මානව වර්ගයා ස්වභාවධර්මය තුළ හිමි කරගන්නා තැන
මේ මිහි මඩල මත මානවයන් වන අප පහල වූයේ කොයිබින් ද යන්න මානව වර්ගයාගේ මනසෙහි හොල්මන් කරන්නේ අපේ ආදිතමයන්ට එවැනි කරුණු කාරණා කල්පනා කර බලන්න තරම් ප්‍රමාණවත් වන තරමට මොළය විශාල වූ කාලයේ පටන් මය. ඩාර්වින්ගේ කාලයේ පටන් මේ වනතුරු පරිණාමය පිළිබඳ න්‍යාය විවිධාකාර වූ මතභේදයන්ට මැදි වී ඇති අතර, ඒවායින් වැඩිම අවධානය එක් කරගැනීමට සමත්ව ඇත්තේ මානවයන්ට අදාලව, විශේෂයෙන්ම අපගේ ස්වභායට අදාල හිමිකම් පෑම්වලට සම්බන්ධවය. මානවයන් වනාහී පරිණාමයෙහි ව්‍යාතිරේකයක් ලෙස ඩාවින් කල්පනා නොකළත් ඔහු ලොවට ඉදිරිපත් කල න්‍යාය මානවයන්ට අදාලවන්නේ කෙසේ ද යන්න පැහැදිලි කිරීමට ඔහු මුල දී මැළි විය. මානව පරිණාමය පිළිබඳ ඕනෑම සාකච්ඡාවක් චිත්තවේගීව දැඩි ලෙස ආරෝපිත, සහ බෙහෙවින් දේශපාලනය කරණයට ලක්වන්නක් බව ඔහු දැන සිටියේය. මෙය වික්ටෝරියානු යුගයෙදී සැබෑවක් වූවා පමණක් නොව අදටත් එසේම පවතී.

විසිවෙනි සියවස පුරාවටම තව තවත් ෆොසිල සොයා ගනු ලැබුවේ මානවයන්ගේ සම්භවය පිලිබඳ කතා, කාලය ඔස්සේ තව තවත්, තව තවත් පස්සට තල්ලු කරමින් මානවයන් වනාහී ඩාවින්ගේ න්‍යායට ව්‍යාතිරේකයක් නොවන බවට සාක්ෂි සපයමිනි. අපට දැන් සාරවත් ෆොසිල වාර්තාවක් ඇත. එය, මානව වෘක්ෂයේ නව අතුරිකිලි පණ ගන්වයි. අද, අණුක ජානවිද්‍යාවේ ප්‍රගමනයන්, කායික විද්‍යාත්මකව නූතන වන මානවයන්ගේ පෙළපත බොහෝ සවිතරාත්මකව සොයා බලන්නට අපට මග පාදයි. නියන්ඩර්තාල් වරුන්ගේ අස්ථිවලින් පවා DNA උද්ධරණය කර ගනු ලැබ ඇත. සත්ව චර්යාව පිළිබඳව කරනු ලබන පර්යේෂණ සත්ව සහ මිනිස් මනස් අතර අවිච්න්නතාව හෙවත් නොසිඳී පැවතීම ප්‍රදර්ශනය කරයි. මානව පරිණාමයට පක්ෂපාත නැතිනම් සනාථ කිරීමට අවශ්‍යවන සාක්ෂි ඉහවහා යන තරමටය. කෙසේවෙතත්, එය පමනක් සෑහෙන්නේ නැත; සාක්ෂි අර්ථනිරූපනයට ලක් විය යුතුය.

අවශේෂ කාල නිර්ණයනය බොහෝවිට ගැටලු සහගතය; තවද, සම්පූර්ණ කංකාලයකට හෙවත් ඇටසැකිල්ලකට ආසන්න දෙයක් හමුවුනත් ඒ කලාතුරකිනි. ඇතැම් ෆොසිල නිරූපණය කරන්නේ එක විශේෂක් ද නැතිනම් විශේෂ දෙකක් ද ඒවා එකිනෙකට වෙනස් ගණ(genera) දෙකක් ලෙස වර්ගීකරණය කළ යුතු ද නැතහොත් හුදෙක් එක් තනි විශේෂයක් ඇතුළත් ලිංගික ද්විරූපතාවක් නිරූපණය කරන්නේ ද යන්න ගැන විශේෂඥයන් අතර එකඟතාවක් නොමැත. අතීතය යලි නිර්මාණය කිරීමට හැකිවෙන අත්හදා බැලීම් කිරීමට අපට නොහැකිය. සමහරවිට වඩාත්ම වැදගත් වන කාරණාව වන්නේ චර්යාවන් ෆොසිලගත කිරීමට නොහැකිය යන්නය. මනුෂ්‍යයන්ගේ ස්වභාවය පිළිබඳ පරිණාමීය න්‍යායක් ගොඩනැගීමේ ප්‍රයත්න ගාම්භීර ලෙස රූපණය කරන්නේ මානව පරිණාමය හා සම්බන්ධ ‘යථාවන්'(“facts”) නිර්ණය කිරීමේදී අර්ථ නිරූපණ ඉටුකරන භූමිකාවයි. යථාවන් අර්ථගැන්වෙන්නේ සෛද්ධාන්තික රාමුවක් තුළ පමනකි; තවද, ගොඩ නගා ඇති විවිධ න්‍යායන් හෙවත් සිද්ධාන්ත තුළ ගොඩ ගැසී ඇත්තේ පර්යේෂකයන්ගේ සංකෘතිකමය අගයන්ය(cultural values). මෙය සියළු විද්‍යාවන් සම්බන්ධයෙන් සත්‍යයක් වුව ද, ලිංගිකත්වය, වාර්ගිකත්වය සහ ජාතිකත්වය සිද්ධාන්තයක් ගොඩ නැගීමේ දී සැලකියයුතු ලෙස බලපෑමක් අතිකර තිබෙන මානව සම්භව ක්ෂේත්‍රය තුළ විශේෂයෙන්ම අරක්ගෙන ඇත. මෙකී ගැටළු හේතුවෙන්, මානව සම්භවය පිළිබඳ සිද්ධාන්ත, වෘත්තාන්ත හෙවත් කතාන්දර ලෙස ලෙස දැක්වීම අයෝග්‍ය හෝ නුසුදුසු නොවන්නේය.

මෙය අවමානාත්මක හෙවත් අපහාසාත්මක අර්ථයකින් සැලකිය යුතු නොවන අතර අණුක ජීව විද්‍යාවේ සිට පුරා විද්‍යාව දක්වා, ප්‍රයිමේටවේදය(primatology) දක්වාත් විවධ වූ නොයෙකුත් ශික්ෂාවන් ඇතුළත ඉටුකර ඇති අති දැවැන්ත කාර්යභාරයන් ලඝුකොට දැක්වීමක් ලෙස සැලකිය යුතු ද නොවේ. මානව සම්භවවලට අදාල මෙකී පැතිකඩ, වඩාත් හොඳ ක්‍රමවේදයක් මගින් බැහර කර ගත හැකි දෙයක් නොවේ — ඒ කියන්නේ වඩාත් හොඳ ප්‍රමාණාත්මක විශ්ලේෂණ හෝ ක්ෂේත්‍ර කටයුතු සඳහා වඩාත් හොඳ ප්‍රමිතීන් යොදාගැනීමෙන් මගහරවා ගත හැකි දෙයක් නොවේ. පැහැදිලිවම වඩාත් හොඳ නැතිනම් වැඩිදියුණු කරන ලද ක්‍රම ඕනෑම ප්‍රයත්නයකට අගතියක් ඉටුකරන්නක් නොවන නමුත් මානව පරිනාමය පිළිබඳ සිද්ධාන්තයේ ප්‍රධාන අංග ඇත්තටම හොඳ කතාන්දර ගොඩ නැගීම ලෙස දිගටම පවතී.
සියලු කතාන්දර එක හා සමානව යහපත් නොවේ; එමෙන්ම, පවසනු ලබන කතාන්දර නගනු ලබන ප්‍රශ්න හා බැඳී පවති. ඒවා එමෙන්ම, පර්යේෂකයන්ගේ සහ ක්ෂේත්‍ර කටයුතු සිදුකෙරෙන රටවල්වල ලිංගිකත්වය, වාර්ගිකත්වය සහ පංතිය එකට එතෙන බල මූලය පිළිබිඹු කරයි. නිදසුනක් දක්වතොත්, එංගලන්තයේ, ආධුනික භූවිද්‍යාඥයෙකු වූ චාල්ස් ඩෝසන් විසින් 1912 දී එසෙක්හී දී සොයා ගනු ලැබූ අපගේ පැරණිම ආදිතමයා බවට හුවා දැක්වුණු කුප්‍රකට “Piltdown man ” පිළිබඳ කතානදරය අඩ සියවසක්ම පිළිගැනීමට ලක්ව තිබීම දැක්විය හැකිය. එය අවසානයේ බොරුවක් බවට හෙළි වූයේ 1953 වසරේ දී කෙනත් ඕක්ලි අසංදිග්ධව හෙවත් සකයකින් තොරව එම අවශේෂ මිනිස් කාලායක ඔරං-උටන් හනුවක කොටස් බව පෙන්වා දීමෙන් පසුවය. මේ බොරුව දිගු කාලයක් නොනැසී පවත්වාගෙන යා හැකි වූයේ එම කතාන්දරය පර්යේෂකයන්ගේ වාර්ගිකත්වය, ශහ ඔවුන් සම්භවය ලත් රටෙහි පිළිබිඹුවක් වූ, ඔවුන්ගේ පූර්වකස්ල්පිත පක්ෂභජනයන් හා සමග මනාව ගැලපුණු හෙයිනි: “Piltdown” මිනිසා හොඳින් වැඩුණු විශාල මොළයක් සහිත අයෙකි; එසේ නොමැතිව ‘ම්ලේච්ඡයන්ගේ’ වාසභූමිය වූ අප්‍රිකාවේ හෝ ඊට මදක් දියුණු ආසියාවේ නොව එංගලන්තයේ උපත ලද්දෙකි. ඇත්තටම අවසානයේ මේ බොරුව අනාවරණය වූයේ ආසියාවෙන් සහ අප්‍රිකාවෙන් සොයා ගනිමින් තිබුණු ෆොසිලවලට සාපේක්ෂව “Piltdown” මිනිසා ව්ෂම බව එන්ට එන්ටම පෙණී යන්නට වූ හෙයිනි.

සාක්ෂි ඇත්තටම වැදගත්ය. දිගින් දිගටම සිදුකෙරෙන පර්යේෂණ, අපගේ මුලාරම්භයන් පිළිබඳ වඩාත් හොඳ, සංසක්ත, තර්කාන්විත හා පරිපූර්ණ කතාන්දරයකට දායක් වී ඇත. එම කතාව මානවයන් පිළිබඳව සහ අප වානරයන්ගෙන් හා වඳුරන්ගෙන් වෙනස් වන්නේ කෙලෙසද යන්න ගැන නිවැරදි විස්තරයක් අපට සපයා දී තිබේ. පරිණාමය පිළිබඳ සාක්ෂි දුර්වල යයි, මානව පරිණාමය වටා ගෙතී ඇති මත භේද හා වාදවිවාද වලින් කියැවෙන්නේ නැත. ඒ වෙනුවට ඒවා අපට පෙන්නුම් කරන්නේ විද්‍යාත්මක ක්‍රියාදාමය විය යුතු පරිදිම නිසියාකාරව ක්‍රියාත්මක වෙන බවයි.
EVOLUTION THE BASICS by Sherrie Lyons (Routledge, 2011) නම් ග්‍රන්ථයේ Human Evolution නම් පස්වෙනි පරිච්ඡේදයේ Humankind’s Place in Nature නම් කොටස ඇසුරෙන් සැකසිණ.