පූජා විධි හෝ චාරිත්‍ර විධි අපේක්ෂා කරන ප්‍රතිලාභ ගෙන දෙන්නේද?
ලොව පුරා විවිධ රටවල, විවිධ සංකෘතිවලට අයත් පුද්ගලයන් විවිධ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් නොයෙකුත් අභිචාර, ශාන්තිකර්මවල පිහිට පතන්නාක් මෙන්ම සමාජයේ බොහෝ දෙනෙක් සම්ප්‍රදායෙන් එන හෝ තමතමන්ටම ආවේනික, සමහරවිට තාර්කිකව පිළිගත නොහෙන පිළිවෙත් විධි වල නිරත්වෙති. ඒවායින් අපේක්ෂිත ප්‍රතිඵල, ප්‍රතිලාභ ලබා ගැනීමට ඔවුහු සමත්වෙත් ද? විද්‍යාව මේ ගැන කියන්නේ මොනවා දැයි අද thathu.com ලිපිය කියවා බලමු.

කාංසාව(anxiety) කියන්නේ අප සකල සියලු දෙනා අත්විඳින එහෙත් වචනයෙන් පැහැදිලිව විස්තරකළ නොහැකි මානසික තත්ත්වයකි. රැකියා සම්මුඛ පරීක්ෂනයකට හෝ විභාගයකට මුහුණ දීමට ඇතිවන බිය , සැක හා අවින්ශ්චිත තාව වැනි මානසික තත්ත්ව නිදසුන් ලෙස දැක්විය හැකියි. කාංසාව ඇති කරවන තත්වයන්ට මුහුණ දෙන පුද්ගලයෝ සාමාන්‍යයෙන් යම් ආකාරයක සූදානම් වීමේ ක්‍රියාවලියකට අවතීර්ණවෙති; නියැලෙති. එමගින් තත්ත්වය සමනය කර ගනිති. මුහුණ දෙන තත්ත්වය හෝ අවස්ථාව නැවත තම පාලනයට නතුකර ගත්තාය වැනි හැඟීමක් ඇතිවෙයි සහ අවිනිශ්චිතතාව, සැකමුසු මද බිය, පහව යයි. අවස්ථාවට හෝ තත්ත්වයට මුහුණදීම පිණිස මද අමතර සූදානමක්වීම සම්පූර්ණයෙන්ම සාධාරණ බවක් පෙනෙන්නට තිබුණද, එවැනි අවස්ථාවන්හිදී බොහෝ අය තාර්කික බවින් වඩාත් අඩු හැසිරීම් වල නිරත වෙති; එම හැසිරීම් රටා පූජා විධි හෝ චාරිත්‍ර විධිවල ස්වරූපය ගනී.
එවැනි චාරිත්‍ර – ඒ කියන්නේ යම් අවස්ථාවකට හෝ සිදුවීමකට පෙර, අතරතුර සහ පසුව අප සිදු කරන සංකේතාත්මක හැසිරීම් – පුදුම සහගත ලෙස සර්වත්‍රවර්තී වේ: විවිධ සංස්කෘතින් සහ කාලය හරහා භේදයකින්තොරව දැකිය හැකියි. වාර්ගික හෝ ආගමික පසුබිමක සිදු කරන විට, සමහරක් විට හුදකලාව සිදු කරන විට; තවත් සමහර අවස්ථාවලදී ස්ථාවර, පුනරාවර්තන ක්රියා අනුපිළිවෙලවලක් අනුව හෝ ඇතැම් විට එසේ නොමැතිව සිදුකරන්නාවූ චාරිත්‍ර වාරිත්‍ර අසාමාන්‍ය හැඩ සහ ස්වරූප ගනී. මිනිසුන් චාරිත්‍ර වාරිත්‍රවල නියැලෙන්නේ, සිය කනස්සල්ල අඩු කර ගැනීමේ සිට ආත්ම විශ්වාසය ඉහළ නැංවීම දක්වා වූ අපේක්ෂා සහිතව, ඔවුන්ගේ ශෝකය සමනය කර ගැනීමේ සිට තරඟයකදී හොඳින් දස්කම් දැක්වීම දක්වා ආදී වශයෙන් අපේක්ෂිත පුළුල් ප්‍රතිඵල සමුදායක් ලබා ගැනීමේ අදහසිනි.

ක්‍රීඩකයින් ඇතුළුව ප්‍රමුඛ හා ප්‍රකට පුද්හලයන් අතරේ මෙවැනි චාරිත්‍ර විධි අනන්තවත් දැකිය හැක. ඒවා සිදුකරන පුද්ගලයාට කොයි හැටිවෙතත්, මෙවැනි චාරිත්‍ර විධි සමාජයේ සෙස්සන් බොහෝ විට දකින්නේ අමුතු, අස්වාභාවික හෝ ගුප්ත නැතිනම් මිථයා විශ්වාස, මත පදනම්ව කෙරෙන හැසිරීම් රටා ලෙසයි.
කෙසේවෙතත්,මෑත කාලීන පර්යේෂණවලින් පෙනී යන්නේ චාරිත්ර වාරිත්ර පෙනෙනවාට වඩා තාර්කික විය හැකි බවයි. මන්ද? ඉතා සරල චාරිත්ර පවා අතිශයින්ම ඵලදායී විය හැකි බැවිනි. ආදරණීයයන් අහිමිවීමේ සිට ලොතරැයි පරාජයන් දක්වා අලාභයන් අත්විඳීමට සිදු වීමෙන් පසු කරන චාරිත්‍ර ඇත්තටම ශෝකය සමනය කරන බව ප්‍රකටය. එමෙන්ම නුහුරු ජනතාවක් ඉදිරියේ ප්‍රසිද්ධියේ ගායනා කිරීම හෝ රැගුමක් දැක්වීම වැනි සිතට අධික පීඩනයක් ගෙන එන කාර්යයන්ට පෙර සිදු කරන චාරිත්‍ර ඇත්ත වශයෙන්ම කාංසාව අඩු කර ස්වයං විශ්වාසය වැඩි කරන බව පෙණී ගොස් තිබේ. එපමණක්ද නොව, චාරිත්‍ර වාරිත්‍ර වලින් වැඩක් වේ යයි(ඵලදයී යයි) විශ්වාස නොකරන බව පවසන පුද්ගලයින්ට පවා චාරිත්‍ර වාරිත්‍ර ප්‍රයෝජනවත් වන බව පෙනේ. මානව විද්‍යාඥයන් විවිධ සංස්කෘතීන් අතර චාරිත්‍ර වාරිත්‍ර ලේඛනගත කර ඇති අතර, කලින් සිදුකෙරුණු එවැනි පර්යේෂණ මූලික වශයෙන් නිරීක්ෂණාත්මක විය. මිනිසුන්ගේ සිතුවිලි, හැඟීම් සහ හැසිරීම් කෙරෙහි චාරිත්‍ර විධි මගින් සංසාධනීය බලපෑමක් ඇති කළ හැකි බවට මෑතකදී, මනෝවිද්‍යාඥයින් විසින් සිදු කරන ලද විමර්ශන මාලාවක නව ප්‍රතිඵල අනාවරණය කරන්නේ අපතුළ කුතුහලය දනවමිනි.
මෙවැනි චාරිත්‍ර ඇත්තෙන්ම කාර්ය සාධනය වැඩි දියුණු කරයිද? මෑත කාලීනව සිදු කළ එක් අත්හදා බැලීමකදී, පුද්ගලයන්ට “වාසනාව ගෙන එන ගොල්ෆ් බෝලයක්” හෝ සාමාන්‍ය ගොල්ෆ් බෝලයක් ලබා දුන් අතර පසුව දෙපිරිසම ගොල්ෆ් ක්‍රීඩාවට අදාල කාර්යයක් ඉටු කළහ. තවත් පර්යේෂණයක දී, පුද්ගලයින්ට චාලක දක්ෂතා අදාළවන කාර්යයක් ඉටු කිරීමට පැවරිණ. මෙහිදී එක්කෝ කෙළින්ම ක්‍රීඩාව ආරම්භ කරන ලෙස හෝ නැතිනම් ක්‍රීඩාව පටන් ගැනීමට පර්යේෂකයා “මම ඔබ වෙනුවෙන් දෙවියන්ගෙ පිහිට පතන්නම්” යැයි පවසනු ඇසෙනු ඇත.. මිථ්‍යා විශ්වාසමය චාරිත්‍ර වාරිත්‍ර මගින් සිය හැකියාවන් පිළිබඳ පුද්ගලයන්ගේ විශ්වාසය වැඩි දියුණු කරන අතර, වැඩි උත්සාහයක් දැරීම පිණිස පෙළඹ වීමට මෙන්ම පසුව කෙරෙන කාර්යැහි කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට හේතු විය. මෙම සොයාගැනීම්, අවධානය සහ ක්‍රියාත්මක කිරීම වැඩිදියුණු කිරීමේ සිට චිත්තවේගීය ස්ථාවරත්වය සහ විශ්වාසය වැඩි කිරීම දක්වා වූ අර්මුණු ඇතිව තරඟයකට පෙර සිදුකරන චර්යාවන්හි කාර්ය සාධන ප්‍රතිලාභ පෙන්නුම් කරන ක්‍රීඩා මනෝවිද්‍යාවේ පර්යේෂණවලට අනුකූල වේ.
ක්‍රීඩා තරඟ වැනි අවස්ථා ඒ වාගේම රසායනාගාර අත්හදා බැලීම් වලට එහා පුද්ගලයන්ට අවිනිශ්චිතතාවක් හා කනස්සල්ලක් දැනෙන වෙනත් බොහෝ අවස්ථාවන් තිබේ. 1910 ගණන්වල අගභාගයේදී මානව විද්‍යාඥ බ්‍රොනිස්ලාව් මැලිනොව්ස්කි දකුණු පැසිෆික් සාගරයේ දූපත් වැසියන් අතර ජීවත් වෙමින් කළ පරීක්ෂණයකින් පසුව දක්වාසිටියේ, තමුන්ට ප්‍රතිඵලය වැදගත්වන එහෙත් ප්‍රතිඵලය අවිනිශ්චිත සහ තමුන්ගේ පාලනයෙන් ඔබ්බට යන අවස්ථාවන්ට මුහුණ දෙන විට ජනතාවන් චාරිත්‍ර වාරිත්‍ර වෙත යොමු වීමට වැඩි ඉඩක් ඇති බවයි.
ආදරය කරන කෙනෙකුගේ මරණය හෝ සම්බන්ධතාවයක අවසානය එහෙමත් නැතිනම් අතපය අහිමි වීම වැනි අභාග්‍ය සම්පන්න සිදුවීම් හමුවේ ඉටූකෙරෙන චාරිත්‍ර සෑම සමාජයකම පවතින බව අපි අත්දැකීමෙන් දන්නෙමු. දුක, ශෝකය ප්‍රකාශ කරනු වස් පුළුල් පරාසයක විවිධ මාදිලියේ චාරිත්‍ර කොපමණ නම් ඇත් ද කීවොත්, සමහරක් ඒවා එකිනෙකට පරස්පර විරෝධී වීමට පවා පුළුවන: මරණයට පත් වූවන් අසල හඬා වැලපිම අවුල් ඇති කරවන ක්‍රියාවක් ලෙස ටිබෙට් බෞද්ධයන් විසින් සලකනු ලබන නමුත් ලතින් අමරිකානු කතොලික ජනතාව විසින් සලකනු ලබන්නේ ගෞරවයේ සලකුණක් ලෙසිනි; ශෝකය පළකරණු වස් කේශ ඉවත් කිරීම(හිස මුඩු කිරීම) හින්දු චාරිත්‍ර වාරිත්‍රවලට අනුකූල ක්‍රියාවක් වන නමුත් යුදෙව් පිරිමින් මනාපය දක්වන්නේ ශෝක කාලයේ දී (යටි රැවුලක ආකාරයෙන්) කෙස් වැවීමය.

මනුෂ්‍යයෝ, තම ශෝකය සමනය කර ගැනීමේ උත්සාහයක් ලෙස වැලපීමේ චාරිත්‍ර ඉටු කරති. එහෙත්, ඒවායින් ඵලක් අත්වේද? පර්යේෂණවලින් පෙනී යන්නේ ඔවුනට ඵලක් අත්වෙන බවයි. ආදරය කරන කෙනෙකුගේ මරණයක් හෝ සමීප සම්බන්ධතාවයක අවසානය ගැන යළි සිහිපත් කර ලියන ලෙස පර්යේෂකයන්ගේ එක් අත්හදා බැලීමකදී, පර්යේෂණයට සහභාගී වූ අයගෙන් ඉල්ලා සිටින ලදී. ශෝකය අත්විඳීමින් ඔවුන් අනුගමනය කළ චාරිත්‍රයක් ගැන ද සමහරුන් සඳහන් කර තිබුණි. මේ ඉන් දෙකකි:
නටාලි කෝල්ගේ “I miss you like crazy” ගීතය වාදනය කළ මම එය ඇසූ සෑම විටම මගේ අම්මා ගැන සිතමින් හැඬුවෙමි.
අපි යාලු වෙලා හිටපු කාලේ එකට ගත්ත පින්තූර සේරම හොයාගෙන ඒවා පුංචි, පුංචි කෑලිවලට කීතු කීතු කරල දැම්ම. ඔව් මං ඉතාම කැමති ඒවා පවා ඉරළා දැම්මා!, පස්සේ මන් කරේ (ඒවා) අරගෙන ගිහින් අපි දෙන්නා මුලින්ම සිපගත් උද්‍යානයේ දී ඒවා පුච්චලා දාන එකයි.
තමන්ට දරා ගන්න සිදුවූ ශෝකය ගැන පමණක් ලියූ අයට වඩා අඩු දුකක් චාරිත්‍රයක නිරත වීම ගැන ලියූ අයට දැනුණු බව පර්යේෂකයන්ට පෙනී ගියේය.
පර්යේෂකයන් ඊළඟට සොයා බැලුවේ, වඩාත් ලෝකායත සන්දර්භයක් තුළ බලාපොරොත්තු සුන්වීම සමනය කිරීමේ චාරිත්‍රවල බලය පරීක්ෂා කිරීමයි: ලොතරැයි දිනුමක් අහිමි වීම. පර්යේෂකයන් පුද්ගලයින් පිරිසක් පර්යීෂණා ගාරයට ආරාධනා කළ අතර අහඹු ලෙස තඕර ගැනීමින් එම ස්ථානයේදීම ඩොලර් 200ක් දිනා ගෙන පර්යේෂනය සම්පූර්ණ නොකරම පිටව යා හැකි බව දන්වන් ලදී. (ලොතරැයි මුදල දිනා ගැනීමට නොහැකිවීමෙන් ඇතිවන) වේදනාව තවත් වැඩි කරණු වස්, ලොතරැයිය දිනීමෙන් පසුව ත්‍යාග මුදල් යොදා ගැනීමට අදහස් කරන අන්දම ගැන ද සිතා බලා ලියන ලෙස පර්යේෂකයෝ ඔවුනට දැනු දුන්හ. අහඹු දිනුම් ඇදීමෙන් පසුව, ජයග්රාහකයාට පිටව ගිය අතර, ඉතිරි “පරාජිතයන්” කණ්ඩායම් දෙකකට බෙදා පහත දැක්වෙන ‘චාරිත්‍රයෙහි’ නිරත වන ලෙස සමහර අයගෙන් ඉල්ලා සිටින ලදී.
පියවර 1. ඔබට මේ මොහොතේ දැනට දැනෙන ආකාරය ඔබේ මේසය මත ඇති කඩදාසි මත මිනිත්තු දෙකක් දෙකක් වැය කරමින් අඳින්න.
පියවර 2. කරුණාකර ඔබේ ඇඳී චිත්‍රය සහිත කඩදාසිය මත ලුණු ස්වල්පයක් ඉසින්න.
පියවර 3. කරුණාකර කඩදාසි කැබැල්ල ඉරා දමන්න.
පියවර 4. ඔබේ හිතෙන් පස් වතාවක් දහය දක්වා ගණන් කරන්න.
අනෙක් පුද්ගලයන්ට දන්වන් ලද්දේ එක සමාන කාලයක් (ඒ කියන්නේ විනාඩි දෙකක කාලයක්) තුල ඔවුන්ට හැඟෙන ආකාරයී කිසියම් කාර්යයක නිරත වන ලෙසයි. අවසාන වශයෙන්, සෑම කෙනෙක්ම ඔවුන්ගේ ශෝකයේ මට්ටම පිළිබඳව අසන ලද ප්‍රශ්නවලට, “ඩොලර් 200ය දිනා ගැනීමට නොහැකි වීම ගැන තරහක් සහ කලකිරීමක් ඇතිවීම මට වළක්වා ගන්න බැහැ.” යනාදී වශයෙන් පිළිතුරු දුන්හ, දැ අපි පර්යේංඅණප්රතිඵල දෙස හරෙමු: ලොතරැයියෙන් පැරදුණු පසු චාරිත්‍රයක් ඉටු කළ අය වාර්තා කළේ (තමන්ගේ)දුක අඩු වූ බවයි. පර්යේංඅකයන්ගේ ප්‍රතිඵල දක්වන්නේ චාරිත්‍ර වාරිත්‍රවල නියැලීමෙන් ජීවිතයේ මහ වෙනසකට තුඩු දෙන (ආදරණීය කෙනෙකුගේ මරණය වැනි) අහිමිවීම් මෙන්ම වඩාත් ලෝකායත්ත (ලොතරැයියක් දිනා ගැනීමට නොහැකිවීම) අහිමිවීම් යන දෙකින්ම ඇති වන ශෝකය සමනය වන බවයි.
මේ අනුව චාරිත්ර ඵලදායී බවක් අපට පෙනේ. එසේනමුත්, සමාජ විද්යාඥයින් විසින් ලේඛනගත කර ඇති විවිධාකාර චාරිත්ර අනුව, කුමන ආකාරයේ චාරිත්ර වඩාත් හොඳින් ක්රියා කරන්නේදැයි, වඩාත් හොඳින් ප්‍රතිඵල ගෙන එන්නේදැයි අප දන්නවාද?

බ්‍රසීලයේ මෑතක සිදු කරන ලද අධ්‍යයනයක දී, පර්යේෂකයන් විසින් ‘simpatias’ නම් චාරිත්‍රය සිදු කරන පුද්ගලයින් අධ්‍යයනයට ලක් කරණ ලදී. රටාවකට හෝ සූත්‍රයකට අනුකූලව සූත්‍රගත මෙම චරිත්‍ර දුම්පානය නතර කිරීම, ඇදුම සුව කිරීම සහ අවාසනාව මගහරවා ගැනීම වැනි ගැටළු විසඳීම සඳහා භාවිතා කරන ඒවා වේ.. සම්බන්ධ වන අදියර හෙවත් පියවර ගණන, ක්‍රියා පටිපාටි පුනරාවර්තනය කිරීම(නැවත නැවතත් කිරීම) සහ නිශ්චිත වේලාවක පියවර සිදු කරන්නේද යන්න මත පදනම්ව ‘simpatias’ වඩාත් ඵලදායී බව මිනිස්සු විශ්වාස කරති. තව තවත් පර්යේෂණ අවශ්‍ය වන බව පිළිගත යුතු අතර, උනන්දුව දල්වන මෙම ප්‍රතිඵලවලින් ඇඟවෙන්නේ චාරිත්‍ර වාරිත්‍ර ඵලදායී වන්නේ සහ ඵලදායී නොවන්නේ මොන අවස්ථාවේ දී ද යන්න අවබෝධ කර ගැනීමේදී චාරිත්‍ර වාරිත්‍රවල සුවිශේෂී ස්වභාවය තීරණාත්මක විය හැකි බවයි.
චාරිත්‍රය සහ අපේක්ෂිත ප්‍රතිඵලය අතර සෘජු හේතුකාරක() සම්බන්ධයක් නොමැති වුවද, යම් ප්‍රතිඵලයක් ලබා ගැනීමේ චේතනාවෙන් චාරිත්‍ර ඉටු කිරීම එම ප්‍රතිඵලය සැබෑ වීමට ප්‍රමාණවත් බව පෙනේ. සමහර චාරිත්‍ර වාරිත්‍ර ඵලදායි වීමට ඉඩක් නැති අතර – ලීවලට තට්ටු කිරීමෙන් වර්ෂාව නොලැබේ – එදිනෙදා චාරිත්‍ර බොහොමයක් අර්ථවත් වන අතර අප පුදුමයට පත් කරමින් ඵලදායී වේ.
Scientific American හී පළව ඇති Why Rituals Work යන ලිපිය ඇසුරෙනි