විවිධාකාරවු ජල අධෝව්යුහයන් ඕනාම රටක ජල සහ ආහාර සුරක්ෂිතභාවයට අතිශය වැදගත් බව නොරහසකි. එහෙත්, වේලි බැඳ නිර්මානය කරන මේ ජලාශ අයහපත් අන්දමින් බොවෙන රෝග වයාප්තියට බලපායි. කෙසේවෙතත්, මේ බලපෑම ගැන මෙතෙක් අධ්‍යයන සිදු කෙරුණේ විශාල වේලි සහිත ජලාශයන් ආශ්‍රිතවය. මෑතක(2021 ජූනි) Scientific Reports හි පලවූ අධ්‍යයන වාර්තාවකින් අප්‍රිකාවේ උප සහරා ප්‍රදේශයන් හී ගංගා ද්‍රෝණි හතරක් ආශ්‍රිතව කුඩා හා විශාල වේලි බැඳි ජලාශ මැලේරියා සම්ප්‍රේෂණයේ දි සිදු කෙරෙන සාපේක්ෂ බලපෑම් සොයා බැලිණ. මැලේරියා සිතියම් ව්‍යාපෘතිය(Malaria Atlas Project ) නම් එම වැඩ සටහනෙහි 2000, 2005, 2010 සහ 2015 දත්ත සමුදාය යොදාගෙන පර්යේෂකයෝ අලුතෙන් බිහිවෙන මලේරියා ආතුරාවස්ථා විශ්ලේෂණය කර බැලූහ. එහි ප්‍රතිඵල ආශ්‍රයෙන් සෑකසු සංක්ෂිප්ත වාර්තාවක් අද thathu.com මගින් ඉදිරිපත්කෙරේ.
කුඩා වේලි බැඳ ඉඳිකරනු ලබන ජලාශ මදුරුවන් බෝකරන අභිජනන භූමි බවට පත්වෙයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මැලේරියා රෝගයට කැපීපෙනෙන සංඛ්‍යාවක් ගොදුරුවෙති. මහජන සෞඛ්‍යය සහ ජල කලමනාකරණ විශේෂඥ කණ්ඩායමක් උප සහාරාවේ නැතිනම් සහරාවෙන් දකුණේ පිහිටි ගංගා ද්‍රෝණි හතරක එනම් ලිම්පොපො Limpopo, ඔමො ටර්කාඅනා Omo-Turkana, ට්වෝල්ටාව Volta, සහ සැම්බෙශි Zambezi යන ද්‍රෝණිවල වේලි බැඳි ජලාශ අවට කිලෝ මීටර 5ක් ඇතුළත වාසය කරන මිලියන 14.7ක ජනතාව අතරේ මැලේරිය රෝගී අනුපාතයන් ගැන සොයා බැලූහ. මෙහි දී, කුඩා වේලි ජලාශ 4,907ක් සහ මහ ජලාශ 258ක් පර්යේෂකයන්ගේ අවධානයට යොමුවිණ.
ප්‍රධාන ජල අධෝව්‍යුහය නියෝජනය කරන විශාල වේලි ලෙස සැලකෙන්නේ උසින් මීටර් 15ක් හෝ ඊට් වැඩි, එහෙම නැතිනම් ජලය ඝන මීටර මිලියන 3කට වැඩියෙන් අල්ලන ඒවායි. කුඩා වේලි බොහෝවිට ඒ ඒ ප්‍රදේශවල ප්‍රජාවන් විසිනි. එය ද, ජල විද්‍යාඥයන්ගේ හෝ ඉංජිනේරුවන්ගේ ආදාන හෙවත් යෙදවුම් කිසිත් නොමැතිවය. එහෙත්, විශාල වේලි තැනෙන්නේ එවැනි විශේෂඥයන්ගේ උපදෙස් හා මගපෙන්වීම ඇතිවය. මදුරුවන් අඩුවෙන් ආකර්ෂණය වෙන ආකාරයෙන් වේලි නිර්මාණය කිරීමට එම විද්‍යාඥයන් සමත්ය. නිදසුන් දක්වතොත් නොගඹුරු බෑවුම් මගහැරීම දක්විය හැකිය. නොගඹුරු බෑවුමක් කියන්නේ දුර්වල අපවහන පද්ධතියක් හැටියට සාමන්‍යයෙන් සමාන කර දක්වන්නට පුළුවන්.


“මේ සෑම ද්‍රෝණියකම කුඩා වේලි ජලාශ තමයි මැලේරියා සම්ප්‍රේෂණයට වගකිව යුත්තේ” යයි අධ්‍යනයෙහි සම කතුවරයෙකුවන මැතිව් මැකාර්ට්නි ක්යා සිටියි. හෙතෙම, කොළඹ පිහිටි අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනයේ ධරණීය ජල අධෝව්‍යුහ සහ පරිසර පද්ධති පර්යේෂණ කණ්ඩායම් ප්‍රධානියායි.” මැලේරිය මත විශාල හා කුඩා ජලාශ සමස්ත බලපෑම අප කලින් හිතුවාට වඩා වැඩියි” මැකාර්ට්නි වැඩිදුරටත් පෙන්වාදෙයි.
පෙර කී ගංගා ද්‍රෝණි වල වසරකට මිලියන 0.9යේ සිට මිලියන 1.7ක් දක්වා සංඛ්‍යාවක මැලේරියා ආසාදිතයන් සිටීම වේලි බැඳි ජලාශ ආසන්නයේ ජීවත්වීමට ආරෝපණය කිරීමට පුළුවන් බවත්, එමෙන්ම ඉන් ආසාදන සියයට 77කත් 85කත් අතර කුඩා වේලි හේතුවෙන් ඇතිවෙන බවත් පරික්ෂකයන්ට පෙණී ගියේය.
මෙහිදී මතුවන ප්‍රශ්නයක් වන්නේ ජනතාව කුඩා වේලි බැඳි ජලාශ ආසන්නයේ ජීවත් වන්නේ ඇයි ද යන්නයි. බොහෝවිට ඔවුන් එසේ කරන්නේ ඔවුන්ගේ ගොවිතැන් වැඩවලට සහ සතුන් ඇතිකිරීමට වේලි මගින් රඳවා ගනු ලබන ජලය මත රැඳී සිටින නිසාවෙනි.
අධ්‍යනයේ ප්‍රතිඵල, මහජන සෞඛ්‍ය සහ ජල කළමණාකරන වෘත්තිකයන්ට සිය මැලේරියා ප්‍රශමන ප්‍රයත්නවලදී උපයෝගී කරගැනීමට උපකාරී වේ යයි අපේක්ෂිතයි.
Scientific Reports(25th June, 2021) හී පලවන The impact of large and small dams on malaria transmission in four basins in Africa පර්යේෂණ වාර්තාව අසුරෙනි