ආපසු හැරී බැලීමක්: 2021 හැඩ ගැස්වූ විදු පුවත්

Posted by

ආපසු හැරී බැලීමක්: 2021 හැඩ ගැස්වූ විදු පුවත්

2020 වර්ෂයේ දී මෙන්ම 2021 දී ද ලොව පුරා ප්‍රමුඛ ප්‍රවෘත්ති බවට පත්වූයේ කොවිඩ්-19 ගෝලීය වසංගතයට අදාල තොරතුරුයි. කොවිඩ් හට ගන්වන SARS-CoV-2  ට එරෙහිව එන්නත් නිපදවීමට විද්‍යාඥයන් හිතකර තඟකාරිත්වයකින් යුතුව යුහුසුලු වූ අතර විෂමතාවකින් යුතුව වුවත් ප්ජලදායී එන්නත් ජනතාවන්ට ලබාදීමට හැකිවිණ. එහෙත් විඅරසයේ තර්ජනය තවදුරටත් ඉදිරියට යමින් නොයෙක් ප්‍රභේද හටගන්නට පටන් ගත්තේ විද්‍යාඥයන්ට තව තවත් අභියෝග ගෙන එමිනි. අලුත්ම විචලකය ඔම්ක්‍රොන් පූර්න පරීක්ෂාවකට ලක්වන්නට තවම කල් මදිය. කෙසේවෙතත්, විද්‍යාඥයන්ගේ ප්‍රයත්න නොවන්නට මානව වර්ගයා කෙතරම් දුක් පීඩාවන්ට ලක්ව අසරන වේ දැයි සිතා ගැනීම අපහසු නැත.

2021 දී ගෝලීය වසංගතය ප්‍රමුඛ වුවත් විදු ලොව තනිකරම ඉන් වැසී ගියේ නැත. නොයෙකුත් ක්‍රියා කාරකම්  — ඒ අතුරෙන් සමහරක් ජයග්‍රහන ද දැකිය හැකිවිය  — ලොව නන් දෙසින්  වාර්තා විය. මෙවායින් සමහරක් thathu.com හි අපි ඔබ හමුවට ගෙන ආවෙමු. අදත් හෙටත් thathu වෙන් වන්නේ වසර අවසානයේ Nature සඟරාවෙහි ප්‍රවෘත්ති කතෲවරුන් වැදගත්ම කතා ලෙස ‍තෝර ගෙන ඉදිරිපත් කරනු ලබන ගෙන සංක්ෂිප්ත වාර්තා කිහිපයකටයි.

The biggest science news of 2021: Learn the pros and cons of working from  home during the covid-19 pandemic - Fuentitech

කොරෝනා වයිරස් ප්රභේද එන්නත් ආරක්ෂාවට තර්ජනයක් විය

වසර ආරම්භ වූයේත් – එසේම අවසන් වන්නේත් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින SARS-CoV-2  කොරෝනා වයිරසයේ ප්‍රභේද ගැන වැඩිදුර දැන ගැනීමට පර්යේෂකයන් දැඩි ප්‍රයතනයන් හී යෙදී සිටිද්දීය.  COVID-19 එන්නත් බොහෝ දුරට 2020 අග සහ 2021 මුල් භාගයේදී ඉස්මතු වූ ප්‍රභේදවලට බලවත්ව ප්‍රතිචාර දැක් වූ අතර එම ප්‍රභේද  ඇල්ෆා, බීටා සහ ගැමා ලෙස නම් කෙරිණ. එසේනමුත්, ඊළඟට  ඩෙල්ටා පැමිණියේය. මාර්තු මාසයේදී, මෙම ප්‍රභේදය භයානක වේගයකින්  දරුණු ලෙස ඉන්දියාව හරහා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට පටන් ගත්තේ  එන්නත් කිරීමේ වැඩසටහන් ඒ වනවිටත් සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන නොතිබූ රටක මරණ සහ රෝහල් ගතවීම්  ඉහළ නංවමිණි. අධික ලෙස සම්ප්‍රේෂණය විය හැකි මේ ප්‍රභේදය එතැන් සිට ලොව පුරා ව්‍යාප්ත වන්නට වූයේ,  එහි ගමන් මාවතේ විනාශය සහ ජන ජීවිතය අවුල් කරන සීමා කිරීම් සළකුණු කරමිනි.

Coronavirus News Updates: Kerala reports its first Omicron variant case -  The Economic Times

කොරෝනා වයිරස් ප්‍රභේද එන්නත්වල ආරක්ෂාවට තර්ජනයකි

දත්ත ගලා එන්නට පටන්ගත්තේ එන්නත්, COVID-19 හි දරුණුතම ප්‍රතිවිපාක අත්විඳීමෙන් ජනතාව ආරක්ෂා කරන බව නැවත් වරක් පෙන්නුම් කරමිනි. එහෙත්, වෙනත් ප්‍රභේදවලට වඩා ඩෙල්ටාවට එරෙහිව එන්නත් මාත්‍රාවල ආරක්ෂිත බව අඩු බවක් පෙණී යන්නට විය. නොවැම්බර් අගදී ඉතිහාසය ආයෙත් හරවන සිද්ධියක් හට ගති:  සැලකිල්ල දැක්විය යුතු නවතම ප්‍රභේදය ලෙස ඔමික්‍රොන් කඩා පාත්වින.  මුල් දත්ත පෙන්නුම් කරන්නේ  එන්නත්වලින් ලැබෙන  ප්රතිශක්තිය එයින් සැලකිය යුතු ලෙස බිඳ හෙළන නමුත් අතිරේක එන්නත් මාත්රාවලින් – බූස්ටර එන්නත්වලින් – තත්වය යහපත් අතට හරවා ගත හැකි බවයි.

Landing Toolkit: Perseverance Rover - NASA Mars

ග්‍රහලෝක ගවේෂණය කේන්ද්‍රය අඟහරු ග්‍රහයා බවට පත්වෙයි

NASA හි Perseverance රෝවරය  රතු ග්‍රහලෝකයට පෙබරවාරි 18 වන දින ගොඩ බැස්ස වූයේ  අඟහරු ලොව ගවේෂණයෙහි නව යුගයක් ආරම්භ කරමිණි. එහි ගොඩබෑමෙන් පසුව Perseverance රෝවරය  කුඩා හෙලිකොප්ටරයක් සේවය සඳහා යෙදවීය. මෙය නව වාර්තාවකි: වෙනත් ලෝකයක දි බලශක්තිය යොදා ගනිමින්  යානයක්  පියාසැරිය සම්පූර්ණ කළ ප්‍රථම අවස්ථාව මෙය විය. ආරම්භක අසාර්ථක උත්සාහයකින් පසුව, සැප්තැම්බර් මාසයේදී, රෝවරය  සැලසුම් කර තිබූ පරිදි අඟහරු පොළවින් පාෂාණයේ පළමු සාම්පල සරඹ ගබඩා කර තැබූ අතර, අනාගත අභ්‍යවකාශ මෙහෙයුම් මගින් ඒවා ලබා ගන්නා අතර එමඟින් පෘථිවියේ විද්‍යාඥයින්ට අතීත ජීවිතයේ සලකුණු සඳහා ඒවා විශ්ලේෂණය කළ හැකිය.

2021 දී රතු ග්‍රහලෝකය වෙත  සිදු කල  මෙහෙයුම් තුනෙන් එකකි Perseverance මෙහෙයුම: චීනයේ පළමු අඟහරු මෙහෙයුම වන Tianwen-1 හි කොටසක් ලෙස මැයි 15 වන දින Zhurong රෝවරය රතු ග්‍රහයා මත ගොඩ බස්සවන ලදී. එය එම ග්‍රහලෝකයේ උතුරු අර්ධගෝලයේ කලින් ගවේෂණය නොකළ ප්‍රදේශයකින් භූ විද්‍යාත්මක දත්ත රාශියක් රැස් කර ගැනීමට සම්ත් විය. 

2021 වසර මුලදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි ප්‍රථම අන්තර් ග්‍රහලෝක මෙහෙයුමේදී,  එරට Hඔපෙ අභ්‍යවකාශ යානය ග්‍රහලෝකය වටා කක්ෂයක ස්ථාන ගත කෙරුණේ, පසුව අඟහරු ග්‍රහයාගේ ‘ඌෂාලෝක'(aurora) වල පින්තූර ගනිමිනි. ඌෂාලෝක යනු සූර්ය සුළඟ, ග්‍රහලෝකයේ චුම්භක ක්ෂේත්‍ර සමඟ අන්තර්ක්‍රියා කිරීමෙන් පැන නගින පාරජම්බුල විමෝචනයි.

a) Schematic representation of the Muon g − 2 experiment and (b) when... |  Download Scientific Diagram

Muon හෙවත් මියුසෝන සන්ධිස්ථානය භෞතික විද්යාවේ ප්රධාන වෙනස්කම් සඳහා දොරටු පාදයි

ඉලිනොයිස් හි චිකාගෝ අසල Fermi National Accelerator පර්යේෂණාගාරයේ Muon g – 2 අත්හදා බැලීම හා සම්බන්ධ පර්යේෂකයෝ අප්‍රේල් 7 වන දින සිදු කළ වෙබ් විකාශනයකදී(අන්තර්ජාලය හරහා කෙරෙන සජීවී වීඩියෝ විකාශය), Muons, — එනම් විශාල, අස්ථායී ඉලෙක්ට්‍රෝන වැනි අංශු —  මුලින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා චුම්බක බව වාර්තා කළහ. දශක ගණනාවකට පෙර, පර්යේෂණයේ පෙර අනුවාදයකින් ඉඟි කෙරුණේ, අංශු භෞතික විද්‍යාවේ(particle physics) සම්මත ආකෘතිය මත පදනම්ව භෞතික විද්‍යාඥයින්ගේ ගණනය කිරීම් යෝජනා කරන ආකාරයට Muons හැසිරෙන්නේ නැති බවයි.

මෙම වසරේ ප්රතිඵලය සමඟ, පර්යේෂකයෝ දැන් එම ගණනය කිරීම් නවත් වරක් පිරික්සා බලති. ඒවා තහවුරු වේ නම්, එමෙන්ම න්‍යාය සහ පර්යේෂණාත්මක ප්‍රතිඵල අතර විෂමතාවය දිගටම පවතින්නේ නම්, එය වසර 50 කට පෙර සම්මත ආකෘතියේ වර්ධනයේ සිට නිරීක්ෂණ සඳහා හේතු දැක් වීමට එය අසමත් වූ පළමු අවස්ථාව සලකුණු කරණවා වියහැකිය. එබැවින් මෙම සොයාගැනීම, මූලික අංශු පිළිබඳව තමන් දන්නා අනෙක් සියල්ල සමඟ ගැටෙන්නේ කෙසේද යන්න සහ එය සම්පූර්ණයෙන්ම නිවැරදිද යන්න විද්‍යාඥයෝ ගවේෂණය කරමින් සිටීති.

Alzheimer's disease drug development pipeline: 2020 - Cummings - 2020 -  Alzheimer's & Dementia: Translational Research & Clinical  Interventions - Wiley Online Library

ඇල්සයිමර්ගේ රෝගය සඳහා ඖෂධ අනුමැතිය දෙබරයකට ගල්ගැසීමක් බඳු විය

එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (Food and Drug Authority – FDA) විසින්  වසර 18 ක් තුළ ඇල්සයිමර් රෝගය සඳහා පළමු නව ඖෂධය අනුමත කරන ලද අතර, රෝගයේ විනාශකාරී තත්ත්වයෙන් පීඩාවට පත් වූ ජනතාවට එම පුවත ගෙන ආවේ මහත් අස්වැසිල්ලකි. එනමුත් එය සමහර පර්යේෂකයන්ගේ උදහසට හේතු විය. ඖෂධයේ සංවර්ධක, මැසචුසෙට්ස්,  කේම්බ්‍රිජ් හි ජෛව තාක්‍ෂණ සමාගමක් වන භිඔගෙන්, මෙම ප්‍රතිදේහ ඖෂධයට මොළයෙන් ඇල්සයිමර් රෝගයට මූලික හේතුව යැයි ඇතැම් විද්‍යාඥයන් සිතන ඇමයිලොයිඩ්-β ප්‍රෝටීන්(amyloid-β protein) පොකුරු ඉවත් කළ හැකි බව පෙන්වා දුන්නේය. එසේනමුත් සායනික පරීක්ෂණ වලදී ප්‍රතිකාරයෙන් සෘජු සංජානන ප්‍රතිලාභයක් ප්‍රදර්ශනයක් කර නොතිබුණි. උපදේශක මණ්ඩලයක් ඖෂධය අනුමැතිය කිරීමට එරෙහිව දැඩි ලෙස නිර්දේශ කර තිබියදීත්, FDA විසින් ජුනි 8 වන දින ඖෂධය අනුමත කරන ලද අතර පසුව, උපදේශකයින්ට ඉල්ලා අස්වීමටත්, සහ තීරණය පිළිබඳ ෆෙඩරල් පරීක්ෂණයක් ආරම්භ කිරීමටත් එම තීරණය තුඩු දුන්නේය.

Transthyretin Amyloid Cardiomyopathy: JACC State-of-the-Art Review -  ScienceDirect

ජාන සෘජුව ශරීරය තුළදී සංස්කරණය කිරීමට ‘ක්‍රිස්පර්’ (CRISPR) තාක්ෂණය සමත්වෙයි

CRISPR ජාන සංස්කරණ තාක්ෂණය හඳුන්වා දෙනු ලැබූ කාලයේ සිට,  රෝගවලට ප්‍රතිකාර කිරීමේ දී සියල්ල කනපිට හැරවීමේ හැකියාවකින් යුතු තාක්ෂණයක්  ලෙස හුවා දක්වනු ලැබ ඇත. නමුත් බොහෝ රෝග සම්බන්ධයෙන් ගත් විට එම සිහිනය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා පර්යේෂකයන්ට CRISPR-Cas9 යන්ත්‍ර සූත්‍රය සාර්ථකව පුද්ගලයෙකුගේ ශරීරයට ඇතුළු කිරීම අවශ්‍ය වන අතර එය ඉලක්ක කරන ජානය පමණක් ආරක්ෂිතව සහ ඵලදායී ලෙස  සංස්කරණය කරන බව සනාත විය යුතු විය. මේ කාරනාවම ඉ‍ටු කරමින් මැසචුසෙට්ස්, කේම්බ්‍රිජ් හි Intellia Therapeutics  සහ නිව් යෝර්ක්, ටැරීටවුන් හි Regeneron යන ආයතන විසින් සායනික-අත්හදා බැලීමේ ප්රතිඵල ප්රකාශයට පත් කරන ලදී. මෙකී ජෛව තාක්‍ෂණ සමාගම්  සිය ප්‍රතිකාර ක්‍රමය,  ශරීරයේ අවයව හා පටක වල වැරදි ලෙස එතුණු ප්‍රෝටීනයක් අසාමාන්‍ය ලෙස ගොඩනැගීමට හේතු වන  transthyretin amyloidosis  නම් දුර්ලභ රෝගයකින් පෙළෙන පුද්ගලයින් හය දෙනෙකු අතරේ  පරීක්‍ෂාවට ලක් කරන ලද අතර එය පරීක්ෂාවට සහභාගිවන්නන් අතරේ එකී ප්‍රෝටීන් මට්ටම්වල පහත වැටීමක් අත්විඳි අතර සහ ඉහළ මාත්‍රාවක් ලබා ගත් දෙදෙනෙකුගේ ප්‍රෝටීන් මට්ටම සාමාන්‍යයෙන් 87% කින් පහත වැටුණි.

CRISPR: Implications for materials science

සරලව දක්වතොත්…

කෙටියෙන් CRISPR ලෙස දැක්වෙන Clustered Regularly Interspaced Short Palindromic Repeats  යනු ජාන සංස්කරණය කිරීමට භාවිතා කළ හැකි තාක්‍ෂණයකි. එහෙයින්ම එම තාක්ෂණයට, ලෝකය වෙනස් කිරීමට හැකියාව ඇත. CRISPR හි හරය සරල ය: එය සෛලයක් තුළ නිශ්චිත DNA බිඳක් සොයා ගැනීමේ ක්‍රමයකි. ඉන් අනතුරුව, CRISPR ජාන සංස්කරණයේ මීළඟ පියවර වන්නේ සාමාන්‍යයෙන් එම DNA කොටස වෙනස් කිරීමයි. …  එය ලාභදායී සහ පහසු ක්‍රමයක් බවට පත් කිරීමට CRISPR සමත්වී තිබේ.

මෙහි ඉතිරි කොටස් හය හෙට පළවේ. නොවැරදීම තතු කියවන්න

Nature Briefing හී පළවන The science news that shaped 2021: Nature’s picks  යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.