සතුටින් සිටීම සමහර පුද්ගලයන්ට දුෂ්කර වන්නේ ඇයි?

Posted by

සතුටින් සිටීම සමහර පුද්ගලයන්ට දුෂ්කර වන්නේ ඇයි?

ස්වයං-ආධාර කර්මාන්තය දියුණුවෙන් දියුණුවට යමින්  පවතින්නේ ධනාත්මක මනෝවිද්‍යාව ඒ කියන්නේමිනිසුන් සමෘද්ධිමත් වන්නේ කෙලෙසද කියා සොයා බලන  විද්‍යාත්මක අධ්‍යයනයේ අවුලුවා ලීමෙනි. එය එසේ වෙද්දී  කාංසාව,විෂාදය(මානසික රෝග තත්ත්වය), සහ ස්වයං හානිය ලොව පුරා අඛණ්ඩව ඉහළ යයි. ඉතින්  මනෝවිද්‍යාවේ මෙම දියුණුව තිබුණේ වී නමුත් අපේ ඉරණම අසතුටට පත්වී සිටීම ම ද?

2005 දී ර්‍එවීව් ඔෆ් ඝෙනෙරල් ඵ්ස්ය්චොලොග්ය් සඟරාවෙහි පළ වූ බලගතු ලිපියකට අනුව මිනිසුන්ගේ සතුටෙන් 50% තීරණය වන්නේ ඔවුන්ගේ ජාන මත වන අතර, 10% ඔවුන්ගේ තත්වයන් මත සහ තවත් 40% “හිතාමතා කරන ක්‍රියාකාරකම්” (ඔබ ධනාත්මක ආකාරයෙන් සිතන අයෙක් වුවත්, නැතත්) මත රඳා පවතී. මෙම ඊනියා සතුට කියන මසවුළ ධනාත්මක-මනෝවිද්‍යාව ඉහළින් පිළිගන්නා අනුගාමිකයින් රියදුරු අසුනේ තබා, ඔවුන්ගේ සතුටේ ගමන් මග තීරණය කිරීමට ඔවුන්ටම ඉඩ සලසයි. (කෙසේ වෙතත්, නොකියූ හරින ලද පණිවිඩය වන්නේ, ඔබ අසතුට පත්වන්නේ නම්, එය ඔබේම වරදක් යන්නය.)

How Do Emotions Work? · Frontiers for Young Minds

සතුට කියන මසවුළ පිළිබඳ කතාව බෙහෙවින් විවේචනයට ලක් වූවකි; මන්ද, එයට පදනම් වී ඇත්තේ අවමානයට ලක් වූ ප්‍රවේණි විද්‍යාවට අදාළ උපකල්පන වීම නිසාවෙනි. නිවුන්නු(twins) ගැන දශක ගණනාවක් තිස්සේ අධ්‍යයන සිදු කළ චර්යාමය ප්‍රවේණි විද්‍යා පර්යේෂකයන් තහවුරු කර සිටියේ ඔවුන්ගේ(පර්යේෂණයට ලක් කළ නිවුන්නුන්ගේ) සන්තුෂ්ටියෙහි වෙනසින්(variance= විචලතාවයෙන්) සියට 40ක් 50ක් ප්‍රවේණි විද්‍යාව පදනම් කරගෙන පැහැදිලි කළ හැකි බවයි. පුද්ගලයන්ගේ කු‍ටුම්භමය හෙවත් පවුල්මය සම්බන්ධතාවන් පදනම් කරගත් ප්‍රවේණි සහ පරිසරාත්මක සාධක තක්සේරු කීරිම පිණිස චර්‍යාමය ප්‍රවේණි විද්‍යාඥයන් යොදා ගන්නේ සංඛ්‍යාලේඛනාත්මක තාක්ෂණයකි. ඔවුන්ගේ අධයනයන් සඳහා නිවුන්නු යොදා ගැනුනේ එහෙයිනි. එහෙත් මෙම සංඛ්‍යාංක මගින් උපකල්පනය කරණු ලැබුවේ අනන්‍ය නිවුන්නු මෙන්ම (වෙනස් ඩිම්බවලින් හටගන්නා) භාතෘක(fraternal) නිවුන්නු යන දෙකොටසම එකට හදෙන වැඩන් විට එකම පරිසරයක් අත්දැකීම් අත්විඳිනු ලබන බවයි: එහෙත් එවැනි උපකල්පන සත්‍යතාවයෙන් දුරස්තය.

2005 අධ්‍යයන වාර්තාව පිළිබඳ විවේචනයන්ට ප්‍රතිචාර දක්වමින් එම පර්යේෂකයෝම, සන්තුෂ්ටිය කෙරෙහි ජානමය ආචරණය හෙවත් බලපෑම ගැන වඩාත් සියුම් වෙනස්කම් සහිත ප්‍රවේශයක් අනුගමනය කරමින් 2019 දි අළුතෙන් පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කළහ. කෙනෙකුගේ ප්‍රවේණි සහ කෙනෙකුගේ පරිසරය අතර අන්තර් ක්‍රියාකාරිත්වය එමගින් සැළකිල්ලට ගැනිණ.

සහජය(nature) සහ සම්භෘතිය(nurture)

සහජය(nature) සහ සම්භෘතිය(nurture = ඇති දැඩි කිරීම)එකිනෙකින් වෙන්කොට නැතිනම් තනිකොට ගත හැකි නොවේ. ඊට පරස්පරව, අණුක ප්‍රවේණි විද්‍යාව(molecular genetics), එනම් අණුක මට්ටමේ දී ජාන ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය (function) ගැන හදාරන විද්‍යාව පෙන්නුම් කරන්නේ සහජය සහ සම්භෘතිය නිරතුරුවම එකිනෙක කෙරෙහි බලපාන බවයි. පුද්ගලයින්ට සිය පරිසරය ‍තෝරා ගැනීමේ දී උපකාරවන  චර්යාව කෙරෙහි ජාන බලපායි. නිදසුනක් දක්වතොත්, දෙමාපියන්ගෙන් ළමයින්ට උරුමවෙන සමාජශීලිත්වය, එම දරුවන්ට සිය මිතුරු කණ්ඩායම් ගොඩනගා ගැනීමෙහි ලා උපකාරීවෙයි.

ඒ හා සමානවම පරිසරය, ජාන ප්‍රකශනය වෙනස් කිරීමට සමත්වේ. නිදසුනක් ගමු: ගර්භනී මව් වරු සාගතයකට ඒ කියන්නේ ආහාර අහේනියකට  මුහුණ පෑ විට, ඊට අනුකූලව ඔවුන්ගේ බිලිඳුන්ගේ ජාන වෙනස් වන්නේ (එහි) ප්‍රතිඵලයක් හැටියට වර්ධන සාධකයක නිෂ්පාදනය යටපත් කෙරෙන රසායනික විපර්යාසයන් හෙවත් වෙනස්කම් හට ගන්වමිනි.  මෙය, සාමාන්‍යයට වඩා කුඩා එමෙන්ම හෘද්වාහිනි රෝග(cardiovascular disease) වැනි තත්ත්වයන් සහිතව බිලිඳුන් බිහිවීමට බලපායි.

සහජය සහ සම්භෘතිය අන්‍යෝන්‍යව පරායත්තය(interdependent); ඒ කියන්නේ එකිනෙක මත රඳා පවතී. එමෙන්ම, නිරන්තරයෙන් එකිනෙකට බලපායි. එකම පරිසරයක හැදී වැඩෙන දෙදෙනෙකු එයට(හැදී වැඩෙන පරිසරයට) එකිනෙකාට වෙනස් ආකාරයෙන් ප්‍රතිචාර දක්වන්නට ඉඩ ඇත්තේ මේ හේතුවෙනි. ම්යින් අදහස් කෙරෙන්නේ සමාන පරිසරය පිළිබඳ චර්යාමය ප්‍රවේණි විද්‍යාවේ උපකල්පිතය තවදුරටත් වලංගු නොවන බවයි. තවද, පුද්ගලයින්ට වඩාත් සන්තුෂ්ටියට පත්විය හැකිවීම හෝ නොහැකිවීම ඔවුන්ගේ ‘පරිසරාත්මක සංවේදීතාව'(environmental sensitivity) මතයි; එනම්, වෙනස් වීමට ඔවුනට ඇති හැකියාව (ධාරිතාව) මතයි.

සමහර පුද්ගලයන් , ඔවුන්ගේ පරිසරයට නැති නම් වටපිටාවට ඉක්මණින් අවනතවන සුළුය: එම හේතුව නිසා  ඔවුන්ගේ සිතුවිලි, හැඟීම් සහ චර්යාවන් ධනාත්මක මෙන්ම සෘනාත්මක සිද්ධි කෙරෙහි ප්‍රතිචාර වශයෙන් සැලකිය යුතු ආකාරයෙන් වෙනස් විය හැකිය. ඉතින් යහ සාධනය හෙවත් යහ පැවත්ම පිළිබඳ වැඩමුළුවකට සහභාගීවෙද්දී හෝ ධනාත්මක චින්තනය පිළිබඳ පොතක් කියවද්දී හෝ ඔවුන්, එහි බලපෑමට ලක්වී අන් අයට වඩා සැලකිය යුතු මට්ටමින් විපර්යාසයන්ට් අත්විඳිය හැකිය  – එමෙන්ම, එම වෙනස්කම් වැඩි කාලයක් පැවතිය හැකිය.

Pin on أنثى

කෙසේවෙතත්, ධනාත්මක මානසිකත්වය සැමට එක ලෙස බලපාන්නේ නැත. ඒ මන්ද කීවොත අප සියලුදෙනා අප අපගේ DNA පමනටම එකිනෙකාගෙන් වෙනස්ය; ඒ නිසාවෙන්ම, යහ සාධනය සඳහා අප එකිනෙකාට විවිධ ධාරිතාවන් පවතින්නා සේම ජීවිතය පුරා එහි විප්‍රකාරවලට(අඩු වැඩිවීම්වලට) මුහුණ දෙති.

අප ඉරණම් ගතව ඇත්තේ අසතුටින් සිටීමට ද? තමන්ගේ යහ සාධනය  විපුල කර ගැනීමට සමහර පුද්ගලයින්ට අනෙක් අයට වඩා මදක් වැඩියෙන් මහන්සි විය යුතු වන්නේය. එම වෙහෙස, ඔවුන් වඩා වැඩි කාලඡේද තුළ අසන්‍තෝෂයෙන් ගත කිරීමට මග පාදන්නේය. තවද, අතිශය අන්ත අවස්ථාවල  ඔවුන් කිසිදිනක ඉහල මට්ටම්වල සන්‍තෝෂයක් අත්නොවිඳිනවා විය හැකිය.

ඒ කෙසේවෙතත්, වඩාත් වැඩි ජානමය සුවිකාර්යතාවක්(genetic plasticity) සහිත (ඒ කියන්නේ වටපිටාවට වඩාත් සංවේදි වන) අනෙකුත් අය, එසේ වීම නිසාවෙන් වෙනස්වීමට වඩාත් වැඩි ධාරිතාවයකින් යුක්තවීමටත්, ඔවුන්ගේ යහ සාධනය විපුල කිරීමේ හැකියාවෙන් යුක්ත වීමටත් ඉඩතිබේ. එපමනක් ද නොව, ඔවුන් යහපත් ජීවන රටාවක් අනුගමනය කරමින් සිය සන්තුෂ්ටිය වැඩිකරන සහ වර්ධනය වීමේ හැකියාවෙන් හෙබි වටපිටාවක ජීවත් වීමට සහ වැඩකිරීමට තීරණය කරගෙන ඇත්නම් බාගදා  සඵලතාවයට පත්වීමට පවා ඉඩ තිබේ.

Afraid Kid Stock Illustrations – 1,678 Afraid Kid Stock Illustrations,  Vectors & Clipart - Dreamstime

එහෙත්, අපගේ යහ සාධනය සැලසීමේ දි ප්‍රවේණිය වැදගත් භූමිකාවක් ඉ‍ටු කරණු ලබන්නේ වී නමුත් අප කවුද යන්න නිර්ණය නොකරයි. ඒ වගේම වැදගත් වන්නේ, අප ජීවත්වන්නේ කොයිබ ද, ඒ කා සමග ද යන්න සහ අපගේ ජීවිත ගෙවන්නේ කෙලෙසද  යන්න සම්බන්ධයෙන් අප ගන්නා තීරණ ද වැදගත් වෙයි: එම තීරණ අපගේ සන්තුෂ්ටිය මෙන්ම අපගේ මතු පරම්පරාවේ සන්තුෂ්ටිය කෙරෙහි ද බලපායි.

The Conversation(November 26, 2021) හී පලව ඇති Why some people find it harder to be happy යන ලිපිය අසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.