නව, විශාල පරිමාණ අධ්යනයක් COVID-19 එන්නත් පරිපූරක මාත්රාවල ඵලදායිත්වය සොයාබලයි
COVID-19 න් දරුණු ලෙස රෝගාතුර වීම වැළැක්වීමේ දී Pfizer COVID-19 එන්නතෙහි තුන්වැනි මාත්‍රාවක් කෙතරම් ඵලදයී ද යන්න ඊශ්‍රායලයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායමක් මෑතක දී සොයා බැලූහ. ඔවුනට පෙණී ගියේ, එන්නතෙහි මාත්‍රා දෙකක් පමණකින් සැපයෙනවාට වඩා, දරුණු රෝග සංකූලතා ඇතිවීමේ අවදානම අතිරේක නැතිනම් පරිපූරක මාත්‍රාවක් මගින් අඩු වන බවයි. කෙසේවෙතත්, එන්නත ලබාගැනීමෙහි දී ගෝලීය වශයෙන් ඇති වී තිබෙන අසමානතා සහ එන්නත් ලබාගැනීමට පසුබට වීම COVID-19 මර්ධනයේ දී දිගටම මුහුණ පාන අභියෝග බවට පත්ව තිබේ.
2021 වසර පුරාවට ලෝකයේ නොයෙකුත් ප්‍රදේශවල SARS-CoV-2 වෛරසය නැවත හිස ඔසවමින් පවතින්නේ මූලිකවම ඩෙල්ටා ප්‍රභේදයේ එලැවීමෙනි. මේ නව මාදිලියට එරෙහිව නැගීසිටීමට අපොහොසත්ව වර්තමානයේ ඇති එන්නත්වල ඵලදායීතාව හීන වෙමින් පවතින්නේ යයි සෞඛ්‍යසේවා නිලධාරීහු සැක පහල කරති. ඊට ප්‍රතිචාර වශයෙන්, COVID-19 එන්නතෙහි පරිපූරක හෙවත් බූස්ටර් මාත්‍රා සිය ජනතාවට ලබාදීමට ආණ්ඩු බොහොමයකට ඕනෑවී තිබේ. ඊශ්‍රායල රජය, සිය රටෙහි සිව්වැනි කොවිඩ් රැල්ලට පෙර හා ඒ අතරතුර 2021 ගිම්හානයේ දි Pfizer එන්නතෙහි තුන්වැනි මාත්‍රාවක් යොදා ගත්තේය.
ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ සහ ඊශ්‍රාලයේ ක්ලැලිට්(Clalit) පර්යේෂණ ආයතනයේ විද්‍යාඥායන්ගේ ප්‍රධානත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් මෑතක නිගමනය කළේ COVID-19 න් දරුණු සංකූලතා ඇතිවීමේ අවදානම මෙම අතිරේක එන්නත් වාරය හේතුවෙන් කැපීපෙණෙන අයුරින් අඩු විය හැකි බවයි. සුප්‍රකට The Lancet සඟරාවෙහි පළවී ඇති ඔවුන්ගේ පර්යේෂණ වාර්තාව, COVID-19 බූස්ටර් මාත්‍රාව පිළිබඳව මෙතෙක් සිදු කර ඇති, සමානයන්ගේ සමාලෝචනයට ලක් වූ විශාලතම අධ්‍යයනය සම්පිණ්ඩනය කර දක්වයි. දරුණු රෝග තත්ත්වයන් වළක්වාලනු වස් එන්නතෙහි තුන්වැනි මාත්‍රාවක් කෙතරම් හොඳින් ක්ර්යාත්මක වේ දැයි ප්‍රථම වරට මැන බලන ලද්දේ ද මෙම අධ්‍යයනය මගිනි.

අධ්යයනයේ ක්රමවේදය
ඊශ්‍රායලයේ විශාලතම සෞඛ්‍ය සත්කාරක සංවිධනය වන ක්ලලිට් සෞඛ්‍ය සේවාවේ දත්ත පර්යේෂකයන් විසින් විශ්ලේෂණය කරන ලදී.
2020 ජූලි මාසයේ සිට 2021 සැප්තැම්බරය දක්වා කාලය තුළ Pfizer COVID-19 එන්නතෙහි තුන්වැනි මාත්‍රාව ලබාගත් පුද්ගලයින් 728,321ක් දෙනෙකු විද්‍යාඥයන් විසින් හඹා යමින් දත්ත රැස්කරන ලදී. මෙම එන්නතෙහි මාත්‍රා දෙකක් පමණක් ලැබූ ඒ හා සමාන පුද්ගල සංඛ්‍යාවක් සමග සංසන්දනය කෙරිණ. “මේ අධ්‍යනයේ දී, අපි තුන්වෙනි මාත්‍රාවෙන් දින 7කට පසුව සිට (එන්නතෙහි) ඵලදායිත්වය තක්සේරු කළා. දෙවනි මාත්‍රාවත් ලබා ගත්තාට පසුව පූර්ණ එන්නත්කරණයට ලක් වූයේ යයි නිශ්චිතකරණයට යොදා ගත් කාලසීමාවත් ඒකම තමයි. තුන්වෙනි මාත්‍රාව ලබාදීමෙන් දින 7කට පසු පුද්ගලයන් තුළ ප්‍රතිදේහ ඉහළ සාන්ද්‍රනයක් තිබීමෙන් අපේ අදහස තහවුරුවුණා” යයි අධ්‍යනයේ කතුවරු කියා සිටිති.
පර්යේෂකයෝ සිය විශ්ලේෂණයේ කොටසක් ලෙස, සමාජ-ජනවිකාස සාධක, පවත්තින සෞඛ්‍ය තත්වයන්, සහ චර්යාමය සාධක ඇතුළුව ඇතිවිය හැකි සමාකුලන(වියවුල් කරන) සාධක වෙනුවෙන් ගැලපීමක් කළහ. දත්ත පෙන්නුම් කළේ, අඩු තරමින් මාස 5කට පෙර සිය දෙවැනි මාත්‍රාව ලබාගත් පුද්ගලයන් හා සසඳන විට COVID-19 බූස්ටර් මාත්‍රාව ලබාගත් අයට, රෝහල්ගතවීමේ අවදානම 93%කින් අඩුවන බවයි. ඒ ආකාරයටම, තුන්වැනි මාත්‍රාව ලබාගත් පුද්ගලයින් දරුණු රෝග තත්ත්වයකට පත්වීමේ අවදානමෙහි 92%ක අඩුවක් සහ COVID-19 න් මියයෑමේ අවදානමෙහි 81%ක අඩුවක් දක්වයි.
පර්යේෂක කණ්ඩායම දක්වන අන්දමට, රෝහල් ගතවීම සහ දරුණු සංකූලතා හටගැනීමට එරෙහිව තුන්වැනි මාත්‍රාවක ඵලදායීතාව ” ස්ත්‍රීන් හා පුරුෂයන් අතරත්, අවුරුදු 40 -69 වයසේ පුද්ගලයන් අතරත් සහ අඩුම අතරමින් අවුරුදු 70ක් වත් වයස්ගත වූවන් අතරත් එක සමානය”.

අධ්යනයේ සීමාන්තික(limitations)
අධ්‍යනයේ කතුවරු සීමාන්තික(limitations) ගණනාවක් ගැන සඳහන් කරති. පළමුවැන්න, ද්විතීයක ප්‍රතිඵල හෙවත් විපාක ගැන විශ්වාසදායී තක්සේරු ජනනය කර ගැනීමට පර්යේෂකයන්ට නොහැකිවිය: එනම්, ආසාදන සහ ලාක්ෂණික ආසාදන. තවද, ප්‍රතිඵල කෙරෙහි බලපෑමක් ඇති කළ හැකිව තිබූ සෑම සාධකයක්ම ගැන වග උත්තර දැක්වීමට, නිරීක්ෂණ අධ්‍යනයක් හැටියට, මෙම විශ්ලේෂණයට නොහැකි විය.
මීට අමතරව, “වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන්ට අදාලව සිදුවීම් සාපේක්ෂව හිඟ වීම හේතුවෙන් එම වයස් කණ්ඩායම තුළ එන්නත් ඵලදායීතාව ඇගැයීමට ලක් කිරීමට අපට නොහැකි වුණා” යයි කතුවරු සඳහන් කරති. එපමණක්ද නොව, ඇතිවිය හැකි අහිතකර සායනික සිදුවීම් සහ තුන්වෙනි මාත්‍රාවක් ලබාදීමේ දි සෞඛ්‍ය සත්කාරක සේවාවන් මත පැටවෙන අධික පීඩාව ගැන මෙම එන්නත් ඵලදායීතාව ඇගැයීමේ අධ්‍යනය මගින් සොයා බැලීමක් සිදු නොකෙරිණ.
මේ අතර, අධ්‍යනයේ කතුවරුන් කිහිපදෙනෙකු සමාගම හා අනුබද්ධිතයන් හෝ ඉන් හානිපූරණය කරන්නවුන්ය. මේ සමබන්ධතාවන් අධ්‍යනයේ ප්‍රතිඵල කෙරෙහි බලපෑමක් ඇතිකිරිමට ඉඩ තිබුණේ දැයි අසන ලදුව, මෙම අධ්‍යනයට සම්බන්ධ නොවූ, මේහැරී වෛද්‍ය විද්‍යාලයේ පිළිකා ජීවවිද්‍යා සහකාර මහාචාර්ය වෛද්‍ය ඩොනල්ඩ් ජේ. ඇල්සෙන්ඩෝර් කියාසිටියේ ‘එන්නත් නිෂ්පාදකයන් සැමවිටම පාඩු මගහැරවීමට ක්‍රියා කරණ නමුත් දත්තවල ආරක්ෂාව ගැන FDA, CDC වැනි උපදේශක පාලක ආයතන නිරතුරු පර්යේෂකයන් නිරික්ෂණය කරන නිසාවෙන් එන්නත් අධීක්ෂණය දැඩිව සිදුකෙරෙන බවයි. තවද, එන්නත් ලබාගැනීමෙන් වැළකී සිටින විශාල පිරිස ගැන අදහස් දක්වමින් හෙතෙම සඳහන් කරන්නේ එහි ප්‍රතිඵල හැටියට වෛරසයට පරිණාමය වීමට අවස්ථාව සැලසී ප්‍රභේද හටගැනීමෙන් මෙම මහා වසංගතය පොදු ජනතාව අතර ව්‍යාප්ත වීමට මග සැලසෙන බවයි.
Medical News Today හී පළ වී ඇති COVID-19 booster shot reduces risk of severe disease by 92% යන ලිපිය ඇසුරෙනි