Covid-19 ගෝලීය වසංගතයෙන් ගොඩ ඒම සඳහා එන්නතක් සොයා ගැනීම පිණිස විද්යාඥයන්ට බලවත් ප්රයත්න දැරීමට සිදුවූ බව නොරහසකි. මේ වන විට එන්නත් ගණනාවක් භාවිතයට අවිත් තිබුණත් තවමත් එම භාරදූර කාර්ය සම්පූර්ණයෙන්ම නිමා කර ද නැත. භාවිතයට අනුමත එන්නත් පවා බාල මහලු විවිධ වයස් කාණ්ඩවලට එක ආකාරයෙන්ම ලබාදිය නොහේ. ඒ, ඉපදී ක්රමයෙන් වයසට යත්ම අපගේ ප්රතිශක්ති පද්ධතිය වෙනස්වන හෙයිනි. පරිණත වෙද්දී මිනිසුන්ගේ ප්රතිශක්ති පද්ධතිය වෙනස්වන ආකාරය ප්රතිශක්ති විද්යාඥයෙකු විසින් පැහැදිලි කරණු ලැබේ.
මානවයින් මෙලොවට බිහිවන්නේ අසරණ බිළිඳුන් ලෙසය. ඔවුන් කායික මෙන්ම මානසික වශයෙන් ද වර්ධනය විය යුතුය. මෙලොව එළිය දකින බිළිඳා ඇවිදීම, කතාකිරීම ආදී කුසලතා ක්‍රමයෙන් ඉගෙන ගන්නා සේම එම බිළිඳාගේ ප්‍රතිශක්ති පද්ධතිය ද, ආසාදනයන්ට එරෙහිව ආරක්ෂාව සලසා ගැනීමට උගෙන ගත යුතුය. බඩගා යමින්, දණ ගා යමින් කාලය ගෙවී යත්ම කෙලින් සිට ගැනීමට, ඇවිදගෙන යාමට සහ දිවීමට ඉගෙන ගන්නා සේ අපගේ ප්රතිශක්ති පද්ධතිය ද විවිධ අවධි ඔස්සේ පරිණත වේ.
මෙම ක්‍රියාදාමය, එන්නතකට විවිධ වයස් කණ්ඩායම් අතරේ දක්වන ප්‍රතිචාරය ගැන අධ්‍යයන කිරීම පිණිස විද්‍යාඥයන් වෙහෙසෙන්නට එක හේතුවක් වෙයි. එමෙන්ම එන්නත් — නිදසුනකට Covid-19 එන්නත් වයස අවුරුදු 5 -11 සහ 12-16 වයස් කණ්ඩායම් අතරේ වෙන වෙනම පරීක්ෂාවට ලක් කිරීමට අවශ්‍ය වන්නේ මන්දැයි සොයා බලීමට ද හේතුවෙයි. වෛද්‍යවරුන්ට අවශ්‍ය වන්නේ අඩුම අතුරු ආබාධ සහිතව හොඳම ආරක්ෂාව සපයන එන්නත් මාත්‍රාව යොදා ගැනීමටයි. ඉතින් එය රඳා පවතින්නේ ප්‍රතිශක්ති පද්ධතිය, එය වර්ධනය වී ඇති අයුරු පදනම් කරගෙන ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි යන්න මතය. එහෙත් එම පද්ධතිය කෙසේ වර්ධනය වී ඇත් දැයි යන්න ඇත්තටම බාහිරින් නැතිනම් පිටතින් දැක ගත හැක්කක් නොවෙයි.
එන්නත්, විවිධ වයස් කණ්ඩායම් අතරේ ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි ප්‍රතිශක්ති විද්‍යාඥයෙක් විස්තර කරයි.

ප්රතිශක්ති පද්ධතියෙහි අර්ධ දෙක
ප්‍රතිශක්ති පද්ධතිය පරිණතවීමේ ක්‍රියාදාමය ආරම්භවන්නේ ඉපදී සුළු කලකට පසුවය.
පුද්ගලයෙකු උපදන විට එම අයගේ ප්‍රතිශක්ති ආරක්ෂාව ප්‍රධාන වශයෙන් සැලසෙන්නේ වැදැමහ හෙවත් අපරාව(placenta) සහ තන කිරි හරහා මව සමග හවුලේ භුක්ති විදින ප්‍රතිදේහ මගිනි. ඒවා මගින් සලසනු ලබන ප්‍රතිශක්ති හඳුන්වනු ලබන්නේ නිෂ්ක්‍රීය ප්‍රතිශක්තිය(passive immunity) ලෙසිනි. නවජනිතයාගේ අනුවර්තී ප්‍රතිශක්ති පද්ධතිය(adaptive immune system) — එනම්, පුද්ගලයෙකුට තමන්ගේම ප්‍රතිදේහ තනා ගැනීමට මගපාදන එම පුද්ගලයාගේ ප්‍රතිශක්ති පද්ධතියේ කොටස ඒ වනවිට හරිහැටි ගොඩ නැගී ක්‍රියාත්මක වන්නට පටන් ගෙන නැත. මේ ක්‍රියාදාමය වහාම පටන් ගත්ත ද අනුවර්තී ප්‍රතිශක්ති පද්ධතිය පූර්ණ පරිණතභාවයට පැමිණෙන්නට වසර ගණන් ගත විය හැකිය.
කෙසේවෙතත්, වාසනාවකට මෙන් කෙනෙකු උපදින්නේම සහජ ප්‍රතිශක්ති පද්ධතිය(innate immune system) ලෙසින් හැඳින්වෙන පද්ධතිය සමගයි. එසේම, මේ සහජ ප්‍රතිශක්ති පද්ධතිය කෙනෙකුගේ මුළු ජීවිත කාලය පුරාවටම පවතී. අනුවර්තී ප්‍රතිශක්ති පද්ධතියට මෙන් නොව, ආසාදන හා සටන් වැද පළවා හැරීම සහ සෞඛයය ප්‍රවර්ධනය පිණිස සහජ ප්‍රතිශක්ති පද්ධතියට අමුතුවෙන් ඉගෙනීමක් අවශ්‍ය නොවේ. සහජ ප්‍රතිශක්ති පද්ධතිය නොමැතිනම් පුද්ගලයින් වඩාත් ඉක්මණින් මෙන්ම නිතර නිතර අසනීප වනු ඇති.
සහජ ප්‍රතිශක්ති පද්ධතිය පටන් ගන්නේ පුද්ගලයෙකුගේ සම සහ ශ්ලේෂ්මල පටලයන්ගෙනි(mucous membranes). මේ කායික වශයෙන් ඇති ආරක්ෂක බාධාවන් අභිබවමින් ඇතුළුවන යම් විෂබීජ වෙතොත්, බාහිර ජීවීන් බිඳ දැමීමට සෑදී පැහැදී සිටින එන්සයිම වලට මුහුණ දීමට ඒවාට සිදුවේ. ඉන් ඔබ්බට ආක්‍රමණිකයන් විනාශ කිරීමේ අරමුණින් (ඔබගේ නොවන නැතිනම් ඔබට අයත් නැති) ඕනෑම දෙයක් ගැන විශේෂිත සෛල විමසිල්ලෙන් සිටින අතරතුර භක්ෂ සෛට හෙවත් පේගෝසයිට(phagocytes) නම් අනෙකුත් සෛල ආක්‍රමණිකයන් ගිල දමයි.

මේ නයින් බලන කල සහජ ප්‍රතිශක්ති පද්ධතිය තමයි කෙනෙකුගේ ශරීරයේ ප්‍රථම ප්‍රතිචාරකයා වන්නේ. එම පද්ධතිය ආසාදන එරෙහි ප්ර්යත්නයන් සඳහා කෙනෙකුට යම් ඉඩක්, කාලවේලාවක් ලබාදෙයි. ඉන් අනතුරුව එම අයගේ අනුවර්තී ප්‍රතිශක්ති පද්ධතිය(adaptive immune system) එළඹ, සටනට එක්වෙයි.
එන්නත් ලබාගැනීම නිසාවෙන් හෝ රෝගය ආසාදනයවීම් නිසාවෙන් පුද්ගලයෙකු ප්‍රතිශක්ති කරනයට ලක්වීමෙන් එම අයගේ අනුවර්තී ප්‍රතිශක්ති පද්ධතිය තමන්ගේම ප්‍රතිදේහ තැනීමේ කාර්ය ක්‍රියාකාරීව අරඹයි. මේවා චූෂණ කෝප්ප මෙන් ක්‍රියා කරමින් වෛරසවලට හෝ බැක්ටීරියාවන්ට ඇලෙන්නේ, ශරීරයට ඉක්මණින් විෂබීජ පහකිරීමට ආධාර වෙමින් සහ ආසාදනය පැතිරීම වළක්වාලමිනි. යම් නිශ්චිත ආක්‍රමනිකයෙකුට එරෙහිව සටන් වැද මැඩ පැවැත්වීමට ප්‍රතිදේහ සතුව විශේෂිත හපන්කම් ඇත.
අනුවර්තී ප්‍රතිශක්ති පද්ධතියට නව ආසාදන නැතිනම් ලෙඩ රෝග ගැන දැන උගෙනීමට මෙන්ම කලින් දැන සිටි එහෙත් බොහෝ කලකින් හමු නොවූ ආසාදන මතකයට නගා ගැනීමට පුළුවන.

එන්නත්, ප්රතිශක්ති වර්ධනයට මග පාදයි
ඇවිදීමට තතනන බිළිඳෙකු ගේ ආරක්ෂාවට නිවස ඇතුලත ආරක්ෂක විධි විධාන යොදා නොතිබුණත් දරුවා ඇවිදීමට උගෙන ගන්නා බව සත්‍යයකි. එමෙන්ම එන්නතක් ලබාගෙන නොතිබුනත් සිරුර ආක්‍රමණය කරන වෛරස යටපත් කිරීමට කෙනෙකුගේ ප්‍රතිශක්ති පද්ධතියට හැකිය. එහෙත් ඔය දෙකෙහි දී ම, අනතුරක අවදානම් වැඩිය. (එන්නතක් නොමැතිව) ප්‍රථමයෙන් ආසාදනයක් වැළදීමෙන් ඇතිවෙනවාට වඩා ආරක්ෂිත ආකාරයෙන් සුවිෂේශී විෂබීජ හඳුනාගෙන, ඒවා පලවා හැරීමට ක්‍රියාකරන ප්‍රතිදේහ තැනීම එන්නත් මගින් පූරනය(ක්‍රියා ආරම්භනය) වෙයි. එන්නතක් කොයි තරම් හොඳි ක්‍රියා කරාවි ද යන්න තීරණය වන්නේ කාරණා කිහිපයක එකතුවෙනි: එනම්, එන්නතට ප්‍රතිචාර වශයෙන් පුද්ගලයාට කොපමණ ප්‍රතිදේහ නිපදවිය හැකි ද යන්න, ඒවා කොපමන ඵලදායී ද යන්න සහ එන්නත කෙතරම් ආරක්ෂාකාරීද යන්නය.
විවිධ වයස් කණ්ඩායම් වලට ගැලපෙන පරිදි එන්නතක මාත්‍රාව සියුම්ව සකස් කිරීමට පර්යේෂකයන් වෙහෙසෙද් දී ප්‍රතිශක්ති පද්ධතියෙහි කුමණ කොටස් (සටනට) පෙළ ගැසී සිටි ද, සහ පුද්ගලයෙකුගේ වර්ධනයේ ඒ ඒ විවිධ අවධිවල කුමණ කොටස් සම්පූර්ණයෙන් ක්‍රියාකාරි වී නොමැති ද යන්න ගැන අවබෝධයක් ලබාගැනීමට ඔවුනට අවශ්‍යවේ. සමහර එන්නත් — නිදසුනකට Covid-19 එන්නත් — පරීක්ෂාවන්ට ලක් කොට සහ වැඩිහිටියන්, ගැටවරවියේ පසුවන්නන්, ළමයින් සහ බිළිඳුන් වශයෙන් විවිධ පදනම් අනුව අනුමැතිය ලබා ගත යුතු වන්නේ එහෙයිනි.
එන්නත් ගණනාවක්ම බිළිඳුන්ට ලබාදෙන්නේ සරණියක් නැතිනම් මාලාවක් ලෙසටය — ඒ කියන්නේ, එකම ආකාරයේ මාත්‍රාවක් මාස කිහිපයක් ඇතුළත කිහිප වතාවක්ම ලබා දීමයි. බිළිඳ් වියේ දි, බිළිඳෙකුගේ අන්වර්තී ප්‍රතිශක්ති පද්ධතිය අමතකවන සුළු ගතියෙන් හෝ ඇහුකම් නොදෙන ගතියෙන් යුක්තවීමේ නැඹුරුවක් දක්වයි. සමාන කර දක්වන්නේ නම් හරියට කෙළින් හිට ගැනීමට හෝ ගාට ගාට ඇවිදීමට උගෙනීමේ දී අඩුපාඩු ඇතිවන්නාක් මෙනි. ඉතින්, වරින්වර එන්නතට නිරාවරණය වෙන හැම අවස්ථාවකදී ම ප්‍රතිශක්ති පද්ධතිය වඩාත් ප්‍රබල වෙමින් (ඇතිවිය හැකි} ආසාදනවලට එරෙහිව වඩාත් හොඳින් ආරක්ෂාව සලසා ගැනීමටත් හැකිවෙයි.
වයස අවුරුදු 4න් පසුව සහ වැඩිහිටි ජීවිතයේ වඩාත් තරුණ අවදියේ, කෙනෙකුගේ ප්‍රතිශක්ති පද්ධතිය වඩාත් අනුකුලතාවක් දැක්වීමේ එමෙන්ම අමතක වීමේ ප්‍රවනතාව අඩුවීමෙහි නැඹුරුවක් දක්වන සුළුය. පුද්ගලයන් හට වැඩිම අසාත්මිකතාවන් ඇතිවන්නේ මේ අවදියේ වීම හුදු සම්පාතයක්ම(a coincidence ) නොවේ. Covid-19 සඳහා වූ Pfizer එන්නත ගත් කල වයස අවුරුදු 12 සහ ඊට වැඩි කන්ඩායම් වෙනුවෙන් භාවිත වන මාත්‍රාවෙන් තුනෙන් එකක මාත්‍රාවක දී වයස අවුරුදු 5 සිට 11 දක්වා ලමයි සමාන ප්‍රතිශක්ති සහ ආරක්ෂක ප්‍රතිචාරයක් දක්වන බව පර්යේෂකයෝ සොයා ගත්හ.
එන්නත් ගැන අධ්‍යනයේ යෙදෙන විද්‍යාඥයෝ එය වයස අවුරුදු 18ත් 55ත් අතර රෝගාතුර වූවන්ගෙන් පටන් ගැනීමට පෙළඹෙති. එම වයස් කණ්ඩායම්වල අයගේ වැඩිහිටි ප්‍රතිශක්ති පද්ධති පරිණත බවට පත්ව ඇති අතර යම් අහිතකර ප්‍රතිචාරයක් වෙතොත් විශ්වාසදායක අන්දමින් ඒ බැව් වාර්තා කරතැයි අපේක්ෂා කර හැකිය. එකී වැඩිහිටි වයස් කාණ්ඩය තුළ සිදුවන්නේ කුමක් දැයි දැන ගැනීමට පුළුවන් වීම, අනෙක් අයට එන්නත් ලබාදෙන විට සිදුවන්නේ කුමක් දැයි පුරෝකතනයට මෙන්ම වඩාත් තරුණ වයස් කණ්ඩායම් අතර මේ ආකාර අතුරු ප්‍රතිඵල ගැන සෙවිල්ලෙන් සිටීමට ද වෛද්‍යවරුනට අවස්ථාව සැලසේ.
වයස අවුරුදු 55 හෝ ඒ තරමට වෙද්දී අනුවර්තී ප්‍රතිශක්ති පද්ධතිය නැවතත් දුර්වල වෙන්ටත්, එහි මතක ශක්තිය අඩුවෙන්ටත් පටන් ගනී. මෙය සමහර ආකාරවලින් බිළිඳුන්ගේ වර්ධනය වෙමින් පවතින පද්ධතියට වඩාත් සමීපය. කෙසේවෙතත්, වාසනාවකට මෙන් පෙර සඳහන් ආකාරයේ වැඩිහිටි රෝගීන්ට අනුපූරක හෙවත් බූස්ටර් මාත්‍රාවක් ලබා දීමෙන් පද්ධතිය නැවත ප්‍රාණවත් කළ හැකිය. හරියට, ජීවිත කාලය පුරා ඇවිදීම සහ දිවීම ප්‍රගුන කර ඇතත්, හදිසියේ ඇදවැටිමක් සිදුවීමෙන් වළක්වා ගන්නවා මෙනි.
ප්‍රතිශක්ති පද්ධතිය සඳහා වඩාත්ම ආරක්ෂා සහිත පරිසරය සලසන්නේ එන්නත් ම්ගිනි. එමෙන්ම, එන්නත් මාත්‍රාව ඒ ඒ වයස් කාණ්ඩවලට ගැලපෙන අයුරින් සියුම්ව එහා මෙහා කිරීමෙන් ඒවා(එන්නත්) මගින් ඉටුවන කාර්යය ඉටු කිරීම සඳහා රෝගීන්ට හරියටම හරියන මාත්‍රාව ලබා දීම සහතික කිරීමට ආධාර විය හැකියි.
The conversation(November 3) හී පළවන Why vaccine doses differ for babies, kids, teens and adults – an immunologist explains how your immune system changes as you mature නම් ලිපිය අසුරෙනි