධකිරීමේ වෛද්‍ය තාක්ෂණය වැඩිදියුණු කොට ඇතත් දැන් ප්‍රධාන බාධකයක් වී ඇත්තේ ප්‍රදායකයන් සොයා ගැනීමයි. මීට පිළියම් වශයෙන් විද්‍යාඥයන් හැරුණේ සත්ව ලෝකය දෙසටයි.

සතුන්ගේ අවයව මිනිසුන්ට බද්ධකිරීම හෙවත් අතිථිපාරරෝපණය(xenotransplantation) පිළිබඳ සිහිනය දකින්නට පටන් ගැනුණේ අද ඊයේ නොවේ. එම ඉතිහාසය, රුධිර පාරවිලයනය පිණිස සත්ව රුධිරය භාවිත කිරීමට 17වැනි සියවස තරම් ඈත කාලයක සිට දැරූ අසාර්ථක ප්‍රයත්න දක්වා දිව යයි. 20 වැනි සිය වස වන විට ශල්‍ය වෛද්‍යවරු බැබූන් වානරයන් ගෙන් ලබාගත් අවයව මනුෂ්‍යන්ට ප්‍රතිරෝපනය කිරීමට ප්‍රයන්ත දරමින් සිටියහ. දිගටම පවත්වාගෙන යා හැකි සාර්ථකවත්යක් නොමැතිව ඒ මදිවාට නැගී එන ජනතා විරෝධය ද හමුවේ විද්‍යාඥයෝ  ප්‍රිමාටේස් වානරයන් වෙනුවට සූකරයන් වෙත යොමුවන්නට වූහ.

වඳුරන් සහ වානරයන් හා සසඳන විට මෙම කාරණාවේ දී සූකරයන් යොදා ගැනීම වඩාත් වාසිදායකය. කොහොමටත්, ඔවුන් ඇතිකරන්නේ මසටය. එහෙයින් ඔවුන්ගෙන් අවයව ලබා ගැනීමෙදී  සදාචාරාත්මක ප්‍රශ්න මතුවීම අඩුය. සාමාන්‍යයෙන් ඌරන්ගේ වැදුමේ පැටවුන් සංඛ්.අ්‍යාව අධිකය; ගැබ්දැරීමේ කාලය ද කෙටිය; එමෙන්ම, අවයව මනුෂ්‍යන්ට ගැලපීම ද සාපේක්ෂව වැඩිය.

Xenotransplantation Pigs and Humans What is xenotransplantation? - ppt  download

දශක ගණනාවක් තිස්සේම සූකර හෘද කපාටමනුෂ්‍යන්ට යොදාගෙන ඇත. රුධිරය තුනී කරන heparin ඖෂධය ලබාගන්නේ සූකර අන්තකය හෙවත් බඩවැල්වලිනි. පිළිස්සුම් තුවාල  සඳහා ප්‍රතිකාර කිරීමෙදී චර්ම බද්ධය පිණිස සූකර හම යොදා ගැනේ.

එසේවුවද, ප්‍රධාන බාධකයක් ඉතිරිව තිබුණි.  සූකර සෛලවල පවතින,  මිනිස් සිරුරට ආගන්තුකවන alpha-gal නම් සීනි වර්ගයක්, (මිනිස් සිරුරට) බද්ධ කරන අවයව ක්ෂණිකව ප්‍රතික්ෂේප කිරිමට ක්‍රියා කරයි. එහෙයින් මේ අත්හදා බැලීම පිණිස භාවිත කරණු ලැබුවේ එම සීනි වර්ගය ඉවත්කිරීමට හැකි ආකාරයෙන් ජාන සකස් කරන ලද සූකරයෙකි. එවිට  (මිනිස්)ප්‍රතිශක්ති පද්ධතියෙන් එල්ලවන ප්‍රහාර වළක්වා ගත හැකිවේ.

Is it okay to harvest pig kidneys for human transplant? - Vox

ශල්‍ය වෛද්‍යවරු, නැවතත් සුවපත් වීමේ කිසිදු අවස්ථාවක් අහිමි ජීවන  පිහිටාධාර පද්ධතියක පිහිටෙන් සිටින රෝගියෙකුගේ විශාල රුධිර වාහන පද්ධති යුගලයකට එම සතාගේ වකුගඩුව සිරුරෙන් බාහිරව බද්ධ කලහ. ඒ සඳහා ශල්‍ය වෛද්‍යවරුන්ට පැය දෙකක කාලයක් ගතවිය. අනතුරුව ඔවුහු පැය 50ක් තිස්සේ එහි ක්‍රියාකාරිතවය නිරීක්ෂණය කළහ. මිනිස් සිරුරට බද්ධකරන ලද සූකර වකුගඩුව අපේක්ෂිත කාර්යයන් ඉ‍ටු කරන්නට විය: එනම් අපද්‍රව්‍ය පෙරීම සහ මුත්‍රා නිෂ්පාදනයයි. එපමනක් නොව රෝගියාගේ ශරීරය සූකර අවයවය ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොවීය.

“එය(සූකර වකුගඩුව) සම්පූර්ණයෙන්ම එහි කාර්යභාරය ඉ‍ටු කළා” යයි ශල්‍යකර්මය සිදු කළ, NYU Langone ශල්‍යකර්ම කණ්ඩායමේ ප්‍රධානී වෛදය රොබට් මොන්ට්ගමරි පවසයි. බාහිරව සවිකරන ලද සූකර වකුගඩුව සාර්තකව ක්‍රියා කිරීඑම්න් ප්‍රබලව දැක්වෙන්නේ එය ශරීරය තුල ද ක්‍රියා කාරී වන බව යයි හෙතෙම කියා සිටියි. MIT Technology Review වෙත ප්‍රකාශයක් කරමින් එක්සත් රාජධානියේ කෙන්ට් විශ්වවිද්‍යාලයේ ප්‍රවේණි විද්‍යා මහාචාර්ය ඩැරන් කේ. ග්‍රි‍ෆින් කියා සිටියේ මෙය ඉතා වැදගත් නව සොයාගැනීමක් බව්ට කිසිම සැකයක් නොමැති බවයි.

කෙසේවෙතත්,  මැසචුසෙට්ස් ප්‍රතිරෝපණ මධ්‍යස්ථානයේ සහායක අධ්‍යක්ෂ වෛද්‍ය ජේ ඒ. ‍ෆිෂ්මන් කියා සිට්න්නේ ” මේ අත්හදා බැලීම ක්ෂේත්‍රයේ ඉදිරිගමනකට මගපාදා වීද යන්න රඳා පවතින්නේ පර්යේෂකයන් එකතු කරගත් දත්ත මොනවාද,  ඒ වාගේම ඒවා බෙදාහදා ගැනීමට  ඔවුන් ඉදිරිපත්වේ ද සහ එය හුදෙක් එවැනක් කල හැකි බව පෙන්වීමට කරන ලද්දක් ද යන්න මතයි.”

                               

Revivicor's Technology - Xenotransplantation Technology

ජානමය වශයෙන් ඉන්ජිනෙරුකර්මයට ලක් කරන ලද ඌරන්ගේ අවයව ජීවත්වන මනුෂ්‍යයන් සඳහා භාවිත කිරීමට පෙර පසු කළ යා යුතු බාධක බොහොමයක් ඇතැයි United Network for Organ Sharing  හී වෛද්‍ය ඩේවිඩ් ක්ලාසන් පවසයි.

මෙම ඉදිරිපිම්ම United Therapeutics සමාගමේ පරිපූරක ආයතනයක් වන Revivicor ලත් ජයග්‍රහනයක් ලෙස ද සැලකිය හැකිය. මේ අත්හදා බැලීමට යොදා ගත් ඌරා අතුළුව 100ක රැළක් ජාන ඉන්ජිනෙරුවට ලක් කළේ එම ආයතනයයි.

බද්ධකිරීම පිණිස අවයව ප්‍රමාණවත් සංඛ්‍යාවක ප්‍රදායකයන් නොමැති කමෙන් දින පතා ලොවපුරා සිය ගණන් රෝගී පුද්ගලයෝ මියයති. එහෙයින් මෙම අත්හදා බැලීම සාර්ථක මග පෙන්වීමක් බවට පත්වුවහොත් මතු යම් දවසක සත්ව අවයව ප්‍රතිරෝපනයට මග පෑදීමෙන් ඇමරිකානුවන්ට පමණක් නොවමුළු මහත් මානව වර්ගයාටම මහඟු සෙතක් අත්පත්වනු ඇත.

කෙසේවෙතත්, මෙම අත්හදා බැලීමේ ප්‍රථිඵල සමාන විද්‍යාඥයන්ගේ සමාලෝචනයට තවම ලක් වී හෝ පිළිගත් වෛද්‍ය ප්‍රකාශනයක පළ වී හෝ නොමැති අතර ප්‍රතිඵල ඔක්‍තෝබර් 21 දා ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකශයට පත් කෙරිණ.

බද්ධකිරීම සඳහා මිනිස් අවයව සොයාගැනීමේ අසීරුව මගහැරගැනීම පිණිස ජෛවීතාකෂණ සමාගම් කිහිපයක්ම ඉදිරිපත්වී සිටින්නේය. ඇමරිකා එක්සත් ජනපදයේ පමනක් පුද්ගලයන් 90,000ට වැඩි පිරිසක් බද්ධකිරීම පිණිස වකුගඩු අපේක්ෂාවෙන් පෙළ ගැසී සිටිති. එසේ අපේක්ෂාවෙන් සිටින අතරතුර පිරිසෙන් 12ක් දිනපතා මියයති.

The New York Times, Times USA  ඇතුළු පිළිගත් වෙබ් අඩවි ඇසුරෙන් සකස් කරන ලදී

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.