රොබෝට විද්‍යාඥයන් පුදුම කරවන ඇත් හොඬේ සෙල්ලම්

Posted by

රොබෝට විද්‍යාඥයන් පුදුම කරවන ඇත් හොඬේ සෙල්ලම්

ඇතුන්, සිය සරල ක්රියා සංකීර්ණ් චලිතයන් බවට පත් කරණ ආකාරය රොබෝට විද්යාඥයන් විසින් අධ්යනය කරනු ලබන්නේ අනාගතයේ රොබෝට විද්යාවේ වර්ධනයට රුකුලක් වනු පිණිසය

අලි ඇත්තු, විශාල කොටයක් ඔසවද්දී මෙන්ම  තනි පත්‍රයක් පරෙස්සමින් අල්ලා ගනිද්දී ඔවුන්ගේ බලගතු හොඬවැල් නිරවද්‍යතාවයෙන් සහ සංකීර්ණතාවයෙන් යුතුව එහා මෙහා කරති. කෙසේවෙතත්, මේ ආකාරයට ක්‍රියා කිරීමට හොඬවැලට හැකිවන්නේ කෙසේදැයි හරියාකාරව පැහැදිලි කිරීමට පර්යේෂකයෝ දිගටම දැඩි වෙහෙසක් ගණිමින් සිටිති. Current Biology  හි පළකෙරුණු නවතම පර්යේෂණ වාර්තාවකින් මේ ගැටළුවට අර්ධ වශයෙන් පිළිතුරක් හෙළි කර ගැනීමට සමත්ව ඇත්තේ චලන-හසු කරගැනීමේ තාක්ෂණය යොදා ගනිමිණි. මේ තාක්ෂණය සාමාන්‍යයෙන් භාවිත කෙරෙන්නේ චිත්‍රපට තැනීමටය.

How an elephant uses its trunk » any

“මේ පුදුමාකාර අවයව අලින් අතරේ පරිණාමය වී ඇත්තේ භාවිතයේ දී අපරිමිත ප්‍රමණයක නිදහසකින් ඒවා චලනය කිරීමට හැකිවෙන ආකාරයෙන්” යයි මෙම අධ්‍යනයේ ප්‍රධාන න්කතෲ, ජිනීවා විශ්වවිද්‍යලයේ ජීව විද්‍යාඥ මිෂෙල් මිලින්කොවිච් කියා සිටියි. අලිඇතුන් මේ ආකාරයට ‘චලන නිදහස’  භුක්ති විඳින ආකාරය අධ්‍යනය කිරීම සඳහා ඔහු සිය කණ්ඩායම කැ‍ටුව දකුණු අප්‍රිකාවේ අලිඇතුන් සඳහා වෙන්කෙරුණු රක්ෂිතයක් වෙත ගියේය. පර්යේෂකයෝ ඇතුන් දෙදෙනකුගේ හොඬ වැල්වල ප්‍රති-ප්‍රත්‍යවේක්ෂක(retroreflective) සලකුණු යොදා සතුන් දෙදෙනා ඉදිරියේ නොයෙකුත් විවිධ දේවල් දැමූහ. අනතුරුව අතුන් දෙදෙනා එම  දේවල් එහා මෙහා කරණු ඔවුහු අර්ධ කවාකාර ආකාරයට තබා ගත් අධෝරක්ත කැමරා ආශ්‍රයෙන් ත්‍රිමාන අවකාශයක් තුළ  සලකුණු චලනය වන ආකාරය රූ ගත කළහ. චිත්‍රපට නළු නිළියන්ගේ චලන පරිගණක ජනිත(computer generated) චරිතයන්ට අනුරූපණය කරණු පිණිස යොදාගන්නේ මෙම තාක්ෂණයයි.

ඇතෙකුගේ ශුණ්ඩාව හෙවත් හොඬ, මානවයන්ගේ දිව මෙන්, පේශීය ද්‍රවස්ථිතියකි: ඒ කියන්නේ ඊට අස්ථි නොමැති අතර නොයෙකුත් විවිධ ආකාරයෙන් එහා මෙහා කළ හැක.  නව අධ්‍යනය පෙන්නුම් කරන්නේ ඇතුන් සංකීර්ණ චලනයන් සිදු කරණු වස්, සුරුණ්ඩිකිරීම(curling), ඇඹරීම(twisting) සහ හොඬ වැලෙහි දික්ගැස්සීම(elongating) වැනි සරල ක්‍රියා එකට ගලපාගන්නා බවයි. එපමණක් ද නොව මේ සත්තු, හොඬ වැලෙහි අනම්‍ය හෙවත් දැඩි කොටස් විස්ථාපනය කිරීමට හැකි වන පරිදි ව්‍යාජ පුරුක් නැතිනම් සන්ධි බවට පත් කර ගනිති.

Awesome Elephant | Elephant, Elephant sanctuary, Elephant pictures

” අලි ඇතුන්ගේ හොඬෙහි මෙම සරල විධාන කුමක් විය හැකි ද යන්න ගැන ඉඟියකපට ලැබුණු ප්‍රථම අවස්ථාව මේක තමයි” චැපල් හිල් හි උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥ විලියම් කියර් පවසයි. හොඬ, ජීහ්වය හෙවත් දිව සහ ග්‍රාහිකා චලනය ගැන අධ්‍යනයේ යෙදෙන කියර් මෙම අධ්‍යනයට සම්බන්ධ වූවෙක් නොවේ. ” මම හිතන්නේ මේක වැදගත් ඉදිරි ගමනක්” හෙතෙම කියා සිටියි.

“ඇතෙකුගේ 40,000ක් වන හොඬවැල් මාංශ පේෂී සමෝධානයෙන් යුතුව එකට එක්ව ක්‍රියා කරන්නේ කෙසේද යන ආකාරය විමර්ශනය කෙරෙන මෙම අධ්‍යයනය නව, බහු නිපුණ රොබෝවරු වැඩි දියුණු කිරීමෙහි ලා අතිශය ප්‍රයෝජනවත් වනු ඇත”යි සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ රොබෝට විද්‍යාඥ සිසිලියා ලැස්චි කියා සිටියි, “රොබෝට විද්‍යාව ගත් විට මෙය සිහිනයක්(සැබෑවීමක්) බඳුය.”

මෙම පර්යේෂණයේ දත්ත උපයෝගී කර ගනිමින් පිසා නුවර ඉංජිනේරුවන් කණ්ඩායමක්, මාස 18ක කාලයක් ඇතුළත හොඬවැල් ආකාර රොබෝට මුලාකෘතියක් නිපදවීමට අපේක්ෂා කරයි.

ඇතුන් විසින් භාවිත කරණු ලබන (වස්තුවල චලන අධ්‍යනය කරන) ප්‍රගති විද්‍යාත්මක ක්‍රමවේද හයක්

Scientific American(December 2021)  හී පළවන Trunk tricks යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.