ප්ලාස්ටික් අපද්රව්ය සම්බන්ධයෙන්  කටයුතු කිරීම පිණිස ප්‍රායෝගික බුද්ධියට දැනෙන යෝජනාවක්

Posted by

ප්ලාස්ටික් අපද්රව්ය සම්බන්ධයෙන්  කටයුතු කිරීම පිණිස ප්‍රායෝගික බුද්ධියට දැනෙන යෝජනාවක්

ප්රමුඛ පෙළේ විද්යාඥයින් විසින් සකස් කරන ලද වාර්තාවකින් හෙළි වන්නේ  ඒක පුද්ගල ප්ලාස්ටික් අපද්රව්ය නිෂ්පාදන ප්‍රමාණය රාත්තල් 287 ක් වශයෙන් එක්සත් ජනපදය ප්ලාස්ටික් අපද්රව්ය නිපදවන ප්රමුඛයා වන බවයි. ප්ලාස්ටික් අපද්රව්ය සාගර අවහිර කරයි; ප්ලවාංග සහ තල්මසුන් විස වද්දයි.

එක්සත් ජනපදය ප්ලාස්ටික් අපද්රව්ය ජනනය කිරීමේදී ලෝකයේ  ප්රමුඛයා වන අතර සාගරවල යහ පැවැත්ම, සමුද්ර වනජීවී සහ අනෙකුත් ප්රජාවන් කෙරෙහි එහි විනාශකාරී බලපෑම් මැඩපැවැත්වීම සඳහා ලබන වසර අවසන් වන විට පුළුල් උපාය මාර්ගයක් අවශ්ය වේ යයි ජාතික විද්යා,  ඉංජිනේරු, සහ වෛද්ය විද්යා ඇකඩමියේ නව වාර්තාවක් නිගමනය කරයි.

A running list of action on plastic pollution

එක්සත් ජනපද කොංග්‍රෙස් මණ්ඩලයේ ඉල්ලීම පරිදි වාර්තාව සකස් කරන ලද්දේ ශාස්ත්‍රාලයීය විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් මගිනි. වාර්තාවෙහි එම විශේෂඥයින් විස්තර කරන පරිදි නිර්මාණය වී ඇති පාරිසරික අර්බුදය  සම්පූර්නයෙන්ම පාහේ ෆොසිල ඉන්ධන වලින් නිර්මිත ප්ලාස්ටික් නිෂ්පාදනය අඛණ්ඩව ඉහළ යන විට එම අර්බුදය වඩාත් නරක අතට හැරේ.

ඇත්ත වශයෙන්ම, අධ්‍යයනයේ ප්රධාන නිර්දේශවලින් පළමුවැන්න නම් මෙතරම් ප්ලාස්ටික් ප්‍රමාණයක් නිපදවීම නැවැත්වීමයි. විශේෂයෙන් නැවත භාවිතා කළ නොහැකි හෝ ප්රායෝගිකව ප්රතිචක්රීකරණය කළ නොහැකි ප්ලාස්ටික් ද්රව්ය නිපදවීම නැවැත්වීමයි. අනෙකුත් උපාය මාර්ග අතර වර්ජින් ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා ජාතික සීමාවක් පැනවිය යුතු යයි වාර්තාව මගින් යෝජනා කරන ලද අතර, ප්ලාස්ටික් වලින් සිදුවන දූෂණය සහ ඒ ආශ්රිත සෞඛ්ය හා පාරිසරික ගැටළු සියල්ල පාලනය කිරීමට එවැනි  පාලනයක් අවශ්ය වනු ඇතැයි වාර්තාවේ නිගමනය වේ.

“මෙහි ඇති මූලික ගැටලුව වන්නේ සාගරය ඇතුළු ස්වභාවික පරිසරයේ ප්ලාස්ටික් එකතු වීමයි” යනුවෙන්  වාර්තා කමිටුවේ සභාපතිත්වය දැරූ කැලිෆෝනියාවේ Monterey Bay Aquarium හි ප්‍රධාන සංරක්ෂණ සහ විද්‍යා නිලධාරිනී මාග්‍රට් ස්ප්‍රින්ග් සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. ඇය ප්ලාස්ටික් හැඳින්වූයේ “බොහෝ සේ ව්‍යාප්තවන්නා වූ, දිගටම නොනැසී පවතින  පාරිසරික දූෂක” ලෙසටය.  “අපි වෙනස් නොවන්නේ නම් (ඒවා මේ ආකාරයෙන්ම) දිගටම පවතිනු ඇති. අප වෙනස් විය යුතුමය. එය තමයි වෙනස් නොවන සත්‍යය. ” ඇය පෙන්වාදෙයි.

“මේ වාර්තාව ඓතිහාසික වශයෙන් වැදගත් වෙනවා” යයි පවසන්නේ පරිසර ආරක්ෂණ ඒජන්සියේ(Environmental Protection Agency  – EPA) ප්‍රාදේශීය පරිපාලක සහ පාරිසරික ආරක්ෂන කණ්ඩායමක් වන Beyond Plastic හි සභාපති ජුඩිත් එන්ක් ය.

“එය කොන්ග්‍රසයේ සෑම සාමාජිකයෙකුම කියවා, (ඒ අනුව) ක්‍රියා කළ යුතු කැපී පෙනෙන වාර්තාවක්” යැයි එන්ක් පවසයි. “ඒක කාලෝචිතයි. එය පරිවර්තනීය වන අතර එය විද්‍යාව මත පදනම් වූවක්.  අනාගතයේ වසර ගණනාවක් යනතුරුත් එහි සඳහන් කරුණු උපුටා දක්වනු ලැබෙනු ඇති”.

ප්ලාස්ටික් කර්මාන්තය වෙනුවෙන් පක්ෂපාත ව්‍යාපරයක් මෙහෙයවන ප්‍රමුඛ පෙළේ කණ්ඩායමක් වන ඇමරිකානු රසායන විද්‍යා කවුන්සිලය(American Chemistry Council) ජාතික ප්ලාස්ටික් උපාය මාර්ගයක් අවශ්‍ය බවට ප්‍රකාශයක් නිකුත් කරමින් එකඟත්වය පළ කර තිබේ.

එසේ නමුත් ප්ලාස්ටික් නිෂ්පාදනය කරන රසායනික සමාගම් ද ඇතුළත් මෙම සංවිධානය, ඇතැම් ප්ලාස්ටික් නිෂ්පාදන සීමා කිරීම(පිණිස වාරතාවෙන්) කර ඇති නිර්දේශය “නොමඟ යාම හේතුවෙන්” සිදු කල නිර්දේසයක් ලෙස හඳුන්වයි.

ප්ලාස්ටික් නිඋපදවීමේ දී සීමාවන් පැනවීම,  සැපයුම් දාම කඩාකප්පල් කිරීමටත්, දැනටමත් පීඩාවට  පත්ව සිටින පාරිභෝගිකයින් මත ආර්ථික හා උද්ධමනකාරී පීඩන මෙන්ම අහිතකර පාරිසරික ප්රතිඵලවලට තුඩු දෙනු ඇති බවට ඇමරිකානු රසායන විද්‍යා කවුන්සිලයේ ප්රකාශනයෙන් අනතුරු අඟවයි.

මෑතකදී සම්මත කරන ලද ඩොලර් ට්‍රිලියන 1.2 ද්විපාර්ශ්වික යටිතල පහසුකම් පනත් කෙටුම්පත යටතේ ප්‍රතිචක්‍රීකරණය සඳහා ඩොලර් මිලියන 350ක් කොංග්‍රසය ඇතුළත් කළ නමුත් පුළුල් ප්ලාස්ටික් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් නීති සම්පාදකයන් අතර බෙදීමක් ඇත. ප්ලාස්ටික් කරමාන්තය හා සම්බන්ධ නීති සම්පාදකයන්   “උසස් ප්‍රතිචක්‍රීකරණය” පිළිවෙත් වෙනුවෙන් පෙණී සිටින අතර සහ  ප්‍රගතිශීලී මතධාරී නීති සම්පාදකයෝ, වරක් පමනක් භාවිත කෙරෙන ප්ලාස්ටික් නිෂ්පාදනය  තහනම් කිරීම ඇතුළු ඇසුරුම් නිෂ්පාදකයින් විසින් අපද්‍රව්‍ය සහ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් කළමනාකරණය සහ මූල්‍යකරණය කල යුතු යයි බලකෙරෙන ප්‍රතිපත්ති කිහිපයක් ප්‍රවර්ධනය කිරීමට පෙළඹී සිටිති.

Preventing Ocean Pollution - Greenpeace USA

නොපිටට හැරවුණු ආශ්චර්යය

ප්ලාස්ටික් සොයා ගත් අවදියේ එය හඳුන්වනු ලැබුවේ “20 වැනි සියවසේ  විස්මයජනක සොයාගැනීම”ලෙසිනි.  “ගෝලීය සාගර ප්ලාස්ටික් අපද්‍රව්‍ය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ භූමිකාව” යනුවෙන් නම් කර ඇති මෙම වාර්තාව මගින් ද ප්ලාස්ටික් ඒ ආකාරයටම විස්තර කර ඇතත් එම විස්මයජනක නිෂ්පාදනය අද වන විට “අප බලන, බලන සෑම තැනකම පෙනෙන පරිදි ගෝලීය පරිමාණයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ‘මහෝඝයක්’ නිර්මාණය කර ඇත” යයි පිළිගනු ලැබ ඇත.

Galapagos Seawater, Marine Animals and Beaches Infested with Plastic  Pollution - QS Study
Remote Islands Shed Light on Extent of Worldwide Plastic Pollution

සිනිදු වැලි තලාවෙන් වැසුණු වෙරළ, ගල් සහිත වෙරළ තීර සහ මෝය මෙන්ම තෙත්බිම් පරිසරයන් ඇතුළු වෙරළ තීරයන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් යට වී ඇති බව වාර්තාව පෙන්වා දෙයි. 2019 දී, ජාත්‍යන්තර මට්ටමේ පිරිසිදු කිරීමේ ව්‍යාපාරයක් මගින්  ලොව පුරා සැතපුම් 24,000 කට වඩා වැඩි වෙරළ තීරයන්ගෙන් (උදාහරණයක් ලෙස, සිගරට් ෆිල්ටර්, ආහාර දවටන, බීම බෝතල් සහ කෑන්, බෑග්, බෝතල් මුඩි සහ බීම උරන බට) තනි තනි අයිතම මිලියන 32 කට වැඩියෙන් එකතු කරන ලදී.

Great 20th Century Inventions From 1900 to 1949

ප්ලාස්ටික් සුන්බුන් මුහුදු මතුපිට සිට මුහුදු පත්ල දක්වා පරාසය තුළ සොයා ගත හැකි අතර ප්ලවාංග(plankton) වැනි කුඩා ක්ෂුද්‍ර ජීවීන් සහ පෘථිවියේ විශාලතම ක්ෂීරපායින් වන තල්මසුන් විසින් අධිග්‍රහණය කර ගනු ලැබ ඇති බව වාර්තාව පවසයි. සෑම වසරකම ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් මිලියන 8ක් — වෙනත් අන්දමකට දක්වතොත් සෑම විනාඩියකටම කුණු පිරවූ ට්‍රක් රථයක ප්‍රමාණය — ලොව පුරා සාගරයවලට ඇතුළු වන බව ඇස්තමේන්තු කර ඇත.  එම අනුපාතය අනුව, 2030 වන විට සාගරයට මුදා හරින ප්ලාස්ටික් ප්‍රමාණය වසරකට මෙට්‍රික් ටොන් මිලියන 53 දක්වා නැතහොත්  වාර්ෂිකව සාගරයෙන් අල්ලා ගන්නා මුළු මසුන්ගේ බරෙන් අඩක් දක්වා ප්‍රමානයක් කරා ළඟා විය හැකි බව වාර්තාවේ දැක්වේ.

කෙසේ වෙතත්, ලෝක ජනගහනයෙන් සියයට 4.3 ක් පමණක් එක්සත් ජනපදයේ ජීවත් වන අතර, එම ජාතිය 2016 දී මෙට්‍රික් ටොන් මිලියන 42 ක් නිෂ්පාදනය කරමින්( පෞද්ගලිකව දක්වන්නේ නම් සෑම පුද්ගලයෙකුම  ප්ලාස්ටික් අපද්‍රව්‍ය රාත්තල් 287ක්) ප්ලාස්ටික් අපද්‍රව්‍ය   උත්පාදනය කරන ප්‍රමුඛයා බවට පත්ව ඇතැයි නිගමනය කිරීමට කමිටුවට හැකි විය.

එක් ගැටළුවක් වන්නේ ප්ලාස්ටික් නිෂ්පාදකයින් තම නිෂ්පාදන පහසුවෙන් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ආකාරයට නිපද වීමට වග බලා ගැනීමට තරම් ප්‍රමාණවත් ආකාරයෙන් ක්‍රියා නොකිරීම යයි  ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයේ හිටපු ඉහළ නිලධාරිනයක ද වූ  ස්ප්‍රින්ග් පෙන්වාදෙයි.  විවිධ වර්ගයේ ප්ලාස්ටික් වල විවිධ ස්වභාවය නිසා ගැටලුව වඩාත් සංකීර්ණ වූ බවයි  ඇගේ අදහස.

අන්තරායකර අපද්‍රව්‍ය සහ විෂ සහිත ජලය, සහ වායු දූෂණය සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා එක්සත් ජනපදය 1970 ගණන්වල සිට වැදගත් පාරිසරික ආරක්ෂණ නීති සම්මත කර ඇතත්, කොංග්‍රසය ප්ලාස්ටික් අපද්‍රව්‍ය  පුළුල්ලෙස ව්‍යාප්ත වීම ඉලක්ක කර අණ පණත් පනවා නොමැති බව වාර්තාව පෙන්වා දෙයි.

එක්සත් ජනපදය කගින් ඉ‍ටු කළ යුතු  අනෙකුත් නිර්දේශ හැටියට

  • වඩා ඉක්මනින් දිරාපත් වන හෝ වඩාත් පහසුවෙන් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි නව ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් ආදේශක සැලසුම් කිරීම.
  • විෂ සහිතබව සහ,  නැතහොත් අවශ්‍යතාවය මත පදනම් ව විශේෂිත කෙටි භාවිත ප්ලාස්ටික් නිෂ්පාදන තහනම් කිරීම ගැන සලකා බැලීම.
  • ඉවත දැමිය හැකි ප්ලාස්ටික් නිෂ්පාදන භාවිතය අවම කිරීම මගින් අපද්‍රව්‍ය ජනනය අවම කිරීම.
  • එකතු කිරීම සහ පිරියම් කිරීම(treatment) ඇතුළුව අපද්‍රව්‍ය කළමනාකරණය වැඩි දියුණු කිරීම සහ ජල මාර්ග හෝ සාගරයට ප්ලාස්ටික් හෝ ක්ෂුද්‍ර ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම සීමා කිරීම.
  • තද වසේ නිස්ස එකත්වෙන ජලය(stormwater), ගංගාවන්හී හෝ වෙරළ තීරයේ එකතු වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ කුණු එකතු කිරීමට වඩා හොඳ ක්‍රියා මාරග ගැනීම.
  • මුහුදට කුණු කසල දැමීම නැවැත්වීමට හැකි අයුරු නීති තදින් ක්‍රියාත්මක කිරීම.

වාර්තාවේ දැක්වේ.

Inside Climate News හී පලවෙන (A Commonsense Proposal to Deal With Plastics Pollution: Stop Making So Much Plastic) යන ලිපිය ඇසුරෙන් සැකසිණ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.