ඔමික්‍රොන් තර්ජනය: විද්‍යාඥයන් දන්නා දේ සහ නොදන්නා දේ
ලෝක සෞඛ්‍ය සංවිධානය ඔමික්‍රොන් ලෙස නම් කර ඇති හි නව විචලකය ගැන පොදු මහජානතාවට තොරතුරු ගලා එන්නේ ජන මාධ්‍ය හාරහා යි. එම තොරතුරු සාමාන්‍ය පුද්ගලයන් තුළ ඇති කරන්නේ බියක් හා අවිශ්වාසයක්. නව විචලකය ගැන පර්යේෂණවල යෙදෙන විද්‍යාඥයන්හට නිගමනවලට එළඹෙන්නට තවම සාක්ෂි ප්‍රමානවත්ව ලැබී නැතත් මාධ්‍ය තොරතුරු පදනම් කරගෙන නොයෙකුත් කට කතා, දූෂමාන ආරංචි ආදිය සමාජයේ පැතිර යමින් පවතින බව රහසක් නොවෙයි. ඒ වෙනුවට් විදු ඇසින් මේ දෙස බලන ආකාරය ගෙන හැර දැක් වීමට අද thathu.com ලිපිය කැපවෙයි.

වෛරසයක් පරිණාමය වෙන්නේ කෙසේදැයි පුරෝකථනය කිරීම ‘පිස්සු වැඩක්’ බව වෛරස විද්‍යාඥයන්ගෙන් අසුවොත් ඔබට කියාවි. ඒත් වෛරස අනිවාර්යෙන්ම පරිණාමය වන බව නම් ස්ථිරවම පුරෝකථනය කරන්නට පුළුවනි.
Covid-19 හට ගන්වන SARS-CoV-2 වෛරසයද මෙලස පරිණාමය වේ. චීනයේ, වූහාන් වලින් දින කිහිපයකට පෙර ලබාගත් සාම්පලයකින් අනුක්‍රමණය කරන ලදුව, එහි ජෙනෝමයේ ප්‍රථම පිටපත 2020 ජනවාරි 10 වෙනිදා පළකිරීමෙන් පසුව SARS-CoV-2 ජෙනෝම මිලියන 5ක් GISAID කියන දත්ත සමුදායට එක්වී තිබෙනවා. ඒවා ක්ලේඩ්(clades), ඒ කියන්නේ, මුල් අනුක්‍රමයෙන් සහ අනෙකුත් සියල්ලෙන් අඩුම තරමින් එක් විශේෂ යමකින් වෙනස්වන සුවිශේෂී ආදිතමයෙක් සහිත කණ්ඩායම් 23කට සකස් කරලා තියෙනවා.

මේ සෑම ක්ලේඩයකටම අනෙකුත් ස්වරූපයන් හෙවත් අනුවාදයන් තරඟයෙන් ඉවත් කිරීමට අවස්ථාව ලැබුණත් ඒ සියල්ලම පාහේ අසාර්ථක වී තිබෙනවා. විකෘතීන් බොහොමයක්ම ඒ තරම් වෙනසක් ඇති කරන්නේ නැහැ. එහෙම කිව්වාට හැබැයි, සමහරක් ඒවා වෙනසක් ඇති කරන්න සමත් වෙනවා. ඔව්, අති විශාලව සමත් වෙනවා. ජෙනෝමීය භාෂිතයෙන් ගත් කළ, ඔමික්‍රොන් අද වෙනතුරු දැක ඇති අනෙකුත් සියළු විචලකයන්ට වඩා විශාල වශයෙන් වෙනස් වෙන බවයි විද්‍යාඥයන් කියන්නේ. එහි වෙනස්කම්වල ස්වභාවය ගත් කල සෛදාන්තිකව හැඟවෙන්නේ ඊට, එහි අනෙකුත් සහෝදර විකෘතීන්ට වඩා මිනිස් සෛල තුලට වදීමේ හොඳ අවස්ථාවක් තියෙනවා යන්නයි. ඒ වාගේම පෙර ආසාදනයකින් හෝ එන්නත්කරණයෙන් අත්පත් කර ගත් ප්‍රතිදේහ වලින් සැඟව, ගැලැවී ගැනීමේ හැකියාව ද වැඩිවෙන්න පුළුවන්. මේ ගති ලක්ෂණ දෙකම නැතිනම් වාසිදායක තත්ත්වයන් දෙකම එක්ව ගත් විට, එවැනි විචලකයක්(variant) “අතිශය භයානක දෙයක්” වීමට ඉඩ ඇතැයි වෛරස විද්‍යාඥයන් බොහෝ කලක සිට අදහස් කරන බව Moderna සමගමේ සම ආදීකතෲ, Naoubar Afeyan සඳහන් කරනවා. SARS-CoV-2 වෛරසයට එරෙහිව mRNA එන්නත් තනන සමාගමකි Moderna සමගම. “ඔමික්‍රොන් හරියටම වෛරස විද්‍යාඥයන් ඒ අදහස් කළ දෙයම තමයි” යනුවෙන් Afeyan කියයි. එහි විකෘතීන් සහ පෙණීයන පරිදි සීඝ්‍ර පැත්‍රීම එක්ව ගත් කල මවෙන්නේ භයානක විභවයක් සහිත දෙයක්.

ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඔමික්‍රොන්, “සැලකිල්ල දනව විචලකයක්”(“variant of concern” – VOC) ලෙස නම් කළා. ඔමික්‍රොන්, එලෙස සලකුණු කෙරුණු SARS-CoV-2 හි පස්වැනි අනුවාදයයි. ප්‍රවෘත්තිය සැලවීමත් සමගම ලොව පුරා කොටස් වෙලඳ පොළ සීද්‍රයෙන් පහත වැටුණා. ගුවන් සමාගම්, හෝටල් දාම වැනි කොවිඩ් සීමා කිරීම්වලට සංවේදී සමාගම වලට බලවත් ලෙස පහර වැදුණා. අවිනිශ්චිතතා අනූන කාලවකවානු වල දී ආරක්ෂාදායක් කෙම්බිමක් වන ඩොලරය ශක්තිමත් වුණා. එහෙම වුණාට මේ සියල්ල කොරෝනා ගෝලීය වස්ංගත ආරම්භයේ ලොව පුරා ඇති කළ තිගැස්මට, කම්පනයට අහළකටවත් වෙන්න නව විචලකය සම්ත් වී නැහැ.
අසාදනයේ ක්ෂණික ඉපිලුම් ලොවපුරා ඇති කිරීමේ අවදානමක් නව විචලකය මගින් ඇති වන්නට පුළුවන් යයී WHO අනතුරු හඟවා ඇත. එහෙම වුනත් එවැනි ක්ෂණික ඉපිලුමක් තවමත් දක්නට ඇත්තේ දකුණු අප්‍රිකාවේ පමණකි. බාගදා එය ඔය ආකාරයෙන්ම පවතින්නත් පුළුවන්. එවැනි ක්ෂණික ඉපිලුමකට බලපාන වෙනත් හේතු තියෙන්නත් පුළුවන්. ඒ වගේම, ඔය අවස්ථාවේ වෛරසයේ ඕනෑම විචලකයක් පැතිරෙන්නත් ඉඩ තිබුනා විය හැකියි. විය හැකි තව දෙයක් තමයි, දකුණු අප්‍රිකාව තුළ විචලකයට වාසිදායක යම් සාධකයක් අනෙකුත් ස්ථාන වල නොතිබෙන්නට ද පුළුවන් වීම. මීට පූර්වාදර්ශයකුත් තියනවා. 2020 අවසානයේ දකුණු අප්‍රිකාවේ බීටා මාදිලියේ මහ රැල්ලක් ආවත් එය කිසි අවස්ථවකවත් අනෙකුත් ප්‍රදේශවල තහවුරු වුණේ නැහැ. ඇල්ෆා ප්‍රභේදය යුරෝපය පුරා පැතිර ගියත්, එය කිසි දිනක දකුණු අප්‍රිකාවේ පැළපදියම් වුණේ නැහැ.

විචලකයක් එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශකයකට පැතිරීම, එවායේ පරිමාණය සේම විශාල වශයෙන් පරිසරය පාදක කර ගත්තක් ලෙසයි සැලකෙන්නේ. SARS-CoV-2 වෛරසය සඳහා පරිසස්‍රයේ වැදගත් කොටසක් වන්නේ ප්‍රතිශක්ති පද්ධතියයි. හැබැයි ඉතින් ප්‍රතිශක්ති පද්ධති ලොව පුරා විවිධයි; එකිනෙකට වෙනස් විය හැකියි. විවිධ ජාන, ප්‍රදේශයකටම ආවේණික වූ ආසාදන, (ප්‍රදේශයක) පොදු සෞඛ්‍යය මට්ටම, ක්ෂුද්‍රබියෝම හෙවත් ජෛව දර්ශ සහ තවත් දේ එක්ව එක් විචලකයක් තවත් විචලකයක් විස්ථාපනය කරන්නේ කෙසේද යන්න තවමත් අපැහැදිලි ක්ෂේත්‍රයක්.
කෙසේවෙතත්, සෑම සියලු විචලකයන් එක් තැනකට නැතිනම් ප්‍රදේශයකට සීමාවී පවතින්නේ නැහැ. දළවශයෙන් මෙයට වසරකට පමන පෙර ඉන්දියාවෙන් සොයා ගනු ලැබූ ඩෙල්ටා ප්‍රභේදය, අනෙකුත් සියලු මාදිලි අභිභවා ප්‍රමුඛ මාදිලිය බවට පත්වෙමින් ලොව පුරා පැතිර ගියේ කොවිඩ් නව රැළි යලියලිත් නංවමිනි. ඔමික්‍රොන්, ඩෙල්ටාව පරදවන්නට ඉඩ තිබිය හැකියි. ඒ එහි ආවේණික සම්ප්‍රේෂණ හැකියාවේ වැඩි කම හෝ කලින් කෙනෙකු තුල ඇතිවී තිබූ ප්‍රතිශක්තිය අභිභවා යාමට දක්ෂවීම නිසාවෙන් හෝ ඒ කාරණා දෙකම නිසාවෙන් වන්නට පුළුවන. බොහෝ රටවල් කලින් නොතිබූ කඩිනමකින් දැඩි සීමා හා තහංචි පනවමින් ප්‍රතිචාර දැක්වුව ද, ඔමික්‍රොන් රටවල් 40කට ආසන්නව පැතිර ගොස් අවසන්ය. ඩෙල්ටාව විස්ථාපනය කිරීමට ඔමික්‍රොන් මාදිලියට හැකියාව ඇත්නම් දැනටමත් එය ඊට යෝග්‍ය තත්ත්වයක පසුවෙනවා.
ඉදිරි දින හෝ සති කිහිපය ඇතුලත ඔමික්‍රොන් එහි සැබෑ ස්වරූපය එළි දක්වනු ඇති. බාගදා එය අතිශය භයානක වන්නට ද පුළුවන. එහෙත්, වූහාන් හි ජනතාවට අමුතු රෝගයක් හටගත් බව දැනගෙන ගත වූ වසර දෙක ඇතුලත ඊට වගකිව යුතු SARS-CoV-2 ගැන විද්‍යාඥයන් බොහෝ දේ දැන උගෙන ඇත. ඔමික්‍රොන් සම්බqන්ධයෙන් සළකන විට එය අස්වැසිල්ලකි.
වර්තමානයේදී, ඔමික්‍රොන් වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා WHO ලොව පුරා පර්යේෂකයන් විශාල සංඛ්යාවක් සමඟ සම්බන්ධීකරණය කටයුතු කරමින් ඉන්නවා. දැනට සිදුවෙමින් පවතින හෝ නුදුරේදීම සිදුකෙරෙන අධ්‍යයනවලට නව විචලකයේ සම්ප්‍රේෂණ හැකියාව, ආසාදනවල බරපතලකම (රෝග ලක්ෂණ ඇතුළුව), එන්නත්වල ක්‍රියාකාරීත්වය සහ රෝග විනිශ්චය පරීක්ෂණ සහ ප්‍රතිකාරවල සඵලතාවය පිළිබඳ තක්සේරු කිරීම් ඇතුළත් වනු නිසැකයි. ආසාදිතයන් හා රෝහල ගතවූවන් සම්බන්දව දත්ත එකතු කිරීම හා බෙදාහදා ගැනීමේ දී දායකත්වය ලබා දෙන ලැසට් WHO රටවල් උන්නදු කරනවා. දත්ත ලබා ගත හැකි වන විට ඔමික්‍රොන් හි විකෘති කිරීම් වෛරසයේ හැසිරීම වෙනස් කරන්නේ කෙසේදැයි තක්සේරු කර ඒවා නිරීක්ෂණය කිරීම සහ ඇගයීම දිගටම කරගෙන යාමට අවස්ථාව සැලසෙයි. එවිට ඔමික්‍රොන් හි හැසිරීම හා පැතිරීම ගැන වඩා හොඳ අවබෝදයක් අපට ලබාගන්න පුළුවනි.
The New York times, The Economist, WHO, ඇතුළු වෙබ් අඩවි ඇසුරෙන් සැකසිණ