ආපසු හැරී බැලීමක්: 2021 හැඩ ගැස්වූ විදු පුවත් – 2

Posted by

ආපසු හැරී බැලීමක්: 2021 හැඩ ගැස්වූ විදු පුවත්

2020 වර්ෂයේ දී මෙන්ම 2021 දී ද ලොව පුරා ප්‍රමුඛ ප්‍රවෘත්ති බවට පත්වූයේ කොවිඩ්-19 ගෝලීය වසංගතයට අදාල තොරතුරුයි. කොවිඩ් හට ගන්වන SARS-CoV-2  ට එරෙහිව එන්නත් නිපදවීමට විද්‍යාඥයන් හිතකර තඟකාරිත්වයකින් යුතුව යුහුසුලු වූ අතර විෂමතාවකින් යුතුව වුවත් ප්ජලදායී එන්නත් ජනතාවන්ට ලබාදීමට හැකිවිණ. එහෙත් විඅරසයේ තර්ජනය තවදුරටත් ඉදිරියට යමින් නොයෙක් ප්‍රභේද හටගන්නට පටන් ගත්තේ විද්‍යාඥයන්ට තව තවත් අභියෝග ගෙන එමිනි. අලුත්ම විචලකය ඔම්ක්‍රොන් පූර්න පරීක්ෂාවකට ලක්වන්නට තවම කල් මදිය. කෙසේවෙතත්, විද්‍යාඥයන්ගේ ප්‍රයත්න නොවන්නට මානව වර්ගයා කෙතරම් දුක් පීඩාවන්ට ලක්ව අසරන වේ දැයි සිතා ගැනීම අපහසු නැත.

2021 දී ගෝලීය වසංගතය ප්‍රමුඛ වුවත් විදු ලොව තනිකරම ඉන් වැසී ගියේ නැත. නොයෙකුත් ක්‍රියා කාරකම්  — ඒ අතුරෙන් සමහරක් ජයග්‍රහන ද දැකිය හැකිවිය  — ලොව නන් දෙසින්  වාර්තා විය. මෙවායින් සමහරක් thathu.com හි අපි ඔබ හමුවට ගෙන ආවෙමු. අදත් හෙටත් thathu වෙන් වන්නේ වසර අවසානයේ Nature සඟරාවෙහි ප්‍රවෘත්ති කතෲවරුන් වැදගත්ම කතා ලෙස ‍තෝර ගෙන ඉදිරිපත් කරනු ලබන ගෙන සංක්ෂිප්ත වාර්තා කිහිපයකටයි.

The biggest science news of 2021: Learn the pros and cons of working from  home during the covid-19 pandemic - Fuentitech

DeepMind හි AI මෙවලම ප්‍රෝටීන් ව්‍යුහයන් විනාශ කිරීම පුරෝකථනය කළේය

Google හි සහෝදර සමාගමක් වන ලන්ඩනයේ DeepMind සමාගම  ජූලි මාසයේදී නිවේදනය කළේ, මිනිසුන් විසින් ප්‍රකාශිත මෙන්ම  අනෙකුත් ජීවීන් 20ක් සඳහා ආසන්න වශයෙන් සම්පූර්ණ ප්‍රෝටෝම මගින් ප්‍රකාශිත සෑම ප්‍රෝටීනයකම පාහේ ව්‍යුහය පුරෝකථනය කිරීමට එම සමාගම කෘත්‍රිම බුද්ධි (AI) පද්ධතියක් භාවිතා කර ඇති  බවයි. (ප්‍රෝටියෝමය යනු ජීවියෙකුගේ ජෙනෝමයේ ප්‍රකාශනයකි. විශේෂිත සෛලයක හෝ පටක වර්ගයක නිශ්චිත වේලාවක නිපදවන ප්‍රෝටීන් එකතුව විස්තර කිරීමට ද මෙම යෙදුම භාවිතා කළ හැක). ඇල්ෆා ෆෝල්ඩ් නම් ඇල්ගොරිතමය, ප්‍රෝටීනයක ව්‍යුහය වෙන කවරදාකටත් වඩා නිවැරදිව පුරෝකථනය කිරීම සඳහා  2020 දී පැවතිතරඟයක් ජයග්‍රහණය කළේය. අතීතයේ දී, පර්යේෂකයන් ප්‍රෝටීන් ව්‍යුහයන් ගැන ඉගෙන ගෙන ඇත්තේ විවිධ අන්වීක්ෂීය ක්‍රම මගින් ඒවා ඉතා වෙහෙස මහන්සි වී පැහැදිලි කිරීමෙන් හෝ අඩු නිරවද්‍ය ආකෘතිවලින් ඒවා අනුකරණය කිරීමෙනි.

The AI Behind DeepMind's AlphaFold – and its Implications for the Future of  Drug Discovery | Emerj

2021 දී ප්‍රෝටීන් ව්‍යුහයන් 350,000කට වැඩි ප්‍රමාණයක් මුදා හැරීම – ඒවායින් බොහොමයක් කිසිදා දෘශ්‍යමාන නොවූව ද – ජීව විද්‍යාවන්ගේ විප්ලවීය වෙනසක් කිරීමට හැකියාව ඇති බව පර්යේෂකයන් පවසන්නේ එවැනි ව්‍යුහයන් රෝග සඳහා වන  රහස් රඳවාගන්නවා සේම  ඖෂධ සඳහා ඉලක්ක ලෙස ක්‍රියා කරන බැවිනි. “විද්‍යාත්මක දැනුම ඉදිරියට ගෙනයාම සඳහා AI පද්ධතියක් මෙතෙක් ලබා දී ඇති විශාලතම දායකත්වය මෙයයි” යනුවෙන් DeepMind හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ඩෙමිස් හසාබිස් පවසයි.

එන්නත් වැඩියෙන් දෙනවාද? බූස්ටර් මාත්‍රාව දෙනවාද?

දැනටමත් සම්පුර්ණයෙන්ම එන්නත් කර ඇති පුද්ගලයින්ට  බූස්ටර එන්නත් – ඒවා බොහෝ විට COVID-19 එන්නත් වල තුන්වන මාත්‍රාවයි –  ලබා දීම ධනවත් රටවල් 2021 මැද භාගයේ සිට දැඩිව සලකා බැලීමට පටන් ගත් විට, එවැනි පියවරක් අවශ්‍යද යන්න පිළිබඳව පර්යේෂකයන් අතර ප්‍රශ්න මතු විය. ංබෙහෙවින් සම්ප්‍රේෂණය කළ හැකි ඩෙල්ටා ප්‍රභේදය හමුවේ එන්නත් ප්‍රතිශක්තිය අඩුවෙමින් පවතින බවට සාක්ෂි තිබුණ බව ඇත්තය. එසේ වී නමුත් පොදුවේ ගත් කල එන්නත් තවමත්  මිනිසුන් රෝහල්ගත කිරීමෙන් සහ මරණයෙන් ආරක්ෂා කරයි.

The Latest on COVID-19 Boosters – NIH Director's Blog

අඩු ආදායම්ලාභී රටවල වැඩි පිරිසකට එන්නත් පළමු මාත්‍රාව  ලබාදීමට හැකි වන තෙක් ධනවත් ජාතීන්ට ඔවුන්ගේ ජනගහනයෙන් පුළුල්  පිරිසක් සඳහා බූස්ටර මාත්‍රා ලබාදීම නවත්වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක් තිබියදීත් එය නොතකා තම ජනතාවට තුන්වැනි මාත්‍රාව ලබා දීමට සමහර රටවල් ගත් තීරනය එම රටවල් කෙසේ හෝ ඉදිරියටම ගෙන ගියේය.  දැන්, සැලකිල්ල යොමු කළ යුතු නවතම ප්‍රභේදය ඔමික්‍රොන්, සීඝ්‍රයෙන් පැතිරී යන පසුබිමක,  ඒ වාගේම ඊශ්‍රායලයේ සහ වෙනත් රටවලින් ලැබෙන  යථා ලෝකයේ දත්ත  COVID-19 න් මිනිසුන්ට රෝගාතුර වීමේ සම්භාවිතාව බූස්ටර් මාත්‍රා මගින් අඩු කරනු ලබන බව පෙන්නුම් කරන පසුබිමක මහජන සෞඛ්‍ය පර්යේෂකයන් බොහොම දෙනෙකු එන්නත් මාත්‍රා ලබාගත්  වැඩිහිටියන් ගෙන් ඉල්ලා සිටින්නේ අමතර මාත්‍රාව ද ලබා ගන්නා ලෙසයි.

එසේ වුවත්, අඩු ආදායම්ලාභී රටවල පුද්ගලයින්ගෙන් 7% ක්  තනි මාත්‍රාවක් පමණක් ලබා ගෙන ඇති වාතාවරනයක, ආසාදිත පුද්ගලයින් තුළ (වෛරස) ප්‍රභේද අඛණ්ඩව පරිණාමය වන බව ද  එම පර්යේෂකයෝ පෙන්වා දෙති.  ගෝලීය වශයෙන් එන්නත් සැපයුම් වැඩි කිරීම සඳහා ඔවුන් බුද්ධිමය-දේපල හිමිකම් අත්හැර දැමීම් සහ වෙනත් යාන්ත්‍රණ කරා යොමුවීමට පෙළ ගැසෙමින් සිටින්නේ  බූස්ටර සහ සමානතා ආකාරයෙන් එන්නත් බෙදීයාම  අතර සමස්ථයක් අවශ්‍ය නොවන(එකකින්, අනෙකට අවාසි නොවන පරිදි) පරිදිය.

IPCC දේශගුණ වාර්තාව ලෝකයේ  ජාතීන්ට අනතුරු  ඇඟවූයේ පෘථිවිය මත ආන්තික කාලගුණය අඛණ්ඩව අත්විඳීමට සිදු විය හැකි බවටයි

වසර අටක් ඇතුළත් දේශගුණ විද්‍යාව පිළිබඳ එහි ප්‍රථම විස්තීරණ ඇගැයීම් වාර්තාව නිකුත් කරමින් (එක්සත් ජාතීන්ගේ) දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (Intergovernmental Panel on Climate Change – IPCC) දේශගුණය සම්බන්ධයෙන් ලා පෘථිවියෙහි තත්ත්වය පිළිබඳව දරුණු, නමුත් පැහැදිලි චිත්‍රයක් පින්තාරු කළේය: වාර්තාගත මට්ටමේ නියඟ, ලැව්ගිනි සහ ගංවතුර දැනටමත් ලොව පුරා ප්‍රජාවන් පීඩාවට ලක් කරමින් ඇත. හරිතාගාර වායු විමෝචනය නතර කිරීමට රජයන් ක්‍රියා නොකරන්නේ නම් එම තත්ත්වය වඩාත් නරක අතට හැරේ.

2021 IPCC Report on Climate Change: What Companies and Individuals Can Do  to Help - EcoMatcher

වාර්තාව දක්වන අන්දමට 1850-1900 සාමාන්‍යයට සාපේක්ෂව සලකද්දී අපේ ග්‍රහලෝකය දැනටමත් 1.1 °C කින් උණුසුම් වී ඇති අතර වර්තමාන විමෝචන මට්ටම් අනුව දශකයක් ඇතුළත 1.5 °C කඩඉම පසුකරනු ඇත.එය, 2015 පැරිස් ගිවිසුමෙන් වැළකී සිටීමට රජයන් ප්‍රතිඥා දුන් ඉහළ සීමාව වන 2 °C උනුසුම්වීමේ මට්ටම  කරා ළඟා වුවහොත්,  මීට පෙර සෑම වසර 50 කට වරක් පමණක් සිදු වූ ආන්තික උෂ්ණත්ව සිදුවීම්, මරණ හා විනාශවීම් සිදුවීමේ සම්භාවිතාව වැඩි කරමින් ඉදිරියේ දී සෑම වසර කිහිපයකට වරක්ම සිදුවනු ඇත. මේ අතර,  (ක්‍රමයෙන් වැඩිවන දේශගුණික ගතිලක්ෂණ පිළිබඳ අධ්‍යයන ලැයිස්තුවට නවතම වාර්ත්යාවක් එකතු කරමින්) උතුරු ඇමරිකාවේ පැසිෆික් වයඹ දෙසින් වාර්තාගත තාප තරංගයක් සහ මේ වසරේ ජර්මනියේ දරුණු ගංවතුර හා මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාස අතර සෘජුවම සම්බන්ධයක් දැකීමට  පර්යේෂකයන්ට හැකි විය.

ඇෆ්ගනිස්ථානයේ පර්යේෂකයෝ නව පාලන තන්ත්‍රයක් සමඟ පොරබදමින් සිටිති

අගෝස්තු 15 වන දින තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් අල්ලා ගත් අතර එක්සත් ජනපදය එරට රඳවා සිටි සිය අවසන් හමුදා කණ්ඩ ඉවත් කර ගැනීමත් සමඟ (තලේබාන්වරු) රටේ පාලනය නැවත ලබා ගත්හ. 1996 සහ 2001 අතර මෙම මූලධර්මවාදී කල්ලියේ පෙර පාලනය තුළ සිදු වූ සමස්ත මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් තලේබාන්වරුන් නැවත බලයට පැමිණීම, රට පුරා සිටින බොහෝ මිනිසුන් අතර – විශේෂයෙන්ම කාන්තාවන් සහ එක්සත් ජනපදයේ පිටුබලය ලද රජයට සම්බන්ධකම් ඇති අය අතර  බලාපොරොත්තු සුන්කර දමන්නක් විය.

Yalda Hakim's Diary: Afghanistan's new regime, the feminist resistance, and  the horror of famine - New Statesman

ඔවුන්ගේ ජාත්‍යන්තර සම්බන්ධතා, ඇතැම් මාතෘකා ක්ෂේත්‍රවල ප්‍රවීණත්වය සහ කාන්තාවන්ට ඉගැන්වීමට ඇති කැමැත්ත නිසා විද්වතුන් ඔවුන්ගේ ආරක්ෂාව ගැන බිය වූහ. පර්යේෂණ වැඩසටහන් වල අනාගතය සහ නව පාලනය යටතේ ඔවුන්ගේ අධ්‍යාපනික නිදහස අහිමි වේ දැයි ඔවුන් කනස්සල්ලට පත්ව සිටියහ. දැන්, පවරා ගැනීමෙන් මාස තුනකට වැඩි කාලයක් ගතවී ඇතත්, ජාත්‍යන්තර ප්‍රජාව තවමත් තලේබාන් නායකත්වයෙන් යුත් රජය හඳුනාගෙන නොමැති අතර රටේ විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන බොහෝ දුරට වසා දමා ඇත. බොහෝ පර්යේෂකයන් ඉවත්ව යාමට උත්සාහ කරන්නේ, ඔවුන් දැනටමත් එසේ වී නොමැති නම්, ඔවුන් තලේබාන්වරුන් විසින් අගය කරන බවක් දැනෙන්නේ නැති නිසා හෝ ඔවුන්ගෙන් තර්ජන ලැබී ඇති බැවිනි.

වැදගත් දේශගුණික සමුළුව ගිවිසුමකින් අවසන් වියසහ සංශයවාදය

26 වැනි එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේ (COP26) දේශපාලඥයින් හරිතාගාර වායු විමෝචනය සීමා කිරීමට නව කැපවීම් ප්‍රකාශයට පත් කළ අතර, නොවැම්බර් මස මුල දින සාකච්ඡා කිරීමෙන් පසුව, දේශගුණික විපර්යාසවල නරක බලපෑම් වළක්වා ගැනීම සඳහා තවදුරටත් අඩු කිරීම් අවශ්‍ය වනු ඇතැයි එකඟ විය.

COP26 in Glasgow | Germanwatch e.V.

2010 මට්ටමට සාපේක්ෂව 2030 වන විට ගෝලීය කාබන්-ඩයොක්සයිඩ් විමෝචන 45% කින් අඩු කිරීමට ඉල්ලා සිටින ග්ලැස්ගෝ දේශගුන සම්මුතියට(Glasgow Climate Pact)  පාර්ශවකාර ආණ්ඩු 196 අත්සන් තැබීය. සමුළුවේ මුල් දිනවල ඊට සහභාගී වෙමින් සිටි ලෝක නායකයෝ, වන විනාශය අවසන් කිරීමටත්, මීතේන් විමෝචන කපා හැරීමටත්, බලශක්ති මූලයක් ලෙස ගල් අඟුරු ක්‍රමිකව අදියරගතව ඉවත් කිරීමටත් තුමුල පොරොන්දු ලබා දුන්හ. කෙසේ වෙතත්, පර්යේෂකයන් ප්‍රකාශ කළේ, මෙකී ප්‍රතිඥා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළේ වුවද, පූර්ව කාර්මික මට්ටමට වඩා 2.4 ° C දක්වා (පෘථිවිය) උණුසුම් කිරීමේ මාවතකට තවමත් ලෝකය යොමු කරනු ඇති බවය. ඉදිරි අභියෝගවලට (ප්‍රතිඥා දුන් ආකාරයටම)  රජයන් මුහුණ දෙයිදැයි යන්න ගැන පර්යේෂකයන් බොහෝ දෙනා සැක ශංකා පළ කළහ.

මෙහි මුල් කොටස් හය ඊයේ පළවිය. මෙතැනින්  කියවන්න

Nature Briefing හී පළවන The science news that shaped 2021: Nature’s picks  යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.