මදුරුවන්ගෙන් සෞඛ්‍යට දැනට ඇති අවදානම 2100 වනවිට දෙගුණවේ
ඉදිරි වසර 80 ඇතුලත අදට වඩා දෙගුණයක පිරිසකගේ සෞඛ්‍යය දරුණු මදුරු උවදුරකට මුහුණ පෑමට ඉඩ ප්‍රස්ථාව තිබේ. මේ පිරිස හුදෙක් නිවර්තන කලාපයේ අය පමණක්ම නොවේ. මදුරුවන්ගෙන් බෝවෙන රෝග අනතුරකට බිලියනයක ජනතාව දැ නටමත් මුහුණ පා සිටිති. මෙම සංඛ්‍යාව, අපේ මේ ග්‍රහ ලෝකය උණුසුම් වෙමින් ඩෙංගු උණ, කහ උණ, ශිකා සහ අනෙකුත් භයංකර වෛරස සම්ප්‍රේෂණය කරන කෘමීන් හට දේශගුණය වඩාත් හිතකර බවට පත්වෙද්දී, මේ සියවස අවසන් වනවිට දෙගුණයක් බවට පත්විය හැක.

තවද, Aedes aegypti සහ Aedes albopictus යන මදුරුවන් ඔවුන්ගේ වපසරිය උතුරටත් දකුණටත් මෙන්මතවත් ඉහළට යමින් කඳුකර ප්‍රදේශ දක්වා ද ව්‍යාප්ත කරද්දී දැනටාමත් මිලියන ගණනාවකගේ ජීවිත වනසන නිවර්තන ආසාදන සමශීතෝෂ්ණ කලාපයන්ට ද(temperate zones), පැතිර යනු ඇත. Public Library of Science journal PLOS Neglected Tropical Diseases හී පළවූ වාර්තාවකට අනුව, බිලියනයක ජනතාව, හුදෙක් ඩෙංගු සහ කහ උණට පමණක් නොව චිකුන්ගුන්යා, ශිකා, වෙස්ට් නයි, සහ ජැපනීස් එන්කෙපලයිටිස් වැනි අළුතෙන් මතු වී එන රෝගාබාධ වලට නිරාවරණය වීමට පුළුවන. මේ රෝග සියල්ලම බෝ කරනු ලබන්නේ හුදෙක් මදුරු විශේෂ දෙකක් පමණක් මගිනි.
“දේශගුණ විපර්යාසය, බෝවෙන රෝග ගෝලීය වශයෙන් බෙදී යාම සහ බර දරා ගැනීම මත අධික බලපෑමක් ඇතිවේ” යයි අන්තුරු හඟවන අධ්‍යනයේ කතුවරු, “දේශගුණ විපර්යාසයට ප්‍රතිචාර වශයෙන්, මදුරුවන් හ්බරහා බෝවෙන් රෝගපුදුමාකාර ලෙස ව්‍යාප්ත වෙතැයි වර්තමානයේ අප සතු දැනුම හඟවනවා”
මානව ඉතිහාසයේ වැඩි කාලයක් පැවතියාට වඩා පෘථිවිය දැනටමත් සාමාන්‍යය සෙන්ටිග්‍රේඩ් අංශක 1ක්(10 C) උණුසුම්ය. ඉතින් උෂ්ණත්වය ඉහළ යත්ම ෆොසිල ඉන්ධන බහුලව භාවිත කිරීමට ස්තුතිවන්ත වන්නට, වායුගෝලයට හරිතාගාර වායු වැඩියෙන් එක්වෙන අතර 2100 වනවිට සෙන්ටිග්‍රේඩ් අංශක 3ක්(30 C) වෙත ගමන් කරණු ඇතැයි අපේක්ෂිතයි. ඒ ආකාරයටම උෂ්ණත්ව පරාසයක දී ම යහතින් වැජඹෙන කෘමීන් මාර්ගයෙන් රෝග සම්ප්‍රේෂණය වීමේ ඉඩ කඩ ද ඉහළ නගී.
ඉස්පාසුවක් නොමැතිව
නිවර්තන කලාපයේ දී වසර පුරා ආසාදන සෑදිම ඇරඹෙන්නට පුළුවන. එමෙන්ම, අනෙකුත් ඕනෑම ස්ථානයක දී වාගේ වඩාත් උණුසුම් කාලවකවානුවල සමහර පුද්ගලයින් අවදානමට ලක්විය හැකිය. තවද, ආසාදන ද, වඩාත් තීව්‍ර වීමට ඉඩ තිබේ.
ඉහළ යන උෂ්ණත්වයන් මාරක විය හැකි රෝග වාහකයන් සඳහා නව පරාසයක්ම විවෘත කර දෙන අතර, හුදු (මදුරු) විශේෂ දෙකක් පමණක් මගින් රෝග සම්ප්‍රේෂණය වනු ලැබීම ගැන දේශගුණ ආකෘති(climate models) පුරෝකථනය කරන්නේ කුමක් ද යන්න පිළිබඳව අධ්‍යනය සමීපව සොයා බලයි.
“නිවර්තන කලාපයට අයත් යයි අපි තදින්ම සිතා සිටින මෙම රෝග ෆ්ලොරිඩාව වගේ යෝග්‍ය දෙශගුණ සහිත ප්‍රදේශවල දැනටමත් මතුවෙන්නට පටන් අරන්. ඒ මොකද කීවොත්, ක්ෂුද්‍ර ජීවීන් සහ ඒවායේ රෝග කාරක ලොව පුරා පතුරුවන්න මනුෂ්‍යයෝ වන අපි දක්ෂයෝනෙ” යනුවෙන් මේ අධ්‍යයන මෙහයවු සේඩි රයන් පවසන්නීය. ඇය ෆ්ලොරිඩා විශව විද්‍යාලයේ වෛද්‍ය භූගෝල විද්‍යාඥවරියකි.
අධ්‍යයනයේ සම කතෲ, වොෂින්ග්ටන් අගනුවර ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ ජීවවිද්‍යාඥ කොලින් කාල්සන්මෙලෙස කියා සිටියි:”ගෝලීය සෞඛ්‍ය ආරක්ෂාවට වඩාත්ම විශාලතම සහ වඩාත් පරිපූර්ණ තර්ජනය වන්නේ දේශගුණ විපර්යාසයයි. මදුරුවන් කියන්නේ එම තර්ජනයේ එක් කොටසක් පමණයි. එහෙත්, 2015 බ්‍රසීලයේ දී ශිකා පැතිරීමෙන් පසුව අප විශේෂයෙන් වද වෙන්නේ ඊළඟට සිදුවෙන දේ ගැනයි.”


විරෝධාභාසීව, ඇතැම් අවදානමට ලක් වූ ගහණයන්ට ඉහළ යන උෂ්ණත්ව සුබ ආරංචියක් විය හැකියි: මැලේරියා පරපෝෂිතයාගේ වාහකයෙකු වන Anopheles මදුරුවා මෙන්ම රෝග ගණනාවකට සංග්‍රාහක Aedes මදුරුවාද උෂ්ණත්ව පරාසයක්ම ඇතුළත වඩාත්ම භයානක වේ. උෂ්ණත්ව මාපකය ඉහළ නගිද්දී, සමහර ප්‍රදේශවල මැලේරියා සම්ප්‍රේෂණයට හෝ (මැලේරියා පතුරුවන) මදුරුවන්ටම පවා එය උණුසුම් වැඩි විය හැකියි.
” මෙය සුබ අසුබ යන ආරංචි දෙකම දනවන අවස්ථාවක් සේ පෙණී යා හැකියි. එහෙත්, දේශගුණ විපර්යාසය සඳහා අයහපත්ම කාල රේඛාවේ අපට රැඳෙන්නට සිදු වුව හොත්, එය තනිකරම අසුබ ආරංචියක් බවට පත්වේවි” යයි පෙන්වාදෙන කාල්සන්, “නිදසුනකට, ඩෙංගු සම්ප්‍රේෂණයට උණුසුම අධික වැඩිවන පළාත් අනෙකුත් රෝග සම්බන්ධයෙන් ඊට වෙනස් එහෙත් ඒ හා සමානම දරුණු තර්ජනයන්ට තෝතැන්නක් විය හැකිය” යි පවසයි.
Physicsworld හී පළවන Mosquito risk to health may double by 2100 යන ලිපිය ඇසුරෙනි