කසළ ප්‍රතිචක්‍රීකරණයෙන් ‘වටරවුම්’ (චක්‍රීය ) ආර්ථිකයකට මග පාදමු
සාමාන්‍ය වශයෙන් ගතහොත් ඕස්ට්‍රේලියාවේ තනි මංතීරුවේ මාර්ගයක් තැනීම සඳහා වැයවන මුදල කිලෝමීටරයකට ඕස්ට්‍රෙලියානු ඩොලර් මිලියන 5 පමන වේ. එහෙත්, බටහිර ඕස්ට්‍රේලියාවේ ක්විනනා අධිවේගී මාර්ගයේ(Kwinana Highway) අතිරේක මංතීරු කිලෝමීටර 12.5 ක් තැනීමට වැයවූයේ ඕස්ට්‍රෙලියානු ඩොලර් මිලියන 49ක් පමනකි. මෙතැන දී වැදගත්වන කාරණාව නැතිනම් අසාමාන්‍ය සිද්ධිය අධිවේගී මාර්ගයේ මේ අතිරේක කොටස තැනීමට වැයවුණු මුදල නොව එම කොටස තැනීමේ දී බිටුමන් හෙවත් ගල් කීල් වලට(මාර්ග තැනීමේ දී යොදා ගැනෙන කළු පැහැති ඇලෙන සුලු ද්‍රව්‍යයට) යට වූ ද්‍රවය මොනවා ද යන්නයි: ඒ වෙන කිසිවක් නොව තලා දැමූ, ප්‍රතිචක්‍රීකරණය කරන ලද කොන්ක්‍රීට් මෙට්‍රික් ටොන් 25,000 කින් සමන්විත ස්ථායීකරණ ස්ථර දෙකකි. මින් 90%ක්ම ලබා ගැනුණේ පර්ත් නගරයේ සුප්‍රකට පාපන්දු ක්‍රීඩාංගණයක් කඩා ඉවත් කරගැනීමේ දි සපයා ගත් ද්රවයවලිනි. ගොඩනැගිලි සහ ඉදිකිරීම් ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම ඕස්ට්‍රේලියාවේ රීතියකට වඩා ව්‍යතිරේකයක් ලෙස පවතී. ෆෙඩරල්, ප්‍රාන්ත සහ ප්‍රදේශ ආණ්ඩු විසින් එකඟ වූ ජාතික අපද්‍රව්‍ය ප්රතිපත්තියෙහි ඉලක්කය 2030 වන විට 80% සම්පත් ප්‍රතිසාධනය කිරීමයි. වර්තමානයේ එය 40%ක් පමණවේ.
2020 දී ඕස්ට්‍රේලියාවේ ජනනය වූ අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් මිලියන 74 න් පෙදරේරු කාර්යයන් ගෙන හට ගත් ද්‍රව්‍ය ටොන් මිලියන 22.9 ක් පමණ වේ. මීට සංසන්දනාත්මකව ප්ලාස්ටික් සමන්විත වූයේ , ටොන් මිලියන 2.5 ක් පමණ වේ. අපද්‍රව්‍ය සහ සම්පත් ප්‍රතිසාධන අංශය විසින් කළමනාකරණය කරන ලද “මූලික අපද්‍රව්‍ය” ටොන් මිලියන 61.5 න්, 44% (මෙට්‍රික් ටොන් මිලියන 27) ඉදිකිරීම් සහ කඩා ඉවත් කිරීමේ අංශයෙන් පැමිණි අතර, කුටුම්භ(ගෘහ) සහ පළාත් පාලන ක්‍රියාකාරකම් වලින් ජනනය වූයේ 20%ක් (මෙට්‍රික් ටොන් මිලියන 12.6) කි.
මෙම අපද්‍රව්‍ය බොහොමයක් – කොන්ක්‍රීට්, ගඩොල්, වානේ, දැව, තාර සහ ප්ලාස්ටර්බෝඩ් හෝ සිමෙන්ති තහඩු – නැවත භාවිතා කිරීමට හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීමට හැකිය. එහෙත්, ඒවා කුණු ගොඩකින් අවසන් වන්නේ සරල ආර්ථික සංකල්පයක් නිසාවෙනි: එනම්, නැවත භාවිතා කරනවාට හෝ ප්‍රතිචක්‍රීකරණය කරනවාට වඩා අලුත් ද්‍රව්‍ය මිලදී ගෙන පසුව ඉවත දැමීම ලාභදායී වේ යන සංකල්පයයි.
මෙම සමීකරණය වෙනස් කිරීම සහ වටරවුම්(චක්‍රීය ) ආර්ථිකයක්(a circular economy) කරා යාම දේශගුණික විපර්යාස සඳහා දායකත්වය ඇතුළුව පරිසරයට ගොඩනැගිලි සහ ඉදිකිරීම් වල බලපෑම අවම කිරීමේ ප්‍රධාන ඉලක්කයකි. වටරවුම් ආර්ථිකයක දී ඉවතලන ද්‍රව්‍ය ඉඩම් ගොඩ කිරීමට යොදාගන්න් අවාට වඩා නැවත භාවිතා කර ප්‍රතිචක්‍රීකරණය කරනු ලැබේ.

‘බාහිරත්වයේ‘ ආර්ථික විද්‍යාව
ද්‍රව්‍ය නැවත භාවිතයට වඩා ඉවත දැමීම වඩා “ආර්ථික වශයෙන් වාසිදායකය” යන කාරණය ආර්ථික විද්‍යාඥයින් විසින් හඳුන්වනු ලබන්නේ “බාහිර” ගැටලුව විසින් මෙහෙයවනු ලබන වෙළඳපල අසමත් වීමක් ලෙසිනි. ඒ කියන්නේ, ද්‍රව්‍ය නිෂ්පාදනය, පරිභෝජනයකිරීම සහ ඉවත දැමීම සඳහා වන සමාජීය හා පාරිසරික පිරිවැය (ඒවාට) අය කරන මිල ගණන් වලින් පිළිබිඹු නොවන බවයි. ඒ වෙනුවට එම වියදම් බාහිරට පැවරීමයි — අන් අය විසින් දරනු ලැබීමයි.
එවැනි අවස්ථාවන්හිදී, වෙළඳපල අසාර්ථකත්වයට මැදිහත් වී එය නිවැරදි කිරීමට රජයන්ට නීත්යානුකූලවන එමෙන්ම කළයුතුවන කාර්යභාරයක් ඇත. කාබන් විමෝචනය (අනාගත පරම්පරාවන් මත පිරිවැය පැටවීම) වැනි බාහිරයට පැවරෙන දෙයක් සඳහා බොහෝ ආර්ථික විද්‍යාඥයින් විසින් කැමැත්තක් දක්වනු ලබන වෙළඳපල පදනම් වූ විසඳුම වන්නේ කාබන් මිලයි.
ඉදිකිරීම් අංශයේ අපද්‍රව්‍ය සම්බන්ධයෙන් නම් වැඩි වැඩියෙන් ප්‍රතිචක්‍රීකරණය කිරීම පිණිස ශක්‍ය වෙළඳපොළක් නිර්මාණය කරණු වස් රජයටඋපකාර කිරීම සඳහා තවත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග කිහිපයක් තිබේ.

ප්‍රසම්පාදන ප්‍රතිපත්ති භාවිතා කිරීම
ව්‍යාපාර සඳහා ප්‍රතිචක්‍රීකරණය වඩාත් ආකර්ශනීය කිරීමට එක් ක්‍රමයක් වනුයේ ඉඩම් ගොඩකිරීම් සඳහා අපද්‍රව්‍ය යැවීමේදි වැයවන පිරිවැය ඉහළ දැමීමයි. කෙසේවෙතත් මෙය අනවසර ගොඩකිරීම් වැනි අනපේක්ෂිත ප්‍රතිවිපාක ඇති කිරීමට ඉඩ ඇත. වඩාත් පැහැදිලි සහ ඵලදායී ප්‍රවේශය වන්නේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය සඳහා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග හරහා වැඩි ඉල්ලුමක් ඇති කිරීමට උපකාර කිරීමයි. මෙහිදී, නිදසුනක් වශයෙන් ප්‍රතිචක්‍රීකරණය කළ ද්‍රව්‍ය අවම ප්‍රමාණයක් භාවිතා කිරීමට සැපයුම්කරුවන්ට අවශ්‍ය වන ප්‍රතිපත්ති අනුගමනය කිරීම දැක්විය හැකියි.
ප්‍රමාණවත් ඉල්ලුමක් ඇතිවන විට, ප්‍රතිචක්‍රීකරණය කරන්නන් තවදුරටත් අපද්‍රව්‍ය ප්‍රතිසාධනය සඳහා ආයෝජනය කරනු ඇත. එය පිරිවැය අඩු කිරීමට මග පාදයි. මෙම තත්ත්වය, එනම් පිරිවැය අඩුවීම, අනෙක් අතට, වැඩි ඉල්ලුමක් ඇතිවීමට තුඩු දෙයි. මේ ආකාරයට චක්‍රීය ආර්ථිකයකට තුඩු දෙන (එකක් පසුපස එකක් වශයෙන් සිදුවන වාසි සහගත සිදුවීම් වැලක් හෙවත්) සුබවාදී කවයක්(virtuous circle) නිර්මාණය වෙයි.


අපතේ යන ද්‍රවය වෙළඳපොලෙහි ප්‍රධාන ප්‍රතිසංස්කරණ තුනක්
වැදගත් ප්‍රතිසංස්කරණ තුනක් මගින් කසළ වෙළඳපල මෙහෙයුම් කටයුතුවල විශාල වෙනසක් ඇති කළ හැකි බව මේ ගැන පර්යේෂණ සිදුකරන පර්යේෂකයෝ පෙන්වාදෙති. මෙය පදනම් වී ඇත්තේ තිරසාර ප්‍රසම්පාදනය වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව පුද්ගලික අංශයේ සහ රජයේ පාර්ශ්වකරුවන් 27 දෙනෙකු සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡා මත ය.
පළමුව, අනිවාර්ය අවම ප්‍රතිචක්‍රීකරණ ඉලක්ක සම්පාදනය කරණ ප්‍රසම්පාදන ප්‍රතිපත්ති මගින් අභිලාෂකාමී ඉලක්ක තබන රජයේ අපද්‍රව්‍ය ප්‍රතිපත්තිවලට සහාය නොලැබේ. රජයේ අරමුදල් සහිතව ඉදිකිරීම් ව්‍යාපෘතිවල නිරතවන සියලුම කොන්ත්‍රාත්කරුවන් ප්‍රතිචක්‍රීකරණය කරන ලද අපද්‍රව්‍ය යම් ප්‍රතිශතයක් භාවිතා කිරීම අත්‍යවශ්‍ය කළ යුතුය.
දෙවනුව, ඉදිකිරීම් ද්‍රව්‍ය නැවත භාවිතය සඳහා සකස් කිරීමේ ස්වභාවය අනුවගුණාත්මකභාවය සැලකිය යුතු ලෙස වෙනස් විය හැකිය. නිදසුනක් ලෙස, (ගොඩනැගිලි) කඩා ඉවත් කරන ස්ථානයක තිබූ අන්තුරුව ප්‍රතිචක්‍රීකරණය කරන ලද සිමෙන්තිවල, එහි කල්පැවැත්ම අඩු කරන දූෂක අඩංගු විය හැක.
ගැනුම්කරුවන්ගේ විශ්වාසය වැඩි කිරීම සහ නිෂ්පාදන තාක්ෂණයන් වෙනුවෙන් ආයෝජනය කිරීමට සැපයුම්කරුවන් පෙළඹවීම උදෙසා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්රියාවලී වල ගුණාත්මක භාවය නිතිපතා විගණනය කිරීම හරහා රජයන්ට වෙළඳපොළ වර්ධනයට උපකාර කළ හැකිය.
තෙවනුව, (බටහිර ඕස්ට්‍රේලියාව වැනි) ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්තවල ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඉදිකිරීම් ද්‍රව්‍ය සඳහා වන පරීක්ෂණ නියාමන ක්‍රම, අමුද්‍රව්‍යවලට අදාළ වන නියාමන ක්‍රමවලට වඩා සංකීර්ණ වේ. වඩාත් සාධාරණ පිරිවිතරයන්() නියමකිරීමෙන් අනුකූලතාව රැකගැනීම සඳහා වන පිරිවැය අඩුකිරීමට සහ එමගින් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය භාවිතා කිරීමේ පිරිවැය අඩු කිරීමට ක්‍රියා කළ හැක.
The Conversation(November 22, 2021 ) හී පළවන How to make roads with recycled waste, and pave the way to a circular economy යන ලිපිය ඇසුරෙනි