ඔමික්‍රොන් ප්‍රභේදයට අදාල මුල් දත්ත පෙන්නුම් කරන්නේ සිද්ධි ඉහළ ගියත් ඉන් ඇතිවන රෝග ලක්ෂණ බරපතල නොවන බවයි.

Posted by

ඔමික්‍රොන් ප්‍රභේදයට අදාල මුල් දත්ත පෙන්නුම් කරන්නේ සිද්ධි ඉහළ ගියත් ඉන් ඇතිවන රෝග ලක්ෂණ බරපතල නොවන බවයි.

ඔමික්‍රොන් ප්‍රභේදය හඳුනාගෙන සති දෙකක් ගෙවෙද්දී  දකුණු අප්‍රිකාවේ රෝහල් කොවිඩ්-19 සුනාමියකට මුහුණ දීමට සැරසෙමින් සිටී. නව මාදිලිය මගින්  ඩෙල්ටා මාදිලිය විස්ථාපනය කරනු ලැබ ඇති අතර, කලින් ඇතිවූ රැළිවලට වඩා සිද්ධි වේගයෙන් ඉහළ යමින් පවතී. ඔමික්‍රොන් ආසාදනය වූ  සෑම පුද්ගලයෙකු මාර්ගයෙන් තවත් 3-3.5 දෙනෙකුට ආසාදනය විය හැක අතර රට තුළ ඩෙල්ටා මාදිලියෙහිහි වඩාත්ම මෑත අනුපාතය වූයේ 0.8 කි.

දකුණු අප්‍රිකාව ලොක්ඩවුන් කර නොතිබීම ඔමික්‍රොන් ප්‍රභේදය සීඝ්‍ර ලෙස පැතිර යාමට අර්ධ වශයෙන් හේතු වන්නට ඇත. කෙසේවෙතත්, මීට කලින් හටගත් මාදිලි ව්‍යාප්ත වෙද්දී රට තුළ ප්‍රතිශක්තියක් සහිත අය අඩුවීම ඒවායේ ඉක්මන් පැතිරීමට වාසියක් වන්නට ඇත. එහෙත්, ඔමික්‍රොන්  මාදිලිය ව්‍යාප්තවන්නට පටන් ගත් මේ අවධියේ දකුණු අප්‍රිකානුවන් බොහොමයක් දෙනා එක්කෝ කොවිඩ් වැළඳී සුවපත් වූවන් හෝ නැතිනම් එන්නත්කරණයට ලක්වූවන්ය.

World on high alert over Omicron variant - Global Times

එවැනි වටපිටාවක් තුළ ඔමික්‍රොන් මේ සා වේගයෙන් පැතිරිය හැකි ක්‍රම දෙකක් වේ. ඉන් පලමුවැන්න නව මාදිලියෙහි බෝවෙන සුළු ගතිය වඩාත් වැඩිවීමය. එම කාරණාව,  ඔමික්‍රොන් කෙතරම් පහසුවෙන් (මිනිස්) සෛලවලට ඇතුල්විය හැකිද යන්න වැනි සාධක මත ‍රැ‍ඳෙයි. අනෙක් කාරණාව වන්නේ ප්‍රතිශක්තිය වඩාත් හොඳින් මගහැරීමට ඊට ඇති හැකියාවයි.

ඩෙල්ටා ව්චලකය ප්‍රමුඛබවට පත්වෙන්නේ ප්‍රධාන වශයෙන් එහි සම්ප්‍රේෂණමය හැකියාව උඩයි. මීට පරස්පරව, ඔමික්‍රොන් ව්චලකය ඔය දෙ අංශයමයේම වාසි අත්කරගන්නා බවක් පෙණී යන්නේය. එහි බොහෝ  තදින් බෝවෙන සුලුගතිය සම්බන්ධ උපාඛ්‍යානමය සාක්ෂි ගොඩ ගැසෙමින් පවතී: සුපිරි සම්ප්‍රේෂණ සිදුවීම් වලින් පසුව නෝර්වෙ, ඩෙන්මාක්, ස්පාඤ්ඤය සහ බ්‍රිතාඥයයේ පුද්ගලයින් පරීක්ෂාවෙන් අනතුරුව සියයට 35 – 78ත් අතර ආසාදිත බව තහවුරුවීම.

Omicron Covid variant spreading? Don't panic, say epidemiologists! Vaccine  makers tweaking shots, follow SOPs though | Health Tips and News

එපමණක්ද නොව, වරක් ආසාදිතවූවන් යළි ආසාදනය කිරීම සඳහා ඔමික්‍රොන් ප්‍රභේදයට මින් පෙර නොවූ විරූ හැකියාවක් හෙවත් ධාරිතාවක් ඇත. Stellenbosch විශ්ව විද්‍යාලයේ ජුලියට් පුලියම් ප්‍රමුඛව මෙහයවූ මෑතක අධ්‍යනයකින් පෙන්නුම් කළේ , ආසාදිත යයි අවසන් වරට තහවුරු වූවාට අඩුම තරමින් දින 90කට පසු යළි පරීක්ෂාවෙන් ආසාදිත බව පෙන්වන දකුණු අප්‍රිකානුවන්ගේ සංඛයාව, කලින් ආ (ආසාදන) ‍රැළි පදනම් කරගෙන සළකන විට අපේක්ෂා කළාට වඩා වැඩි බවයි. තවද, Pfizer එන්නතින් ජනනය කරනු ලැබු ප්‍රතිදේහ, අනෙකුත් කලින් ආ මාදිලිවලට එරෙහිවට වඩා ඔමික්‍රොන් මාදිලියට එරෙහිව ඵලදයිත්වයෙන්  හීන බවයි.  කෙසේවෙතත්, බූස්ටර මාත්‍රාව ලබාගත් හෝ කලින් ආසාදනය වූ හෝ පුද්ගලයන් තුළ (වෛරස) තද අකර්මන්‍යතාවක් ඇති කිරීමට ඒවා(ප්‍රතිදේහ) සමත්විය. වර්තමානයේ ඇති එන්නත් මගින් ඔමික්‍රොන් හේතුවෙන් ඇතිවන දරුණු රෝග තත්ත්වයන්ට එරෙහිව හොඳ ආරක්ෂාවක් සැපයීමට හැකියාව තිබිය හැකිය.

රෝගය උත්සන්නවීම(virulence) හා සම්බන්ධ දත්ත නම් දිරිගන්වන සුළුය. වයස්ගත ජනතාව අතර රෝගය නරක අතට හැරීමේ රටාවක්, ඔමික්‍රොන් තවමත් රෝහල් තුළ පෙන්නුම් කර නැත. දකුණු අප්‍රිකාවේ, Tshwane නගරයේ ඩෙල්ටා ‍රැල්ලේ දී රෝහල් තුළ කොවිඩ් ධනාත්මක යයි හඳුනාගනු ලැබූ වයස 50ත් 69ත් අතර රෝගීන් අතරේ 70%ක් සහ අවුරුදු 80ට වැඩි 90%ක් දරුණු සිද්ධි විය.  දැන් මෙම ප්‍රමානය සෑම වයස් කාණ්ඩයකටම 30%ක් පමණවී.

SARS-CoV-2 Omicron variant - Wikipedia

ඔමික්‍රොන් ආතුරයන්ගේ රෝග උත්සන්න බවෙහි සමාන්‍යය ඉහළ යා හැකිය. එසේ ඉහල නගින්නේ නැතිනම් ඊට එක් හේතුවක් විය හැක්කේ  ඔමික්‍රොන් මාදිලියේ විකෘතීන් වලින් හටගන්වන්නේ මද රෝග තත්ත්වයන්(milder illness) වීමය. වාට්‍ටු රෝගීන්ගෙන් පිරී ඉතිරී ගියහොත් මරණ අනුපාතය තවදුරටත් ඉහළ යා හැකි නමුත් සිද්ධි ඉහළ යාමෙන් ඇතිවන බලපෑම අර්ධවශයෙන් පිරිමසා ගැනීමට එය මග පාදයි. වයස්ගත දකුණු අප්‍රිකානුවන් බොහොමයක් මෑතක මාසවල එන්නත් ලබාගැනීම වෙනත් පැහැදිලි කිරිමක් ලෙස දැක්විය හැකිය. හේතුව එය වේ නම් එන්නත්කරනයට ලක් නොවූ අයට ඔමික්‍රොන් බරපතල තර්ජනයක් වීමට ඉඩ තිබේ.

මේ අතර, ඔමික්‍රොන් මාදිලියට එරෙහිව එන්නත්වල බලපෑම ගැන යථාලෝකයේ දී සිදුකෙරෙන ප්‍රථම අධ්‍යනය ප්‍රතිඵල දක්වමින් බ්‍රිතාඥ රජයේ විද්‍යාඥයන් පසුගිය සිකුරාදා කියා සිටියේ සීඝ්‍රයෙන් බෝවෙන, නව ඔමික්‍රොන් විචලකය මගින් හටගන්වන ලාක්ෂණික සිද්ධි ව්ලට(symptomatic cases)  එරෙහි ආරක්ෂාව සැලකිය යුතු අන්දමින් පහළ වැටෙන බවයි. ඒ සමගම  එම අධ්‍යනය දක්වන්නේ එන්නත් තුන්වැනි මාත්‍රාව ඔමික්‍රොන්වලට එරෙහි සැලකියයුතු ආරක්ෂාවක් සලසන බවයි. ඔමික්‍රොන් ආසාදනවල බලවත් බව ගැන තව තවත් කරුණු අනාවරනය වනවිට මෙම ප්‍රක්ෂේපණ වෙනස් වීමට ඉඩ ඇතැයි ද එම විද්‍යාඥයෝ අනතුරු හඟවති. එසේ වූවද, අධ්‍යනයේ කතුවරු කියා සිටින්නේ අසාදනය්ට එරෙහිව පමණක් නොවේ නම් රෝහල් ගතකිරීම් සහ මරනයට පත්වීම් වලට එරෙහි ආරක්ෂක පවුරක් ලෙස එන්නත් තවදුරටත් ආරක්ෂාව සලසතැයි අපේක්ෂා කළ හැකි බවයි.

ලෝක සෞඛය සංවිධානය(World Health Organization ) පසුගිය සතියේ ප්‍රකශ කර සිටියේ  ඔමික්‍රොන් විචලකය, ඩෙල්ටාවට වඩා මද රෝග තත්ත්වයන් හට ගන්වන බවට ඇතැම් සාක්ෂි මතුවෙමින් පවතින බවත් සහ එහෙත්, ස්ථිර කොට යමක් කීමට තවම කල් මදි බවත්ය. කෙසේවෙතත්, නව ප්‍රභේදය දැනට පැතිරෙන ආකාරයෙන් සීඝ්‍රයෙන් පැතිරෙන්නට පටන් ගත හොත්, ලොව පුරා සෞඛ්‍ය පද්ධති රෝගීන් මහා ප්‍රවාහයකට මුහුණ දීමට සිදු වෙතැයි විද්‍යාඥයෝ අනතුරු හඟවති.

The Economist(07.12.2121) සහ The New York Times(12.12.2021) හී පළවූ වාර්තා ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.