දැඩි ලෙස විකෘති කොරෝන වෛරස ප්‍රභේදය ගැන විද්‍යාඥයින් දැඩි සෝදිසියෙන්
දකුණු අප්‍රිකාවේ වේගයෙන් ව්‍යාප්ත වන කොරොන වයිරස් ප්‍රභේදයක්, COVID එන්නත් වල ක්‍රියාකාරීත්වයට තර්ජනයක් වේද යන්න තීරණය කිරීමට පර්යේෂකයෝ යුහුසුළුවෙති.
—————————————————————————————————-
B.1.1.529 විචලකය (variant), ඔමික්‍රොන් (‘Omicron’) ලෙස නම් කෙරේ
ලෝක සෞඛය සංවිධානයේ SARS-CoV-2 වෛරස් පරිණාමය පිළිබඳ තාක්ෂණික උපදේශක කණ්ඩායම (Technical Advisory Group on SARS-CoV-2 Virus Evolution – TAG-VE) B.1.1.529 ප්‍රභේදය ඔමික්‍රොන් (‘Omicron’) ලෙස නම් කර ඇත.
TAG-VE හෙවත් ලෝක සෞඛය සංවිධානයේ SARS-CoV-2 වෛරස් පරිණාමය පිළිබඳ තාක්ෂණික උපදේශක කණ්ඩායම යනු SARS-CoV-2 හි පරිණාමය කාලානුරූපව නිරීක්ෂණයකරමින් ඇගයීමට ලක් කරන සහ විශේෂිත විකෘති මෙන්ම විකෘති එකතුවල හැසිරීම් වෙනස් කරන්නේ දැයි තක්සේරු කරන ස්වාධීන විශේෂඥ කණ්ඩායමකි. SARS-CoV-2 හි B.1.1.529 ප්‍රභේදය තක්සේරු කිරීම සඳහා TAG-VE, 2021 නොවැම්බර් 26 දින කැඳවන ලදුව, විචලකය (variant), ඔමික්‍රොන් (‘Omicron’) ලෙස නම් කෙරිණ.
B.1.1.529 ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් ලෝක සෞඛය සංවිධානය(WHO) වෙත වාර්තා වෙන්නේ 2021 නොවැම්බර් 24 දිනය. දකුණු අප්‍රිකාවේ වසංගත රෝග තත්ත්වය වාර්තා වූ අවස්ථා වලදී එය සංලක්ෂිත වූයේ එකිනෙකට වෙනස් උච්ච අවස්ථා තුනකිනි. නවතම ප්‍රභේදය වශයෙන් ප්රමුඛ වූයේ ඩෙල්ටා ප්‍රභේදයයි. මෑත සතිවලදී, B.1.1.529 ප්‍රභේදය හඳුනා ගැනීමත් සමඟ ආසාදන සීඝ්‍රව දැඩි වී ඇත. මුලින්ම දන්නා තහවුරු කරන ලද B.1.1.529 ආසාදනය, 2021 නොවැම්බර් 9 දින රැස්කරගන්නා ලද නිදර්ශකයකිනි.
—————————————————————————————————-

COVID-19 හට ගන්වන SARS-CoV-2 කිරීටක කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක ක්ෂණික ඉස්මතුවීම පිළිබඳව සොයා බැලීමට දකුණු අප්‍රිකාවේ පර්යේෂකයන් පිරිසක් කඩිනමින් ක්‍රියා කරමින් සිටිති. කලින් B.1.1.529 ලෙස නම් කර තිබූ මෙම නව ප්‍රභේදය ඩෙල්ටා ඇතුළු අනෙකුත් ප්රභේදවල දක්නට ලැබෙන විකෘති විශාල ප්‍රමාණයක් අඩංගුවන අතර එය දකුණු අප්‍රිකාව පුරා වේගයෙන් ව්‍යාප්ත වන බව පෙනේ.
මෙම ප්රයත්නයේ දී ප්‍රමුඛතාවය වන්නේ ව්‍යාප්ත වෙමින් පවතින විටදී ම නව ප්‍රභේදය වඩාත් සමීපව සොයා බැලීමයි. එය ප්‍රථම වරට බොට්ස්වානා හි මෙම මස මුලදී හඳුනාගනු ලැබුණු අතර එතැන් පටන් දකුණු අප්‍රිකාවේ සිට පැමිණෙන සංචාරකයෙකු සමග හොංකොං වෙත ද ළඟාවී ඇත. (දකුණු අප්ප්රිකාවේ සිට එක්සත් රාජධානිය වෙත ගිය සංචාරකයින් දෙදෙනෙකු ද, නව මාදිලියෙන් ආසාදනය වී ඇති බව 27දා එනම් ඊයේ වාර්තා කෙරිණ – සංස්කාරක) එන්නත් මගින් ඇතිකරවන ප්‍රතිශක්ති ප්‍රතිචාර මගහරවා ගත හැකිද යන්න සහ අනෙකුත් ප්‍රභේදවලට වඩා එය අඩු වැඩි වශයෙන් දරුණු රෝග ඇති කරයිද යන්න වැනි ප්‍රභේදයේ ගතිලක්ෂන තේරුම් ගැනීමට ද විද්‍යාඥයෝ උත්සාහ කරති.
එන්නත් කරන ලද පුද්ගලයින් නැවත ආසාදනය වීම සහ රෝගාඅතුර වීමේ සිද්ධීන් පිළිබඳ උපාඛ්‍යාන වාර්තා වෙතත්, “මේ අවස්ථාවේ කිසිවක් පැවසීමට තරම් තවම කල් මදියි”, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි Witwatersrand විශ්වවිද්‍යාලයේ වෛරස් විද්‍යාඥ පෙනී මුවර් පවසන්නීය. එන්නත්වලින් සහ පෙර ආසාදන වලින් ඇතිවන ප්‍රතිශක්තිය මග හැරීමට නව ප්‍රභේදයට ඇති හැකියාව සොයා බලමින් සිටිනු ලබන්නේ ඔහුගේ විද්‍යාගාරය මගිනුයි.
“මෙම ප්‍රභේදය ගැන අපට නොතේරෙන බොහෝ දේ ඇතැයි” දකුණු අප්‍රිකාවේ ඩර්බන් හි KwaZulu-Natal විශ්ව විද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු වන රිචඩ් ලෙසල්ස් දකුණු අප්‍රිකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදුව නොවැම්බර් 25 වන දින පැවති මාධ්‍ය හමුවකදී පැවසීය, “ප්‍රභේදයේ විකෘති ගැන තමයි අපේ දැඩි අවධානය. එසේ නමුත් දැන් අපි කරන්න ඕන, මෙම ප්‍රභේදයේ විශේෂත්වය සහ ගෝලීය වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ දී එය කුමණ ආකාරයේ බලපෑමක් කරාවිද යන්න තේරුම් ගැනීමට වැඩ කිරීමයි.”
නව මාදිලිය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීමේ විභවය මැනීමට පර්යේෂකයන්ට අවශ්‍ය වේ – මන්ද කීවොත්, සමහර විට අළුතෙන් ආසාදන රැළි අවුලුවාලීම හෝ ඩෙල්ටා ප්‍රභේදය මගින් මෙහෙයවනු ලැබීමෙන් දැනටමත් ඉහළ ගොස් ඇති ව්‍යාප්තිය තවත් උග්‍ර වීමට ඉඩ ඇත්දැයි සොයා බැලීමටය .

වෛරසයෙ ශූලයෙහි වෙනස්කම්
බොට්ස්වානාවල ජාන අනුක්‍රමික දත්ත වලින් පර්යේෂකයන් විසින් B.1.1.529 සොයා ගන්නා ලදී. ප්‍රභේදය කැපී පෙනුනේ එහි ස්පයික් ප්‍රෝටීනයේ(SARS-CoV-2 ප්‍රෝටීනයේ) වෙනස්කම් 30 කට වඩා අඩංගු වන බැවිනි – එනම් ධාරක සෛල හඳුනා ගන්නා වූ සහ ශරීරයේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරවල ප්‍රධාන ඉලක්කය වන්නාවූ SARS-CoV-2 ප්‍රෝටීනයයි. බොහෝ වෙනස්කම් ඩෙල්ටා සහ ඇල්ෆා වැනි ප්රභේදවල සොයාගෙන ඇති අතර, ඒවා ආසාදනය ඉහළ යාමට සහ ආසාදන අවහිර කිරීමේ ප්‍රතිදේහ මග හැරීමේ හැකියාව සමඟ සම්බන්ධ වේ.
එන්නත් වල සඵලතාවය
B.1.1.529 මගින් එල්ලවනු ලබන තර්ජනය තේරුම් ගැනීමට, පර්යේෂකයන් දකුණු අප්‍රිකාවේ සහ ඉන් ඔබ්බෙහි ව්‍යාප්තවීම සමීපව නිරීක්ෂණය කරනු ඇත. දකුණු අප්‍රිකාවේ පර්යේෂකයන් 2020 අගභාගයේදී එහි දි හඳුනා ගනු ලැබූ බීටා ප්‍රභේදය ඉක්මනින් අධ්‍යයනය කිරීමට ප්රයත්නයන් බලමුලු ගැන්වූ අතර B.1.1.529 අධ්‍යයනය කිරීමට ඒ හා සමාන උත්සාහයක් ආරම්භ වෙමින් පවතී.
ප්‍රතිශක්තිය මග හැරීම උදෙසා බීටා වේ හැකියාව පිළිබඳව ප්‍රථමයෙන් දත්ත ලබා දුන්නේ මුවර්ගේ කණ්ඩායමයි. එම කණ්ඩායම දැනටමත් B.1.1.529 සම්බන්දයෙන් ක්‍රියා කිරීම ආරම්භ කර ඇත. ආසාදන අවහිර කරන ප්‍රතිදේහ මග හැරීමට වෛරසයට ඇති හැකියාව මෙන්ම අනෙකුත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර පරීක්ෂා කිරීමට ඔවුහු සැලසුම් කරති. ප්‍රභේදය මගින් ප්‍රතිදේහ හඳුනා ගන්නා ලබන ස්පයික් ප්‍රෝටීන් කලාපවල (ඒවායේ ප්‍රබලතාව අඩු කරමින්) විකෘති විශාල සංඛ්‍යාවක් රැඳී ඇත. “අපි දන්නා විකෘති බොහොමයක් ගැටළු සහගත ය. එසේම තවත් බොහෝ ඒවා තවදුරටත් මග හැරීම්වලට දායක වන බවක් බව පෙනේ” යයි මුවර් පවසයි. B.1.1.529 මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ තවත් අංගයක් වන T සෛල මගින් ලබා දෙන ප්‍රතිශක්තිය මග හැරිය හැකි බවට පරිගණක ආකෘති නිර්මාණයෙන් ගෙන් ඉඟි පවා දැනටත් ලැබී ඇත, ඹූරෙ පවසයි. සති දෙකකින් සිය පර්යේෂණවල පළමු ප්‍රතිඵල ලබා ගැනීමට ඇගේ කණ්ඩායම බලාපොරොත්තු වේ.
“නව මාදිලියේ බොහෝ විකෘතීන් ඇති නිසා එය එන්නත් වල කාර්යක්ෂමතාව අඩු කරාවිද යන්න දැවෙන ප්‍රශ්නයක් වන්නේ යයි” එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛරස් පරිණාමය අධ්‍යයනය කරන Aris Katzourakis පවසන්නේය. “දකුණු අප්‍රිකාවේ දැනට භාවිත කරන Johnson & Johnson, Pfizer–BioNTech සහ Oxford–AstraZeneca යන එන්නත් වර්ග තුනෙන් එකක් ලබා ගත් පුද්ගලයින් අතර පෙරළිකාර ආසාදන වාර්තා වී ඇති බව මුවර් පෙන්වා දෙයි. පරික්ෂාවල දී ප්‍රභේදය සඳහා ධනාත්මක බව නිගමනය වූ හොංකොං හි නිරෝධායනයට ලක් වෙන සංචාරකයින් දෙදෙනෙකුට ෆයිසර් මාත්‍රා එන්නත් කර ඇති බව ප්රවෘත්ති වාර්තා වන අතර ඉන් (ඉහතින් ද දැක් වූ අන්දමට) එක් පුද්ගලයෙක් දකුණු අප්‍රිකාවේ සිට සංචාරය කළ අයෙකි; අනෙකා හෝටලයක නිරෝධායනය වෙද්දී ආසාදනය වී ඇත.
B.1.1.529, වෙනත් විචලකයන්(variants) මගින් නිපදවනවාට වඩා දරුණු හෝ මෘදු රෝග තත්ත්වයන් ඇති කරයිද යන්න ද දකුණු අප්‍රිකාවේ පර්යේෂකයන් විසින් අධ්‍යයනය කරනු ඇත, “ඇත්ත වශයෙන්ම ප්‍රධානතම ප්රශ්නය මතුවන්නේ රෝගයේ බරපතලකම වටා ය.” ලෙසල්ස් පවසයි.
මෙතෙක් නම්, B.1.1.529 හි තර්ජනය දකුණු අප්‍රිකාවෙන් ඔබ්බටත් එල්ල වේ දයි යන්න පැහැදිලි නැති බව පර්යේෂකයෝ පවසති. දකුණු අප්‍රිකාවේ දැනට ඡ්OVIඪ්-19 රෝගීන් අඩු සංඛ්‍යාවක් ඇති බැවින්, නව ප්‍රභේදය ඩෙල්ටාවට වඩා සම්ප්‍රේෂණ හැකියාවකින් යුක්ත දැයි යන්න ද පැහැදිලි නැති බව මුවර් පවසයි. Katzourakis කියා සිටින්නේ ඩෙල්ටා ප්‍රභේදය බහුලව පවතින රටවල් B.1.1.529 ගැන විමසිල්ලෙන් සිටිය යුතු බවයි. “මෙම වෛරස ප්‍රභේදයෙහි ව්‍යාප්තිය වැඩි වේද යන්න අප සොයා බැලිය යුතුය” ඔහු කියයි.
ලෝක සෞඛය සංවිධානය(WHO) වෙබ් අඩවිය සහ Nature හි පළවී ඇති Heavily mutated coronavirus variant puts scientists on alert යන ලිපිය අසුරෙනි