අභිවිශ්වය(metaverse) කියන්නේ කුමකට ද?  —  FB සහ metaverse අතර සම්බන්ධය කුමක් ද? 

Posted by

අභිවිශ්වය(metaverse) කියන්නේ කුමකට ද?  —  FB සහ metaverse අතර සම්බන්ධය කුමක් ද? 

සරල පැහැදිලිකිරීමක් කරතොත්, අභිවිශ්වය(metaverse) කියන්නේ නිරතුරුව මාර්ග ගත තත්‍යසම පරිසර ජාලයකි. මේ ජාලය තුළ  තම තමන්ගේ තත්‍යසම නිරූපණයක් හෙවත් ස්වයං-මූර්ති මෙහෙයුම් කරන අතරතුර  එකිනෙකා සමග මෙන්ම ඩිජිටල් (සංඛ්‍යාංක) වස්තූන් සමග ද බොහෝ පුද්ගලයන්ට අන්තර් ක්‍රියා කළ හැක. තත්‍යසම යථාර්ත වට වූ ත්‍රිමාණ පිළිබිඹුවක, අති දැවැන්ත බහුක්‍රීඩක  භූමිකා නිරූපණ මාර්ගගත ක්‍රීඩාවක සහ  වෙබයේ සම්මිශ්‍රණයක් හිත නගා ගැනිමෙන් යම් හැඟිමක් ඇති කර ගත හැකිය.

අභිවිශ්වය යනු විද්‍යා ප්‍රබන්ධ තුළින් මතු වූ සංකල්පයකි. තොරතුරු  තාක්ෂණ කර්මාන්තයේ නිරත බොහෝ අය කල්පනා කරන්නේ අභිවිශ්වය වර්තමානයේ අප අතර ඇති අන්තර්ජාලයෙහි අනුප්‍රාප්තිකය බවට පත් වෙතැයි යනුවෙනි. මේ මොහොතී එය හිදු සංකල්පයක්, විදර්ශනාවක් පමණක් විය හැකියි; ෆේස්බුක්(FB) වැනි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සමාගම්, වැඩකිරීම, ක්‍රීඩා, ඉගෙනීම සහ බඩු මිලට ගැනීම ඇතුළුව මාර්ග ගත ක්‍රියාකාරකම් බොහොමයක්ම සඳහා අභිවිශ්වය ‍තෝතැන්නක් බවට පත් කිරීමට අරමුණු කරයි. ෆේස්බුක් මේ සංකල්පයට කෙතරම් දුරට ආකර්ෂණය වී ඇත් ද කීවොත් අභිවිශ්වය අභිභවනය කිරීමේ අභිලාෂය හුවා දක්වනු වස් සිය(මව් සමාගමේ නම) Meta ලෙස නාම වෙනසක් කරයි.

The metaverse: What is it? - TechRepublic

metaverse යන ඉංග්‍රීසි වචනය අළුතෙන් ගොතන ලද්දකි. එය ඇත්තටම වචන දෙකක් එක් කර සාදන සංයුක්ත වචනයකි(portmanteau): උත්කෘෂ්ට(ranscendent) යන තේරුම සහිත meta යන වචනය, universe(විශ්වය) යන වචනයෙන් verse යන්න හා එක් කිරීමෙන් metaverse සෑදිණ. මෙම වචනය පටබඳිනු ලැබුවේ විද්‍යා ප්‍රබන්ධ නවකතාකරු නීල් ස්ටීවන්සන් විසිනි.  ඒ, 1992 පළවූ ඔහුගේ “Snow Crash” නම් නවකතාව තුළිනි. එහි කතා නායක Hiro, සිය තත්‍යසම නිරූපණය  හරහා  සමාජ සම්බන්ධතා පවත්වන, බඩු මිලට ගන්නා සහ සැබෑ ලෝකයේ ඔහුගේ සතුරන් වනසන තත්‍යසම ලෝකය විස්තර කිරීමට හෙතෙම metaverse යන්න යෙදීය. metaverse යන වචනය කෙසේ වෙතත්, එම සංකල්පය නම් “Snow Crash”  නවකතාවට වඩා පැරණිය. එම සංකල්පය “cyberspace”(සයිබර් අවකාශය) ලෙස ජනතාව අතර ප්‍රකට කෙරුණේ, විලියම් ගිබ්සන්ගේ  1984රේ පෙරළිකාර නවකතාව වන “Neuromancer” මගිනි.

අභිවිශ්වය(metaverse) හා සම්බන්ධ ප්‍රධාන අංග තුනකි: පෙණීසිටීම හෙවත් විද්‍යාමානතාව(presence), අන්තර්-මෙහෙයුම්කාරිත්වය(interoperability) සහ ප්‍රමතිකරණය(standardization).

පෙණීසිටීම හෙවත් විද්‍යාමානතාව(presence) යනු අනෙකුත් තථ්‍යසමයන් සමග තථ්‍යසම අවකාශයක ගත කරන්නේය යන හැඟීමයි. මුර්තිමත්බව හෙවත් නිරූපනය පිළිබඳ මෙම අවබෝධය, මාර්ගගත අන්තර්-ක්‍රියාවන්ගේ ගුණාත්මක බව ඉහළ දමන බව දශක ගණනාවක් තිස්සේ කරන ලද පර්යේෂණවලින් පැහැදිලිවෙයි. පෙණීසිටීම හෙවත් විද්‍යාමානතාව පිළිබඳ මෙම හැඟීම සාක්ෂාත් කරගනු ලබන්නේ හිසෙහි පළදින හථ්‍යසම දෘශ්‍ය සංදර්ශන ඒකක(VDUs) වැනි මායාවී යථාර්ත තාක්ෂණ හරහාය.

What is the metaverse? 2 media and information experts explain – Lynxotic

අන්තර්-මෙහෙයුම්කාරිත්වය(interoperability) යන්නෙන් අදහස් කෙරෙන්නේ ස්වයං-මූර්ති නිරූපණ(අවතාර්) සහ ඩිජිටල් අයිතම වැනි තථ්‍යසම වත්කම් සහිතව තථ්‍යසම අවකාශයන් අතර සුමටව(අවහිරයකින් තොරව), නිදැල්ලේ සැරිසැරීමට තිබෙන හැකියාවයි. නිදසුනකට, සූම් ‍රැස්වීම් ඇතුළු විවිධ තථ්‍යසම ලෝක සිය ගණනක දි භාවිතයට ගැනීමට හැකිවන ස්වයං-මූර්තියක්(an avatar) නිර්මාණය කිරීමට ReadyPlayerMe පුද්ගලයන්ට අවස්ථාව සලසා දෙයි. (ReadyPlayerMe යනු metaverse සඳහා නිර්මිත හරස්-තරඟ ස්වයං-මූර්ත වේදිකාවකි. වැඩි විස්තරයක් මෙතැhttps://readyplayer.me/නින් දැනගන්න). එමෙන්ම, cryptocurrencies , nonfungible tokens වැනි කට්ටිදාම(blockchain) තාකෂණයන් තථ්‍යසම කඩෛම් හරහා ඩිජිටල් භාණ්ඩ හුවමාරුවට පහසුකම් සපයයි. (blockchain ගැන විස්තරයක් මෙතැනින් දැනගන්න)

විවිධ වේදිකා හරහා සුමට සැරිසැරීම සහ අභිවිශ්වය(metaverse) හරහා සේවා සැපයීමට මගපාදන්නේ  ප්‍රමතිකරණයයි(standardization). මුද්‍රන යන්ත්‍රණයේ සිට නූතන පෙළයැවීම්(texting) දක්වා සෑම ජනමාධය තාක්ෂණයන්ටම පොදු තාක්ෂණ ප්‍රමිතීන් ඒවා ව්‍යාප්තව හෙවත් පුළුල් ආකාරයෙන් උපයෝජනයට අත්‍යවශ්‍ය වේ. මෙම ප්‍රමිතීන් තීන්දු කරන්නේ (Open Metaverse Interoperability Group ) වැනි ජ්‍යාතයන්තර සංවිධානයි.

VR will succeed, but only with the Metaverse" - Will McMaster - VISUALISE
The Metaverse Explained Part 2: Why It Matters | Loup

අභිවිශ්වය(metaverse) වැදගත්වන්නේ ඇයි?

අන්තර්ජාලයේ අනුප්‍රාප්තිකයා බවට අභිවිශ්වය(metaverse) පත්වන්නේ නම් එය ගොඩනගන්නේ කවුද? එමෙන්ම එය කරන්නේ කෙසේද? යන්න සමස්තයක් වශයෙන් ආර්ථිකයට මෙන්ම සමාජයට ද පොදුවේ අතිශය වැදගත් කමක් උසුලයි. අභිවිශ්වය හැඩගැස්වීමෙහි ලා ෆේස්බුක්(FB) ප්‍රධාන භූමිකාවක් ඉ‍ටු කිරීමට අරමුණු කරයි. එය හුදෙක් සයිබර් ක්‍රීඩාවලට පමනක් නොව වෙනත් නොයෙකුත් කටයුතුවලට යොදා ගත හැකි බව FB ප්‍රධාන විධායක නිලධාරී මාක් ශකබර්ග් පැහැදිලි කර දෙයි. ‘Ready Player One’ වැනි චිත්‍රපට හරහා හොලිවුඩ් සිනමාව ද දැනටමත් අභිවිශ්වය වැළඳගෙන ඇත. මෙවන් හුදකාලාව වැඩෙන අවකාශයන් එකට එක්වෙමින් එන්ටට එන්ටම සුමට සැරිසැරීම වැඩිවෙත්ම සැබවින්ම අසහාය අභිවිශ්වයක් මතුවී ඒම අපේක්ෂා කළ හැකිය.

The Conversation හී පලවන  What is the metaverse? 2 media and information experts explain යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.