වාෂ්පයෙහි ජලය තිබේ නම් ගින්නකින් නැගෙන දුමෙහි ඇත්තේ මොනවාද?
උඩට ගිහින් අතුරුදන්වෙලා යන ජලය වාෂ්පයෙහි තිබේ නම් ගින්නකින් නැගෙන දුමෙහි අඩංගුව ඇත්තේ මොනවාද? නයිජීරියාවේ 8 හැවිරිදි අමාසි-මාරියෝ අහන මේ ප්‍රශ්නයට Curious Kids වෙනුවෙන් පිළිතුරු දෙන්නේ ජොහැනස්බර්ග්, විට්වෝටසෑන්ඩ් විශ්වවිද්‍යාලයෙහි (University of the Witwatersrand ProfileArticlesActivity) පරිසරවිද්‍යා මහාචාර්ය සැලී ආර්චිබෝල්ඩ්

මහාචාර්ය සැලී ආර්චිබෝල්ඩ්: ඔයා අහලා තියෙන්නේ බොහොම වැදගත් ප්‍රශ්නයක්, අමාසි-මාරියෝ ලොව පුරා බොහොම දෙනෙක් මේක සිද්ද්වෙන්නේ කොහොමද කියන එක ගැන විස්මයට පත්වෙනවා.
සවානා තණ බිම්, වනාන්තර වගේ ස්වභාවික අවකාශවල දී ගිනි හටගන්නේ කෙසේද, ඒ වගේම එම ගිනි පරිසරය්ට සිදුවන්නේ යන්න ගැන අධ්‍යනයේ යෙදෙන විද්‍යාඥායෙකු වන Z මමත් ඒ විශ්මයට පත්වෙන පිරිස අතර එක් කෙනෙක්.
නයිජීරියාවේ ජීවත් වන ඔබ බොහෝ විට ලැව් ගිනි බොහොමයක්ම දැක ඇතුවාට සැකයක් නැහැ; ගිනි අතුරෙන් සමහරක් ඔබව උණුසුම්ව තබා ගැනීමට ඔබට පිහිටවන නිවසේ ඇතුලී තිබෙන ගිනි. තවත් සමහරක් ලැව් ගිනි. ඔබට දැනී ගොස් ඇති හැම ගින්නකින්ම එක සමාන ආකාරයක දුම් හට නොගන්නා බව. මේකට හේතු කිහිපයක්ම තියනවා. අපි පැහැදිලි කර ගමු.
දුම සමන්විතවන්නේ කුමකින් ද?
ගිනි අවිලෙන විට විට ඒවා ශාක “භක්ෂණය කරයි”( ගිල ගනී). ගින්නක් නිමාවෙන විට ගින්නට කලින් කලින් තිබූ වෘක්ෂලතාදිය සියල්ල අහෝසි වී ගොසින්ය. ශාක ඔවුන්ගේ මුල් හෝ බීජ වලින් නැවත වර්ධනය විය යුතුය. කෙසේ වෙතත්, එම ශාකමය ද්රව්යය සියල්ල අතුරුදහන් වී නැත: ඉන් බොහොමයක්ම දුම් ලෙස අහසට නැඟී ගොසිනි. අප්‍රිකානු සැවානාවල ඇති වන විශාල ලැව්ගිනි වැනි විශාල ලැව්ගිනි කෙතරම් දුමාරයක් ඇති කළ හැකිද කිව්වොත් එම දුම් අහසේ වලාකුළු හට ගන් වනවා සේ පෙනී යා හැකි තමයි. බාගදා අමාසි-මාරියෝ වාෂ්ප හා දුම ගැන ප්රශ්නය අහන්නත් ඇත්තේ ඒ නිසා වෙන්න පුළුවන්.

ගින්නකින් පිටවන දුමාරය බොහොමයක් ඇත්ත වශයෙන්ම වාෂ්පය තමයි. ගිනිදැල්වල තාපයෙන් ශාකයේ ඇති සියලුම ජලය වාෂ්ප වී, ජල වාෂ්ප ලෙස දුමාරයට එක්වෙනවා. ජලය නිමාවීමෙන් පසු එවිට, ගින්නෙන් ශාක පත්‍ර සහ කඳන් පිළිස්සී ගොස් කාබන් ඩයොක්සයිඩ් නම් වායුවක් බවට පත් වෙනවා.
ශාක පුළුස්සා දමන විට ගින්නක් කරන්නේ අප ශාක අනුභව කරන විට අපගේ ශරීරය කරන දෙයම ය: එනම්, ඒවා ශාකයේ ගබඩා කර ඇති ශක්තිය මුදා හැරීමයි. අපි කෑම කනවා: ඔක්සිජන් ආශ්වාස කරනවා. එම ඔක්සිජන්, ආහාර වලින් ලැබෙන කාබන් වලට එකතු වන අතර අප ප්‍රාශ්වාස කරන කාබන් ඩයොක්සයිඩ් නිපදවයි. මෙය අපට ශක්තිය ලබා දෙයි. ශාක “භක්ෂණය” සඳහා ගින්නට ද ඔක්සිජන් අවශ්ය වේ. සමහර විට ප්‍රමාණවත් තරමට ඔක්සිජන් නොමැති විට ඒවා (ශාක) , කාබන් ඩයොක්සයිඩ් වෙනුවට කාබන් මොනොක්සයිඩ් හෝ මීතේන් ප්‍රාශ්වාස කරයි, නමුත් මෙම වායූ සියල්ලම දුමාරය තුළ වාතයට එක්වී ඉහළයයි.
කෙසේ වෙතත්, ශාකයේ සෑම කොටසක්ම ගින්නක් තුළ කාබන් ඩයොක්සයිඩ් බවට පත් වන්නේ නැහැ. සමහර ඉතා කුඩා අළු අංශු සහ දැලි(දුඹුල්) අංශු දහනය නොකෙරන අතර, නමුත් ජල වාෂ්ප සහ කාබන් ඩයොක්සයිඩ් වායුව මගින් අහසට ගෙන යනු ලැබෙනවා.. අපි මේවා හඳුන්වන්නේ ‘එයරසෝල’ (ඉතා කුඩා අංශු වායුවක විසිර තිබෙන පද්ධතිය) ලෙසයි: වායුවක් නොවුණත් අහසේ රැඳී සිටීමට තරම් සැහැල්ලු කුඩා අංශු. සමහර විට දුමාරයට අළු හෝ කළු පැහැය ලබා දෙන්නේ මෙම එයරසෝලය.
ඉතින්, ජලය “ජල චක්‍රයක්” ලෙස ඝන තත්ත්වයේ සිට සූර්යයාගේ ශක්තියේ ආධාරයෙන් ද්‍රවයක් දක්වා මෙන්ම වායුවක් දක්වා වෙනස් වෙමින් පෘථිවිය පුරා සංචලනය කරනවා සේම කාබන් ද “කාබන් චක්‍රයක්” ලෙස පෘථිවිය පුරා ගමන් කරනවා. ශාකවල ඝන කාබන් නැවත කාබන්ඩයොක්සයිඩ් වායුව බවට පත් කරන ගින්න, එම චක්‍රයේ කොටසක්. අපි ශාක(කොටස්) අනුභව කරන විට කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරන්නා සේම(ප්‍රාශ්වාස කරන්නා සේම), ශාක දැවෙන විට කාබන් ඩයොක්සයිඩ් වායුව සහ අනෙකුත් කුඩා අංශු පිට කරයි(ප්‍රාශ්වාස කරයි).

තව තවත් ඉගෙන ගන්න
මම කලින් කිව්වා වගේ හැම ගින්දරකින්ම එක වගේ දුමක් එන්නේ නැති බව ඔබටත් තේරුම් යනවා ඇති. මක්නිසාද යත්, කාලගුණය සහ පිළිස්සෙන්නේ කුමන ආකාරයේ ශාකද යන්න මත, ගින්නකින් හටගන්නා එයරසෝල, ජල වාෂ්ප සහ අනෙකුත් වායූන් ප්‍රමාණය වෙනස් වන බැවිනි. මේ මොහොතේ ද මම සහ අනෙකුත් විද්‍යාඥයින් පසුවෙන්නේ වසරේ අප්‍රිකාවේ විවිධ කාලවලදී ඇතිවන ලැව්ගිනි ගැන අධ්‍යයනය කරමිනුයි: අපට අවශ්‍ය වන්නේ මෙම ලැව්ගිනිවලින් පිටවන දුම වසර පුරා වෙනස් වන ආකාරය බැලීමටයි.
අපි මේක කරන විදිහ හරිම ආස්වාදජනකයි. අපි කරන්නේ ඩ්‍රෝන නම් කුඩා හෙලිකොප්ටර් යන්ත්‍ර දුමාරය තුළට යවලා දුම් පැකැට්ටු(packets of the smoke ) හසු කර ගන්නා එකයි එසේ හසු කර ගන්නේ දුම සෑදී ඇත්තේ කුමකින් දැයි අපට දැකගත හැකි වන අන්දමටයි. ඔබත් බාගවිට දන්නා අන්දමට ඩ්‍රෝන යානා පියාසර කරවන්නේ මිනිසුන් ඒ තුළ නොමැතිවයි – එල්සේ කිසිවෙකු ඒ තුළ සිටීම ඇත්තටම අනතුරුදායක වනු ඇති. එබැවින් ඔබ ඔබේ රූපවාහිනිය සඳහා භාවිතා කරන මාදිලියක වගේ දුරස්ථ පාලකයක්(remote) මගින් තමයි ඩ්‍රෝන යාත්‍රාවක් පාලනය වෙන්නේ.
දුම අධ්‍යයනය කිරීම සඳහා විද්‍යාඥයන් ඩ්‍රෝන යානයක් ගින්නක් තුළට පියාසර කරවමින් (වීඩියොවක් මෙතැනින් නරඹන්නhttps://youtu.be/oUuqiKJfNN4) …
එහෙම ඩ්‍රෝන යානාවක් යවලා ලබා ගත්තු දුම් පැකැට්‍ටුවල මෙම දුම් සාම්පල රසායනාගාරය වෙත ගෙන ගොස් දුමාරයේ ජල වාෂ්ප, කාබන් ඩයොක්සයිඩ් සහ එයරොසෝල් කොපමණ ඇත්දැයි අපි සොයා බලනවා. මෙය අපට කාබන් චක්‍රය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට උපකාරී වෙනවා. එපමණක් නොවෙයි දුමෙන් මිනිසුන්ට හෝ පරිසරයට හෝ හානියක් නොවන ආකාරයකට භූමිය ගිනි තැබිය යුත්තේ කවර විටක ද, මෙන්ම කෙසේද යන්න තීරණය කිරීමටත් ඇත්තටම පිටිවහලක් වේවි.
(මේ විෂයට අදාලව මෙයට වඩා ගැඹුරින් කරුණු කාරණා දැන ගැනීමට කැමැති පාඨකයනට, ගින්න(අග්නි) ගැන පළ වූ ලිපි පෙලක්ම thathu.com ලේඛනාගාරය පිරික්සීමෙන් සොයා ගත හැකිය – සංස්කාරක)
Curious Kids – Decembar 9, 2021(The Conversation) හි පළවන If steam contains water, what does smoke from fire contain? නම් ලිපිය අසුරෙනි