දිගුකාලීන කොවිඩ් සහ එන්නත්කරණයෙන් කලාතුරකින් ඇතිවන අතුරු ආබාධ ස්වයං ප්‍රතිශක්තිය මගින් පැහැදිලි කර ගැනීමේ හැකියාවක් තිබිය හැකියි

Posted by

දිගුකාලීන කොවිඩ්(long COVID) සහ එන්නත්කරණයෙන් කලාතුරකින් ඇතිවන අතුරු ආබාධ ස්වයං ප්රතිශක්තිය මගින් පැහැදිලි කර ගැනීමේ හැකියාවක් තිබිය හැකියි.

නව අධ්‍යනයක්, ස්වයං ප්‍රතිශක්තිය  සහ දිගුකාලීන කොවිඩ් සම්බන්ධයෙන් ස්වයං ප්‍රතිශක්තිය ඉ‍ටු කරන සෛද්ධාන්තික කාර්යභාරය ගැන විමර්ශනයක් කරයි.

Danish Health Authority

SARS-CoV-2 වෛරසයට දක්වන  සංකීර්ණ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයන් COVID-19 හි දිගුකාලීන බලපෑම් පැහැදිලි කිරීමට උපකාරී විය හැකි බවට මෑතක දී New England Journal of Medicine සඟරාවට ලිපියක් සපයමින් පර්යේෂකයන් කණ්ඩායමක් අදහස් දක්වති. ඔවුන් උපකල්පනය කරන්නේ COVID-19 එන්නතෙන් ඇතිවන දුර්ලභ, බරපතල අතුරු ආබාධ සඳහා මෙම ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණ දායක විය හැකි බවයි.

ලිපියෙහි, සම කතුවරුන් වන ආචාර්ය විලියම් ජේ. මර්ෆි සහ වෛද්‍ය ඩෑන් එල්. ලොන්ගො පැහැදිලි කර දෙන ආකාරයට ලෝක ව්‍යාප්ත SARS-CoV-2 වසංගතයේ  කැපී පෙණෙන සංකූලතාවලට හේතු වන යාන්ත්‍රණය,  ස්වයං ප්‍රතිශක්තිකරණය (autoimmunity) විය හැකිය.

ස්වයං ප්‍රතිශක්තිය (autoimmunity)

අපගේ ශරීර වෛරසයකට – හෝ කිසියම් ආසාදනයකට නිරාවරණය වූ විට – ශරීරය ආක්‍රමණික වෛරසයේ ඇති ප්‍රෝටීන සහ අනෙකුත් අණු “අපට(සිරුරට) අයත් නොවන්නක්” ලෙස හඳුනා ගනී. විද්‍යාඥයන් මෙය හඳුන්වන්නේ ප්‍රතිදේහජනකයක්(an antigen) ලෙසයි.

එවිට අප(සිරුර) එම ප්‍රතිදේහජනකයට පහර දීම සඳහා අපගේ(සිරුරෙහි) ප්‍රතිශක්තිකරණ වර්ධනය් කර ගන්නෙමු. එමනිසා, අප(සිරුර) SARS-CoV-2 වෛරසය වැනි රෝග බෝ කරන ආක්‍රමණිකයන් උදාසීන කිරීමට උත්සාහ කරමු.

ආක්‍රමණශීලී වෛරසයේ ප්‍රෝටීන වලට පහර දීමට අපි අපගේ ප්‍රතිදේහ භාවිතා කරාට පසු  උදාසීන කරවන සුළු මෙම ප්‍රතිදේහ-ප්‍රතිදේහජනක සංකීර්ණවල කොටස්ම වුව අපගේ ශරීරය මගින්  “අපට(සිරුරට) අයත් නොවන්නක්”  ලෙසද බලනු ලැබිය හැකිය. අපට ද්විතියික ප්‍රතිදේහ සෑදිය හැකි අතර ඒවා හැඳින්වෙන්නේ (ජානවලින් උරුම වන ලක්ෂණ සහිත) ප්‍රති-ස්වදර්ශ ප්‍රතිදේහ(anti-idiotype antibodies) ලෙසටය.

ප්‍රති-ස්වදර්ශ ප්‍රතිදේහ(|anti-idiotype antibodies)

ප්‍රති-ස්වදර්ශ ප්‍රතිදේහවල කාර්ය නැතිනම්අරමුණ කුමක්ද? පළමු පෙළ නැතිනම් ඉදිරි පෙළ ප්‍රතිශක්තිකරණයෙන් ලබාදෙන මූලික ප්‍රතිලාභවලින් පසුව, අභියෝගවලට දක්වන අපගේ ප්‍රතිචාරය වර්ධනය අඩුකිරීම පිණිස උත්සාහ කිරීම සඳහා අපගේ ශරීරයට ස්වභාවික ක්‍රියාදාම තිබේ. මෙම ක්‍රියාදාම අඩු නියාමනය(downregulation) ලෙස හැඳින්වේ.(අඩු නියාමනය යනු බාහිර උත්තේජකයකට ප්‍රතිචාර වශයෙන් RNA හෝ ප්‍රෝටීන් වැනි සෛලීය සංරචකයක ප්‍රමාණය අඩු කරන ක්‍රියාවලියයි. එවැනි සංරචකවල වැඩි වීමක් ඇතුළත් වන අනුපූරක ක්‍රියාවලිය අධි නියාමනය(upregulation) ලෙස හැඳින්වේ — විකිපීඩියා)

අඩු නියාමනය  සාක්ෂාත් කර ගැනීම පිණිස අපගේ ශරීරයේ අනුගමනය කරන එක් ක්‍රමයකි ප්‍රති-ස්වදර්ශ ප්‍රතිදේහ නිෂ්පාදනය.  කෙසේ වෙතත්, ප්‍රති-ස්වදර්ශ ප්‍රතිදේහ පැවතීම හේතුවෙන් අනපේක්ෂිත ඍණාත්මක බලපෑම් ඇති කළ හැකිය.

පළමුව, ඒවාට අපගේ ආසාදනවල්ට එරෙහිව සටන් කරන මුලින්ම ප්‍රතිචාර දක්වන අපගේ ප්‍රතිදේහ උදාසීන කළ හැකිය, එවිට,  ආසාදනය දිගටම පැවතුනහොත් එයට එරෙහිව සටන් කිරීමට අපගේ ශරීරයට ඇති හැකියාවට එවායින් බාධා පමිණේ.

දෙවනුව, ඒවාට මුල් ආක්‍රමණික සජීවියා අනුකරණය කරමින් අපගේ සෛල සමඟ (ආක්‍රමණික සජීවියා කරන ආකාරයටම) එකම ආකාරයකින් බැඳිය හැකිය. මෙය ආසාදනය හේතුවෙන් හටගන්නා රෝග සමාන රෝග ලක්ෂණ ඇති කරයි න් ඇතqහොත් අපගේ නිරෝගී සෛල වලට ප්‍රතිශක්තිකරණ සෛල ප්‍රහාරයක් ඇති කරයි.

ප්‍රති-ස්වදර්ශ ප්‍රතිදේහ මගින් හටගන්වන මෙම අනුකරණකාරී හැසිරීම ගවාදී සතුන්ගේ වෛරසමය පාචනය වැනි ආකෘතිවල දැනටමත් පෙන්නුම් කර ඇති බව ආචාර්ය මර්ෆි සහ ලෝන්ගෝ පෙන්වාදෙති.

බලපෑම් බේරුම් කරන එමෙන්ම සඵලත්වය සිමාකෙරෙන ප්‍රති-ස්වදර්ශ ප්‍රතිදේහ පිළිබඳ මෙම  සංකල්පය,  ආරක්ෂක ප්රතිදේහ ප්රතිචාර ඵලදායීතාව හා පවතින කාලසීමාව වැඩි කරන්නේ කෙසේද යන්න  තේරුම් ගැනීම කෙරෙහි සැලකියයුතු බලපෑමක් ඇති විය හැකිය” යි Medical News Today වෙත අදහස් දක්වමින් වෛද්‍ය මර් ‍ෆි අවධාරනය කරයි, ” ඔවුන්ගේ ප්‍රති-ස්වදර්ශ ප්‍රතිදේහ ප්‍රතිචාර මත පදනම්ව රෝගීන් අවදානමට ලක්ව තිබේද යන්න හෝ චිකිත්සක මැදිහත්වීම් වර්ධනය කිරීමට ඉඩ සලසන්නේද යන්න නිර්ණයකර ගැනීමට එය අපට උපකාර වන්නට ද පුළුවන.

LONG COVID: The Long-Term Effects of COVID-19 - Vejthani Hospital

ශූල(උල්) ප්‍රෝටීන(Spike proteins)

ප්‍රෝටීනය වෛරසයේ මතුපිට ඇති  SARS-CoV-2  ශූල ප්‍රෝටීන       අපගේ සෛල මත  එන්සයිම 2 ප්‍රතිග්‍රාහක (ACE2) වෙනස් කරමින් රුධිර වාහිනී  පටු බවට පත් කරන ද්‍රව්‍යයක්වන ඇන්ජියෝටෙන්සින්(angiotensin) සමඟ බන්ධනය වේ.

Aඡ්E2 ප්‍රතිග්‍රාහක පෙනහළු, හදවත, වකුගඩු, ස්නායු සහ මොළය ඇතුළත ශරීරය පුරා බොහෝ සෛල මත පවතී. එබැවින්, මෙම ප්‍රතිග්‍රාහක බන්ධනය කරන වෛරස් ප්‍රෝටීන් ඇතුළු ඕනෑම ප්‍රෝටීනයක්,  අපගේ සෞඛ්‍යයට ප්‍රබල ලෙස බලපෑ හකියි. සෛලයට බැඳුණු පසු, ස්පයික් හෙවත් ශූල ප්‍රෝටීනය වෛරසයට එයට ඇතුළු වීමට ඉඩ සලසයි. එහෙත්, ස්පයික් ප්‍රෝටීන වල ඍණාත්මක බලපෑම් ද්වාරයක් සොයාගැනීමෙන් පමණක් සෑහීමකට පත් නොවේ.

ACE2 ප්‍රතිග්‍රාහක බන්ධනය වීමෙන්, ස්පයික් ප්‍රෝටීන්වලට නිරෝගී සෛල ක්‍රියාකාරිත්වය මර්දනය කරන්නත් ඉදිමුම ඇතිකරන  ප්‍රෝටීන මුදා හැරීම උත්තේජනය කරන්නත් පුළුවන.

වෛරසය අනුකරණයකිරීම

අපිපළමු පෙළ ප්‍රතිදේහ නිපදවන්නේ එන්නතෙන්ද,   නැතහොත් SARS-CoV-2  ආසාදනයකින් ද යන්න නොසලකා  SARS-CoV-2 ආසාදනයට සමාන රෝග ලක්ෂණ සහ අතුරු ආබාධ ඇති කිරීමට ප්‍රති-ස්වදර්ශ ප්‍රතිදේහවලට හැකියාව ඇත. ඒවා, මෙම කාර්ය ඉ‍ටුකරගනු ලබන්නේ ACE2 ප්‍රතිග්‍රාහකයට බැඳීමෙනි.

වෛද් මර්ෆි මෙසේ පැහැදිලි කරයි:

“SARS-CoV-2 ආසාදන ප්‍රතිචාර සහ එන්නත් ප්‍රතිචාර යන දෙකෙහිම පර්යේෂණවලින් අතිමහත් බහුතරයක් කේන්ද්‍රගත වන්නේ ආරක්ෂිත ප්‍රතිදේහ සහ T සෛල ප්‍රතිචාර මත පමණි. ප්‍රතිචාර සහ කාලසීමාව යන දෙකටම සීමා කළ හැකි ප්‍රතිශක්තිකරණ මාර්ග පිළිබඳ මූලික පර්යේෂණ සඳහා තවත් බොහෝ ආයෝජන අවශ්‍ය වේ,”

“එන්නත්  මත ම ජනතාවගේ දැඩි යැපීම සහ වෛරස් ප්‍රභේද මතුවීමත් සමඟ ප්‍රතිශක්ති ප්‍රතිචාර ඉහළ නැංවීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගන්නාවිට පෙණී යන්නේ, අදාල යාන්ත්‍රණ අවබෝධ කර ගැනීම උදෙසා පූර්ව සායනික ආකෘති භාවිතා කරමින් තව තවත්  පර්යේෂණ වෙත යොමු වීම අත්‍යවශ්‍ය බවයි. කෙලින්ම කියනවා නම් මේ කටයුත්ත ප්‍රමාණවත් ලෙස සිදු කර නැහැ.”

විද්යාඥයන් පළ කරන මත:

ඕස්ට්‍රේලියාවේ, මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් වන ආචාර්ය ක්ලෝඩියා නෝල්ඩ්-පෙට්‍රි සහ මහාචාර්ය මාර්සෙල් නෝල්ඩ් ද Medica News Today වෙත සිය අදහස් දැක්වූහ. COVID-19 එන්නත් මෙන්ම එම  රෝගය යන දෙකටම සම්බන්ධ සංකූලතාවලදී ප්‍රති-ස්වදර්ශ ප්‍රතිදේහවල ඉ‍ටුකරන විශාල කාර්ය භාරය ගැන ඔවුහු  සාකච්ඡා කළහ:

“SARS-CoV-2 ප්‍රභේද ඇතුළුව COVID-19 හි අහිතකර සිදුවීම්(ඒවායින් සමහරක් අනෙක් ඒවාට වඩා වැඩි වැඩියෙන් ගැටළු සහගත ප්‍රති-ස්වදර්ශ ප්‍රතිදේහ ඇති කළ හැකිය!) අවබෝධ කර ගැනීමේ ලා, මූලික පර්යේෂණ මගින් ඉදිරිපත් කරන ලද උපකල්පන තහවුරු වීඑම යහපත් වර්ධනයක් ලෙස සාදරයෙන් පිළිගත හැකිය.”

වෛද්යමය අනුමිති(Medical implications)

මෙම පර්යේෂණයෙහි වෛද්‍යමය අනුමිති සම්බන්ධයෙන් ආචාර්ය ක්ලෝඩියා නෝල්ඩ්-පෙට්‍රි සහ මහාචාර්ය මාර්සෙල් නෝල්ඩ්  Medica News Today වෙත මෙසේ අදහස්  දක්වයි:

“මෙම ලිපිය ක්‍රියාවට ලක් කළ හැකි  හැකි යාන්ත්රණයක් පිළිබඳ උපකල්පනයක් ඉදිරිපත් කරයි, දැන් පර්යේෂණ යොමු කළ යුත්තේ මෙය ඇත්ත වශයෙන්ම සිදු වන්නේ දැයි සොයා බැලීම සඳහාය. SARS-CoV-2 රෝගීන් තුළ ACE2 විරෝධී ප්‍රති-ස්වදර්ශ ප්‍රතිදේහ  පවතින බව පෙන්නුම් කරන මෑත ප්‍රකාශනයක් මෙයට ප්‍රධාන සාධකයක් විය හැකිය.”

Medica News Today හී පළවන Autoimmunity may explain long COVID and rare vaccine side effects යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.