COP26 සමුළුවේ ප්‍රථම සතියෙන් පසුව …

Posted by

Cop26 සඳහා වේදිකාව සැකසුනේ,  ගෝලීය උණුසුම්වීමේ තර්ජනයට මුහුණ දීමේ ප්‍රයත්නයන්ට තීරණාත්මකවන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යා සමුළුව හෙවත් Cop26 සඳහා ස්කොට්ලන්තයේ ග්ලැස්ගෝ නුවරට නියෝජිතයින් එක්රැස් වීමට බොහෝ කලකට පෙර ලෝක විද්යාඥයින් විසින් කරන ලද දැඩි අනතුරු ඇඟවීමෙනි.  එනම්, මානව ක්රියාකාරකම් නිසැකවම දේශගුණයට බාධා කරන බවත්, ආන්තික කාලගුණය වඩාත් තීව්ර වෙමින් පවතින බවත්, තව තවත් නරක අවුල් සහගත තත්ත්වයන් වැලැක්වීමට ඉක්මන් ක්රියාමාර්ගයක් අවශ්ය බවත්ය.

මෙම ග්රීෂ්ම සෘතුවේදී එන්ට එන්ටම දරුණු උෂ්ණ තරංග සහ වඩ වඩාත් දරුණු කුණාටු සහ ගංවතුර පිලිබඳ සාක්ෂි ගොඩනැගෙද්දී,  එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් “රක්ත කේතය ” (“Code red” ) ප්රකාශ කළේය. එසේ නම්, ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5 දක්වාමට්ටමට පවත්වා ගැනීමේ “අවසාන හොඳම අවස්ථාව” නියෝජනය කරන්නේ රාජ්‍ය සමුළුවට සහභාගී වන මේ නියෝජිතයන්ය.

COP26: Climate pledges will cut global warming by just a few tenths of a  degree, analysis claims | Climate News | Sky News

ග්ලැස්ගෝ සමුළුව වාර්ෂිකව පැවැත්වෙන  COP නායක හමුවේ 26 වැන්නයි. මෙහි COP යන්නෙන් දැක්වෙන්නේ Conference of the Parties (පාර්ශවවල සමුළුව) යන්නයි. රාජ තාන්ත්‍රිම කථා ව්‍යවහාරයේ Parties(පාර්ශව) කියන්නේ දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුති රාමුවට 1992 දී එකඟත්වය පළ කල ජාතීන් 197 ටයි.

අතීත Cop සමුළු වලදී නම් සිදුවූයේ,  ලෝක නායකයො  අවසාන දින කිහිපය තෙක් බලා සිට පසුව රාත්රිය පුරා සහ හිමිදිරි පාන්දර වාද විවාද කර යම් සම්මුතියක් පිළියෙල කර ගැනීමය. මෙය පුරුෂ උත්තම ස්වභාවයට ගැලපෙන නමුත් අද ලොව රාජ්‍ය නායක නායිකාවෝ ඊට වෙනස් මගක් ගනිති.  වැරදි  නිවැරදි කිරීමට තවත් කාලයක් ඉතිරිව නොමැති බව වටහා ගන්නා ඔවුහු  සමුළුවේ මුල්  අවස්ථාවේම පෙනී සිටිති.

UN Climate Change Conference (UNFCCC COP 26) | La Communauté du Pacifique
COP26: Who is attending? Who will not be in Glasgow for the climate change  summit? | HeraldScotland

එක්සත් ජනපදය යළි සහභාගීවෙයි(ඒත් චීනය කෝ?)

සමුළුව පවත්වන සත්කාරක රටේ අගමැති බොරිස් ජොන්සන් සමුළුව ආරම්භ කරමින් ප්‍රකාශ කර සිටියේ ” ලෝක විනාශය හඟවන සීනුව මධ්‍යම රාත්‍රී දොළහට නාදවීමට තවත් ඇත්තේ විනාඩියක් පමණයි” යනුවෙනි.

කෙසේවෙතත් ආරම්භක සුබ ආරංචිය හැටියට ට්‍රම්ප් ගේ මත වාදයෙන් බැහරව එක්සත් ජනපදය සමුළුව තුළ ප්‍රධාන ස්ථානයක් ගැනීමයි. “ඉතිහාසයේ කැඳවුමට ඇහුම්කන් දීමට මොහොත අපට අද ග්ලැස්ගෝ වල දී උදාවෙලා” ඇ.එ.ජ. ජනාධිපති ජෝ බයිඩෙන් ප්‍රකාශ කර සිටියේය. මෙය වැදගත් ඉඟියකි. මන්ද, ඓතිහාසික වශයෙන් ලෝකයේ වැඩිම විමෝචන සිදුකරන, විශාලතම ආර්ථිකය හිමි සහ වඩාත්ම ප්‍රබල මිලිටරි බලය නොමැති එකතුවකින් දේශගුණ විපර්යාසයේ අයහපත් ප්‍රථිපල සම්බන්ධයෙන් ක්‍රියා කිරීම ගැන එතරම් බලාපොරොත්තු තැබිය නොහැකි නිසාවෙනි.  

එක්සත් ජනපදයේ පැමිණීම සුබ ආරොචියක් වුව ද,  ගෝලීය උණුසුම්වීමට දායක වන ප්‍රකට “චූදිතයන්” ගණනාවක්ම සමුළුවේ දී දැක ගැනීමට නොහැකි විය.  ලොව විශාලතම වනාන්තර විනාශ කරන ජාතියේ ජනාධිපති බ්‍රසීලයේ ජායිර් බොල්සොනාරෝ; ලෝකයේ දෙවනියට විශාලතම තෙල් පොම්ප කරන රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරු සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන්, ;  ලෝකයේ දෙවන විශාලතම ගෑස් නිෂ්පාදක රටේ ජනාධිපති රුසියාවේ ව්ලැඩිමීර් පුටින්, විශාලතම ගල් අඟුරු පාරිභෝගිකයා සහ කාබන් විමෝචක රාජ්‍යයේ — චීනයේ ෂී ජින්පින්ග් ද ඒ අතර වෙති.

ඉදිරි දශක කිහිපය තුළ දේශගුණ විපර්යාසය මහා විපත්තිදායක මට්ටම්වලට පත්වීමේ හැකියාව මගහරවා ගැනීමේ මාර්ගයට යොමු කිරීම පිණිස අවශ්යවන කැපවීම් සුරක්ෂිත කරනු වස් අපට ඇති හොඳම සහ අවසාන අවස්ථාවලෙස සැලකෙන මේ ඉහළ පෙලේ සමුළුවේ ප්රථම සතිය අවසන් වෙද්දී  එම අරමුණ සාක්ෂාත් කර ගැනීමෙහි ලා ඉවහල් වන ප්රතිඥා ගණනාවක්ම ලැබී තිබීම දිරිගන්වන සුළු කාරණාවකි.

ගෝලීය ප්රතිඥා:

  • ලෝකයේ වන්නාන්තර වලින් 85%කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කෙරෙන රටවල් 100කට අධික ප්‍රමාණයක් 2030 වනවිට වනහරණය සහ භූමි හායනය(land degradation) නතර කිරීමට හා ආපස්සට හැරවීමට කැපවෙයි.
  • ලෝක නායකයෝ 105 දෙනෙක්ම ‘ගෝලීය මීතේන් ප්‍රතිඥාව’ට(Global Methane Pledge) අත්සන් තබති. වසර් 2030 වන විට මීතේන් විමෝචන 30%කින් කපා හැරීම සඳහා වූ මෙය එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ මූලාරම්භයකි.
  • දකුණු අප්‍රිකාවේ දැනට පවතින ගල් අඟුරු පාදක බලශක්ති පද්ධතිය කාබන් ඉවත් කිරීම(decarbonize) සඳහා ආධාර වීම පිණිස ඩොලර් බිලියන 8.5ක මුදලක් ලබාදෙන එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය සහ යුරෝපා සංගමය ප්‍රකාශ කරයි.
  • ඉදිරි දශක කිහිපය තුළ නව ගල් අඟුරු බලාගාර අදියරයෙන් අදියර ඉවත් කීම හා නොසෑදීම මෙන්ම ආයෝජන නොකිරීම සඳහා වන එකාබද්ධ වගකීමේ පොරොන්දුවකට අඩුම තරමින් අළුතෙන් රටවල්23ක් වත් එළඹ ඇතැයි එක්සත් රාජධානිය කියා සිටියි. මේ අනුව අත්සන්කාර රටවල් සංඛ්‍යාව 190 දක්වා පත්වෙයි.
  • 2022 වන විට පිටරට තෙල්, ගෑස් සහ ගල් අඟුරු ව්‍යාපෘති වෙනුවෙන් මහජන මුදල් යෙදවීම නතර කිරීම අරමුණු කර ගත් එකාබද්ධ ප්‍රයත්නයකට රටවල් 25ක් එක්වී සිටියි. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඩෙන්මාකය, කැනඩාව, ඉතාලිය සහ යුරෝපා ආයෝජන බැංකුව ඒ අතර වෙයි.

රටවල් මට්ටමේ කැපවීම්:

  • ඉන්දියාව, සිය කාබන් විමෝචන 2070 වන විට ශුද්ධ ශූන්‍ය තත්ත්වයට ගෙන ඒමට මෙන්ම එහි පුනර් ජනනීයබලශක්ති ප්‍රතිදානය වසරක් පාසා ගිගාවොට් 450 සිට 500 දක්වා වන සේ සිය පංගුව වැඩිකිරීමට ප්‍රතිඥා දෙයි.

අනෙකුත් මුලපිරීම්:

  • එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ තවත්  රටවල් කිහිපයක්ම Bezos Earth Fund  සහ යුරෝපා සංගමය හා එක්ව, කොන්ගෝ ද්‍රෝණි සලස්මේ  වනාන්තර, පීට්බිම්, සහ අනෙකුත් වැදගත්  කාබන් ගබඩා ආරක්ෂා කිරිම පිණිස ඩොලර් බිලියන 1.5කට වැඩියෙන් ලබාදීමට ප්‍රතිඥා දෙයි.
  • “ස්වභාවික වාස භූමි ප්‍රකෘතිමත් කිරීමට සහ ආහාර පද්ධති පරිණාමනය” සඳහා ඩොලර් බිලියන 2ක් සැපයීමට (ඇමසන් ආදිකර්තෘ) Jeff Bezos  කැපවෙයි.
Climate change: G20 leaders 'largely avoiding firm goals' ahead of COP26,  says report on draft statement | Climate News | Sky News

විචාරක්ෂිය…

COP26 දී මේ ප්‍රතිඥා සිදු කර ඇත්තේ සමුළුවට පෙර සුදානම් අවධියේ ප්‍රකාශයට පත් කෙරුණු ප්‍රතිඥා වලින් අනතුරු වයි. COP26 දී සිදු කල ප්‍රතිඥා ද මෙතෙක් හුදු  ප්‍රතිඥා ම පමණකි. ඒවා අනුගම්‍ය(mandatory) හෙවත් කළ යුතුමයි බැඳිමක් ඇත්තේ නොවේ. ඒව ඉ‍ටු නොකළේ යයි කිසිවෙකුත් දණ්ඩනයට යටත් නොවේ. කෙසේවෙතත්, කළයුතු මැයි ‘පත්තියමක්’ නොතිබුන ද, මේ ප්‍රතිඥා දේශගුණ ක්‍රියා මාර්ගවල ඇතැම් අංග පි‍ටුපස වේග ශක්තිය සනි‍ටුහන් කරන අතර ඵලදායී ක්‍රියමාර්ග පිළිබඳව අපේක්ෂා ගෙන එයි.

The Guardian, The New York Times ඇතුළු පිළිගත් වෙබ් අඩවි ඇසුරෙන් සැකසිණ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.