අපේ මල දුඹුරු පැහැ ගන්නේ ඇයි?
මනුෂ්‍යන් වන අපගේ අසූචිවලින් හතරෙන් තුනක්ම සමන්විතවන්නේ ජලයෙනි. ඉතිරියෙන් වැඩි හරිය ශරීරයේ ජීරන පද්ධතියට දිරවා ගන්නට අපොහොසත් වන කොටස්ය.
ඔබට කෑමට සහ බීමට සිදු වූ ඕනෑම දෙයක පෙනුම කුමක් වුවත්, ආහාර ජීරණ පද්ධතියෙන් ඉවතට පිට වූ පසු, මල සාමාන්‍යයෙන් දුඹුරු වර්ණයේ ප්‍රභේදයක පැහැ ගනී, ඊට බලපාන හේතුව වන්නේ ශරීරය නිපදවන රසායනික ද්‍රව්‍යයක් එහි අඩංගු වීමයි.

එම රසායනිකය stercobilin ය. stercobilin යනු හිමොග්ලොබින් බිඳවැටීමෙන් නිෂ්පාදනය වන්නකි. හිමොග්ලොබින් යනු ශරීරය පුරා ඔක්සිජන් ප්රවාහනය කිරීමට ඉඩ සලසන රතු රුධිර සෛලවල යකඩ අඩංගු ප්රෝටීනයකි. සර්කොබිලින් නතිවුණහොත්, ඔබේ මල බොහෝ විට සුදුමැලි හෝ තනිකර සුදු පැහැයක් පවා ගැනීමට හැකිය. ඊට හේතුව, ආහාරවලට විවිධ වර්ණ ගෙන එන රසායනික බොහොමයක් ආහාර ජිරණයවීමේ හෙවත් දිරවීමේ ක්‍රියාවලියේදී සම්පූර්ණයෙන්ම බිඳ දමනු ලබන හෙයිනි.
රක්තාණු හෙවත් රත් රුධිර සෛල, අන්තිමේ දී ප්‍රතිස්ථාපනය වීමට පොරාතුව නොනැසී පවතින්නේ දළ වශයෙන් දින 120ක් පමණය. වන අතර අවසානයේ ඒවා වේ. ඒවායේ අඩංගු හිමොග්ලොබින් බිඳවැටී යාමත් සමඟ බිල්රුබින්(Bilirubin) නම් කහ පැහැති ප්‍රෝටීනයක් නිපදවෙනු ලැබේ.
(Bilirubin) අවසානයේ රුධිර සංසරණ පද්ධතිය හරහා අක්මාව වෙත ගමන් කරන අතර එහි දී එය වෙනස් කිරීමට ලක්ව පසුව අක්මාව මගින් පිත ස්වරූපයෙන් කුඩා අන්ත්‍රය තුළට ස්‍රාවය වේ. කහ-කොළ පැහැති තරලයක් වන පිත, ජීර්ණය කිරීම සහ මේදය අවශෝෂණය කර ගැනීම පිණිස ඔබේ ශරීරයට උපකාරී වේ.
ඔබ කන බොන දෑ කුඩා අන්ත්‍රය හරහා ගමන් කරන විට ඔබේ ශරීරය බිලිරුබින් යම් ප්‍රමානයක් අවශෝෂණය කර නැවත භාවිතා කරන බව ඇත්තය. එහෙත්, එම බිලිරුබින් වල ඉතිරි කොටස stercobilin බවට පත්වේ. එය ඔබේ ශරීරයෙන් බැහැර කළ යුතුය.
තවද එම stercobilin ඔබ කන බොන හෙවත් ආහාරයට ගෙන ජීරනය වන ද්‍රව්‍ය සමඟ සංයෝජනය වී ඔබේ සිරුරෙන් පිටවන අවස්ථාව වන විට ඔබේ මල දුඹුරු බවට පත් කරයි.

අනෙකුත් ව්ර්ණ
ඇත්ත වශයෙන්ම, මල සෑම විටම දුඹුරු පැහැ ගන්නේ නැත. ඔබ කන බොන දේ සහ ඔබේ ජීරණ පද්ධතිය හරහා කොපමණ වේගයෙන් එම දේවල් ගමන් කරනවාද යන්න මත එය(ආසූචි) වෙනස් වර්ණයක් ගන්නවා විය හැක.
ජීර්ණ ගැටළු ඇති දරුවන් අතුරෙන් සමහර අයට පාචනය ඇති විය හැකි බව, ඒ කියන්නේ අසූචි දියර ස්වභාවයක් ගන්නා බව ළමුන්ට නිරතුරුව ප්‍රතිකාර කරන වෛද්‍යවරු දනිති. එවිට එම අසූචිවල පිත ගොඩක් අඩංගු වන නිසා එය කොළ හෝ කහ පැහැ විය හැක.මළපහ ඔබේ ශරීරය හරහා වේගයෙන් ගමන් කරන විට, පිතවල ඇති බිලිරුබින් ස්ටර්කොබිලින් සෑදීමට බිඳී යාමට ප්‍රමාණවත් කාලයක් නොමැති අතර එය දුඹුරු පැහැයක් ගනී.
ඔබේ ශරීරය තුළ (ඇත්තටම නම් ජීරණ පද්ධතිය තුළ) මල, වුවමණාවට වඩා වේගයෙන් පහව යන්නේ නම් stercobilin සෑදෙන ආකාරයට පිතෙහි ඇති බිලිරුබින් බිඳ දමනු ලැබීමට තරම් ප්‍රමාණවත් කාලයක් නොලැබෙන නිසා මල වඩාත් දුඹුරු පැහැ ගනී.
ඔබ යම් දෙයකින් බොහෝ ප්‍රමාණයක් අනුභව කරන්නේ නම්, විශේෂයෙන්ම ඔබේ ශරීරයට ඉක්මනින් ජීර්ණය කිරීමට අපහසු වේ නම්, ඔබේ මල අමුතු අමුතු වර්ණ ගනු ඇත. බීට් ආහාරයට ගැනීම හේතුවෙන් සමහර අයගේ අසූචි හෝ මුත්රා හෝ රතු පාටට හැඊමට ඉඩ තිබේ.


ඔබ කන බොන දෑ සියල්ලක්ම ඔබේ ශරීරයට අවශෝෂණය කරගත නොහැක. ඉරිඟු කරල් වැනි සමහර ආහාර මිනිසුන්ට සම්පූර්ණයෙන්ම ජීර්ණය කළ නොහැක. එම හේතුව නිසාවෙන්, ඔබ එවැනි ආහාර අනුභව කරන විට තිබෙන ප්‍රමාණයෙන්ම සහ වර්ණයෙන්ම ඒවා මලපහ ලෙස ශරීරයෙන් බැහැරට පැමිණිය හැකිය.
කෙනෙකු මලපහ කළ විට නැවතත් ඒවා දෙස බැලීම අප්‍රසන්න කාර්යයක් විය හැකි බව ඇත්තකි.එහෙත් අප්‍රසන්න ලෙස පෙනුනද මල, දුඹුරු සහ මෘදු ගතියෙන් යුක්ත බව සැක හැර දැන ගැනීම සඳහා සෝදා හැරීමට පෙර ඔබේ අසූචි දෙස නිතිපතා බැල්මක් හෙලන ලෙස වෛදයවරු නිර්දේශ කරති. පහ කල මල බොහොමයක් කළු හෝ සුදු වැනි අසාමාන්ය වර්ණයක් ගන්නේ නම්, එය ඔබ වෛද්යවරයෙකු හමුවීමට අවශ්ය සංඥාවක්, සළකුනක් ලෙස සැළකුව මනාය. ඉතා තද හෝ අධික ලෙස දියර ගති ඇති මල තිබීම ද එසේමය. ඔබ බීට් අනුභව නොකරම ඔබේ මලපහ රතු වී ඇත්නම්, එයද සැලකිලිමත් වීමට හේතුවක් විය හැකිය.
Curious Kids(The Conversation) හී පළවන Why is my poop brown? නම් ලිපිය ඇසුරෙන් සැකසිණ.