එකිනෙකා වැළඳ ගැනීමේ, විද්‍යාවට අනුකූළ විලාශය 

Posted by

 එකිනෙකා වැළඳ ගැනීමේ, විද්‍යාවට අනුකූළ විලාශය 

වැළඳ ගැනීම බටහිර සංස්කෘතියේ ප්‍රකට කොටසකි. වැළඳ ගැනීම් චිත්තවේගී සමීපත්වය  පෙන්වනවාපමණක් නොව අපගේ මානසික හා ශාරීරික සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට උපකාරී වන බව ද පෙණී ගොස් ඇත. කෙසේ නමුත් වැළඳ ගැනීම්  බැලූ බැල්මට පෙනෙන තරම් සරල කටයුත්තක් වන්නේ ද නැත. වැළඳ ගැනීමේ දී ඔබේ අත් යොමු කළ යුත්තේ කෙසේ ද? වැළඳ ගැන සිට්නා කාලය හරියා කාරව තීන්දු කරන්නේ කොහොමද? ඒත් ඉතින් කිසිවකට බිය නොවන්න. මන්ද,  විද්‍යාව ඔබේ පිහිටට එනු ඇත.

This is How Long a Hug Should Last, According to Scientists

වැළඳ ගැනීමක් කරන විට එක් අයෙකු අනෙකෙකුට වඩා සමත් කමක් දක්වන්නේ මන්දැයි  දැයි සොයා ගැනීමට පර්යේෂකයෝ කොටස් දෙකකින් සමන්විත  අධ්‍යයනයක් සිදු කළහ.  අත්හදා බැලීමේ පළමු භාගයේදී, කණ්ඩායම  කාන්තා විද්‍යාල ශිෂ්‍යාවන් 45 දෙනෙකු එක් කොට වරකට එක් අයෙකු බැගින් රෙදි කඩකින්  ඇස්  වසා බැඳ අධ්‍යනය පටන් ගත්හ. අනතුරුව කාන්තා පර්යේෂිකාවක් කාමරයට ඇතුළු වී තත්පර 1, 5, හෝ 10 ක් වශයෙන් ස්වේච්ඡාදායක ශිෂ්‍යාවක්  වැළඳ ගත්තාය.

මෙලෙස සෑම වැළඳ ගැනීමක්ම සිදු කළේ දෙයාකාරයකින් එක් ආකාරයකටය.

සෑම වැළඳගැනීමක්ම ක්‍රම දෙකෙන් එකකට අනුකූලව සිදු කෙරිණ. පළමු ආකාරය, “කතිර” විලාසයයි’ මෙහි දී සෑම වැළඳගන්නෙකු ම තම සහකරුගේ උරහිසට උඩින් එක් අතක් ද අනෙක් අත තම සහකරුගේ අත යට ද තබයි. දෙවන ආකාරයේ දී, “බෙල්ල සහ ඉණ” විලාසය ලෙස හඳුන්වනු ලබන අතර, පර්යේෂකයා අත් දෙකම සහභාගිවන්නන්ගේ අත් යට තබන්නේය. සමස්තයක් වශයෙන්, සෑම සහභාගිවන්නෙකුටම වැළඳගැනීම් හයකට එක්වන්නට ලැබුණි.

(පෞද්ගලික, රහස්‍ය ආකාරයේ සංස්කෘතික සම්ප්‍රදායක් හැදෑරීමට හොඳම ක්‍රමය විද්‍යාගාර පරිසරයක් තුළ යයි සැලකීම අපහසුවුණත, බලාපොරොත්තුව වූයේ වැළඳගන්නීමකට ගතවන කාලසීමාව සහ වැළඳගැනීමේ විලාසය හැකිතාක් පාලනය කළ හැකි ආකාරයෙන් සංසන්දනය කිරීමයි. ප්‍රශස්ත අධ්‍යයනයකට  නම් පිරිමින් සහ කාන්තාවන් යන දෙකොට්ඨාශයම ඇතුළත් වීම වැදගත්ය. එසේනමුත් ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ගෝල්ඩ්ස්මිත්ස් හි මනෝ විද්‍යාඥවරියක් සහ අධ්‍යයනයේ ප්‍රථම  කතුවරිය වන ඇනා ඩියුරන් පවසන්නේ පසු විපරම් අධ්‍යයනවල  දී ඇය සහ ඇගේ සගයන්   එම දත්ත රැස් කිරීමට අදහස් කරගෙන සිටි නමුත් ඊටපෙර COVID-19 වසංගතය ආරම්භ වූ බවයි.)

Want to give the perfect hug? Squeeze tight and hold for 10 seconds
Crisscross

වැලඳගැනීම්වලින් අඩුම් සොම්නසක් ලද කාලසීමාව ලෙස  ස්වේච්ඡා දායකයන් නිරන්තරයෙන් දැක්වූයේ තත්පර 1 ට වඩා අඩු (වැලඳගැනීමේ)කාලයකි. 1 සිට 100 දක්වා සොම්නස හෙවත් සුඛය(pleasure) දක්වන  පරිමාණයක  තත්පර එකක වැළඳගැනීම් සාමාන්‍ය 50 තරම් අඩුගණන්වල විය; තත්පර 5- සහ 10-ගතවන වැළඳගැනීම් පරිමාණයේ 60 ගණන්වල ඉහළ අගයක් ලබා ගත් අතර, දිගු කාලසීමා දෙක අතර සැලකිය යුතු වෙනසක් දක්නට නොලැබුණි. සියලුම කාල සීමාවන් සම්බන්ධයෙන් ගත්තත් වැළඳගැනීමේ විලාසය ප්‍රතිඵල කෙරෙහි කිසිදු වෙනසක් දැක්වූයේ නැතැයි පර්යේෂක කණ්ඩායම මේ මාසයේ  Acta Psychologica සඟරාවෙහි වාර්තා කරයි.

ආගන්තුකයෙකු වැළඳ ගැනීමේ දි තත්පර 10ක කාලයක් ගතවීම කෙනෙකු අපහසුතාවයට පත් වන ආකාරයේ දිගු කාලයක් යයි හෙළිවීම තම කණ්ඩායම  පුදුමයට පත් කරන්නක් වූ බව ඩියුරන් පවසයි. කෙසේවෙතත්, ඇය සිතන්නේ  ඇස් බැඳ සිටින විට ආගන්තුකයෙකුගෙන් වැළඳ ගැනීම් ලබා ගැනීමට ස්වේච්ඡාදායකයන් ක්‍රමයෙන්  හුරු වූ විට, සමහර විට මේ අපහසුතාව නැතිනම්  අමුතුකම පහව යන්නට ඇත යනුවෙනි.

වැළඳ ගැනීමෙන් තත්පර 10 කට පසු කුමක් සිදුවේද? වැළඳ ගැනීම වඩ වඩාත් ප්‍රියජනකවේ ද? නැත්නම් එය අමුතු දෙයක් බවට පත්වේ ද? “වැළඳ ගැනීමේ කාලය තව තවත් දිගු කරන තත්ත්වයන් ගැනත් අධ්‍යයනයේ දී සොයා බලා තිබුණා නම් හොඳ යයි මට හිතෙනවා ” යනුවෙන් මෙම පර්යේෂණයට සම්බන්ධ නොවූ, එහෙත් වැළඳගැනීම් ශරීරය සහ මොළය මත  ඇති කරන බලපෑම් ගැන  අධ්‍යයනයේ යෙදෙන Ruhr-University Bochum හි ජීව මනෝවිද්‍යාඥයෙකු වන ජූලියන් පැක්හයිසර් පවසයි. .

අධ්‍යයනයෙන් අවධානය යොමු නොකළ තවත් සාධකයක් වන්නේ (වැළඳගැනීමක දී සිරුරට දැනෙන) තෙරපීම හෙවත් පීඩනයයි. වැළඳගැනීමක දී කෙනෙකු කෙතරම් තදින් හෝ මෘදු ලෙස තෙරපීමක් කළ යුතුද?  වැළඳගැනීම සිදු කරන දෙදෙනාගේ සම්බන්ධතාවයේ සමීපභාවය හෝ ඇඟලුම්කම, වැදගත් භූමිකාවක් ඉටු කරන බවට පැක්හයිසර්  සැක කරයි. “එය(වැළඳගැනීම) ආදරබරව සිදු කරන  දෙයක් නම්, පීඩනය නැතිනම් තෙරපීම හදිසියේ අනියම් ලෙස කරන වැළඳගැනීමකදීට වඩා බොහෝ වැඩි විය හැකිය”යි ඔහු පවසයි.

අත්හදා බැලීමේ දෙවන අදියර සැබෑ ලෝකයේ සිදු විය. පර්යේෂකයෝ,   සරසවි බිමෙහි සමීපව හැසිරෙන සිසුන් ජෝඩු 100 ක් වැළඳ ගැනීම් ප්‍රසිද්ධියේ සිදු කිරීම සඳහා  බඳවා ගත්හ. මෙම සිය දෙනාගේ  ස්ත්‍රී පුරුෂ භාවය, උස සහ තම තමන් කෙතරම් චිත්තවේගීය ලෙස සමීප වී ඇත්ද යන්න පිළිබඳ එම ජෝඩුවල තක්සේරුව පිළිබඳ දත්ත කණ්ඩායම විසින් රැස් කරගනු ලැබීය.

The Best Way to Hug Someone, According to Science | The Swaddle

වැළඳ ගන්නා ආකාරය පිළිබඳව සිසුන් පෙළඹවනු නොලැබුව ද, පර්යේෂකයන්ට පෙණී ගියේ ‘කතිර වැළඳගැනීමේ’  විලාසිතාව වඩාත් සුලභ බවයි.  වැළඳගැනීම් 100 න් 66 ක්ම කතිර ආකාරයේ විය. කතිර වැළඳගැනීම සඳහා වූ මනාපය පිරිමි-පිරිමි යුගල අතර විශේෂයෙන් ප්‍රචලිත වූ අතර නිරීක්ෂණය කළ ජෝඩු28 න්  කතිර විලාසිතාව ‍තෝරා ගත් 82% ක් පිරිමි-පිරිමි යුගලය. වැළඳගැනීමේ විලාසය කෙරෙහි චිත්තවේගීය සමීපත්වය හෝ උස සැලකිය යුතු බලපෑමක් ඇති කළේ නැත; කෙසේ වෙතත්, පර්යේෂකයන් සඳහන් කරන්නේ බොහෝ සහභාගිවන්නන්  සාපේක්ෂ වශයෙන් උසින් එක හා සමාන බවක් දැක්වුණු බවයි.  උස වඩා දැඩි ලෙස වෙනස් වන්නේ නම්  ‘බෙල්ල සහ ඉණ’ වඩාත් සුලභ විලාසිතාව විය හැකි බව ඔවුහු අනුමාන කරති.

පැක්හයිසර් වැඩියෙන් අගය කරයන්නේ මෙම අධ්‍යයනයේ දෙවන අදියරයි : “එය(අධ්‍යනය) සැබෑ ජීවිතයේදී සප්‍රමාණ  කිරීම ඇත්තටම හොඳ දෙයක්.”

කතිර වැළඳගැනීම් සඳහා පිරිමි-පිරිමි යුගල අතර මනාපය වැඩිවීම  විශේෂයෙන් අවධානය දිනා ගන්නා කාරණාවක් වූ බව ඩියුරන් පවසයි. මන්ද යත්,  මෙම වැළඳගැනීමේ විලාසය ගැන මිනිසුන්ට වඩා සමානාත්මතා හැඟීමක් තිබුණු බවක් මීට පෙර සිදු කල පර්යේෂණවලින් පෙන්නුම් කර ඇති බැවිනි.  ආල අරුමැසිවාදී  යටිපෙළක් එකතු නොකරම කතිර වැළඳගැනීම් මගින් සමීප බව ප්‍රකාශ කරනු ලැබිය හැකි බව ඇය පවසයි.

තමන් වැළඳ ගන්නා සහකරුට හෝ නරඹන්නන්ට හෝ  රොමෑන්තික සංඥාවක් ලබා දීම සම්බන්ධයෙන් පිරිමින් වඩාත් සැලකිලිමත් වීම,  කතිර වැළඳගැනීම් විලාසිතාවේ ජනප්‍රියතාවයට යම් සම්බන්ධයක් තිබිය හැකි යැයි ඇය සිතන බව ඩියුරන් පවසයි. ” මේ දෙවන අධ්‍යනය කරන විට, අපි මිනිසුන් එක්ක කතා බහ කළා” කියා ඇය තවදුරටත් පවසයි,  “ඔවුන් බොහෝ විට පවසන්නේ ‘ඔව් ඔව්, බෙල්ල-ඉණ විලාසිතාව  ළෙන්ගතු බව ටිකක් වැඩියෙන්  දනවනවා තමා’ කියායි.”

සමස්තයක් වශයෙන්, අධ්‍යනයේ ප්‍රතිඵලවලින් ඇඟවෙන්නේ ආරක්ෂිතම,  එමෙන්ම බොහෝ විට වඩාත් ප්‍රසන්නතම වැළඳ ගැනීම යනු තත්පර 5 සිට 10 දක්වා කාලයක් තුළ දෑත් කතිර ආකාරයෙන් තබා කරන වැළඳ ගැනීම බවයි.

AAAS Science හී පළවන  How to hug, according to science You’re probably going to want to use your arms යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.