ලොව වඩාත්ම ගුප්ත භාෂා පවුලක බිහිවීමට කෘෂිකර්මාන්තය මගපෑදූ හැටි
තණ හාල්(මෙනේරි) බීජයක් පෘථිවිය මත වඩාත්ම ගූඪ සහ සමහරවිට වඩාත්ම ව්‍යාප්ත භාෂා පවුලක උපතට මග පෑදුවේ යයි කීවොත් ඔබ සමහරවිට පුදුම වන්නට පුළුවන. ඒත් ආසියාව පුරා රටවල් ගණනාවක වාග් විද්‍යාත්මක, පුරා විද්‍යාත්මක සහ ප්‍රවේණි විද්‍යාත්මක සාක්ෂි විමසා බැලෙන ලොව විශාලතම අධ්‍යනයකින් කියැවෙන්නේ ඇතම් විට Altaic language(ආසියාවේ සහ අග්නිදිග යුරෝපයේ කතා කෙරෙන භාෂා කාණ්ඩයක්) යනුවෙන් ද හඳුන්වනු ලබන අන්තර් යුරේසියානු භාෂාවන්ට(Transeurasian languages) මුල පිරුණේ කෘෂිකර්මාන්තයෙන් බවයි. මෙකී අන්තර් යුරේසියානු භාෂාවන්ට සයිබීරියාවේ, මොන්ගෝලියාවේ, මධ්‍යම ආසියාවේ සහ, සමහරක් විට ජපානයේ හා කොරියානු අර්ධද්වීපයේ භාෂා ඇතුළත්වේ. මේ භාෂා පවුල, කෘෂිකර්මානතයේ ව්‍යාප්තියත් සමග මෙයට වසර 9,000කට පෙර ඊශාන දිග චීනයේ හට ගන්නට ඇතැයි නව අධ්‍යයනය දක්වයි.”(මේ අදහස) ඒත්තු ගන්වන සුළුයි” යනුවෙන් ඕස්ට්‍රේලියාවේ පුරාවිද්‍යාඥයෙකු වන පීටර් බෙල්වුඩ් පවසයි. හෙතෙම මෙම අධ්‍යයනයට සම්බන්ධ නොවූවෙකි. ” භාෂා තැනින් තැනට, රටින් රටට ඉබාගාතේ පැතිරෙන්නේ නෑ. භාෂා ව්‍යාප්තවන්නේ ඒවා කතාකරන මිනිසුන් ව්‍යාප්තවෙන්න පටන් ගැනීමත් සමගයි” බෙල්වුඩ් කියාසිටී. මිනිසුන් එලෙස ව්‍යාප්තවෙන්න බලපාන බලගතු සාධකයක් වන්නේ ගොවිතැන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.


පෙර කී අන්තර් යුරේසියානු භාෂාවන්ගේ — උපරිමය 80ක් පමණ වන — මේ භාෂාවන්ගේ සම්භවය ගැන වාද විවාද එමටයි. එකම මූලයකින් ඒවා හටගත්තේ යයි ඇතැම් වාග් විද්‍යාඥයන් විශ්වාස කළත්, පුරාණ භාෂා අතර ඉතා බහුලව එක භාෂාවකින් තවකෙකට ණයට ගෙන ඇති අන්දම තුර්කි බසේ සිට (සයිබීරියාවෙ සහ උතුරු චීනයේ භාවිත වන්නාවූ Altaic කුඩා භාෂා පවුලක් වන) Tungusic භාෂාව ඇතුළු භාෂා ගණනාවක් අතර ඇතැම් ශබ්ද, පද, සහ ව්‍යාකරණමය අංග පොදුවේ දකින්නට හැක්කේ මන්දයි යන්න පැහැදිලි කරන බව තව පිරිසක් කියා සිටිති. සමහරක් පර්යේෂකයන් කියා සිට්න්නේ මධ්‍යම ආසියාවේ, තැනින් තැන සරන එඬේර ජනතාව අතර මීට වසර 5,000කට පෙර හට ගන්නට ඇත යනුවෙනි.

අන්තර් යුරේසියානු භාෂෑකම පවුලකට අයත් යයි මානව ඉතිහාසයේ විද්‍යාව සඳහා වූ මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ(Max Planck Institute for the Science of Human History) පුරා-වාග්විද්‍යාඥවරියක වන මාටිනා රොබීට්ස් දීර්ඝ කාලයක් තිස්සේ අදහන්නීය. මේ සම්බන්ධයෙන් පවතින්නා වූ සංවාදයට අළුතෙන් සාක්ෂි ගෙනෙනු වස් ඇය චීනයේ, ජපානයේ, රුසියාවේ, සහ දකුණු කොරියාවේ වාග්විද්‍යාඥයන්, පුරාවිද්‍යාඥයන්, සහ ප්‍රවේණි විද්‍යාඥයන් හා කණ්ඩායම් ගතවූයේ යුරේසියාව පුරා භාෂා වෙනුවෙන් වාග්විද්‍යාත්මක පවුල් රුකක් ගොඩ නැගීම පිණිසය. ‘කුඹුර’, ‘ඌරා’, ‘ගෙදර’ ආදී මූලික අයිතම ද ඇතුළත් ‘සංස්කෘතියකින් තොර”(රොබීට්ස් එය හඳුන්වන්නේ ඒ ආකාරයටය) වාංමාලාවක් පිළිබඳව පර්යේෂකයෝ අවධානය යොමු කළහ.
පර්යේෂක කණ්ඩායම ආදීකාලීන භාෂාවක්, මූල අන්තර් යුරේසියානු භාෂාවක්(Proto-Transeurasian) යළි ගොඩ නැංවීම පිණිස ඉහත සඳහන් කළ අන්දමේ මූලික පද සහ හඬෙහි දැනසිටි ඓතිහාසික විතැන්වීම් අතර සමානතා යොදා ගත්හ. බෲමූම් නම් මෙනේරි ධාන්‍යය වගාකිරීම සහ අස්වනු නෙලීමට අදාල වචන දුසිම් ගණනකට පොදු මූලයක් දළ වශයෙන් වසර 9,200ක් ආපස්සට ගිය ඔවුන්ගේ පවුල් රුක මගින් හඟවනු ලැබිණ. “ඒකෙන් අපට කියැවෙන්නේ මූල අන්තර් යුරේසියානු භාෂාව කතා කළ අය … මෙනේරි වගාවට කැපවෙච්ච ගොවියන් වීමට බොහෝ ඉඩකඩ තියනවා කියන එකයි” යනුවෙන් රොබීට්ස් ප්‍රකාශ කරයි

අනතුරුව පුරාවිද්‍යාඥයෝ වසර 8,500 සිට 2,000 දක්වා පමණ කාලයක මධ්‍යම සහ නැගෙනහිර ආසියාව පුරා තැන් 255කින් ලබාගත් දත්ත විමසා බැලූහ. අඩුම තරමින් මෙයට වසර 6,000කටවත් කලින් චීනයේ ලියාඕ ගං නිම්නයේ (ඉබේ වැවුණු මෙනේරි නොව) වගා කළ මෙනේරි (හටගෙන) තිබූ බව මෙයට කලින් සිදු කෙරුණු පර්යේෂණ වලදී සොයා ගනු ලැබීය. වටපිට ස්ථානවල මැටි බඳුන්(කුඹල් කර්මාන්ත) රටා සහ වළලෑම්(භූමදාන) රටා මෙන්ම කාලයාගේ අවෑමෙන් වගාවට හුරු කළ ශාක පොදුවේ භාවිතය ගැන පර්යේෂකයෝ විමසිල්ලෙන් සොයා බැලූහ. මෙකී “සංස්කෘතික පැකේජ” එම ප්‍රයත්නයේ දී, ලියාඕ ගං නිම්නයෙන් පිටතට සක්‍රමනය වී කාලයත් සමග අපසරණය වීම සහ අනෙකුත් සංකෘතීන් සමග ඇමිණුනු ආකාරය ඔවුහු ක්‍රමාණුකූලව විමර්ශනය කළහ. මෙම ව්‍යාප්තිය, උප කල්පිත මූල අන්තර් යුරේසියානු භාෂාවන්ගේ ඉදිරි ගමන හා දළ වශයෙන් ගැලපිණ.
වර්තමානයේ සයිබීරියාව, මොන්ගෝලියාව, චීනය, දකුණු කොරියාව, ජපානය, සහ තායිවානය ලෙස දැක්වෙන ප්‍රදේශවල මෙයට වසර 300ත් 9,000ත් අතර කාලයක විසූ පුද්ගලයන් 23කුගේ DNA ප්‍රවේණි විද්‍යාඥයන් විසින් විශ්ලේෂණය කරනු ලැබීය. මෙම පුද්ගලයන් එකිනෙකාට මෙන්ම ජාන දත්ත සංචිත වෙත ජෙනෝම උඩුගත කළ නූතන පුද්ගලයන් 2,000කට ජානමය වශයෙන් සමබන්ධවන්නේ කෙසේද යන්න පුරෝකථනය කරණු වස් පර්යේෂකයෝ පරිගණක අල්ගොරිතම යොදාගත්හ. සාක්ෂි පොටවල් තුනම එකට තබා ගත් කල, වර්තමානයේ ජපාන, කොරියානු, තුන්ගුසික, මොන්ගෝලීය සහ තුර්කි භාෂා කතා කරන්නන් හට එක් පොදු පූර්වජයෙකු සිටි බව ඇඟවෙයි: එනම්, මෙයට වසර 9,000කට පෙර ලියාඕ ගං නිම්නයේ ජීවත් වූ ගොවීන් යයි පර්යේෂකයෝ Nature සඟරාවෙහි සඳහන් කරති. කාලය ගත වෙත්ම, මෙනේරි වගාවෙහි ලා පෞරාණික ගොවියන් දක්ෂතා වර්ධනය කරගත් අතර, සිය භාෂාව බාහිර ලෝකයාට උරුම කර දෙමින් ඔවුන්ගේ පරපුර ව්‍යාප්ත වන්නට පටන් ගත් බව රොබීට්ස් පෙන්වා දෙයි. අනතුරුව, ඔවුන්ගේ පරපුරවල් බෙදී ගොස් යුරේසියාවේ අනෙකුත් කණ්ඩායම් හා සම්මිශ්‍රණය වූයේ කැපී පෙණෙන භාෂා සහ සංස්කෘතීන් වර්ධනය කර ගනිමින් එහෙත්, හඳුනා ගත හැකි භාෂාමය පිටකොන්දක් ඉතිරි කර ගනිමිනි.

රිච්මන්ඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රවේණි විද්‍යාඥවරියක වන මෙලින්ඩා යෑන්ග් පෞරාණික නැගෙනහිර ආසියානු ජනතාවන්ගේ ඉතිහාසය හදාරන්නියකි. මෙම අධ්‍යයනය සිදු කළ පර්යේෂකයන් විසින් DNA පරීක්ෂාවන්ට ලක් කළ පෞරාණික පුද්ගලයින් අතර ඥාතිත්වය සොයා බැලූ ආකාරය ගැන තවදුරටත් විස්තර දැනගැනීමට ඇත් නම් මැනවයි ඇය සඳහන් කරයි. කෙසේවෙතත්, පර්යේෂක කණ්ඩායම එකට ගලපන ලද දත්ත ප්ර්මානය ගැන පැහැදීමට පත්ව සිටින ඇය අධ්‍යනයෙන් ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කළ කාරණා ගැන පොදු එකගත්වය පළ කරන්නීය.
Science (AAAS) හී පළවූ How agriculture gave rise to one of the world’s most mysterious language familiesTranseurasian languages arose in China 9000 years ago, new study claims යන ලිපිය ඇසුරෙනි