පෘථිවිය වටා කක්ෂගතව ඇති අන්තරායකර අභ්‍යාවකාශ සුන්බුන් ප්‍රතිචක්‍රීකරනයෙන් රොකට් ඉන්ධන තැනීමේ ගෝලීය ප්‍රයත්නයක්

Posted by

පෘථිවිය වටා කක්ෂගතව ඇති අන්තරායකර අභ්‍යාවකාශ සුන්බුන් ප්‍රතිචක්‍රීකරනයෙන් රොකට් ඉන්ධන තැනීමේ ගෝලීය ප්‍රයත්නයක්

පරිගණක  මගින් ජනනය කෙරුණු අනුරූප පෘථිවිය වටා කක්ෂගතව ඇති නිරික්සිය හැකි වස්තු පෙන්නුම් කරයි. අපේ ග්‍රහලෝකයේ වටා පවතින කක්ෂය පරණ, අබලන්ව අත්හැර දමන ලද  අභ්‍යවකාශ යානා  සුන්බුන් වලින් පිරී යමින් පවතී. මෙම අන්තරයාකර අභ්‍යවකාශ සුන්බුන් අභයවකාශයේ දී රොකට් ඉන්ධන බවට පරිවර්තනය කරන අන්තර්ජාතික ප්‍රයත්නයකට  ඕස්ට්‍රේලියානු සමාගමක් ද එක්ව සිටියි.

අපේ ග්‍රහ ලෝකයේ කක්ෂය, ඉහතින් ද දක්වා ඇති අන්දමට අබලන්ව ගිය අභ්‍යවකාශ යාන වලින් ඇහිරෙමින් පවතී. කල් ඉකුත් වූ චන්ද්‍රිකා මෙන්ම ක්ෂයවූ රොකට් කොටස් ද මේ කක්ෂය තුල පැයට කිලෝමීටර 28,000ක වේගයෙන් භ්‍රමනය වෙයි.  මෙය පැහදිලිවම දැනට භාවිතයේ ඇති සංනිවේදන චන්ද්‍රිකා මෙන්ම අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට(International Space Station – ISS) තරජනයක් එල්ල කරයි.එවැනි අධික වේගයෙන් භ්‍රමනය වෙද්දී එක් කුඩා ඇණයක් එහෙමත් නැතිනම් තීන්ත අංශුවක් හෝ පවා ගැලවී විසි වුවොත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සහ එහි සිටින මිනිසුන්ට තර්ජනයක් විය හැකිය.

World's First Space Gas Station for Satellites to Launch in 2015 | Space

නරකම තත්ත්වය උදාවෙන්නේ අභ්‍යවකාශ සුන්බුන් කුඩා කුඩා කොටස් එකිනෙක ඝට්ටනය වීම හේතුවෙන් කක්ෂය භාවිත කිරීමට නොහැකි තත්ට්වයක් උදාවීමෙනි. මෙම තත්ත්වය හඳුන්වනු ලබන්නේ කෙස්ලර් ආචරණය( Kessler Effect) යනුවෙනි.

අභ්‍යාවකාශ සුන්බුන් ප්‍රතිචක්‍රීකරන ප්‍රයත්නයට ඉදිරිපත්වී සිටින දකුණු ඕස්ට්‍රේලියානු Neumann Space  නම් සමාගම “අභ්‍යවකාශය තුළ විදුලි ප්‍රචාලන පද්ධතියක්”(“in-space electric propulsion system”) වැඩි දියුණු කර ඇත. පෘථිවිය වටා පහළ කක්ෂයක් ගමන් කරන චන්ද්‍රිකාවල සේවාකාලය දීර්ඝ කිරීමට, චන්ද්‍රිකා එහා මෙහා කිරිම හෝ කක්ෂයෙන් ඉවත්කිරීම වෙනුවෙන් මෙම පද්ධතිය යොදා ගත හැකිය.

අභ්‍යවකාශ සුන්බුන්, මෙම පද්ධතිය සඳහා ඉන්ධන බවට පරිවර්තනය කරනු වස් Neumann Space දැන් රටින් පිට තවත් සමාගම් තුණක් හා සම්බන්ධවී ක්‍රියා කරයි.

අළුතින් ආරම්භ කළ Astroscale නම් ජපන් සමාගම ඊට, අභ්‍යවකාශයේ ඇති සුන්බුන් කුඩා කැබලි හසු කර ගැනීම පිණිස  චන්ද්‍රිකා යොදා ගත හැකි ආකාරය දැනටමත් පෙන්නුම් කර දී ඇත. එම සුන්බුන්  කක්ෂ ගතව තිබිය දීම (ඒවා)   කැබලිවලට කපා දැමීමට සහ ගබඩා කිරීමට අතිනවීන උසස් තාක්ෂණය යොදාගැනීමේ සෑලැස්මක් සම්බන්ධයෙන් එක්සත් ජනපද Nanorocks සමාගම ක්‍රියා කරමින් සිටියි. තවත් එක්සත් ජනපද  සමාගමක් වන Cislunar අභ්‍යාවකාශ සුන්බුන්  උණු කොට ලෝහ දඬු හෙවත් පොලු බවට පත් කිරීම සඳහා අභ්‍යාවකාශයේ වාත්තු වැඩ පොලක් වැඩි දියුණු කරමින් සිටියි.

Risks of Space Debris Accident | How to Remove Space Junk

මෙකී ලෝහ දඬු,  Neumann Space   සමාගමේ “අභ්‍යවකාශය තුළ විදුලි ප්‍රචාලන පද්ධතිය” සඳහා ඉන්ධන වශයෙන් යොදා ගැනීමට ක්‍රියා කරන්නේ ලෝහය අයනීය කරණයට ලක් කොට ඉන් පසුව, කක්ෂය වටා වස්තූන් එහා මෙහා කරණු වස් තෙරපුම(thrust) ජනනය කරමිනි.” අභ්‍යාවකාශයේ දී ලෝහ උණු කොට සපයන දාමයක කොටස්කරුවෙකු ලෙස එක් වන්නැයි අප සමාගමට යෝජනාවක් ඉදිරිපත්වූ විට මට නම් හිතුනේ එය හුදු අනාගතවාදී අදහසක් මිස පහසුවෙන් කල නොහැක්කක් බවයි” යනුවෙන්Neumann Space සමාගමේ ප්‍රධාන විධායක  නිලධාරී හාර්වේ ඇටියර් පවසයි. ” ඒත් ඒ අය නාසා ආයතනයෙන් ප්‍රදානයක් ලබා ගන්න සමත් වුනහම අපි මූලාකෘතියක් (prototype) තැනුව. ඒක සාර්ථකව ක්‍රියා කරා” යයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

 

The guardian(19th November, 2021) පුවත්පතෙහී පළවූ Gas station in space’: new plan to make rocket fuel from junk in Earth’s orbit.  යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.