සූර්යග්‍රහණ දැකගන්නට පුළුවන් අපේ ග්‍රහ ලෝකයේ විතරක් ද?

Posted by

සූර්යග්රහණ දැකගන්නට පුළුවන් අපේ ග්රහ ලෝකයේ විතරක් ?

මේ පෘථිවිය තුළ කොයිබ සිටියත් පූර්න හෝ අර්ධ සූර්යග්‍රහණ(ඔව්, චන්ද්‍රග්‍රහණ පවා) අපූරු සිදුවීම් ලෙස සැලකීමට වර්තමානයේ සිටින අප පුරුදුවෙලා සිටිනවා. අතීතයේ නම් මේ ග්‍රහන ඇතිකළේ බියක්. ඊට හේතුව, විශ්වය තබා අපේ සෞර ග්‍රහ මණ්ඩලය ගැනවත් බොහෝ දෙනෙකුට නිසියාකාර අවබෝධයක් නොතිබීමයි. රාහු, සූර්යයා ගිල ගැනීම නිසාවෙන් සූර්යග්‍රහණ සිදුවෙතැයි සමහරු කල්පනා කරා. පෘථිවිය වටා ගමන් කරන චන්ද්‍රායා, සූර්යයා සහ අපේ ග්‍රහ ලෝකය අතරට පැමිණි විට මේ ග්‍රහණ සිදුවන බව අද අපි දන්නවා. ඒත් මේ ග්ර්හන සිදුවෙන්නේ අපේ ග්‍රහලෝකය ආශ්‍රිතව පමනක් ද?  ඊට පිළිතුරු මෙන්ම ග්‍රහණ ගැන පැහැදිලිකිරීමක් මේ ලිපියෙන් සිදු කෙරෙනවා.

Do other planets have solar eclipses? - YouTube

මාතෘකාවෙන් අහපු ප්‍රශ්නයට උත්තර දෙනවා නම් කියන්න තියෙන්නේ ‘නැහැ’ කියලායි. පුර්ර්න සූර්යග්‍රහණ අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහ ලෝකවලත් සිද්ධවෙන්න පුළුවන්. හැබැයි ඒ, එම ග්‍රහ ලෝකවලට, එහි පර්යාලෝකයෙන්  හිරු තැටිය ආවරණය කිරීමට තරම් ප්‍රමාණවත් අයුරින් විශාල  සහ එමෙන්ම සූර්යයා සමග එකම තලයක කක්ෂගත  චන්ද්‍රයන් පවතිනවා නම් තමයි.

ග්‍රහලෝකයක් සහ එම ග්‍රහයා වටා කක්ෂ ගතව ගමන් කරන සැලකියයුතු ප්‍රමාණයක චන්ද්‍රයෙක් සූර්යයා හා එකම තලයක එක පේළියට පෙළ ගැස්වී එම ග්‍රහයා වෙත සූරයාගේ ආලෝකය වැටෙන්නට නොහැකිවෙන පරිදි හිරු හා ග්‍රහයා අතරට පැමිණි විට පූර්න සූර්යග්‍රහනයක් ඇතිවෙතැයි විද්‍යාඥයෝ පෙන්වාදෙනවා.

“සූර්ය ග්‍රහණයක් සිදුවෙන්න නම් හඳක් තියෙන්න ඕනම දෙයක් ” යනුවෙන් කැනඩාවේ, බ්‍රිටිෂ් කොලොම්බියා විශවිද්‍යාලයේ Christa Van Laerhoven පවසනවා, ” මේ අවශ්‍යතාව සලකන විට බුද ග්‍රහයාගේ  වගේම සිකුරු ග්‍රහයාගේ සූර්යග්‍රහණ අතිවෙන්න විදිහක් නැහැ. මන්ද කීවොත්, ඒ ග්‍රහ ලෝක දෙකටම චන්ද්‍රයන් නැහැනෙ”.

රත් ග්‍රහයා ලෙස ප්‍රකට අඟහරු සතුව චන්ද්‍රයන් දෙදෙනෙක් සිටිනවා. 1877 දී සොයා ගනු ලැබූ පෝබෝස්(Phobos) සහ එම වසරේ දීම සොයා ගත් ඩෙයිමොස්(Deimos) අඟහරුගේ චන්ද්‍රයන් දෙදෙනායි. ඒත් රතු ග්‍රහයා මත සිට බලනවිට දෘශ්‍යමාන ව්න අන්දමට පූර්න සූර්යග්‍රහණයක්  නිර්මානය වීමට බැරි තරමට එම චන්ද්‍රයන් දෙදෙනා කුඩා වැඩියි. ඒ වෙනුවට මේ කුඩා චන්ද්‍රයන් දෙදෙනාට හැකිවෙන්නේ අඟහරු ග්‍රහයා මත සිට බලන ජීවියෙකුට(අපි හිතමු ඒ ග්‍රහ ලොව මත ගොඩබැස්සවූ යානයක සිටින මනුෂ්‍යයෙකු කියලා) අර්ධ ග්‍රහනයක් පෙන්නුම් කරන්න පමනය යනුවෙන් Van Laerhoven පවසනවා.

“අනෙක් අතට, මේ කුඩා චන්ද්‍රයන් දෙදෙනා මත දර්ශනය තමයි වඩාත් අවධානය දිනාගන්නේ. මොකද, අඟහරු නිරතුරුවම සූර්යයා ග්‍රහණයට හසු කරගන්නවා මේ චන්ද්‍රයන්ට දැකගන්නට පුළුවන්. සමහර සෘතුවල දී දිනපතාත් මෙහ්ම සිද්ධ්වෙනවා” යයි තාරකා විද්‍යාඥ Matija Cuk කෝනෙල් විශ්වවිද්‍යාලයේ ‘තාරක විද්‍යාඥයෙකුගෙන් අහන්න’ බ්ලොගයෙහි සටහනක් තබමින් සඳහන් කරයි.

අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ වායු යෝධයන් ලෙස දැක්වෙන බ්‍රහස්පති, සෙනසුරු, යුරෙනස් සහ නෙප්චූන් යන ග්‍රහ ලෝක සියල්ලෙහිම පූර්ණ සූර්යග්‍රහණ ඇතිවිය හැකිය. මේ ග්‍රහලෝක හතරේම  විශාල චන්ද්‍රයන් තිබෙනවා පමණක් නොවෙයි ඒවයේ සිට බලන විට සූර්යයා කුඩාවට පේන නිසාවෙනුයි Cuk කියනවා. ඒ කෙසේවෙතත්  මෙකී දැවැන්ත ග්‍රහලෝක වායුවලින් සමන්විත වන නිසා ඒවා මතට වී ඒ ආකාර සූර්යග්‍රහණ දැක බලාගන්න කොහොමටවත් බැරි බව ඔහු පෙන්වාදෙනවා.

Ganymede (moon) - Wikipedia
Ganymede

කෙසේවෙතත්, ඔය භ්‍රමනය වන වායු යෝධයන් ආසන්නයේ කරකැවෙමින් ‍රැඳී සිටිය හැකි විශේෂිත අභ්‍යවකාශ යානයක් ඔබට ඇත්නම්, ඔබට එහි සිට ඇත්තටම මනාව සූර්යග්‍රහනයක් දැක බලාගන්න පුළුවන් වේවි. අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ ඇති විශාලතම චන්ද්‍රයා වන ගැනිමෙඩා() ඇතුලුව බ්‍රහස්පති ග්‍රහයා සතුව චන්ද්‍රයන් 67ක්ම තිබෙනවා. ඉතින් බ්‍රහස්පතිගේ මෙම චන්ද්‍රයන් සූර්යයා හා සමාන තලයක කක්ෂගත නිසා එම ග්‍රහයා සූර්යග්‍රහන වලට බඳුන් වෙනවා යස්යි Cuk සහ Van Laerhoven පෙන්වා දෙනවා. එපමණක් නොවෙයි ඔබට බ්‍රහ්ස්පතිගේ ඔය චන්ද්‍රයන් අතුරෙන් එකකට ගොඩ බහින්න පුළුවන් නම් අනෙකුත් චන්ද්‍රයන් සූර්යයා ග්‍රහනය කරනවා දැක ගන්න පුළුවන් කියලා ඔවුන් කියනවා. තවද, වාමන ග්‍රහයන් — උදාහරණයකට ප්ලූටෝ වාමන ග්‍රහයා මත පූර්ණ සූර්යග්‍රහනයක් ඇතිකරන්න තරමට එහි විශාලතම චන්ද්‍රයා වන චැරොන්ට හැකි බව Van Laerhoven පෙන්වා දෙනවා.

Do any of the other planets in our solar system experience solar eclipses?  - Quora

ඔන්න ඉතින් දැන්, මාතෘකාවෙන් අහපු ප්‍රශ්නයට නම් උත්තරේ ලැබිලා ඇති. අප වසන මේ ග්‍රහලෝකය සහ එහි එකම චන්ද්‍රය ගතහොත් සූර්යග්‍රහන සඳහා සුදුසුම ආකාරයෙන් පිහිටා ඇති නිසා(සහ අපි ඉන්නේ මේ ග්‍රහලෝකයේ නිසාත්) අපට  සූර්යග්‍රහන් දැක බලාගැනීමේ අපහසුවක් නැහැ. ඒත් ඉතින් චන්ද්‍රයා සෙමින් සෙමින් පෘථිවි ග්ර්හයාගෙන් ඈත්වන නිසා දුර අනාගතයේ යම් දවසක එහි(චන්ද්‍රයාගේ) දෘෂ්‍යමාන ප්‍රමාණය සූර්යයා සම්පූර්නයෙන් වහගන්න(ආවරනය කරන්න) කුඩා වැඩිවෙන්න පුළුවන් යයි Van Laerhoven ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මතු යම් දවසක චන්ද්‍රයාට පූර්න සූර්යග්‍රහන ඇතිකරන්න බැරිවෙන බවයි ඈ පෙන්වාදෙන්නේ. ඒත් බයවෙන්න කාරි නැහැ. තාරකා විද්‍යාඥයන් අනුමාන කරන විදිහට අපේ ග්‍රහලෝකයේ අන්තිම පූර්ණ සූර්යග්‍රහනය ඇතිවෙන්නේ තව වසර මිලියන 600කින් පමන තමයි. ඒත් ඒක දැකබලාගන්න මේ මිහිපිට කවුරුවත් ඉතිරිව සිටීද කියන්න නම් දන්නේ නැහැ!

Live Science: Life’s Little Mysteries(Digital edition) හී පළවන Do other planets have solar eclipses?  යන කොටස අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.